News Category
From Date
To Date
Maximum Number of Result

"හොර" පවුල් ගැන තවත් කතාවක්

Oct 28, 2024 at 01:31 PM
|

රාජපක්ෂ "හොර" පවුල ගැන වර්තමානයේ නිරන්තරයෙන් කතා කෙරෙන මොහොතක, මීට අවුරුදු 30ක ට ඉස්සර කතා කෙරුණු තවත් ප්‍රසිද්ධ පවුලක් මුල් වූ, සුප්‍රසිද්ධ හොරකමක් මට මතක් වුණා...

මේ කේස් එක, "ෆයිල් එක" ඇතුලෙන් එළියට ඇවිත්,  'අතේ කෝට්' වෙලා කෝට්ස් ගියත්, හොරකමට කෙළින්ම ගෑවුණු නැන්දම්මටව ත්, බෑණටවත් ලැබුණු දඬුවමක් නැහැ.

ඉස්සර වෙලාම ඒ පවුල ගැන කියන්නම්කෝ.

ඒ තමයි *ප්‍රේමදාස පවුල*

මේ සුප්‍රසිද්ධ හොරකම වෙන්නේ ආර්. ප්‍රේමදාස ජනාධිපති වරයා ගේ පාලනයේ අවසාන කාලයේ දී. 

1988 දී බලයට පැමිණි ජනාධිපති ප්‍රේමදාස 1993 දී, බාබු ගේ බෝම්බයට බිළි වී මිය යන තෙක් වාසය කළේ, 'දානපති' නලීම් හජ්ජියාර්, තම බර පැන වලින් සාදා දුන් කෙසෙල්වත්තේ සුචරිතය ට යාබද නිවසෙහි ය. යම් රාජ්‍ය හමුවකට හෝ උත්සවයකට මිස ඔහු කිසි දිනෙක ජනාධිපති මන්දිරයේ පදිංචියට ආවේ නැත.

 ප්‍රේමදාස ආර්‍යාව, දුව දුලංජලී, බෑණා රොහාන් ජයකොඩි සහ පුත්‍රයා සජිත් (ඒ කාලේ චිචී වගේ ) තම වාසස්ථානය ලෙස තෝරා ගත්තේ ජනාධිපති මන්දිරයයි. හේමා ප්‍රේමදාස කෙසෙල්වත්තේ නිවසට යාම ප්‍රතික්ෂේප කළ අතර, ජනාධිපති නිල නිවසේ ඉතා සුවපහසු දිවියක් ගත කළාය. නමුත්, 1993 මැයි 1 දා, බාබු ගේ බෝම්බය පිපිරීමෙන් ආමර් වීදියේ දී සිදුවුණු ජනාධිපති සැමියා ගේ මරණය, ඇය ගේ ඒ බලාපොරොත්තු සුන් කළා ය. ජනාධිපති ප්‍රේමදාස මිය ගොස් සුළු මොහොතකින්, ඒ පණිවුඩය ජනාධිපති ආර්‍යාව වෙත ගෙන ගිය එවකට පොලිස්පති අර්නස්ට් පෙරේරා ගේ නිල ඇඳුමේ කොලරයෙන් ඇද, " අයි ජී තමුසෙටවත් බැරිවුණා නේද ජනාධිපති තුමා බේර ගන්නැ"  ඇය ඇසුවේ ඒ මානසික කඩා වැටීම සනිටුහන් කරමින්.

මා, ජනාධිපති මන්දිරය ගැන මෙතරම් කතා කළේ ඇයි දැයි ඔබ සිතනවා ඇති. දැන් තමයි කතාව ඇරඹෙන්නේ.

ජනාධිපති ප්‍රේමදාස ගේ මරණයෙන් පසු තවත් කාලයක් වැන්දඹු ප්‍රේමදාස ආර්‍යාවටත්, දුවටත්, බෑණාටත්, පුත්‍රයාටත් ජනාධිපති නිල නිවසේ වාසය කරන්නට අවසර ලැබෙනවා. ඒ, ඉන්පසු පත්වන නව ජනාධිපති ඩී. බී. විජේතුංග එනතෙක්.

