News Category
From Date
To Date
Maximum Number of Result

ගෝලීය ක්‍රිප්ටෝ වත්කම් අත්පත් කර ගැනීම වෙනුවෙන් එක්සත් ජනපදය 'තාක්ෂණික ආධිපත්‍යය' භාවිතා කරනවා- චීන සයිබර් ආරක්ෂණ ආයතන

Feb 26, 2026 at 03:49 PM
|

චීන සයිබර් ආරක්ෂණ ආයතන කිහිපයක් අද(26) වාර්තාවක් නිකුත් කරමින්, ගෝලීය අථත්‍ය මුදල් වත්කම් විශාල ප්‍රමාණයක් රාජසන්තක කිරීම සඳහා එක්සත් ජනපදය එහි තාක්ෂණික සහ නියාමන බලපෑම උපයෝගී කර ගන්නා බවට චෝදනා කරනු ලැබුවේය.

"ඉහළම ක්‍රීඩකයා: එක්සත් ජනපද තාක්ෂණික ආධිපත්‍යය යටතේ ගෝලීය අථත්‍ය මුල්‍ය වත්කම් පැහැර ගැනීම පිළිබඳ විශ්ලේෂණය" යන මාතෘකාව යටතේ ලියවුනු වාර්තාව,චීනයේ ජාතික පරිගණක වෛරස් හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය, පරිගණක වෛරස් වැළැක්වීමේ තාක්ෂණය සඳහා වූ ජාතික ඉංජිනේරු රසායනාගාරය, 360 ඩිජිටල් ආරක්ෂක කණ්ඩායම සහ ඇන්ටි ලැබ්ස් විසින් ඒකාබද්ධව නිකුත් කරන ලදී.

වාර්තාවට අනුව, 2022 සහ 2025 අතර කාලය තුළ එක්සත් ජනපද බලධාරීන් විවිධ බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග හරහා ලොව පුරා ඩොලර් බිලියන 30 කට වඩා වටිනා අථත්‍ය මුදල් වත්කම් රාජසන්තක කරනු ලැබ තිබේ. ව්‍යාපාරික චෙන් ෂි සම්බන්ධයෙන් වූ එක් නඩුවක් පමණක් ඩොලර් බිලියන 15 ක් හෝ ඉහත සඳහන් කළ මුදලින් අඩක් පමණ වූ බව වාර්තාව පවසයි.

මෙම අධ්‍යයනය ගුප්ත ව්‍යවහාර මුදල් (ක්‍රිප්ටෝ කරන්සි ) හුවමාරුව වන ඹිනන්cඑ හි නිර්මාතෘ චෙන් ෂි සහ ෂාඕ චැංපෙන්ග් ඇතුළු ඉහළ පෙළේ සිද්ධීන් විශ්ලේෂණය කරයි. මෙම සිද්ධීන්, තාක්ෂණික නිරීක්ෂණ, නියාමන සම්බන්ධීකරණය සහ එක්සත් ජනපද බලධාරීන් විසින් බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ගවල “සංවෘත-ලූප් උපාය මාර්ගයක්” ලෙස ඔවුන් පවසන දේ පිළිබිඹු කරන බවට වාර්තාවේ කතුවරුන් තර්ක කරති.

ඩිජිටල් වත්කම්වල වෙළඳපල වැදගත්කම

ග්ලෝබල් ටයිම්ස් වෙබ් අඩවිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී, ජාතික පරිගණක වෛරස් හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙකු වන ඩූ ෂෙන්හුවා, 2026 ජනවාරි වන විට ගෝලීය ඩිජිටල් මුදල් වෙළඳපල ප්‍රාග්ධනීකරණය ආසන්න වශයෙන් ඩොලර් ට්‍රිලියන 2.73 ක් වූ බවට තහවුරු කරන ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන උපුටා දැක්වීය. එයින් බිට්කොයින්හි වෙළෙඳ පොළ ඩොලර් ට්‍රිලියන 1.57 ක් පමණ විය.

