News Category
From Date
To Date
Maximum Number of Result

ඇමරිකාව විසින් නිකොලස් මධුරෝ පැහැර ගැනීමෙන් පසු ඩෙල්සි රොඩ්‍රිගස් අන්තර්කාලීන ජනාධිපති ලෙස පත් කිරීම රුසියාව පිළිගෙන ඇති අතර, තම දිගුකාලීන සගයා වන වෙනිසියුලාවට සහයෝගීතාවයෙන් සිටින බව මොස්කව්හි විදේශ අමාත්‍යාංශය පවසා තිබේ.

නේපාලයේ කොමියුනිස්ට් පක්ෂය සමඟ අනුබද්ධිත බලගතු ගොවි සංවිධාන හයක්, ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් වෙනිසියුලාවට එරෙහිව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් සිදු කරන ලද මිලිටරි ආක්‍රමණය මෙන්ම ව්‍යවස්ථානුකූලව තේරී පත් වූ ජනාධිපති නිකොලස් මධුරෝ මොරොස් නීති විරෝධී හා සදාචාර විරෝධී ලෙස පැහැර ගැනීම දැඩි ලෙස හෙළා දැක තිබේ.

ඇමරිකානු හමුදා විසින් අත්අඩංගුවට ගෙන රඳවා සිටින වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු තමන්ට එල්ල වී ඇති සියලුම චෝදනාවලට තමන් නිර්දෝෂී බව ඊයේ(05) නිව්යෝක් මෑන්හැටන් ෆෙඩරල් අධිකරණය හමුවේ ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙනිසියුලාව සම්බන්ධයෙන් අමෙරිකානු හමුදා ගත් ක්‍රියාමාර්ග අතරතුර ජාත්‍යන්තර නීතියේ නීතිවලට ගරු නොකිරීම ගැන තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් මහතා පවසා ඇත.

කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියාකළ නොහැකිය යන්න චීනයේ විශ්වාසය බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසයි.

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ අල්ලා ගැනීමේ අමෙරිකානු හමුදා මෙහෙයුමේදී කියුබානු පුරවැසියන් 32 නෙකු ජීවිතක්ෂයට පත්වූ බව කියුබානු රජය පවසා තිබේ.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අද (05) ප්‍රථම වරට එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයට එරෙහිව එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් මෑතකදී සිදු කරන ලද මිලිටරි ක්‍රියාමාර්ග සහ ආක්‍රමණ පිළිබඳව නේපාල කොමියුනිස්ට් පක්ෂය සිය බරපතල කනස්සල්ල පළ කර තිබේ.

වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට (05) දිනයේදී හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.