ටික දිනකින් ජනාධිපති මන්දිරය අත හැර මේ සියලු දෙනා පිටව යන අතර, අභිනව ජනාධිපති නිල කටයුතු බාර ගන්නවා.

ජනාධිපති නිල නිවස ට එන නව ජනාධිපති විජේතුංග එහි ඇති යම් වෙනසක් දකිනවා. 

කුමක්ද  මේ වෙනස..?

වසර 200ක පමණ සිට, එහි තිබූ අති පෞරාණික ගෘහ භාණ්ඩ අතුරුදහන්වී,  ඒ වෙනුවට මිල අධික අලුත් පන්නයේ ගෘහ භාණ්ඩ වලින් ජනාධිපති මන්දිරය සැරසිලා..! (මෙම නව ගෘහ භාණ්ඩ, E. H. කුරේ සහ පුත්‍රයින් වෙතින් මිල දී ගත් බව එවකට පැවති ප්‍රසිද්ධ රහසක්)

මෙහි කුමක් හෝ 'අවුලක්' සිද්ධවී ඇති බව වටහා ගන්නා විජේතුංග ජනාධිපති වරයාට තවත් සුවිශේෂී ස්ථානයක් ඇස ගැටෙනවා.

ඒ ඉහළ මහල දක්වා දිවෙන පිය ගැට පෙළට ඉහළින් එල්ලා තිබූ තෙල් සායම් සිතුවමක් තිබූ තැන. ඒ සිතුවමත් අතුරුදහන්. 

කුමක්ද මේ සිතුවම..? 

එය හැඳින්වූයේ, "The Temple of Mulkirigala in South Ceylon" නමින්.  

බොහෝ දෙනෙක් දන්නා පරිදි "මුල්කිරිගල චිත්‍රය"

ඒ වන විට වසර 180 ක් පැරණි මෙම මිල කළ නොහැකි සිතුවම නිර්මාණය කළේ, විලියම් ඩැනියෙල්  (William Daniell) නැමැති ඉංගිරිසි ජාතික චිත්‍ර ශිල්පියා. ඔහු ගැන ඔබ නොදන්නවා නම්, අප රටේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ ගේ සහ බිසව වෙන් කත රංගම්මාල් ගේ ප්‍රසිද්ධ ආලේඛ්‍ය සිතුවම් දෙක සිහියට නඟා ගන්න. ඒ නිර්මාණ දෙක කළේ ඔහු තමා.

මෙහි කුමක් හෝ බරපතල වංචාවක් සිදුව ඇති බව වටහා ගන්නා විජේතුංග ජනාධිපති වරයා, මේ ගැන ප්‍රේමදාස පවුලෙන් විමසනවා. ඔවුන් පවසන්නේ මේ ගැන තමා කිසිත් නොදන්නා බවයි. 

1995 වන විට, ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු කෙමෙන් අඩපණ වෙමින් යද්දී,  එංගලන්තයේ, ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලයේ නිලධාරියකු ගේ නෙත ගැටෙන්නේ දුර්ලබ චිත්‍ර වෙන්දේසි කරුවකු නිකුත් කළ, විස්තර සහිත (brochure) පොත් පිංචක්. 

ලොව සුපතල ක්‍රිස්ටී' ස් (Christie's) චිත්‍ර වෙන්දේසි කරුවන් විසින්, නොබෝ දිනකින් වෙන්දේසි කිරීමට නියමිතව තිබූ දුර්ලබ සිතුවම් අතර මෙම "මුල්කිරිගල චිත්‍රය" තිබෙන බව දුටු මෙම නිලධාරියා ඇතුලු පිරිසක් වහාම එම සිතුවමෙහි අයිතිකරු ලෙස සඳහන් ස්පින්ක්ස් ලෙජර් (Spinks Ledger) නැමැති ව්‍යාපාරිකයා සොයා ගිය අතර, ඔහු ගෙන් දැනගන්නට ලැබුණේ මෙම සිතුවම රොහාන් ජයකොඩි නැමැත්තකුගෙන් තමා මිල දී ගත් බවයි.

