වෙනිසියුලාවට එරෙහි එක්සත් ජනපද මිලිටරි තර්ජනය ප්‍රතික්ෂේප කරමු!-ෆැසිස්ට් විරෝධී ජාත්‍යන්තරයේ ඕස්ට්‍රේලියානු පාර්ශවය සහ ඕස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂයේ ඒකාබද්ධ ප්‍රකාශය
ෆැසිස්ට් විරෝධී ජාත්‍යන්තරයේ ඕස්ට්‍රේලියානු පාර්ශවය, ඕස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය සමඟ "වෙනිසියුලාවේ මෙන්ම ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ සාමය සඳහා වූ ලෝක සහයෝගීතා දිනය සැමරීමට" එක්වෙමින් වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ මිත්‍රශීලී ජනතාවට සහ විශේෂයෙන් ජනාධිපති නිකොලස් මධුරෝ මොරොස් සහෝදරයාට එරෙහිව දකුණු කැරිබියන් මුහුදට පෙර නොවූ විරූ ලෙස හමුදා සහ උපකරණ යැවීමෙන් එක්සත් ජනපද අධිරාජ්‍යය ප්‍රදර්ශනය කරනු ලබන මිලිටරි තර්ජනය තරයේ ප්‍රතික්ෂේප කරන බව පවසයි.පසුගිය අගෝස්තු 11 වනද ඔවුන් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා සිටී. සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්...
වෙනිසියුලාවට එරෙහි එක්සත් ජනපද මිලිටරි තර්ජනය ප්‍රතික්ෂේප කරමු!-ෆැසිස්ට් විරෝධී ජාත්‍යන්තරයේ ඕස්ට්‍රේලියානු පාර්ශවය සහ ඕස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂයේ ඒකාබද්ධ ප්‍රකාශය
ෆැසිස්ට් විරෝධී ජාත්‍යන්තරයේ ඕස්ට්‍රේලියානු පාර්ශවය, ඕස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය සමඟ "වෙනිසියුලාවේ මෙන්ම ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ සාමය සඳහා වූ ලෝක සහයෝගීතා දිනය සැමරීමට" එක්වෙමු. වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ මිත්‍රශීලී ජනතාවට සහ විශේෂයෙන් ජනාධිපති නිකොලස් මධුරෝ මොරොස් සහෝදරයාට එරෙහිව, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් දකුණු කැරිබියන් මුහුදට පෙර නොවූ විරූ ලෙස හමුදා සහ උපකරණ යැවීමෙන් එක්සත් ජනපද අධිරාජ්‍යය ප්‍රදර්ශනය කරනු ලබන මිලිටරි තර්ජනය අපි තරයේ ප්‍රතික්ෂේප කරමු.
මෙම ආකාරයේ ක්‍රියාවන් ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පැහැදිලිව උල්ලංඝනය කිරීමක් වේ. එලෙසම වත්මන් ට්‍රම්ප් පරිපාලනය මෙතෙක් කළ ක්‍රියාවන්හි අඛණ්ඩතාවයක් පෙන්වන ක්‍රියාවක් ලෙසද පෙනී යයි. එක්සත් ජනපදයේ හැසිරීම එක්සත් ජාතීන්ගේ වාර්තා සහ එහි නිලධාරින් විසින් නිකුත් කර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් කරනු ලබන හැසිරීමක් වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වර න්ංවා ඇති නීති මත පදනම් වූ ලෝක පිළිවෙල වැටී ඇති අනතුරේ වේදනාව හෙළි කරනු ලබයි.
වෙනිසියුලානු වෙරළට කිලෝමීටර කිහිපයක් දුරින් ඇමරිකානු නාවික හමුදා යෙදවීම ස්වෛරී රටකට තර්ජනයක් වනවා පමණක් නොව, CEළැC(ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍යයන්ගේ ප්‍රජාව) විසින් සාම කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද සමස්ත කලාපයේම ස්ථාවරත්වයට ද තර්ජනය කරයි. ඒ හා සමානව, අති නවීන විනාශකාරී මිසයිල දියත් කිරීමේ කෲසර්, න්‍යෂ්ටික සබ්මැරීන, නිරීක්ෂණ ගුවන් යානා සහ දහස් ගණනක් එක්සත් ජනපද නාවික හමුදා නිලධාරීන් ඇතුළත් මෙම යෙදවීමේ පරිමාණය, කැරිබියන් මුහුදේ මත්ද්‍රව්‍ය කාටෙල් ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමේ යැයි කියනු ලබන අරමුණට සාපේක්ෂව පැහැදිලිවම අසමානුපාතික බලමුලු ගැන්වීමක් ලෙස හොඳින්ම තහවුරු වේ. අප එලෙස අවධාරණය කරන්නේ ප්‍රධාන වශයෙන් පැසිෆික් වෙරළ තීරයේ පිහිටි රටවල නිපදවන මත්ද්‍රව්‍ය වලින් අවම ප්‍රතිශතයක් මෙම මාර්ගය හරහා ගමන් කරන බව සංඛ්‍යා ලේඛන මගින් තහවුරු වී ඇති බැවිනි.
ජාත්‍යන්තර නීතිය ගෝලීය ප්‍රාග්ධනය හිමි බලවතුන් විසින් පාලනය කරනු ලබන රටක ස්වෛරීභාවය නොසලකා හරිනු ලබන අතර, ජාතීන්ගේ ස්වයං නිර්ණයට තර්ජනයක් වන ව්‍යාජ ප්‍රවෘත්ති මත පදනම්ව නායකයින් තීරණ ගන්නා මෙවැනි වකවානුවක, ශක්තිමත් කිරීමට කටයුතු අපි එකමුතුවිය යුතුය.
නැවත වරක් සහ අඛණ්ඩව, ෆැසිස්ට් විරෝධී ජාත්‍යන්තර ඕස්ට්‍රේලියානු පාර්ශවය සහ ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය, දුෂ්ට හා ජරාජීර්ණ සංස්ථාපිතයට එරෙහිව එක්සත්ව ප්‍රතිචාර දක්වන අතර බොලිවාර් සහ චාවේස්ගේ දරුවන් වන සහෝදර නිකොලස් මධුරෝ මොරොස් සහ වෙනිසියුලානු ජනතාවට පූර්ණ සහයෝගය දක්වයි.
බොලිවේරියානු විප්ලවයට සහයෝගීතාවය දක්වන බව අවධාරණය කරමින් වෙනිසියුලාවේ පැවැත්මට තර්ජනයක් නොවනු ඇතැයි යන බලාපොරොත්තුව අප හදවත් තුල ගැබ්ව ඇති බව පවසමු .
ෆැසිස්ට් විරෝධී ජාත්‍යන්තරය, ඕස්ට්‍රේලියානු පාර්ශවය
සහ ඕස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය.
කැන්බරා, 2025 අගෝස්තු 11

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..