News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායලය ගාසා තීරයේ ස්ථාන කිහිපයක් වෙත එල්ල කළ ප්‍රහාරවලින් 60කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු ඉලක්ක කර ෆාත්වා නම් ආගමික ආඥාවක් නිකුත් කිරීමට ඉරානයේ ප්‍රධාන ෂියා නිකායික පූජකවරයෙක් කටයුතු කර තිබේ.

කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවන බවත් ඉදිරි සතිය තුළ කැනේඩියානු භාණ්ඩ සඳහා නව තීරුබදු අනුපාතයක් නියම කරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

2025 ජුනි 21-22 දිනවල තුර්කියේ ජනරජයේ ඉස්තාන්බුල් හි පැවති ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ 51 වන සැසිවාරයෙන් පසුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය නිල ප්‍රකාශයක් නිකුත් කළේය. මෙම ප්‍රකාශනයේ දී, සියොන්වාදී පාලනය විසින් ඉරාන ඉස්ලාමීය ජනරජයට එරෙහිව කරන ලද ආක්‍රමණය දැඩි ලෙස හෙළා දැක තිබේ. පහත පල වන්නේ එම ප්‍රකාශයේ සිංහල පරිවර්ථනයයි..

අමෙරිකාව විසින් තමන්ට ප්‍රහාරයක් එල්ල කළත් ඉන් තම රටට බරපතළ හානියක් සිදු නොවූ බවත් තමන් කිසිවෙකුට හෝ යටත් නොවන ජාතියක් බව හා ඊශ්‍රායලයට එරෙහි යුද්ධය ඉරානය ජයගත් බවත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි පවසයි.

තම න්‍යෂ්ටික පහසුකම් නැවත පණගැන්වීමට දරන ඕනෑම උත්සාහයකට එක්සත් ජනපදය විසින් තවත් හමුදා ප්‍රහාරයක් එල්ල කරනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කරමින් ප්‍රකාශ කර ඇත.

ඉරානයේ පාර්ලිමේන්තුව (Majlis), ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය (IAEA) සමඟ ටෙහෙරානයේ සහයෝගීතාව අත්හිටුවීමට පනතක් අනුමත කර තිබේ. මෙම තීරණයට හේතු වී ඇත්තේ IAEA විසින් ඉරානයට එරෙහිව සම්මත කරන ලද “දේශපාලනික අරමුණු මුල් කරගත්” යෝජනාවකි.

ඉරානයේ න්‍යෂ්ටික කඳවුරුවලට එල්ල කරන ලද ඇමරිකානු ප්‍රහාර මගින් එරට න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන් විනාශ වී නැති බවත්, එය මාස කිහිපයකින් පමණක් ප්‍රමාද වූ බවත් පෙන්ටගනයේ මූලික බුද්ධි තක්සේරුවකින් හෙළි වී තිබෙන බව බීබීසී වාර්තා කරයි.

විදේශීය සිසුන්ට හාවඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම තහනම් කිරීමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තහනම එරට ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් දෙවන වරටත් අවහිර කර තිබේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.