"හොර" පවුල් ගැන තවත් කතාවක්
රාජපක්ෂ "හොර" පවුල ගැන වර්තමානයේ නිරන්තරයෙන් කතා කෙරෙන මොහොතක, මීට අවුරුදු 30ක ට ඉස්සර කතා කෙරුණු තවත් ප්‍රසිද්ධ පවුලක් මුල් වූ, සුප්‍රසිද්ධ හොරකමක් මට මතක් වුණා...
මේ කේස් එක, "ෆයිල් එක" ඇතුලෙන් එළියට ඇවිත්, 'අතේ කෝට්' වෙලා කෝට්ස් ගියත්, හොරකමට කෙළින්ම ගෑවුණු නැන්දම්මටව ත්, බෑණටවත් ලැබුණු දඬුවමක් නැහැ.
ඉස්සර වෙලාම ඒ පවුල ගැන කියන්නම්කෝ.
ඒ තමයි *ප්‍රේමදාස පවුල*
මේ සුප්‍රසිද්ධ හොරකම වෙන්නේ ආර්. ප්‍රේමදාස ජනාධිපති වරයා ගේ පාලනයේ අවසාන කාලයේ දී.
1988 දී බලයට පැමිණි ජනාධිපති ප්‍රේමදාස 1993 දී, බාබු ගේ බෝම්බයට බිළි වී මිය යන තෙක් වාසය කළේ, 'දානපති' නලීම් හජ්ජියාර්, තම බර පැන වලින් සාදා දුන් කෙසෙල්වත්තේ සුචරිතය ට යාබද නිවසෙහි ය. යම් රාජ්‍ය හමුවකට හෝ උත්සවයකට මිස ඔහු කිසි දිනෙක ජනාධිපති මන්දිරයේ පදිංචියට ආවේ නැත.
ප්‍රේමදාස ආර්‍යාව, දුව දුලංජලී, බෑණා රොහාන් ජයකොඩි සහ පුත්‍රයා සජිත් (ඒ කාලේ චිචී වගේ ) තම වාසස්ථානය ලෙස තෝරා ගත්තේ ජනාධිපති මන්දිරයයි. හේමා ප්‍රේමදාස කෙසෙල්වත්තේ නිවසට යාම ප්‍රතික්ෂේප කළ අතර, ජනාධිපති නිල නිවසේ ඉතා සුවපහසු දිවියක් ගත කළාය. නමුත්, 1993 මැයි 1 දා, බාබු ගේ බෝම්බය පිපිරීමෙන් ආමර් වීදියේ දී සිදුවුණු ජනාධිපති සැමියා ගේ මරණය, ඇය ගේ ඒ බලාපොරොත්තු සුන් කළා ය. ජනාධිපති ප්‍රේමදාස මිය ගොස් සුළු මොහොතකින්, ඒ පණිවුඩය ජනාධිපති ආර්‍යාව වෙත ගෙන ගිය එවකට පොලිස්පති අර්නස්ට් පෙරේරා ගේ නිල ඇඳුමේ කොලරයෙන් ඇද, " අයි ජී තමුසෙටවත් බැරිවුණා නේද ජනාධිපති තුමා බේර ගන්නැ" ඇය ඇසුවේ ඒ මානසික කඩා වැටීම සනිටුහන් කරමින්.
මා, ජනාධිපති මන්දිරය ගැන මෙතරම් කතා කළේ ඇයි දැයි ඔබ සිතනවා ඇති. දැන් තමයි කතාව ඇරඹෙන්නේ.
ජනාධිපති ප්‍රේමදාස ගේ මරණයෙන් පසු තවත් කාලයක් වැන්දඹු ප්‍රේමදාස ආර්‍යාවටත්, දුවටත්, බෑණාටත්, පුත්‍රයාටත් ජනාධිපති නිල නිවසේ වාසය කරන්නට අවසර ලැබෙනවා. ඒ, ඉන්පසු පත්වන නව ජනාධිපති ඩී. බී. විජේතුංග එනතෙක්.
ටික දිනකින් ජනාධිපති මන්දිරය අත හැර මේ සියලු දෙනා පිටව යන අතර, අභිනව ජනාධිපති නිල කටයුතු බාර ගන්නවා.
