News Category
From Date
To Date
Maximum Number of Result

වෙනිසියුලාවේ කැරකස් නුවර පිහිටි "ජාතික සර්ව දේව මණ්ඩල" මධ්‍යස්ථානයේ සිට, වෙනිසියුලානු රජය එරට අසාහය විමුක්තිදායකයා වන සයිමන් බොලිවාර්ගේ 242 වන ජන්ම සංවත්සරය සහ බොලිවේරියානු ජාතික නාවික හමුදා දිනය සඳහා ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්වීය.

චීනයේ විද්‍යුත් වාහන දැවැන්තයා වන BYD, කලාපය තුළ ඔවුන්ගේ විද්‍යුත් සහ ප්ලග්-ඉන් දෙමුහුන් වාහන සඳහා ඉහළ යන ඉල්ලුම සපුරාලීමේ අරමුණින් ලබන වසරේ ජූලි හෝ අගෝස්තු වන විට පාකිස්තානයේ එකලස් කරන ලද පළමු මෝටර් රථය එළිදැක්වීමට සැලසුම් කර ඇති බව සමාගමේ විධායකයෙක් උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා සියයට 15ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද දහවල් බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ඩකා නගරයේ උතුරු උත්තරා ප්‍රදේශයේ පාසල් භූමියකට කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

1953 මාර්තු 10 වන දින ඒකාධිපති ෆුල්ජෙන්සියෝ බැටිස්ටා විසින් සිදු කරන ලද කුමන්ත්‍රණයෙන් පසුව කියුබාවේ පැවති තත්ත්වය කියුබානු ජනතාවගේ කලකිරීම සහ අතෘප්තිය එහි ඉහළම මට්ටමට ගෙන ඒමට සමත් විය.

කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්‍රිගස් මහතා, කියුබාවේ "කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට" අරමුදල් සැපයීම සඳහා අරමුණුකරගත් ඩොලර් මිලියන 75 ක අයවැයක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් පසුගිය 17 වනද එක්සත් ජනපදයේ "කියුබානු විරෝධී දේශපාලනඥයන්" ලෙස ඔහු හඳුන්වා දුන් පිරිසට දෝශාරෝපනය කළේය.

ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ආරම්භ කළ යුද්ධය වොෂින්ටනයේ මැදිහත්වීමෙන් පසු නතර වී මාසයකටත් අඩු කාලයකට පසු පසුගිය 16 වනදා අධිකරණ නිලධාරීන් සමඟ පැවති රැස්වීමකදී එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය නැවත වරක් ඉස්ලාමීය ජනරජය සමඟ යුද්ධයක යෙදීමට තීරණය කළහොත් සුදුසු රාජ්‍ය තාන්ත්‍රික හා හමුදාමය පියවර ගැනීමට ඉරානය සම්පූර්ණයෙන්ම සූදානම් බව එරට උත්තරිය නායක අයතුලා අලි කමෙය්නි ප්‍රකාශය කළේය. එක්සත් ජනපදය ද දින 12 ක් තිස්සේ පැවැති යුද්ධයේදී එක් අවස්ථාවක ඉරානය සමඟ සෘජුවම යුද්ධයට සම්බන්ධ වූ අතර ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දුන්නේය.කෙසේ වුවද ඉරානය කලාපයේ වැදගත් ඇමරිකානු හමුදා කඳවුරක් වන කටාර්හි අල් උඩයිඩ් ගුවන් කඳවුරට පහර දීමෙන් ප්‍රතිචාර දැක්වීය.

කොකා-කෝලා සමාගම තම බීම වල ඉහළ ෆෲක්ටෝස් අගයක් සහිත බඩ ඉරිඟු සිරප් වෙනුවට උක් සීනි භාවිතා කිරීමට එකඟ වී ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.