සතුටුයි... ආඩම්බරයි... ඒත් දුකයි
මෙරට නිදහස් අධ්‍යාපනයට පින් දී තමන් ලැබූ අධ්‍යාපනය තුළින් දැවැන්ත සමාජ මෙහෙවරක් සිදුකළ මහාචාර්ය මනෝරි ගමගේ මහත්මිය තම මුහුණුපොතේ සංවේදී සටහනක් තබා තිබේ.
නිදහස් අධ්‍යාපනයේ ඇති වටිනාකම පෙන්වා දෙමින් තමන් පැමිණි ගමන පිළිබඳව ඇය මෙම සටහන තබා ඇත.
අදාළ සටහන පහළින්...
ඇත්තටම සතුටට වඩා මට මං ගැන ආඩම්බරයි.
නිදහස් අධ්‍යාපනයට පින්සිද්ධ වෙන්න 1993.03.11 වෙනිදා එකම එක ගොඩනැගිල්ලක්වත් නැති අලුත්ම අලුත් ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යා පීඨයට ආපු මම
1999 ජූලි මාසෙ 30වෙනිදා BMICH එකේ දි පළමු පංතියේ සාමාර්ථයක් එක්ක MBBS උපාධිය ගන්නවා. ගුරුවරු හැටියට සේවය කරපු අපේ තාත්තාත් අම්මත් එදා ඒ සතුට බෙදාගත්ත හැටි මට මැවිලා පේනවා.
1993 ඉඳලා 1998 වෙනකම් මගේ කණ්ඩායම වෙනුවෙන් විශ්විවද්‍යාලයේ තියෙන හැම academic වාර්තාවකම M.A.M.N Perera කියන නම ලියලා තියන්න මට පුළුවන් වෙනවා. මට වඩා මගේ තාත්තා ඒ ගැන ආඩම්බර වුණා.
අද මට නිල බලයෙන් ඒ ලිපිගොනු පෙරළලා අලුත් සිසුන් ගැන සටහන් යොදන්න අත්සන් යොදන්න තියෙනවා.
ඒ වෙලාවට නිකමට වගේ පළවෙනි පිටුව පෙරලලා බලන්නෙ සතුටට වඩා ආඩම්බරෙන්.
ඒත් ඒ ගැන කියන්න තාත්තා අද නෑ. අම්මත් නෑ. ඒ ගැන දුකයි.
1998 වසරේ ලංකාවේ සියළුම වෛද්‍ය පීඨ අතරින් මම පළවෙනියා වෙනවා.
ඒ ගැන මං ආඩම්බරවෙනවා. මට වඩා මගේ තාත්තා ආඩම්බරවෙනවා.
අන්තිමේදි මම 2002 දී ජපුරට බැඳෙනවා.
එදා ඉඳන් අද වෙනකම් ආපු ගමන ගැන මට සතුටුයි. මට ඒ ගැන ආඩම්බරයි.
මං මේ ඉන්න තැන මට දුන්න ජපුර කියන්නෙම මගේ ජීවිතේ කොටසක්.
2024.10.30 වනිදා ජපුරෙ 50වෙනි උපාධි ප්‍රදානෝත්සවයෙදි මම පීඨාධිපතිනි විදියට ජපුරෙ අපේ ළමයින්ගෙ උපාධි නම් ලයිස්තුව කියවනවා. ඒක ඔය තරම් දෙයක්ද කියලා හිතෙන අය ඇති. ඒත් ඒක මට මම ලබපු තවත් ජයක්. ඒක මට හරි වටිනවා.
මට ඒක ආඩම්බරයක්.
ස්වර්ණ මුද්‍රිකා කියවද්දි මීට හරියටම අවුරුදු 25කට කලින් ඉස්සර දවසක ඉස්සරහම පේළියෙ මගේ තාත්තා ඉඳගෙන හිටපු තැන දිහා කීප පාරක්ම බැලුවා. ඒ කාලෙ තිබුනෙ ස්වර්ණ මුද්‍රිකා 3යි. අද 15ක්.
මං මං ගැන සතුටුයි
මං මං ගැන ආඩම්බරයි
මං හිතන හැටියට ඒක වැරද්දක් නෙමෙයි.
ඒත් මේ තියෙන පිංතූර එකම එක පාරක්වත් පෙන්නලා ඒ ගැන කියන්න. ඒ සතුට බෙදාගන්න මගේ තාත්තා හිටියනම් ... අම්මා හිටියානම්.
ඒ ගැන මට දුකයි.
(මට නොපෙනුනාට කොහේ හරි ඉඳන් මං දිහා බලාගෙන ඇති.)
- මහාචාර්ය මනෝරි ගමගේ




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..