ජනාධිපති නිල නිවස ට එන නව ජනාධිපති විජේතුංග එහි ඇති යම් වෙනසක් දකිනවා.
කුමක්ද මේ වෙනස..?
වසර 200ක පමණ සිට, එහි තිබූ අති පෞරාණික ගෘහ භාණ්ඩ අතුරුදහන්වී, ඒ වෙනුවට මිල අධික අලුත් පන්නයේ ගෘහ භාණ්ඩ වලින් ජනාධිපති මන්දිරය සැරසිලා..! (මෙම නව ගෘහ භාණ්ඩ, E. H. කුරේ සහ පුත්‍රයින් වෙතින් මිල දී ගත් බව එවකට පැවති ප්‍රසිද්ධ රහසක්)
මෙහි කුමක් හෝ 'අවුලක්' සිද්ධවී ඇති බව වටහා ගන්නා විජේතුංග ජනාධිපති වරයාට තවත් සුවිශේෂී ස්ථානයක් ඇස ගැටෙනවා.
ඒ ඉහළ මහල දක්වා දිවෙන පිය ගැට පෙළට ඉහළින් එල්ලා තිබූ තෙල් සායම් සිතුවමක් තිබූ තැන. ඒ සිතුවමත් අතුරුදහන්.
කුමක්ද මේ සිතුවම..?
එය හැඳින්වූයේ, "The Temple of Mulkirigala in South Ceylon" නමින්.
බොහෝ දෙනෙක් දන්නා පරිදි "මුල්කිරිගල චිත්‍රය"
ඒ වන විට වසර 180 ක් පැරණි මෙම මිල කළ නොහැකි සිතුවම නිර්මාණය කළේ, විලියම් ඩැනියෙල් (William Daniell) නැමැති ඉංගිරිසි ජාතික චිත්‍ර ශිල්පියා. ඔහු ගැන ඔබ නොදන්නවා නම්, අප රටේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ ගේ සහ බිසව වෙන් කත රංගම්මාල් ගේ ප්‍රසිද්ධ ආලේඛ්‍ය සිතුවම් දෙක සිහියට නඟා ගන්න. ඒ නිර්මාණ දෙක කළේ ඔහු තමා.
මෙහි කුමක් හෝ බරපතල වංචාවක් සිදුව ඇති බව වටහා ගන්නා විජේතුංග ජනාධිපති වරයා, මේ ගැන ප්‍රේමදාස පවුලෙන් විමසනවා. ඔවුන් පවසන්නේ මේ ගැන තමා කිසිත් නොදන්නා බවයි.
1995 වන විට, ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු කෙමෙන් අඩපණ වෙමින් යද්දී, එංගලන්තයේ, ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලයේ නිලධාරියකු ගේ නෙත ගැටෙන්නේ දුර්ලබ චිත්‍ර වෙන්දේසි කරුවකු නිකුත් කළ, විස්තර සහිත (brochure) පොත් පිංචක්.
ලොව සුපතල ක්‍රිස්ටී' ස් (Christie's) චිත්‍ර වෙන්දේසි කරුවන් විසින්, නොබෝ දිනකින් වෙන්දේසි කිරීමට නියමිතව තිබූ දුර්ලබ සිතුවම් අතර මෙම "මුල්කිරිගල චිත්‍රය" තිබෙන බව දුටු මෙම නිලධාරියා ඇතුලු පිරිසක් වහාම එම සිතුවමෙහි අයිතිකරු ලෙස සඳහන් ස්පින්ක්ස් ලෙජර් (Spinks Ledger) නැමැති ව්‍යාපාරිකයා සොයා ගිය අතර, ඔහු ගෙන් දැනගන්නට ලැබුණේ මෙම සිතුවම රොහාන් ජයකොඩි නැමැත්තකුගෙන් තමා මිල දී ගත් බවයි.
