News Category
From Date
To Date
Maximum Number of Result

'තිත්ත කෝපි' ලියා ලෝක සාහිත්‍යයේ නම රැන්දූ 'සුදු හූරා' ගේ දියණිය - ක්‍රිස්ටීන් ස්පිට්ල්

Oct 28, 2024 at 08:45 AM
|

ලේඛිකා ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් විසින් රචිත 'තිත්ත කෝපි' The Bitter Berry නම් වූ ඉංග්‍රීසි නවකතාව ලියූ හා එහි කතා බීජය ඇගේ හිත තුළ පැළපදියම් වූ තම පියා ට අයත් නාවලපිටියේ ' හෙරන්ඩේල් ' නම්වු වතුයායට අයත් බංගලාවේ මේ සති අන්තය ගෙවා දැමීමට වාසනාව ලදිමි.

මෙහි අද්දර ඇති අතහැර දමන ලද කෝපි වත්තක් පිළිබඳ මතකය ඇසුරින් ලියන ලද එම ඉංග්‍රීසි නවකතාව පසු කලෙකදී ' තිත්ත කෝපි' නමින් සී. ඒ. විජේසේකර හා අනුලා ද සිල්වා විසින් සිංහලට පරිවර්තනය කොට තිබුණි.

ලේඛිකා ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් අප කවුරුත් දන්නා 'සුදු හූරා' ගේ දියණිය යි. පුරාවෘත්තයක් තරමටම දිවයින තුළ නම්දරා සිටි සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයකු හා නවකතා රචකයෙකු වූ ආර්. එල්. ස්පිට්ල් ( රිචඩ් ලයනල් ස්පිට්ල් ) ඇගේ පියා ය. 'විල්සන්' යනු විවාහයෙන් පසු ඇයගේ නමට යාවූ කොටසයි.

සිය නිල වෛද්‍ය වෘත්තියට අමතරව ලංකාවේ ආදි වාසීන් වූ වැද්දන්ගේ සුභසාධනය පිණිස කැප වෙමින්, ඔවුන් ගැන පර්යේෂණ රැසක් කළ දොස්තර ස්පිට්ල් මහතා ' සුදු හූරා' නමින් ලංකාවේ වැද්දන් අතර ආදරට හා ගෞරවයට පාත්‍ර වූ අතර ඔහු ලංකාවේ වැද්දන් පිළිබඳ කෘතීන් රාශියක් ලියා ඇත.

Far off things ( ලක්බිමේ තවත් යුගයක් ), Wild Ceylon ( වනගත ලංකා ),

Where The White sambhur roams ( සුදු ගෝණා ) , Wild White boy ( සුදු වැද්දා) , Vanished Trails (මැකීගිය දඩමං ), Savage Sanctuary ( වන සරණ ) ඒවා අතරින් සිංහලට නැගුණු පොත්ය. (මේවා වෛද්‍ය ස්පිට්ල් විසින් රචිත කෘතීන් වේ )

ක්‍රිස්ටීන් ගේ මව ක්ලැරිබෙල් වැන්ඩොට් ය. ඇයත් නිර්වින්දන ශෛල්‍ය වෛද්‍යවරියක් වූවාය.

මොවුහු ලංකාව සිය වාස භූමිය භූමිය ලෙස තෝරා ගත් ඕලන්ද ජාතිකයන් ගෙන් පැවත ආ අයයි. (ලංදේසීන් ගෙන් පැවතෙන බර්ගර් ජාතික) වෛද්‍ය ස්පිට්ල් ගේ පියා පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ වෛද්‍යවරයෙකු ලෙස ඕලන්දයේ සිට ඉන්දියාවට ද එතැනින් ලංකාවටද පැමිණ ලංකාවේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව ඇත.

ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් උපන්නේ 1913 වසරේ කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ නිවසකය. ඉන්පසුව ඇය තම පියා විසින් ඉදිකරන ලද බුලර්ස් පාරේ (බෞද්ධාලෝක මාවතේ) පිහිටි සුවිසල් ' විචර්ලි' නිවසේ පදිංචියට පැමිණියාය.

වෛද්‍ය ස්පිටල් හට දියණියන් ම දෙදෙනෙකු වූවද , බාලයා වූ 'ඉවෝන්' ළාබාල වියේදීම දරුණු වකුගඩු රෝගයකින් මිය ගියාය. ක්‍රිස්ටීන් තම මවට වඩා තම පියාට ඉතා සමීපව වැඩුණාය.

