සතුටුයි... ආඩම්බරයි... ඒත් දුකයි
මෙරට නිදහස් අධ්‍යාපනයට පින් දී තමන් ලැබූ අධ්‍යාපනය තුළින් දැවැන්ත සමාජ මෙහෙවරක් සිදුකළ මහාචාර්ය මනෝරි ගමගේ මහත්මිය තම මුහුණුපොතේ සංවේදී සටහනක් තබා තිබේ.
නිදහස් අධ්‍යාපනයේ ඇති වටිනාකම පෙන්වා දෙමින් තමන් පැමිණි ගමන පිළිබඳව ඇය මෙම සටහන තබා ඇත.
අදාළ සටහන පහළින්...
ඇත්තටම සතුටට වඩා මට මං ගැන ආඩම්බරයි.
නිදහස් අධ්‍යාපනයට පින්සිද්ධ වෙන්න 1993.03.11 වෙනිදා එකම එක ගොඩනැගිල්ලක්වත් නැති අලුත්ම අලුත් ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යා පීඨයට ආපු මම
1999 ජූලි මාසෙ 30වෙනිදා BMICH එකේ දි පළමු පංතියේ සාමාර්ථයක් එක්ක MBBS උපාධිය ගන්නවා. ගුරුවරු හැටියට සේවය කරපු අපේ තාත්තාත් අම්මත් එදා ඒ සතුට බෙදාගත්ත හැටි මට මැවිලා පේනවා.
1993 ඉඳලා 1998 වෙනකම් මගේ කණ්ඩායම වෙනුවෙන් විශ්විවද්‍යාලයේ තියෙන හැම academic වාර්තාවකම M.A.M.N Perera කියන නම ලියලා තියන්න මට පුළුවන් වෙනවා. මට වඩා මගේ තාත්තා ඒ ගැන ආඩම්බර වුණා.
අද මට නිල බලයෙන් ඒ ලිපිගොනු පෙරළලා අලුත් සිසුන් ගැන සටහන් යොදන්න අත්සන් යොදන්න තියෙනවා.
ඒ වෙලාවට නිකමට වගේ පළවෙනි පිටුව පෙරලලා බලන්නෙ සතුටට වඩා ආඩම්බරෙන්.
ඒත් ඒ ගැන කියන්න තාත්තා අද නෑ. අම්මත් නෑ. ඒ ගැන දුකයි.
1998 වසරේ ලංකාවේ සියළුම වෛද්‍ය පීඨ අතරින් මම පළවෙනියා වෙනවා.
ඒ ගැන මං ආඩම්බරවෙනවා. මට වඩා මගේ තාත්තා ආඩම්බරවෙනවා.
අන්තිමේදි මම 2002 දී ජපුරට බැඳෙනවා.
එදා ඉඳන් අද වෙනකම් ආපු ගමන ගැන මට සතුටුයි. මට ඒ ගැන ආඩම්බරයි.
මං මේ ඉන්න තැන මට දුන්න ජපුර කියන්නෙම මගේ ජීවිතේ කොටසක්.
2024.10.30 වනිදා ජපුරෙ 50වෙනි උපාධි ප්‍රදානෝත්සවයෙදි මම පීඨාධිපතිනි විදියට ජපුරෙ අපේ ළමයින්ගෙ උපාධි නම් ලයිස්තුව කියවනවා. ඒක ඔය තරම් දෙයක්ද කියලා හිතෙන අය ඇති. ඒත් ඒක මට මම ලබපු තවත් ජයක්. ඒක මට හරි වටිනවා.
මට ඒක ආඩම්බරයක්.
ස්වර්ණ මුද්‍රිකා කියවද්දි මීට හරියටම අවුරුදු 25කට කලින් ඉස්සර දවසක ඉස්සරහම පේළියෙ මගේ තාත්තා ඉඳගෙන හිටපු තැන දිහා කීප පාරක්ම බැලුවා. ඒ කාලෙ තිබුනෙ ස්වර්ණ මුද්‍රිකා 3යි. අද 15ක්.
මං මං ගැන සතුටුයි
මං මං ගැන ආඩම්බරයි
මං හිතන හැටියට ඒක වැරද්දක් නෙමෙයි.
ඒත් මේ තියෙන පිංතූර එකම එක පාරක්වත් පෙන්නලා ඒ ගැන කියන්න. ඒ සතුට බෙදාගන්න මගේ තාත්තා හිටියනම් ... අම්මා හිටියානම්.
ඒ ගැන මට දුකයි.
(මට නොපෙනුනාට කොහේ හරි ඉඳන් මං දිහා බලාගෙන ඇති.)
- මහාචාර්ය මනෝරි ගමගේ




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්