කොටුව ජනාධිපති මන්දිරයේ විස්සක් පමණ වූ සේවක පිරිසක් ද, ව්‍යාපාරික ලෙජර් ද, සාක්ෂි කරුවන් වූ මෙම සිද්ධිය ගැන දුලංජලී ප්‍රේමදාස ගේ සැමියා වන රොහාන් ජයකොඩි ගෙන් විමසන ලදුව, ඔහු පැවසුවේ තමා ලන්ඩන් නුවර සිතුවම් එකතු කරන්නෙකුගෙන් මෙම සිතුවම පවුම් 6000 ක ට මිල දී ගත් බවත්, එය පවුම් 25,000 ක ට ලෙජර් හට විකුණූ බවත් ය. එය කොටුව ජනාධිපති මන්දිරය සතු දේපළක් බව දන්නවා නම් කිසිසේත් එවැනි ගනුදෙනුවකට තමා නොගෑවෙන බවයි ඔහු රහස් පොලිසියට පැවසුවේ.

උදේ හවා ජනාධිපති මන්දිරයේ  පිය ගැට පෙළ නැග්ගද, මේ සිතුවම ගැන "නොදත්"  රොහාන් ජයකොඩි කියූ බොරුව අධිකරණය පිළිගත්තේ නැත.

2000 නොවැම්බර් 24 දා, රොහාන් ජයකොඩි අත් අඩංගුවට ගෙන සිරබාරයට පත් කළද, 'හදිසි පපුවේ අමාරුවක්' සාදා ගත් මේ ජනාධිපති බෑණා එයින් ගැළවුණි.

කොටුව ජනාධිපති මන්දිරයේ මිල කළ නොහැකි ගෘහ භාණ්ඩ පමණක් නොව, වසර 200 ක් තිස්සේ එහි වාසය කොට ගත් ඉංගිරිසි ආණ්ඩුකාර වරුන් හට,  අග්‍රාණ්ඩුකාරවරුන් හට සහ හිටපු ජනාධිපති වරුන් හට  ත්‍යාග වශයෙන් ලැබුණු වටිනා මැණික්, රත්‍රන් සහ රිදී භාණ්ඩ විශාල ප්‍රමාණයක් ඒ වන විට අතුරුදහන් ව තිබූ අතර, මිල කළ නොහැකි මැණිකක්, ජනාධිපති වරයා ගේ නිදන කාමරයේ  සයනය අසළ කැබිනෙට්ටුවෙන් අතුරුදහන් වී තිබුණි.

මේ සම්බන්ධයෙන් කිසිවක්, තමා හෝ පවුලේ කිසිවෙකු නොදන්නා බවත්, මෙය තමා ගේ දේශපාලන ගමනට එරෙහිව ගසන මඩක් බවත් එවකට පාර්ලිමේන්තුවට තේරී සිටි තරුණ සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටියේය.

යන්තම් මාස එකොළහක් ජනාධිපති පුටුවේ වාඩිවී සිටිය ද, බලවත් යැයි කියූ ජනාධිපති වරුන්ට වඩා එවකට තිබූ වාතාවරණය තුල, (රටේ නිල නොලත් නායකයා ලෙස සිරිසේන කුරේ හැසිරෙන විට) මේ පිළිබඳව ඉතා නිර්භය හෙළිකිරීමක් සිදුකළ ඩී. බී. විජේතුංග ජනාධිපති වරයා හට මම ගරු කරමි.

මේ හෙළි කිරීම සහ පැමිණිල්ල ඔහු විසින් ම කළ බවයි සඳහන්.

අවසානයේ එක් දෙයක් පැහැදිලිය. 

එය නම් ලොකු හොරු එදත් සිටි බවත්, දැන් ඉන්නේ එසේ මෙසේ හොරු නොව සුපිරි හොරු බවත් ය.

Vasantha Srinath Kurukulasuriyaගේ බිතක්කනයෙන් උපුටා ගතිමි.

මේ උබලා කඩේයන ජඩ අමන පවුලේ හොරකම් . මලේ උබ  රටට ජනතාවට ආදෙර්කරන හොරකමට විරුද්ධ පුරවැසියෙක් නම් මේ ලිපිය උබේ මාද්‍ය ජලා පිටුවලට එකතු කරපන්. හිත මිතුරන්ටත් ඇරපන්. රටත් ජනතාවත් වෙනුවෙන් කරන කාරුණික ඉල්ලීමක්.

(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.