News Category
From Date
To Date
Maximum Number of Result

රුසියාව විසින් වෙනිසියුලාවට ඉහළ පුහුණව ලත් හමුදා සෙබළුන් 120කට වැඩි ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

වෙනිසියුලාවේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී ඇමරිකා එක්සත් ජනපද හමුදා විසින් වෙනිසියුලා රජයට අයත් තෙල් නැවක් අත්අඩංගුවට ගෙන ඇත.

බල්ගේරියාවේ රජයට එරෙහිව එල්ල වූ දැවැන්ත විරෝධතා හේතුවෙන් එරට රජය ඊයේ (11) නිල වශයෙන් ඉල්ලා අස්වී තිබේ.

රුසියාවට පක්ෂග්‍රාහී ලෙස තොරතුරු විකෘති කළ බවට චෝදනා එල්ලවන ආයතනකට සහ එක්සත් රාජධානිය සහ මිත්‍ර රටවලට එරෙහිව සයිබර් ක්‍රියාකාරකම් සිදුකළ බවට චෝදනා එල්ල වන චීන සමාගම් දෙකකට බ්‍රිතාන්‍යය සම්බාධක පනවා තිබේ.

වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම තහනම් කළ ලොව පළමු රට බවට ඕස්ට්‍රේලියාව පත්වීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා පවසයි. ඔවුන් TikTok, YouTube, Instagram සහ Facebook ඇතුළු සියලු සමාජ මාධ්‍ය වේදිකා වෙත පිවිසිම අවහිර කිරීමට නියමිතය.

අද(09), ජාත්‍යන්තර සහයෝගීතාවයට කැප වූ නෝර්වීජියානු සංවිධාන සන්ධානය විසින් මාරියා කොරිනා මැචාඩෝට නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කිරීමට නොබෙල් කමිටුව ගත් තීරණය ප්‍රතික්ෂේප කරමින් විරෝධතාවක් පැවැත්වීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි .

කැරිබියන් දූපත් ආශ්‍රිතව ඉහළ යන භූ දේශපාලනික ආතතීන්ට අනුකූලව එක්සත් ජනපද සහ යුරෝපීය ගුවන් සේවා අනතුරු ඇඟවීම් හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් කිහිපයක් මෙහෙයුම් අත්හිටුවීමත් සමඟ වෙනිසියුලානු ගුවන් සමාගම් කලාපීය ගුවන් ගමන් සේවා පුළුල් කරමින් සහ තවත් ගුවන් ගමන් එකතු කරමින් සිටින බව එරටින් ලැබෙන පුවත් වාර්තා පවසයි.

"ගුවන් අවකාශය උල්ලංඝනය කිරීම්" වලට ප්‍රතිචාර දක්වන බව පැවසෙන ජපන් ප්‍රහාරක ජෙට් යානා මත රේඩාර් අගුළු දැමූ බවට ජපානය චීන ගුවන් යානා පාදක කරගත් ගුවන් යානාවලට චෝදනා කළේය.

ජාත්‍යන්තර පාපපන්දු සම්මේලනය විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ට 'FIFA සාම ත්‍යාගය' ප්‍රධානය කර තිබේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.