News Category
From Date
To Date
Maximum Number of Result

ගෝලීය ක්‍රිප්ටෝ වත්කම් අත්පත් කර ගැනීම වෙනුවෙන් එක්සත් ජනපදය 'තාක්ෂණික ආධිපත්‍යය' භාවිතා කරනවා- චීන සයිබර් ආරක්ෂණ ආයතන

Feb 26, 2026 at 03:49 PM
|

චීන සයිබර් ආරක්ෂණ ආයතන කිහිපයක් අද(26) වාර්තාවක් නිකුත් කරමින්, ගෝලීය අථත්‍ය මුදල් වත්කම් විශාල ප්‍රමාණයක් රාජසන්තක කිරීම සඳහා එක්සත් ජනපදය එහි තාක්ෂණික සහ නියාමන බලපෑම උපයෝගී කර ගන්නා බවට චෝදනා කරනු ලැබුවේය.

"ඉහළම ක්‍රීඩකයා: එක්සත් ජනපද තාක්ෂණික ආධිපත්‍යය යටතේ ගෝලීය අථත්‍ය මුල්‍ය වත්කම් පැහැර ගැනීම පිළිබඳ විශ්ලේෂණය" යන මාතෘකාව යටතේ ලියවුනු වාර්තාව,චීනයේ ජාතික පරිගණක වෛරස් හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය, පරිගණක වෛරස් වැළැක්වීමේ තාක්ෂණය සඳහා වූ ජාතික ඉංජිනේරු රසායනාගාරය, 360 ඩිජිටල් ආරක්ෂක කණ්ඩායම සහ ඇන්ටි ලැබ්ස් විසින් ඒකාබද්ධව නිකුත් කරන ලදී.

වාර්තාවට අනුව, 2022 සහ 2025 අතර කාලය තුළ එක්සත් ජනපද බලධාරීන් විවිධ බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග හරහා ලොව පුරා ඩොලර් බිලියන 30 කට වඩා වටිනා අථත්‍ය මුදල් වත්කම් රාජසන්තක කරනු ලැබ තිබේ. ව්‍යාපාරික චෙන් ෂි සම්බන්ධයෙන් වූ එක් නඩුවක් පමණක් ඩොලර් බිලියන 15 ක් හෝ ඉහත සඳහන් කළ මුදලින් අඩක් පමණ වූ බව වාර්තාව පවසයි.

මෙම අධ්‍යයනය ගුප්ත ව්‍යවහාර මුදල් (ක්‍රිප්ටෝ කරන්සි ) හුවමාරුව වන ඹිනන්cඑ හි නිර්මාතෘ චෙන් ෂි සහ ෂාඕ චැංපෙන්ග් ඇතුළු ඉහළ පෙළේ සිද්ධීන් විශ්ලේෂණය කරයි. මෙම සිද්ධීන්, තාක්ෂණික නිරීක්ෂණ, නියාමන සම්බන්ධීකරණය සහ එක්සත් ජනපද බලධාරීන් විසින් බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ගවල “සංවෘත-ලූප් උපාය මාර්ගයක්” ලෙස ඔවුන් පවසන දේ පිළිබිඹු කරන බවට වාර්තාවේ කතුවරුන් තර්ක කරති.

ඩිජිටල් වත්කම්වල වෙළඳපල වැදගත්කම

ග්ලෝබල් ටයිම්ස් වෙබ් අඩවිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී, ජාතික පරිගණක වෛරස් හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙකු වන ඩූ ෂෙන්හුවා, 2026 ජනවාරි වන විට ගෝලීය ඩිජිටල් මුදල් වෙළඳපල ප්‍රාග්ධනීකරණය ආසන්න වශයෙන් ඩොලර් ට්‍රිලියන 2.73 ක් වූ බවට තහවුරු කරන ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන උපුටා දැක්වීය. එයින් බිට්කොයින්හි වෙළෙඳ පොළ ඩොලර් ට්‍රිලියන 1.57 ක් පමණ විය.

මෙම අගය ගෝලීය නිල රන් සංචිතවල ඇස්තමේන්තුගත වටිනාකමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් වන බවත්, එම කාලය තුළ එය ඩොලර් ට්‍රිලියන 5.83 ක් පමණ වූ බවත්,ඒ අනුව ඩිජිටල් වත්කම්වල වර්ධනය වන මූල්‍ය බර අවධාරණය කරන බවත් ඩූ සඳහන් කළේය. මෙයින් පෙන්නුම් කරන්නේ අතථ්‍ය මුදල් වත්කම්වල වෙළඳපල වටිනාකම දැනටමත් ගෝලීය නිල රන් සංචිතවල මුළු වටිනාකමෙන් සියයට 47 ක් පමණ - අඩකට ආසන්න - ළඟා වී ඇති බවත්, එමඟින් ඒවා සැලකිය යුතු නව මූල්‍ය වත්කමක් බවට පත් කරන බවත්ය.

එක්සත් ජනපදය සයිබර් මෙහෙයුම්, නියාමන පියවර සහ දිගු කාලීන අධිකරණ බලය භාවිතා කරමින් ගෝලීය අථත්‍ය මුදල් ගනුදෙනු එහි බලාත්මක කිරීමේ රාමුවට ඇතුළත් කරන බවත්, එමඟින් මහා පරිමාණ වත්කම් අත්පත් කර ගැනීමට හැකි වන බවත් ඔහු චෝදනා කළේය.