මෙම අගය ගෝලීය නිල රන් සංචිතවල ඇස්තමේන්තුගත වටිනාකමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් වන බවත්, එම කාලය තුළ එය ඩොලර් ට්‍රිලියන 5.83 ක් පමණ වූ බවත්,ඒ අනුව ඩිජිටල් වත්කම්වල වර්ධනය වන මූල්‍ය බර අවධාරණය කරන බවත් ඩූ සඳහන් කළේය. මෙයින් පෙන්නුම් කරන්නේ අතථ්‍ය මුදල් වත්කම්වල වෙළඳපල වටිනාකම දැනටමත් ගෝලීය නිල රන් සංචිතවල මුළු වටිනාකමෙන් සියයට 47 ක් පමණ - අඩකට ආසන්න - ළඟා වී ඇති බවත්, එමඟින් ඒවා සැලකිය යුතු නව මූල්‍ය වත්කමක් බවට පත් කරන බවත්ය.

එක්සත් ජනපදය සයිබර් මෙහෙයුම්, නියාමන පියවර සහ දිගු කාලීන අධිකරණ බලය භාවිතා කරමින් ගෝලීය අථත්‍ය මුදල් ගනුදෙනු එහි බලාත්මක කිරීමේ රාමුවට ඇතුළත් කරන බවත්, එමඟින් මහා පරිමාණ වත්කම් අත්පත් කර ගැනීමට හැකි වන බවත් ඔහු චෝදනා කළේය.

චෙන් ෂි සහ බයිනෑන්ස් නඩු

චීන බලධාරීන් විසින් දේශසීමා සූදු සහ වංචා ව්‍යාපාරික සංඝයක(සින්ඩිකේටයක ) ප්‍රධානියා ලෙස හඳුනාගෙන ඇති චෙන් ෂිගේ සිද්ධිය වාර්තාවෙන් ඉස්මතු කරනු ලබයි. චීනයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, චෙන් මෙම වසර මුලදී කාම්බෝජයෙන් චීනයට පිටුවහල් කරන ලද අතර බහුවිධ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව ඇති පුද්ගලයෙකි.

2025 ඔක්තෝම්බර් මාසයේදී නිව්යෝර්ක් හි නැගෙනහිර දිස්ත්‍රික්කය සඳහා වූ එක්සත් ජනපද නීතිපති කාර්යාලය චෙන්ට එරෙහිව අපරාධ චෝදනා ප්‍රකාශයට පත් කළ අතර ඔහුගේ පාලනය යටතේ පැවති බව කියන බිට්කොයින් 127,000 ක් පමණ රාජසන්තක කළ බවත්, එම අවස්ථාවේ එහි වටිනාකම ඩොලර් බිලියන 15 ක් පමණ වූ බවත් වාර්තාවේ සඳහන් වේ. එය එක්සත් ජනපද අධිකරණ ඉතිහාසයේ විශාලතම අතථ්‍ය වත්කම් අත්පත් කර ගැනීම් වලින් එකක් ලෙස වාර්තාව විස්තර කරයි.

එලෙසම එම වාර්තාව 2023 සහ 2025 අතර කාලය තුළ බයිනෑන්ස් සහ එහි නිර්මාතෘ ෂාඕ චැංපෙන්ග්ට එරෙහිව එක්සත් ජනපද නීතිමය ක්‍රියාමාර්ග වෙනමම පරීක්ෂා  කරයි. එක්සත් ජනපද බලධාරීන් විසින් කරන ලද පරීක්ෂණ විසඳීම සඳහා ඩොලර් බිලියන 4.3 ක දඩ මුදලක් ගෙවීමට බයිනෑන්ස් එකඟ වීමෙන් ඇධිකරණ කටයුතු අවසන් විය.

වොෂින්ටනය මුලින්ම ගෝලීය ඩිජිටල් වත්කම් වේදිකාවලට දේශීය නියාමන රාමු යොදන ආකාරය සහ පසුව නියාමන ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග සහ දඩ භාවිතා කරන ආකාරය එවැනි අවස්ථා මගින් පෙන්නුම් කරන බව ඩූ තර්ක කළේය.