සය හැවිරිදි වියේ පටන් පෑන පුරුදුව සිටි ක්‍රිස්ටීන් තම මූලික අධ්‍යාපනය ලබා ගත්තේ කොළඹ බිෂොප් විද්‍යාලයෙනි. ඇගේ ලේඛන දිවියේ ආරම්භවූයේ කුඩා අවධියේ සුරංගනා කතාවන් ආදිය ලිවීමෙනි.

තම සිඟිති නැගණියගේ වියෝවින් පසු ඇයට කෙළි සෙල්ලම් කිරීමට කිසිවෙක් සිටියේ නැත. ඇය තම පාළුව පියා හට කියා සිටියාය. එවිට ඇයගේ පාලුව නැති කිරීමට ඇයට පියා ලබා දුන්නේ අපූරු මිතුරෙකි.

ඔහු වැද්දන් හමුවීමට ගිය එක් අවස්ථාවකදී වලසකු විසින් මරා දමනු ලැබූ වැදි කාන්තාවකගේ 'කයිරා' නම් වූ දරුවාව ඔහු විසින් 'විචර්ලි' ය වෙතට කැඳවාගෙන පැමිණ තිබුණි.

ක්‍රිස්ටීන් මේ කයිරා හට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ අතර පබළු ඇමුණූ කම්බි සහිත රාමුවක් ගෙන ගණිතය ද කියා දුන්නාය. ඇය කයිරා සමගින් ගෙවත්තේ ගස් නගිමින්, අඹ ඇට පනිමින් හා ඔන්චිලි පදිමින් බොහෝ සෙල්ලම් කළාය. කයිරා ද සුදු සරමකින් සහ කමිසයකින් සැරසී නිවසේ සුළු සුළු වැඩ කිරිමට පුරුදු වූයේය.

ක්‍රිස්ටීන්ට කයිරාගේ ඇසුර අහිමි වූයේ ඇය උසස් අධ්‍යාපනය ලබන්නට එංගලන්තයට යෑමත් සමගය.

නමුත් අවසානයේ වසර නමයකට පසු කයිරා එම නිවසින් පලාගොස් තිබුණි. ඔහු සොරකමකට ද අසුවී බන්ධනාගාර ගත කොට නැවත ආවත් අවට මැර කණ්ඩායම් සමග කල්ලි ගැසීමට පුරුදුව සිටියේය. අවසානයේදී පාරේ රස්තියාදු ගසමින් සිටි ඔහු උපදංශ රෝගීයෙකු ලෙසට මිය ගිය බව ඇය පවසයි.

එතෙක් වැද්දන් හට නොතිබුණු එම රෝගය කයිරා හට වැළඳුනේ ඔහුව මේ සමාජයට රැගෙන පැමිණි නිසා යයි සිතූ වෛද්‍ය ස්පිට්ල් මහතා බොහෝ සේ කම්පාවට පත්වූ බව ඇය පවසයි.

ක්‍රිස්ටීන් වයස අවුරුදු 12 තෙක් කොළඹ බිෂොප් විද්‍යාලයේ අධ්‍යාපනය ලබා, වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයේ 'රෝඩන්' නැමැති විදුහලට ඇතුළු විය. ඇය නැවතත් ලංකාවට පැමිණියේ වසර හයකට පසුව ය.

ඇය වැඩි උනන්දුවක් දැක්වූයේ කතාන්දර හා නාට්‍ය ලිවීමට හා චිත්‍ර ශිල්පය කෙරෙහිය. ඇයට චිත්‍ර ඇඳීමේ හැකියාවක්ද තිබුණි.

ඇගේ ලේඛන කලාව වර්ධනය කර ගැනීමට තම පියාගේ ආභාෂය ඇයට නොමදව ලැබුණි. ක්‍රිස්ටීන් තම පළමු කෙටි කතාව ලියා, එය තමා සතු කුඩා ටයිප් රයිටරයකින් ටයිප් කොට , ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතට භාර දුන්නාය. එය පුවත්පතේ පලවී තිබුණි.

ඉන්පසු ඇය පුවත්පත්වලට ලිපි ද, ගුවන්විදුලියට කතාවන්ද, නාට්‍යද එක දිගටම රචනා කොට තිබුණි.ඇගේ පියාගේ දැවැන්ත පුස්තකාලයේ ඉතිහාසය චිත්‍ර ශිල්පිය, සංගීතය පිළිබඳ තොරතුරු ඇතුළත් බොහෝ පොත් තිබුණි. ලිපි ලිවීම මෙන්ම ඇය තම පියාගේ පුස්තකාලයේ එම පොත පතත් කියවීමට පුරුදුව සිටියාය.

