ජයග්‍රාහී දින සැමරුම් සම්බන්ධයෙන් තායිවානයේ ලායිගේ ප්‍රකාශ චීන ජාතියේ ගෞරවය පාවා දෙන අතර යුක්තිය කඩ කරනවා- චීන රාජ්‍ය කවුන්සිලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක චෙන් බින්හුවා
තායිවාන කලාපීය නායක ලායි චිං-ටේ චීනයේ චීන ජයග්‍රාහී දින සැමරුම් අවඥාවට ලක් කරමින් කළ ප්‍රකාශ, ප්‍රධාන භූමියේ සමාජ ක්‍රමයට සැඟවුණු පහරක් එල්ල කරමින්, ජාතික ගෞරවය පිළිබඳ හැඟීමක් පාවා දී, යුක්තිය සහ හෘදය සාක්ෂිය නොසලකා හැර, සමුද්‍ර සන්ධියේ දෙපස වෙසෙන ස්වදේශිකයන්ගේ හැඟීම් බරපතල ලෙස තුවාල කර, ඊනියා "තායිවාන නිදහසට" මුවා වී සිටින බෙදුම්වාදීන්ගේ කැත මුහුණ සහ නපුරු ස්වභාවය හෙළිදරව් කළ බව රාජ්‍ය කවුන්සිලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක චෙන් බින්හුවා අද(04) ප්‍රකාශ කළේය. ඔහු එසේ ප්‍රකාශ කළේ "තායිවානය සාමය සිහි කිරීමට තුවක්කු භාවිතා නොකරයි" යනුවෙන් තායිවාන කලාපීය නායක ලායි චිං-ටේ ඊයේ(03) සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කිරීමෙන් පසුවය.
"සැප්තැම්බර් 3 යනු ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතාවගේ ප්‍රති යුද්ධයේ ජයග්‍රාහී දිනයයි, එය දේශීය හා විදේශීය සියලුම චීන ජාතිකයින්ට ආඩම්බර දිනයක්. මුළු ජාතියම මෙම ජයග්‍රහණයේ 80 වන සංවත්සරය උත්කර්ෂවත් ලෙස සනිටුහන් කළ නමුත් ලායි චිං-ටේ නිකුත් කරන නොසැලකිලිමත් වාචාල කතා, ආක්‍රමණශීලීත්වයට සුදු හුනු ගෑමක් සහ ගැටුමක් ඇති කිරීමට කටයුතු කිරීමක්." චෙන් පැවසීය.
"ජාතිය අනතුරෙන් ගලවා ගැනීම සඳහා චීන ජනතාවගේ වීරෝදාර අරගලය, ජාතික නිදහස සහ විමුක්තිය සුරක්ෂිත කළ රුධිරය සහ පරිත්‍යාගය සහ මානව ශිෂ්ටාචාරය සහ ලෝක සාමය සඳහා චීන ජනතාවගේ අතිමහත් දායකත්වය ඔහු සම්පූර්ණයෙන්ම නොසලකා හැර තිබෙනවා." චෙන් තවදුරටත් පැවසීය.
තායිවානය චීනයේ කොටසක් වන අතර තායිවාන ස්වදේශිකයන් චීන ජාතියේ සාමාජිකයින් වේ. ජාතික විමුක්තිය සහ තායිවානයේ ප්‍රකෘතිය සඳහා, තායිවානයේ ස්වදේශිකයන් ඇතුළු චීන ජනතාව ජපන් ෆැසිස්ට්වාදයට එරෙහිව නිර්භීතව නැගී සිටි අතර, ජාතියේ පැවැත්ම සඳහා, ජාතික පුනර්ජීවනය සඳහා මෙන්ම මානව යුක්තිය සඳහා සටන් කළ බව චෙන් පැවසීය.
"ඔවුන්ගේ ප්‍රතිරෝධය නූතන චීනයේ විදේශීය ආක්‍රමණවලට එරෙහිව පළමු සම්පූර්ණ ජයග්‍රහණයෙන් අවසන් වූ අතර, ඉන් පසුව තායිවානය මව්බිමට නැවත ලබා දෙන ලදී. 80 වන සංවත්සරය සැමරීමේ අපගේ අරමුණ ඉතිහාසය සිහිපත් කිරීම, දිවි පිදූවන්ට ගෞරව කිරීම, සාමය අගය කිරීම සහ අනාගතය විවෘත කිරීමයි. තායිවාන ස්වදේශිකයන් ඉතිහාසයේ නිවැරැදි පැත්තේ, මානව ප්‍රගතියේ පැත්තේ ස්ථිරව සිටිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. දේශප්‍රේමී සම්ප්‍රදායන් ඉදිරියට ගෙන යාම, ජාතික අරමුණ ආරක්ෂා කිරීම සහ ජයග්‍රහණයේ ඵල ආරක්ෂා කිරීම සැමගේ වගකීමක්." ප්‍රකාශකයා පැවසීය.
එලෙසම තායිවාන ස්වදේශිකයන්ගෙන් "තායිවාන නිදහසට" විරුද්ධ වන ලෙසත්, නැවත එක්සත් කිරීම සහ ජාතික පුනර්ජීවනය සඳහා චීන ප්‍රධාන භූමිය සමඟ කටයුතු කරන ලෙසත් ප්‍රකාශක චෙන් බින්හුවා ඉල්ලා සිටියේය.
චෙන් ලායි සහ ඔහුගේ අනුගාමිකයන්ට බැරෑරුම් ලෙස අනතුරු අඟවමින් ප්‍රති යුද්ධයේ හෝ දෙවන ලෝක යුද්ධයේ ඉතිහාසය විකෘති කිරීමට දරන ඕනෑම උත්සාහයක් සාර්ථක නොවනු ඇති බව බින්හුවා අවධාරණය කළේය."පශ්චාත් යුධ ජාත්‍යන්තර පිළිවෙලට සහ මනුෂ්‍යත්වයේ හෘද සාක්ෂියට අභියෝග කරන ඕනෑම ක්‍රියාවක් අසාර්ථක වීමට නියමිතයි. සමස්ත චීන ජනතාවටම විරුද්ධ වී රට බෙදීමට ඇති ඕනෑම කුමන්ත්‍රණයක් ස්වයං විනාශයකට තුඩු දෙනු ඇත." බින්හුවා වැඩිදුරටත් පැවසුවේය.
"යුක්තිය ජය ගනු ඇත, ජනතාව ජය ගනු ඇත, ජාතිය නැවත එක්වීම ජය ගනු ඇත." චෙන් බින්හුවා අවධාරණය කළේය.
Lai’s remarks on V-Day commemorations betray national standing, defy justice: spokesperson
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්