
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.
ඊට විෂය වන ජනාධිපති උපදේශක දුමින්ද හුළංගමුව මහතා ප්‍රධාන පෙළේ ගිණුම් කළමනාකරණ සමාගමක කොටස්කරුවකු සහ විධායක නිලධාරියෙකි. ඔහු බලවත් සමාගම් සමඟ ගනුදෙනු කරන අතර ජනාධිපති උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම මගින් එම මහා සමාගම්වල උවමනාවන්ට අනුව ජනාධිපතිට වැරදි උපදෙස් දීමේ හැකියාව ඔහුට තිබෙන බවටද චෝදනා එල්ල වෙයි.
මේ පහතින් පළවන්නේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන එවැනි පොස්ටුවකි.
හුලංගමුවට ශ්‍රී ලංකා ජනරජයේ මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරය භාර ගැනීමට නොහැකි යැයි ඔහු කී බව ජනමාධ්‍ය වාර්තා කරයි. එයට හේතුව වශයෙන් දක්වන්නේ ඔහු රස්සාව කරන ජාත්‍යන්තර කොම්පැනියෙන් ඉවත් වීමට ඔහු අකමැති වීමය. එය අපූරු හේතුවකි. අපි නම් හිතුවේ අනුර කුමාර ජනාධිපතිතුමා ළඟ ඉන්නේ තමන්ගේ රට වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කිරීමට දෙවරක් නොසිතන දේශමාමකයන් කියාය. නමුත් බලාගෙන යන විදිහට හුලංගමුවට රටට වඩා තමන්ගේ රස්සාව වැදගත්ය.
නමුත් අවම තරමින් හුලංගමුව මෙහිදී අවංක වී තිබේ. රජයේ ඉහළ තනතුරු ගන්නා බොහෝ අය ඒ අතරතුර වෙනත් පුද්ගලික ආයතනවලටත් මුදලට වැඩ කරයි. එය අනිවාර්යෙන්ම බැඳියාවන් අතර පිළිගැටුමකි (Conflict of Interests). ජනපති අනුර කුමාර විසින් අපට දේශනා කරන යහපාලන සිද්ධාන්තවලට එය ඉඳුරා පටහැනිය.
අමාත්‍යංශ ලේකම් ධූරයක් දැරිය යුත්තේ රාජ්‍ය පරිපාලන සේවය පිළිබඳව විධිමත් ලෙස උගත් සහ වසර ගණනාවක අත්දැකීම් ඇති පරිණත ස්වාධීන පුද්ගලයන්ය. මුදල් අමාත්‍යංශය වැනි තැනකට එය අනිවාර්ය වේ. පුද්ගලික අංශයේ වැඩ කළ පමණින් රාජ්‍යයේ විධායක අමාත්‍යංශයක් මෙහෙයවිය කළ නොහැකිය. එක් පසෙකින් දේශපාලන සංස්ථාවත් අනෙක් පසින් සමස්ත රාජ්‍ය සේවයත් හා අත්‍යන්තයෙන් බැඳුණු එම ධූරය හෙබවිය යුත්තේ රාජ්‍ය සේවයේ ඒ සඳහා සුදුසුකම් ලත් උසස්ම නිලධාරියාය. අනුර කුමාර අපට කීවේ රාජ්‍ය සේවයට දිය යුතු ගරුත්වය දෙනවාය කියාය. හුලංගමුව වැනි පිටස්තරයෙකු එම තනතුර සඳහා යෝජනා කිරීමම ඒ අනුව වරදකි. තමා එයට නුසුදුසු බව පිළිගැනීම පිළිබඳව හුලංගමුවට අප ස්තුතිවන්ත විය යුතුය.
නමුත් මෙයින් තවත් ගැටලුවක් පැන නැඟේ. මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරය සඳහා තමාගේ පුද්ගලික අංශයේ සම්බන්ධකම් පිළිගැටෙන්නේ නම්, ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ලෙස කටයුතු කිරීමටත් එය ඒ ආකාරයෙන්ම අදාළ විය යුතු නොවේද? ඔහුම කියන ආකාරයට මුදල් අමාත්‍යංශ ලේකම් ධූරයට හුලංගමුව නුසුදුසු නම්, ජනරජයේ ආර්ථික ක්‍රියාවලිය පිළිබඳ සියලු විධායක තීරණ සඳහා මුදල් අමාත්‍යයාද වන ජනපතිවරයාට සෘජුව උපදෙස් දීමටත් ඔහු නුසුදුසු වේ. ඒ අනුව හුලංගමුව සිය උපදේශක ධූරයෙන්ද ඉල්ලා අස් විය යුතුය.
පුදුමය තිබෙන්නේ Ernst & Young වැනි ජාත්‍යන්තරව පිළිගත් ආයතනයක සේවය කරන පුද්ගලයෙකුට මෙම ප්‍රාථමික සදාචාර ගැටලු ගැන අවබෝධයක් නැති වීමය. සාමාන්‍යයෙන් එම ආයතනය Corporate Governance තුළ Ethics and Best Practices පිළිබඳව දැඩි ලෙස කටයුතු කරයි. අඩුම තරමින් එසේ කරන බව ලෝකයට කියයි. ජනරජයේ විශාලතම ටෙන්ඩර් සඳහා වැඩිපුරම තරග කරන කොම්පැනි සංගමයේ සභාපතිවරයා ලෙසත් සිටිමින් රටේ ආර්ථික තීරණ සඳහා මුදල් ඇමති සහ ජනපතිට බලපෑම් කිරීම කෙතරම් නින්දිතද? එය වෘත්තීය සදාචාරයක් තිබෙන කිසිවෙකුත් නොකරන ක්‍රියාවකි.
මෙය අනුර කුමාර සහෝදරයාට හොඳ පාඩමකි. අමාත්‍යංශයේ ලේකම් ධූරය භාර ගෙන රටට සේවය කිරීම වෙනුවෙන් තමන්ගේ පුද්ගලික අංශයේ රස්සාව අත්හැරීමට අකමැති මිනිසුන් තමන්ගේ සමීපතම උපදේශකයන් කරගැනීම මෝඩකමකටත් වඩා බෙහෙවින් අනතුරුදායකය. එයින් පෙන්වන්නේ ඔවුන් සැබැවින්ම වගවීමට අකමැති බව නොවේද? ඒ වෙනුවෙන් පඩියක් ගන්නේ නැත්තේද ඒ නිසාය. එවිට වගකීමෙන් මිදිය හැකිය. එයින් පෙන්වන්නේ අනුරගේ ජනපතිකම පිළිබඳව එම පුද්ගලයාට විශ්වාසයක් නැති බව නොවේද? විශ්වාසයක් ඇත්නම් තමන්ගේ රස්සාව හැර දමා උරෙන් උර ගැටී අනුර සමග සිට ගත යුතුය.
එක්කෝ හුලංගමුව තමා වැඩ කරන දෙස් විදෙස් පුද්ගලික ව්‍යාපාරවලින් ඉවත් වී එක හිතින් ජනපති අනුර හා එකතු විය යුතුය. නැත්නම් කිසිදු තනතුරක් නොගෙන පැත්තකට විය යුතුය. ප්‍රශ්නය වන්නේ කිසියම් අනිසි තනතුරක යමෙකු තබා තිබීමෙන් වාසි ලබා ගන්නා අය එයට ඉඩ දෙනු ඇත්ද? යන්නය. ධර්මය ඔබට මග වේවා!
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
