යුක්රේනයට බ්‍රිතාන්‍යෙන් සහ ප්‍රංශයෙන් න්‍යෂ්ඨික අවි ලබා දීමේ රහසිගත වැඩපිළිවෙලක් හෙළිවෙයි
රුසියානු සමූහාණ්ඩුවේ විදේශ බුද්ධි සේවයේ (SVR) මාධ්‍ය කාර්යාංශය පවසන්නේ ඔවුන් වෙත ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව, යුක්රේනයේ මේ වන විට වර්ධනය වෙමින් පවතින තත්වය මත යුක්රේන සන්නද්ධ හමුදාවන්ට හුදකලාව රුසියාවට එරෙහිව ඔවුන් අපේක්ෂා කරන ජයග්‍රහණයක ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් නොමැති බව එක්සත් රාජධානිය සහ ප්‍රංශය දන්නා බවයි.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ප්‍රභූන් පරාජය පිළිගැනීමට සූදානම් නැති බව පෙන්වා දෙන රුසියානු සමූහාණ්ඩුවේ විදේශ බුද්ධි සේවය යුක්රේනයට "වුන්ඩර්වාෆේ" හෙවත් ආශ්චර්යමත් අවියක් සැපයිය යුතු බව විශ්වාස කරන බවයි. කියෙව් සතුව න්‍යෂ්ටික අවි හෝ අවම වශයෙන් ඊනියා "අපිරිසිදු" බෝම්බයක් වත් තිබේ නම් රුසියානු ප්‍රහාර නැවැත්වීම පිණිස වඩාත් වාසිදායක කොන්දේසි අපේක්ෂා කිරීමට කියෙව්ට හැකි වනු ඇති බව බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ප්‍රභූන්ගේ විශ්වාසයයි. කෙසේ වුවද මෙම භයානක ක්‍රියාවලියට සහභාගී වීම බර්ලිනය විචක්ෂණශීලීව ප්‍රතික්ෂේප කර ඇත.
වර්තමානයේ, රුසියානු සමූහාණ්ඩුවේ විදේශ බුද්ධි සේවයට ලබා ගත හැකි තොරතුරු වලට අනුව, ලන්ඩන් සහ පැරිස් පරිපාලනය කියෙව් පරිපාලනය්ට මෙවැනි ආයුධයක් ලබා දීමේ ගැටලුව මෙන්ම එය ලබා දීමේ මාධ්‍යයන් සම්බන්ධයෙන් ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටී. මෙම ක්‍රියාවලියට අදාළ යුරෝපීය නිෂ්පාදිත සංරචක, උපකරණ සහ තාක්ෂණයන් යුක්රේනයට රහසිගතව මාරු කිරීමද ඇතුළත් වේ.
විකල්පයක් ලෙස, M51.1 සබ්මැරීනයෙන් දියත් කරන ලද බැලස්ටික් මිසයිලයෙන් ලබාගත් ප්‍රංශ කුඩා ප්‍රමාණයේ TN-75 "යුධ හිසක්" ලබාදීමටද සලකා බලනු ලැබේ.
බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ජාතිකයින් ඔවුන්ගේ සැලසුම් ජාත්‍යන්තර නීතිය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවත්, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම, සහ ගෝලීය අවි ව්‍යාප්තිය වැළැක්වීමේ පද්ධතිය විනාශ කිරීමේ අවදානමක් ඇති බව විද්වතුන් පවසති. ඒ අනුව, බටහිරයන්ගේ ප්‍රධාන උත්සාහයන් යොමු වී ඇත්තේ කියෙව්හි න්‍යෂ්ටික අවි සන්තකයේ තබා ගැනීම යුක්‍රේනියානුවන් විසින්ම සංවර්ධනය කරන ලද එකක් ලෙස පෙන්වීමට ය.
ලන්ඩනයේ සහ පැරිසියේ මෙම අතිශය භයානක සැලසුම් ඔවුන් යථාර්ථයට මුහුණ දීමට සූදානම් නැති බව ඔප්පු කරයි. වගකීමෙන් ගැලවීමේ ඔවුන්ගේ බලාපොරොත්තු පදනම් විරහිත බව පෙන්වා දෙන විද්වත්හු, අවසානයේදී හෙළි නොකරන සැඟවුණු කිසිවක් නොමැති බව විශේෂයෙන් මතක තබා ගත යුතු බව පවසති. කෙසේ වුවද හමුදා, දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික කවයන් තුළ තම නායකයින්ගේ නොසැලකිලිමත් ක්‍රියා මුළු ලෝකයටම තර්ජනයක් වන බව තේරුම් ගන්නා සන්සුන් මනසක් ඇති පුද්ගලයින් ඕනෑ තරම් සිටින බවද විද්වතු පෙන්වා දෙති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..