News Category
From Date
To Date
Maximum Number of Result

විද්‍යාව උඩින් පල්ලෙන් අතගා අවුරුදු සිරිත් විරිත් මිත්‍යා කියන ලිබ්බෝ හා පුනර්භව සංකල්පය, කර්මය, පින් පවු නැතැයි කියන මහණුන් අතර වෙනසක් නැත.

Apr 15, 2025 at 05:55 PM
|

සිංහල හින්දු අවුරුද්ද යනු අප ලෝකයේ පවත්වන සංස්කෘතික උත්සව වලින් තවත් එක් පැරණිතම එකකි. ලංකාව හැරුණුකොට තවත් රටවල් කිහිපයක් ඒ ඒ රටේ සංස්කෘතික සංකල්ප අනුව සමරන මේ අවුරුදු උදාව ගොඩ නැගී තිබෙන්නේ ජෝතිශ්‍ය විද්‍යාව පදනම්වය. රාශි චක්‍රය හරහා සූර්යයා ගේ සාපේක්ෂ චලිතය අනුව ගැට ගැසී ඇති මේ අවුරුදු උදාව, කිසිඳු දියුණු විද්‍යාත්මක උපකරණයක් නොමැති වූ ඈත අතීතයේ ආරම්භ වීම හා පැවත ඒමම ආශ්චර්යයක් ලෙස දැක්විය හැකිය.
මිනිස් මනසට උපකරණ වල සහය නොමැතිව මොනතරම් පරාසයක් දක්ව විහිදෙන්නට හැකිද යන්නට තවත් එක් උදාහරණයක් ලෙස සිංහල/හින්දු අවුරුදු උත්සවය දැක්විය හැකිය.
නැකැත්, නක්ෂත්‍රය සමග බැඳුණු විශ්වාසය වර්තමානයේ දී විද්‍යාත්මක ප්‍රබෝධය සමහ අර්බුදයට ගියද, එම ශාස්ත්‍රයන් මගින් සාමාන්‍ය සම්භාවිතාවෙන් එහා ගිය නිවැරදි පුරෝකතන ලබාදිය හැකිබවක් ඇතැයි ඇතැම් නූතන පර්යේෂණ මගින් පෙන්වා දෙමින් සිටී. මේ පර්යේෂණ වල සාක්ෂි වල තත්වය විවිධ වුවද නක්ෂත්‍ර විද්‍යාවන් නිර්දය ලෙස බැහැර කල නොහැකිබව සැබෑවටම විද්‍යාව ගැන අවබෝධයක් ඇති ප්‍රජාවගෙ අදහසයි.
නමුත්,
👉යන්තම් විද්‍යාව ගැන පොතපත කියවූ, මාක්ස්වාදය, භෞතික වාදය එහෙන් මෙහෙන් අතාගාගත් පුද්ගලයන්
👉රටක සංස්කෘතික මූලයන් විනාශකරන්නට හිතාමතාම කටයුතු කරන දේශපාලන සංවිධාන, ආගමික සංවිධාන, බඩගෝස්තරවාදී සංවිධාන හා බැඳුණ පුද්ගලයන්
මේ පැරණි විද්‍යාමක පද්ධතතීන් නිර්දය ලෙස විවේචනය කරනවා පමණක් නොව, කල් යල් බලා සමාජමාධ්‍ය වල කෙකරගානවා දැක ගත හැකිය.
ඔවුන්ගේ මූල ගොදුරු වන්නේ, දැනුම, ආකල්ප හා සංස්කෘතික වටිනාකම් වලින් පිරිහී සිටින අලුත් පරපුරේ තරුණ තරුණියන්ය. "පුද්ගලාර්ථය හා මිල මත දුවන" මනසක් ඇති සදාචාරය අයිස්මෙන් මිදුනු මනසක් ඇති පුද්ගලයන් ඉතා පහසුවෙන් ගොදුරු කරගන්නට ඊනීයා ලිබ්බන්ට හැකිය. ශ්‍රි ලංකා ක්‍රියාත්මක වන සමාජයේ එවන් ලිබ්බන් බොහොමයක අතර සමාන ලක්ෂණ දැකිය හැකිය.