කොටුව ජනාධිපති මන්දිරයේ විස්සක් පමණ වූ සේවක පිරිසක් ද, ව්‍යාපාරික ලෙජර් ද, සාක්ෂි කරුවන් වූ මෙම සිද්ධිය ගැන දුලංජලී ප්‍රේමදාස ගේ සැමියා වන රොහාන් ජයකොඩි ගෙන් විමසන ලදුව, ඔහු පැවසුවේ තමා ලන්ඩන් නුවර සිතුවම් එකතු කරන්නෙකුගෙන් මෙම සිතුවම පවුම් 6000 ක ට මිල දී ගත් බවත්, එය පවුම් 25,000 ක ට ලෙජර් හට විකුණූ බවත් ය. එය කොටුව ජනාධිපති මන්දිරය සතු දේපළක් බව දන්නවා නම් කිසිසේත් එවැනි ගනුදෙනුවකට තමා නොගෑවෙන බවයි ඔහු රහස් පොලිසියට පැවසුවේ.
උදේ හවා ජනාධිපති මන්දිරයේ පිය ගැට පෙළ නැග්ගද, මේ සිතුවම ගැන "නොදත්" රොහාන් ජයකොඩි කියූ බොරුව අධිකරණය පිළිගත්තේ නැත.
2000 නොවැම්බර් 24 දා, රොහාන් ජයකොඩි අත් අඩංගුවට ගෙන සිරබාරයට පත් කළද, 'හදිසි පපුවේ අමාරුවක්' සාදා ගත් මේ ජනාධිපති බෑණා එයින් ගැළවුණි.
කොටුව ජනාධිපති මන්දිරයේ මිල කළ නොහැකි ගෘහ භාණ්ඩ පමණක් නොව, වසර 200 ක් තිස්සේ එහි වාසය කොට ගත් ඉංගිරිසි ආණ්ඩුකාර වරුන් හට, අග්‍රාණ්ඩුකාරවරුන් හට සහ හිටපු ජනාධිපති වරුන් හට ත්‍යාග වශයෙන් ලැබුණු වටිනා මැණික්, රත්‍රන් සහ රිදී භාණ්ඩ විශාල ප්‍රමාණයක් ඒ වන විට අතුරුදහන් ව තිබූ අතර, මිල කළ නොහැකි මැණිකක්, ජනාධිපති වරයා ගේ නිදන කාමරයේ සයනය අසළ කැබිනෙට්ටුවෙන් අතුරුදහන් වී තිබුණි.
මේ සම්බන්ධයෙන් කිසිවක්, තමා හෝ පවුලේ කිසිවෙකු නොදන්නා බවත්, මෙය තමා ගේ දේශපාලන ගමනට එරෙහිව ගසන මඩක් බවත් එවකට පාර්ලිමේන්තුවට තේරී සිටි තරුණ සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටියේය.
යන්තම් මාස එකොළහක් ජනාධිපති පුටුවේ වාඩිවී සිටිය ද, බලවත් යැයි කියූ ජනාධිපති වරුන්ට වඩා එවකට තිබූ වාතාවරණය තුල, (රටේ නිල නොලත් නායකයා ලෙස සිරිසේන කුරේ හැසිරෙන විට) මේ පිළිබඳව ඉතා නිර්භය හෙළිකිරීමක් සිදුකළ ඩී. බී. විජේතුංග ජනාධිපති වරයා හට මම ගරු කරමි.
මේ හෙළි කිරීම සහ පැමිණිල්ල ඔහු විසින් ම කළ බවයි සඳහන්.
අවසානයේ එක් දෙයක් පැහැදිලිය.
එය නම් ලොකු හොරු එදත් සිටි බවත්, දැන් ඉන්නේ එසේ මෙසේ හොරු නොව සුපිරි හොරු බවත් ය.
Vasantha Srinath Kurukulasuriyaගේ බිතක්කනයෙන් උපුටා ගතිමි.
මේ උබලා කඩේයන ජඩ අමන පවුලේ හොරකම් . මලේ උබ රටට ජනතාවට ආදෙර්කරන හොරකමට විරුද්ධ පුරවැසියෙක් නම් මේ ලිපිය උබේ මාද්‍ය ජලා පිටුවලට එකතු කරපන්. හිත මිතුරන්ටත් ඇරපන්. රටත් ජනතාවත් වෙනුවෙන් කරන කාරුණික ඉල්ලීමක්.
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්