සයිබර් මෙහෙයුම් පිළිබඳ චෝදනා

2023 සහ 2025 අතර කාලය තුළ ලොව පුරා ප්‍රධාන ගුප්ත ව්‍යවහාර මුදල් හුවමාරු 20 කට වැඩි ගණනකට එක්සත් ජනපද සහාය ලත් හැකර් කණ්ඩායම් ඉලක්ක කරගත් සයිබර් ප්‍රහාර සිදු කළ බව වාර්තාව තවදුරටත් කියා සිටී. චෝදනා කරන ලද උපක්‍රමවලට බාහ්‍යද්වාර රෝපනය (backdoor implantation ), තෝමර-තතුබෑම් (spear-phishing ) සහ සැපයුම් දාම ආක්‍රමණය ඇතුළත් විය.

වාර්තා වූ සමහර සයිබර් ක්‍රියාකාරකම් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලයේ බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග සමඟ සමපාත වන බව ඇන්ටි ලැබ්ස් හි නිර්මාතෘ ෂියාඕ සින්ගුවාං පැවසූ බව වාර්තාව උපුටා දක්වනු ලබයි.

අථත්‍ය වත්කම් අංශයේ බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග සැලකිය යුතු මූල්‍ය ආදායමක් ජනනය කරන බවත්, ඩිජිටල් මූල්‍යකරණයේ එක්සත් ජනපද ඩොලරයේ ගෝලීය භූමිකාව ශක්තිමත් කරන බවත් පෙන්නුම් කරන එක්සත් ජනපද භාණ්ඩාගාර දත්ත ද වාර්තාවේ අඩංගු වේ.

ගුප්ත ව්‍යවහාර මුදල් අත්පත් කර ගැනීම් සහ දඬුවම් වංචා, මුදල් විශුද්ධිකරණය සහ සම්බාධක මග හැරීමට එරෙහිව සටන් කිරීමේ උත්සාහයන්ගේ කොටසක් බව එක්සත් ජනපද බලධාරීන් මීට පෙර පවසා තිබේ. චීන වාර්තාවේ දක්වා ඇති නිශ්චිත චෝදනාවලට එක්සත් ජනපද රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

අධ්‍යයන වාර්තාවෙන් , ඩිජිටල් මූල්‍ය, නියාමන අධිකාරිය සහ ගෝලීය මූල්‍ය පද්ධතිය තුළ ගුප්ත ව්‍යවහාර මුදල්වල විකාශනය වන භූමිකාව සම්බන්ධයෙන් වර්ධනය වන භූ දේශපාලනික ආතතීන් පිළිබිඹු කරයි.

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් (ඩොලර් බිලියන 2.56 ක්) වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ග්වංජු බියෙනාලේ (Gwangju Biennale) කලා උළෙලේ සංවිධායකයන් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට එහි තත්ත්වයට සම්පූර්ණයෙන්ම නොගැළපෙන නාමයක් යටතේ සහභාගී වීමට අවසර දීම හේතුවෙන්, චීන නියෝජිතa කණ්ඩායම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය අද(03) නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ ගෙන යන අඛණ්ඩ යුද්ධය “සාපේක්ෂව සුළු යුද්ධයක්” බවත්, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ යුක්රේනයට ලබාදුන් අතිවිශාල අවි ප්‍රමාණය හා සසඳන විට ඉතා කුඩා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ දින 200කට අධික කාලයක් සක්‍රිය මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ඇතුළු නෞකා ත්‍රිත්වයක් තායිලන්තයේ ලීම් චබෑන්ග් වරායට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2026 අගෝස්තු 26 වනදා නේපාලය සහ චීනයේ Xizang ස්වයං පාලන කලාපය ආසන්න හිමාලයානු ප්‍රදේශය හරහා හදිසියේ මතුවූ දැවැන්ත ගංවතුර හා මඩ නායයෑම් තත්ත්වය, දේශසීමා දෙපස ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ ව්‍යසනයක් බවට පත්විය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.