පුද්ගලික ව මා දන්නා හා දැක ඇති අයගේ ස්වභාවය අනුව
👉බටහිර රටක/ ඔස්ට්‍රේලියාවේ පදිංචි වී හෝ බොහෝ කාලයක් එවන් රටක ජීවත්වූ අයෙක් වීම
👉බහුතරයක් ක්‍රිස්තියානි ආගමට කොහෙන් හෝ සම්බන්ධ වීම
👉බෙදුම්වාදී අදහස් දරන පැරණි LTTE ඩයස්පොරාවට කොහෙන් හෝ සම්බන්ධ වීම
👉මාක්ස්වාදය කොහෙන් හෝ ගෑවුන දේශපාලන ව්‍යාපාරයක තවමත් සිටීම හෝ අතීතයේ සිටි අයෙක් වීම
👉අවධානය ලබා ගැනීමට ඉතා කැමති හා ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට කැමති අයෙක් වීම
👉 යම් මට්ටමක අධ්‍යාපනයක් ලැබූ හා ජීවත් වෙන්න කරන රැකියාව පැහැදිලි නොවීම.
තවත් අපූරු කාරණාවක් දකින්නට ලැබුණි. ඒ බෞද්ධ භික්ශුවක් ලෙස සිය අනන්‍යතාව පෙන්වන පුද්ගලයෙක්, YouTube නිවේදකයෙක් සමග එක්වී සිදුකරන වැඩසටහන් මාලාවක පළකරන අදහස් වල අඩංගුවයි.
උක්ත භික්ෂුව ඔහු රාජකීය පණ්ඩිත කෙනෙකු ලෙස හුවා දක්වන අතර, විශ්වවිද්‍යාලයක බාහිර කථිකාචාර්ය වරයකු ලෙස යම් කලක් සේවය කල ඇති බව කියා සිටී. ත්‍රිපිටකය ගැන ව්‍යක්ත කෙල පැමිණි දැනුමක් ඇති අයෙක් ලෙස අදහස් පලකරන උන්වහන්සේ බොහෝ සූත්‍ර ඔහුට අවශ්‍ය පරිදි අර්ථ දක්වන බවක් පෙනෙන්නට තිබේ.
උන්වහන්සේ පල කරන අදහස් වලට පිළිතුරු බොහොමයක් අනෙකුත් භික්ෂුන් වහන්සේලා ලබාදෙන අයුරුද YouTube වලම දැකිය හැකිය. එහිදී උක්ත භික්ෂුව ත්‍රිපිටක සාක්ෂි ලෙස දක්වන සූත්‍ර හා අර්ථකථන මොන තරම් විකෘති ආකරයකින් සිදුකොට ඇති බවද යන්න ඉතා හොඳට පෙනීයයි.
🤣🤣හාස්‍යජනකම කාරණය වන්නේ, පුනර්භවය හා සංසාර ගමන ගැන උන්වහන්සේ පළකරන අදහස් වලට නූතන විද්‍යාව භාවිතා කරන ආකාරයි. "සේපියන්" පොත හා එහෙන් මෙහෙන් කියවා ලබාගත් විද්‍යාත්මක මූලාශ්‍ර මත උන්වහන්සේ පුනර්භවය හෝ අනන්ත සංසාරගමනක් ( බුදුන් අසංඛ්‍ය කල්ප ගාණක් පෙරුම්පුරන්නට මානව පරිනාම කතාව දිග මදි කියා කියයි) තිබිය නොහැකි බව කියයි. අතීත භවයක් නැත්නම් අනාගත භවයක්ද නැතැයි කියයි.