එසේම ආදිවාසීන්ගේ තොරතුරු සොයන්නට වන වැදෙන තම පියා සමඟ යන ක්‍රිස්ටීන් ට වැඩ කොටසක් පැවරී තිබුණි. වරෙක වැදි බස හා සිංහල කලවම් කරමින් වැද්දන් කරන කතාව වෛද්‍ය ස්පිට්ල් සිංහලට නගන විට එය සටහන් කරගන්නේ ක්‍රිස්ටීන් ය.

1944 දී ඇගේ විවාහය ස්කොට්ලන්ත ජාතිකයකු වූ 'ඇලෙස්ටෙයාර් මයිකල් විල්සන්' සමග සිදු කරන ලදී . ඔවුන්ගේ එකම දියණිය වූ 'ඈන්' අද ඩෙන්මාර්කයේ ජීවත් වෙයි.

ස්පිටල් දොස්තර මහතා ' සුදු ගෝනා ' නමින් සිංහලට පරිවර්තනය කරන ලද 'Where the White Sambhur Roams ' නම් කෘතිය ප්‍රදානය කොට ඇත්තේ ඔහුගේ මෙම මිනිබිරිය හටය. එතුමා තම සිඟිති මිනිබිරිය තම දෙදණ මත හිඳුවාගෙන නොයෙකුත් 'වන කතා' කියා දුන්නේය. 'සුදු ගෝනා' කතාවේ කතා සැකිල්ල ත් වෛද්‍ය ස්පිට්ල් එසේ මිනිබිරියට පැවසූ කතාන්දරයකි.

තම සැමියා සමඟ නැවතත් බ්‍රිතාන්‍යයට ගිය ක්‍රිස්ටීන් නිර්මාණාත්මක රචනා පිළිබඳව එකල ලෝපතළ ගුරුවරයෙකු වූ 'එඩ්වඩ් ස්කවුලර්' යටතේ ලේඛන කලාව උගත්තාය. පාඨමාලාවේ පළමු හා දෙවන කොටස් ඇය සමත් වූයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමිනි.

මේජර් ඇලෙස්ටෙයාර් විල්සන් යුද හමුදා නිලධාරියෙකි. දෙවන ලෝක යුද සමයේදී යුධ සමයේ දී ලංකාවට පැමිණි ඔහු දියතලාවේ හා නුවරඑළියෙ පිහිටුවා තිබූ යුධ හමුදා සේනාංකයන්හි අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළේය.


ක්‍රිස්ටීන් හට තම සැමියාගේ ආශිර්වාදයත් ඇතිව ළමා කාලයේදී මෙන්ම පියා සමඟ වනයේ ඇවිදින්නට යෑමටත්, පොත පත ලිවීමටත් කාලය යෙදවීමට හැකි විය.

ඇය තම පියා සමගින් Brave Island 'වීර දිවයින' නම් වූ ඓතිහාසික නවකතාව ලිව්වාය.

I am the Wings 'අත්තටු මැවිලා' හා Mountain Road 'කඳුකර මාවත' යන ඉංග්‍රීසි කෘතීන් එංගලන්තයේ දී මුද්‍රණය කොට තිබූ අතර ඒවා ප්‍රංශ භාෂාවට ද පරිවර්තනය කොට තිබුණි.

ඇය විසින් රචනා කරන ලද තවත් ග්‍රන්ථයක් වූයේ තම පියා වූ වෛද්‍ය රිචඩ් ලයනල් ස්පිට්ල් ගේ චරිතාපදානය ඇතුළත් Surgeon of the Wilderness ( වන වැදුනු දොස්තර ) කෘතියයි.

මෙම කෘතියෙහි ක්‍රිස්ටීන් ඉතා සංවේදී අයුරින් තම පියාත් සමඟ තිබූ පීතෘ - දුහිතෘ සම්බන්ධතාවයේ අවස්ථා රැසක් ඉදිරිපත් කොට ඇත.

එසේම ඇය තම මතක සටහන් 'My Memoirs' නමින් 2007 වසරේදී පළ කළාය. එම කෘතිය 2008 වසරේදී 'ක්‍රිස්ටීන් විල්සන් මතක සටහන්' ලෙසට ප්‍රවීණ ලේඛක ප්‍රේමචන්ද්‍ර අල්විස් විසින් පරිවර්තනය කොට තිබුණි.

