චීන විජයග්‍රාහී සැමරුම ආරම්භ වෙයි..
චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සහභාගීත්වයෙන් චීන මහජන යුද ජයග්‍රහණයේ 80 වැනි සැමරුම මේ වනවිට බීජිං අගනුවරදී ආරම්භ වී තිබේ.
ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්‍ට්වාදී විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරයෙහි ප්‍රධාන තේමාව වන්නේ, ‘පැහැබර අනාගතයක් උදෙසා ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහි කර සාමය අගය කරමු’යන්නය.
මෙම උත්සවයට ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයට දායක වූ ජාත්‍යන්තර මිතුරන්ට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ද විශේෂ ආරාධනාවන් සිදුකර තිබීම විශේෂත්වයක් වන අතර, උතුරු කොරියානු නායක කිම් ජොන් අන් චීනයේ ප්‍රධානතම හමුදා සැමරුමට සහභාගී වීම සඳහා ඊයේ (02) බීජිං වෙත පැමිණ තිබුණි.
උතුරු කොරියානු නායකයා සමඟ ඔහුගේ දියණියද චීනය වෙත දුම්රියෙන් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලෝක පැසිට්වාදයට හා ජපාන ආක්‍රමණයට එරෙහි චීන යුද ජයග්‍රහණයේ 80 වන සැමරුමට සහභාගී වීම සඳහා රාජ්‍ය නායකයින් මෙලෙස පැමිණ තිබුණි.
රුසියානු ජනාධිපති විලැද්මියර් පුටින් ද මෙම සැමරුමට එක්ව තිබේ.
මීට අමතරව ඉරාන සහ කියුබානු නායකයින් ඇතුළු රාජ්‍ය නායකයින් 26 දෙනෙක් මෙම සැමරුමට සහභාගී වීමට නියමිතව තිබුණි.
මිනිත්තු 70ක කාලයක් පැවැත්වෙන මෙම සැමරුම් උත්සවයේදී චීනයේ අතිනවීන යුද උපකරණ, ගුවන්යානා ආදිය ප්‍රදර්නය කිරීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්