උන්වහන්සේ ට කාලාවකාශය ,කොන්ටම් භෞතික විද්‍යාව, සාපේක්ෂතාවාදය පොඩ්ඩක් කියා දීමට තුබුනානම් අනන්ත සංසාරය හෝ පුනර්භවය ඇත්තක් හෝ බොරුවක් උවද ඒවා උන්වහන්සේ දන්න විද්‍යාවෙන් නැහැයි කීමට නොහැකි බව තේරුම් ගන්නවා ඇත. 🔭
🧬නොදන්න ජාන විද්‍යාවක් යොදාගෙන කර්ම ඵල නැතැයි කියයි. ජානවල වෙනස්කම් හා ආවේනිය සිදුවීම 100% නූතන විද්‍යාවෙන් පැහැදිලි කරගෙන නොමැතිබව උන්වහන්සේ නොදන්නවා විය හැක. 🧬
බුදුන් වහන්සේ යනු නිකම්ම මිනිසෙක් ලෙස දක්වා සිටී. ඇත්ත බුදුන් යනු මනුස්සයෙක් තමයි. හැබැයි උන්වහන්සේ ආශ්චර්යයවත් මනුස්සයෙක්. රටක නායකයෙක්, ලෝක නායකයෙක්, ලෝකය පුරාම කීර්තිය පැතිරෙන් ක්‍රීඩකයෙක්, කලාකාරයෙක්, දාර්ශනිකයෙක් කියන්නෙ නිකන්ම මනුශ්‍යයෙක් නොවේ ආශ්චර්යයක් ඇති පුද්ගලයෙක්. ඒ තරම් ගෞරවයක්වත් තමන්ගේ ආධ්‍යාත්මික ගුරුවරයාට ලබාදීමට නොහැකි නම් තමා මානයෙන් මොන තරම් ඇඳගෙන ඉන්න කෙනෙක්ද?
🛠️ඉතා පැහැදිලිව එම භික්ෂුව ගෙන එන අදහස් පරණ මාක්ස්වාදියෙක් කියන අදහස් වලට අනන්‍යවන්නේ උන්වහ්සේට පරණ මාක්ස්වාදියෙක්ට වඩා පාලි හා ත්‍රිපිටක දැනුම ඇති නිසා පමණි. නමුත් පළකරන අදහස් වල අවසන් සාරය එකයි.
ධර්ම අවබෝධය ගැන ඉතාම වැදගත් තැනක් වන සංස්කාර දුක විස්තර කිරීමට දහම්පාසල් පොතේ එන විග්‍රහයටත් වඩා අඩු විග්‍රහයක් උන්වහන්සේට තිබීම මෙන්ම, ගැඹුරු බෞද්ධ දාර්ශනික කාරණා බාහිර වචනපද විග්‍රයෙන් කරන්නට යෑම උන්වහන්සේ ඉන්න තත්වය හොඳින් පෙන්වා දෙන්නකි. එය අවදානෙ හිඟන සාමාන්‍ය ලිබ්බෙක් මට්ටමෙන් එහා නොවන බවට හොඳ සාක්ෂියකි.
බෞද්ධයන් කලයුතු වන්නේ ඉතා විමසීමෙන් මේ දේවල් ගැන සොයා බලා තීරණ ගැනීමයි
නවීන විද්‍යාවේ කිසිම තැනක පුනර්භවය හෝ කර්ම සංකල්ප බොරු කියා කියන්නට සාක්ෂි ලැබී නැත. ඒ ගැන කැමති ඕනෑම කෙනෙකුට ඒවා තහවුරු කෙරෙන පැත්තටද කෙරුණ පර්යේෂණ බොහොමයක් සොයාගත හැක.
තමන්ට ඇති අවබෝධය හා දැනුමේ මට්ටමට අදහස් පල කිරීමට ඕනෑම කෙනෙක්ට අයිතියක් ඇත. හැබැයි ඒ දේ තමයි හරි කියා තහවුරු කිරීමට කිසිවෙකුට හැකියාවක් හෝ අයිතියක් නැත.
සමාජයේ ප්‍රගමනයට වැදගත් වන්නේ හරවත් ශාස්ත්‍රීය සංවාදය. ඒ සඳහා සමාජයේ පුගලයන් සමතුන් විය යුතුය.
වෛද්‍ය රුවන් ජයසූරිය

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.