News Category
From Date
To Date
Maximum Number of Result

විද්‍යාව උඩින් පල්ලෙන් අතගා අවුරුදු සිරිත් විරිත් මිත්‍යා කියන ලිබ්බෝ හා පුනර්භව සංකල්පය, කර්මය, පින් පවු නැතැයි කියන මහණුන් අතර වෙනසක් නැත.

Apr 15, 2025 at 05:55 PM
|

සිංහල හින්දු අවුරුද්ද යනු අප ලෝකයේ පවත්වන සංස්කෘතික උත්සව වලින් තවත් එක් පැරණිතම එකකි. ලංකාව හැරුණුකොට තවත් රටවල් කිහිපයක් ඒ ඒ රටේ සංස්කෘතික සංකල්ප අනුව සමරන මේ අවුරුදු උදාව ගොඩ නැගී තිබෙන්නේ ජෝතිශ්ය විද්යාව පදනම්වය. රාශි චක්රය හරහා සූර්යයා ගේ සාපේක්ෂ චලිතය අනුව ගැට ගැසී ඇති මේ අවුරුදු උදාව, කිසිඳු දියුණු විද්යාත්මක උපකරණයක් නොමැති වූ ඈත අතීතයේ ආරම්භ වීම හා පැවත ඒමම ආශ්චර්යයක් ලෙස දැක්විය හැකිය.
මිනිස් මනසට උපකරණ වල සහය නොමැතිව මොනතරම් පරාසයක් දක්ව විහිදෙන්නට හැකිද යන්නට තවත් එක් උදාහරණයක් ලෙස සිංහල/හින්දු අවුරුදු උත්සවය දැක්විය හැකිය.
නැකැත්, නක්ෂත්රය සමග බැඳුණු විශ්වාසය වර්තමානයේ දී විද්යාත්මක ප්රබෝධය සමහ අර්බුදයට ගියද, එම ශාස්ත්රයන් මගින් සාමාන්ය සම්භාවිතාවෙන් එහා ගිය නිවැරදි පුරෝකතන ලබාදිය හැකිබවක් ඇතැයි ඇතැම් නූතන පර්යේෂණ මගින් පෙන්වා දෙමින් සිටී. මේ පර්යේෂණ වල සාක්ෂි වල තත්වය විවිධ වුවද නක්ෂත්ර විද්යාවන් නිර්දය ලෙස බැහැර කල නොහැකිබව සැබෑවටම විද්යාව ගැන අවබෝධයක් ඇති ප්රජාවගෙ අදහසයි.
නමුත්,
👉යන්තම් විද්යාව ගැන පොතපත කියවූ, මාක්ස්වාදය, භෞතික වාදය එහෙන් මෙහෙන් අතාගාගත් පුද්ගලයන්
👉රටක සංස්කෘතික මූලයන් විනාශකරන්නට හිතාමතාම කටයුතු කරන දේශපාලන සංවිධාන, ආගමික සංවිධාන, බඩගෝස්තරවාදී සංවිධාන හා බැඳුණ පුද්ගලයන්
මේ පැරණි විද්යාමක පද්ධතතීන් නිර්දය ලෙස විවේචනය කරනවා පමණක් නොව, කල් යල් බලා සමාජමාධ්ය වල කෙකරගානවා දැක ගත හැකිය.
ඔවුන්ගේ මූල ගොදුරු වන්නේ, දැනුම, ආකල්ප හා සංස්කෘතික වටිනාකම් වලින් පිරිහී සිටින අලුත් පරපුරේ තරුණ තරුණියන්ය. "පුද්ගලාර්ථය හා මිල මත දුවන" මනසක් ඇති සදාචාරය අයිස්මෙන් මිදුනු මනසක් ඇති පුද්ගලයන් ඉතා පහසුවෙන් ගොදුරු කරගන්නට ඊනීයා ලිබ්බන්ට හැකිය. ශ්රි ලංකා ක්රියාත්මක වන සමාජයේ එවන් ලිබ්බන් බොහොමයක අතර සමාන ලක්ෂණ දැකිය හැකිය.