මේ හැරුණු විට වෙනත් ප්‍රකාශක සමාගමකින් කරනලද පැවරුම කින් ලියු Secrets of Eastern Cooking නම් වූ 'සූප ශාස්ත්‍ර ' පොතක් ද ඇය විසින් ලියා තිබේ .

ඇගේ අනිත් කෘතිය වූයේ Tea Plantation in Ceylon ( ලංකාවේ තේ වගාව ) ය.

ලේඛන කලාවට අමතරව ජීවිතයේ සැඳෑ භාගයේ දී ඇය චිත්‍ර කලාවට ද මැටි භාණ්ඩ නිෂ්පාදනයට ද යොමුව සිටියා ය. ඇගේ චිත්‍ර ප්‍රදර්ශනයක් 2009 වසරේ දී පවත්වීමට ඇය කටයුතු කළාය.

වෛද්‍ය ස්පිට්ල් මෙන් ඇය වැද්දන් පිළිබඳව පොත් නො ලිව්වද, ඇය තම පියා තරමටම ඔවුන් පිළිබඳව හොඳින් දැන සිටියා මෙන් ම ඔවුන්ට කාරුණික ද වූවාය.

1969 දී වෛද්‍ය ස්පිට්ල් මියයාමට පෙර ඔහුගේ අවසාන ඉල්ලීම පරිදි ඔහුව වැදි රටට කැඳවාගෙන යාමට ඇය සමත් වූවාය. මේ ගමනේදී ක්‍රිස්ටීන් ඔහු අසලින්ම සිටි අතර ඔහු රැගෙන ගිය ඇඳුම් පැළඳුම් කෑම බීම, බෙහෙත් වැදි ජනයා හට බෙදා දීම ඇය විසින් සිදු කළාය.

'වනගත දොස්තර' නම් කෘතියේ එක් තැනක ක්‍රිස්ටීන් විල්සන් තම කුඩා අවධියේ දී පියා සමඟ ඇතිවූ සංවාදයක් මෙසේ සටහනක් තබයි.

"ඇයි ඔයා මේ වගේ වල් පල් ලියමින් කාලේ නාස්ති කරන්නේ? ඔයා ශල්‍ය වෛද්‍යවරයෙක් නේද ?"

'වල්පල්' ඔහු අසයි. කට කොනක සිනාවක සේයාවක් මතුවෙයි .

"දරුවෝ,මම දොස්තර කෙනෙක් හැටියට ලබා ගත්තු හැම දෙයක්මත්, මාවත් අමතක උනාට පස්සේ බාගදා මං මේ ලියන දේවල් හුඟක් කල් තියේවි ."

"නන්නාදුනන මිනිස්සු කීපදෙනෙක් ගැන ලියන එක වැදගත් වෙන්නෙ කොහොමද ?"

ඔහු මට එය අවබෝධ කරවන්නට උත්සාහ කරයි .

"වැද්දෝ කියන්නෙ ලෝකෙ පැරණිම ජන කොට්ඨාසයක්. ඔයා වැඩිහිටියකු වෙද්දි ගෙවිලා ගිහින් තියන කාලය ගැන මම වාර්තා කරලා තියන්න ඕනෑ. කවදා හරි ඔයාට අවබෝධ වෙයි." ඔහු කීවේය.

වෛද්‍ය ස්පිට්ල් මහතා මිය ගිය බව ආරංචි වූ 'පොරමොලා සකා' නම් වූ මහළු වැද්දා සිය කුඩා පොරව ද රැගෙන කොළඹ දෙසට ධාවනය වූ වාහනයක උදව් ලබාගෙන මහඔය සිට කොළඹ පැමිණියේය.

" අපේ සුදු හුරා මියැදුනා. දැන් අප ගැන හොයා බලන්න කවුරුත් නැහැ." බිඳුනු රළු හඬකින් පැවසූ වැද්දා ක්‍රිස්ටීන්ගේ උර හිස මත සිය හිස තබාගෙන වැලපුණේ ය.

2008 වසරේදී වැද්දන් කොළඹ පැමිණි අවස්ථාවක ඇයව බැලීමට පැමිණියේ තම ඥාතියකු බැලීමට පැමිණෙන්නා සේය.

2010 වසරේදී ඇය මෙලොවින් සමුගත්තාය.

(Serene Court ගේ බිත්තියෙන් උපුටා ගැනීමකි..)


සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.