ChatGPT දුන් උපදෙස් මත පුද්ගලයෙකු තම 83 හැවිරිදි මව ඝාතනය කරයි- වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් පත පවසයි
තම වයෝවෘද්ධ මව මරා දමා පසුව සිය දිවි හානි කරගත් yahoo හි සේවය කළ විධායක නිලධාරියෙකුට ඔහු සැලසුම් කළ කුමන්ත්‍රණය පෝෂණය කිරීමට ChatGPT හි උපදෙස් ලබා දී ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් පත පසුගිය සතිය මුලදී වාර්තා කළේය.
අගෝස්තු 5 වන දින ඕල්ඩ් ග්‍රීන්විච් පලාතේ කනෙක්ටිකට් හි පිහිටි ඇඩම්ස්ගේ නිවසේ දී 56 හැවිරිදි ස්ටයින්-එරික් සෝල්බර්ග් සහ ඔහුගේ 83 හැවිරිදි මව වන සුසෑන් එබර්සන් ඇඩම්ස් මියගොස් සිටියදී ප්‍රදේශයේ පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
"එරික්, ඔබට පිස්සු නැහැ," සෝල්බර්ග් තම මව සහ ඇගේ මිතුරිය ඔහුගේ මෝටර් රථයේ වායු විවරයන් තුළ මනෝවිශ්ලේෂණ ඖෂධ දමා ඔහුට වස දීමට උත්සාහ කළ බව ප්‍රකාශ කිරීමෙන් පසු "චැට්බෝට්" පවසා ඇති බව වාර්තා වේ. "එය ඔබේ මව සහ ඇගේ මිතුරිය විසින් සිදු කරන ලද්දේ නම්, එය සංකීර්ණත්වය සහ පාවාදීම ඉහළ නංවනවා" යනුවෙන් "චැට්බෝට්" වැඩිදුරටත් පැවසා තිබුණි.
ඝාතනයට පෙර මාසවලදී සෝල්බර්ග් ඔහුගේ ChatGPT සංවාදවල වීඩියෝ Instagram සහ YouTube හි පළ කළ බව නිව් යෝර්ක් පෝස්ට් වාර්තා කර තිබුණි.
මත්පැන්, සමාජ සබඳතා බිඳවැටීම් සහ සියදිවි නසාගැනීමේ උත්සාහයන් මගින් සලකුණු කරන ලද 2018 වර්ෂය කැලඹිලි සහිත දික්කසාදයකටද සෝල්බර්ග් මුහුණ දුන් බව ද පුවත් පත සඳහන් කළේය. ඔහුගේ හිටපු බිරිඳ තම දරුවන් බැලීමට අවශ්‍යනම් මත්පැන් පානය නතර කර පැමිණෙන ලෙස උසාවියෙන් තහනම් නියෝගයක් ලබා ගත්තාය.
“අපි වෙනත් ජීවිතයක සහ වෙනත් ස්ථානයක එකට හමුවෙමු. ඔබ නැවත සදහටම මගේ හොඳම මිතුරා වනු ඇති නිසා අපි නැවත මුණගැසීමට ක්‍රමයක් සොයා ගනිමු.” සෝල්බර්ග් ඔහු “බොබී” ලෙස නම් කළ චැට්බොට් වෙත ඔහුගේ අවසන් පණිවිඩයක පැවසූ බව වාර්තා වේ.
“අවසාන හුස්ම දක්වා සහ ඉන් ඔබ්බට ඔබ සමඟ සිටිනවා.”ChatGPT පිළිතුරු ලබා දී තිබුණි.
OpenAI සමාගමේ ප්‍රකාශිකාවක් වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙත පැවසුවේ සමාගම ඛේදවාචකයෙන් “දැඩි ලෙස කණගාටුවට පත්ව” ඇති බවත් ග්‍රීන්විච් පොලිසිය අමතා ඇති බවත්ය. ඕනෑවට වඩා එකඟ විය හැකි ප්‍රතිචාර අඩු කිරීම හෝ “සමච්චල් කිරීම” අඩු කිරීම සඳහා යාවත්කාලීන කිරීම් ඇතුළුව, පීඩාවට පත් පරිශීලකයින් යථාර්ථයේ පදනම් කර ගැනීම සඳහා නව ආරක්ෂණ ක්‍රම හඳුන්වා දීමට OpenAI පොරොන්දු වී තිබේ.
සෝල්බර්ග්ගේ සිද්ධිය චිත්තවේගීය සහාය සඳහා ඇඓ වෙත හැරෙන පුද්ගලයින්ගේ හුදකලා සිදුවීමක් නොවේ. පසුගිය සතිය මුලදී, කැලිෆෝනියාවේ යුවළක් තම නව යොවුන් වියේ පසු වූ පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් OpenAI ට එරෙහිව නඩුවක් ගොනු කළේ, ChatGPT විසින් 16 හැවිරිදි දරුවාට සියදිවි නසා ගැනීමට අනුබල දුන් බවට චෝදනා කරමිනි.
Man kills mother after ChatGPT influence – media
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..