පුද්ගලික ව මා දන්නා හා දැක ඇති අයගේ ස්වභාවය අනුව
👉බටහිර රටක/ ඔස්ට්රේලියාවේ පදිංචි වී හෝ බොහෝ කාලයක් එවන් රටක ජීවත්වූ අයෙක් වීම
👉බහුතරයක් ක්රිස්තියානි ආගමට කොහෙන් හෝ සම්බන්ධ වීම
👉බෙදුම්වාදී අදහස් දරන පැරණි LTTE ඩයස්පොරාවට කොහෙන් හෝ සම්බන්ධ වීම
👉මාක්ස්වාදය කොහෙන් හෝ ගෑවුන දේශපාලන ව්යාපාරයක තවමත් සිටීම හෝ අතීතයේ සිටි අයෙක් වීම
👉අවධානය ලබා ගැනීමට ඉතා කැමති හා ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට කැමති අයෙක් වීම
👉 යම් මට්ටමක අධ්යාපනයක් ලැබූ හා ජීවත් වෙන්න කරන රැකියාව පැහැදිලි නොවීම.
තවත් අපූරු කාරණාවක් දකින්නට ලැබුණි. ඒ බෞද්ධ භික්ශුවක් ලෙස සිය අනන්යතාව පෙන්වන පුද්ගලයෙක්, YouTube නිවේදකයෙක් සමග එක්වී සිදුකරන වැඩසටහන් මාලාවක පළකරන අදහස් වල අඩංගුවයි.
උක්ත භික්ෂුව ඔහු රාජකීය පණ්ඩිත කෙනෙකු ලෙස හුවා දක්වන අතර, විශ්වවිද්යාලයක බාහිර කථිකාචාර්ය වරයකු ලෙස යම් කලක් සේවය කල ඇති බව කියා සිටී. ත්රිපිටකය ගැන ව්යක්ත කෙල පැමිණි දැනුමක් ඇති අයෙක් ලෙස අදහස් පලකරන උන්වහන්සේ බොහෝ සූත්ර ඔහුට අවශ්ය පරිදි අර්ථ දක්වන බවක් පෙනෙන්නට තිබේ.
උන්වහන්සේ පල කරන අදහස් වලට පිළිතුරු බොහොමයක් අනෙකුත් භික්ෂුන් වහන්සේලා ලබාදෙන අයුරුද YouTube වලම දැකිය හැකිය. එහිදී උක්ත භික්ෂුව ත්රිපිටක සාක්ෂි ලෙස දක්වන සූත්ර හා අර්ථකථන මොන තරම් විකෘති ආකරයකින් සිදුකොට ඇති බවද යන්න ඉතා හොඳට පෙනීයයි.
🤣🤣හාස්යජනකම කාරණය වන්නේ, පුනර්භවය හා සංසාර ගමන ගැන උන්වහන්සේ පළකරන අදහස් වලට නූතන විද්යාව භාවිතා කරන ආකාරයි. "සේපියන්" පොත හා එහෙන් මෙහෙන් කියවා ලබාගත් විද්යාත්මක මූලාශ්ර මත උන්වහන්සේ පුනර්භවය හෝ අනන්ත සංසාරගමනක් ( බුදුන් අසංඛ්ය කල්ප ගාණක් පෙරුම්පුරන්නට මානව පරිනාම කතාව දිග මදි කියා කියයි) තිබිය නොහැකි බව කියයි. අතීත භවයක් නැත්නම් අනාගත භවයක්ද නැතැයි කියයි.