චෙන් ෂි සහ බයිනෑන්ස් නඩු

චීන බලධාරීන් විසින් දේශසීමා සූදු සහ වංචා ව්‍යාපාරික සංඝයක(සින්ඩිකේටයක ) ප්‍රධානියා ලෙස හඳුනාගෙන ඇති චෙන් ෂිගේ සිද්ධිය වාර්තාවෙන් ඉස්මතු කරනු ලබයි. චීනයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, චෙන් මෙම වසර මුලදී කාම්බෝජයෙන් චීනයට පිටුවහල් කරන ලද අතර බහුවිධ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව ඇති පුද්ගලයෙකි.

2025 ඔක්තෝම්බර් මාසයේදී නිව්යෝර්ක් හි නැගෙනහිර දිස්ත්‍රික්කය සඳහා වූ එක්සත් ජනපද නීතිපති කාර්යාලය චෙන්ට එරෙහිව අපරාධ චෝදනා ප්‍රකාශයට පත් කළ අතර ඔහුගේ පාලනය යටතේ පැවති බව කියන බිට්කොයින් 127,000 ක් පමණ රාජසන්තක කළ බවත්, එම අවස්ථාවේ එහි වටිනාකම ඩොලර් බිලියන 15 ක් පමණ වූ බවත් වාර්තාවේ සඳහන් වේ. එය එක්සත් ජනපද අධිකරණ ඉතිහාසයේ විශාලතම අතථ්‍ය වත්කම් අත්පත් කර ගැනීම් වලින් එකක් ලෙස වාර්තාව විස්තර කරයි.

එලෙසම එම වාර්තාව 2023 සහ 2025 අතර කාලය තුළ බයිනෑන්ස් සහ එහි නිර්මාතෘ ෂාඕ චැංපෙන්ග්ට එරෙහිව එක්සත් ජනපද නීතිමය ක්‍රියාමාර්ග වෙනමම පරීක්ෂා  කරයි. එක්සත් ජනපද බලධාරීන් විසින් කරන ලද පරීක්ෂණ විසඳීම සඳහා ඩොලර් බිලියන 4.3 ක දඩ මුදලක් ගෙවීමට බයිනෑන්ස් එකඟ වීමෙන් ඇධිකරණ කටයුතු අවසන් විය.

වොෂින්ටනය මුලින්ම ගෝලීය ඩිජිටල් වත්කම් වේදිකාවලට දේශීය නියාමන රාමු යොදන ආකාරය සහ පසුව නියාමන ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග සහ දඩ භාවිතා කරන ආකාරය එවැනි අවස්ථා මගින් පෙන්නුම් කරන බව ඩූ තර්ක කළේය.

සයිබර් මෙහෙයුම් පිළිබඳ චෝදනා

2023 සහ 2025 අතර කාලය තුළ ලොව පුරා ප්‍රධාන ගුප්ත ව්‍යවහාර මුදල් හුවමාරු 20 කට වැඩි ගණනකට එක්සත් ජනපද සහාය ලත් හැකර් කණ්ඩායම් ඉලක්ක කරගත් සයිබර් ප්‍රහාර සිදු කළ බව වාර්තාව තවදුරටත් කියා සිටී. චෝදනා කරන ලද උපක්‍රමවලට බාහ්‍යද්වාර රෝපනය (backdoor implantation ), තෝමර-තතුබෑම් (spear-phishing ) සහ සැපයුම් දාම ආක්‍රමණය ඇතුළත් විය.

වාර්තා වූ සමහර සයිබර් ක්‍රියාකාරකම් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලයේ බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග සමඟ සමපාත වන බව ඇන්ටි ලැබ්ස් හි නිර්මාතෘ ෂියාඕ සින්ගුවාං පැවසූ බව වාර්තාව උපුටා දක්වනු ලබයි.

අථත්‍ය වත්කම් අංශයේ බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග සැලකිය යුතු මූල්‍ය ආදායමක් ජනනය කරන බවත්, ඩිජිටල් මූල්‍යකරණයේ එක්සත් ජනපද ඩොලරයේ ගෝලීය භූමිකාව ශක්තිමත් කරන බවත් පෙන්නුම් කරන එක්සත් ජනපද භාණ්ඩාගාර දත්ත ද වාර්තාවේ අඩංගු වේ.

ගුප්ත ව්‍යවහාර මුදල් අත්පත් කර ගැනීම් සහ දඬුවම් වංචා, මුදල් විශුද්ධිකරණය සහ සම්බාධක මග හැරීමට එරෙහිව සටන් කිරීමේ උත්සාහයන්ගේ කොටසක් බව එක්සත් ජනපද බලධාරීන් මීට පෙර පවසා තිබේ. චීන වාර්තාවේ දක්වා ඇති නිශ්චිත චෝදනාවලට එක්සත් ජනපද රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

අධ්‍යයන වාර්තාවෙන් , ඩිජිටල් මූල්‍ය, නියාමන අධිකාරිය සහ ගෝලීය මූල්‍ය පද්ධතිය තුළ ගුප්ත ව්‍යවහාර මුදල්වල විකාශනය වන භූමිකාව සම්බන්ධයෙන් වර්ධනය වන භූ දේශපාලනික ආතතීන් පිළිබිඹු කරයි.

සම්බන්ධිත පුවත් | Related News

අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍යයේ වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 3.5% දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) නිකුත් කළ නවතම දත්ත වාර්තා කරයි.
ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.
විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.