උන්වහන්සේ ට කාලාවකාශය ,කොන්ටම් භෞතික විද්යාව, සාපේක්ෂතාවාදය පොඩ්ඩක් කියා දීමට තුබුනානම් අනන්ත සංසාරය හෝ පුනර්භවය ඇත්තක් හෝ බොරුවක් උවද ඒවා උන්වහන්සේ දන්න විද්යාවෙන් නැහැයි කීමට නොහැකි බව තේරුම් ගන්නවා ඇත. 🔭
🧬නොදන්න ජාන විද්යාවක් යොදාගෙන කර්ම ඵල නැතැයි කියයි. ජානවල වෙනස්කම් හා ආවේනිය සිදුවීම 100% නූතන විද්යාවෙන් පැහැදිලි කරගෙන නොමැතිබව උන්වහන්සේ නොදන්නවා විය හැක. 🧬
බුදුන් වහන්සේ යනු නිකම්ම මිනිසෙක් ලෙස දක්වා සිටී. ඇත්ත බුදුන් යනු මනුස්සයෙක් තමයි. හැබැයි උන්වහන්සේ ආශ්චර්යයවත් මනුස්සයෙක්. රටක නායකයෙක්, ලෝක නායකයෙක්, ලෝකය පුරාම කීර්තිය පැතිරෙන් ක්රීඩකයෙක්, කලාකාරයෙක්, දාර්ශනිකයෙක් කියන්නෙ නිකන්ම මනුශ්යයෙක් නොවේ ආශ්චර්යයක් ඇති පුද්ගලයෙක්. ඒ තරම් ගෞරවයක්වත් තමන්ගේ ආධ්යාත්මික ගුරුවරයාට ලබාදීමට නොහැකි නම් තමා මානයෙන් මොන තරම් ඇඳගෙන ඉන්න කෙනෙක්ද?
🛠️ඉතා පැහැදිලිව එම භික්ෂුව ගෙන එන අදහස් පරණ මාක්ස්වාදියෙක් කියන අදහස් වලට අනන්යවන්නේ උන්වහ්සේට පරණ මාක්ස්වාදියෙක්ට වඩා පාලි හා ත්රිපිටක දැනුම ඇති නිසා පමණි. නමුත් පළකරන අදහස් වල අවසන් සාරය එකයි.
ධර්ම අවබෝධය ගැන ඉතාම වැදගත් තැනක් වන සංස්කාර දුක විස්තර කිරීමට දහම්පාසල් පොතේ එන විග්රහයටත් වඩා අඩු විග්රහයක් උන්වහන්සේට තිබීම මෙන්ම, ගැඹුරු බෞද්ධ දාර්ශනික කාරණා බාහිර වචනපද විග්රයෙන් කරන්නට යෑම උන්වහන්සේ ඉන්න තත්වය හොඳින් පෙන්වා දෙන්නකි. එය අවදානෙ හිඟන සාමාන්ය ලිබ්බෙක් මට්ටමෙන් එහා නොවන බවට හොඳ සාක්ෂියකි.
බෞද්ධයන් කලයුතු වන්නේ ඉතා විමසීමෙන් මේ දේවල් ගැන සොයා බලා තීරණ ගැනීමයි
නවීන විද්යාවේ කිසිම තැනක පුනර්භවය හෝ කර්ම සංකල්ප බොරු කියා කියන්නට සාක්ෂි ලැබී නැත. ඒ ගැන කැමති ඕනෑම කෙනෙකුට ඒවා තහවුරු කෙරෙන පැත්තටද කෙරුණ පර්යේෂණ බොහොමයක් සොයාගත හැක.
තමන්ට ඇති අවබෝධය හා දැනුමේ මට්ටමට අදහස් පල කිරීමට ඕනෑම කෙනෙක්ට අයිතියක් ඇත. හැබැයි ඒ දේ තමයි හරි කියා තහවුරු කිරීමට කිසිවෙකුට හැකියාවක් හෝ අයිතියක් නැත.
සමාජයේ ප්‍රගමනයට වැදගත් වන්නේ හරවත් ශාස්ත්රීය සංවාදය. ඒ සඳහා සමාජයේ පුගලයන් සමතුන් විය යුතුය.
වෛද්‍ය රුවන් ජයසූරිය

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.