News Category
From Date
To Date
Maximum Number of Result

චීනය සෑම විටම හමුදා නිෂ්පාදන අපනයනය සම්බන්ධයෙන් විචක්ෂණශීලී සහ වගකිවයුතු ආකල්පයකින් කටයුතු කර ඇති බවත් ඩ්‍රෝන යානා ඇතුළු ද්විත්ව භාවිත අයිතම අපනයනය දැඩි ලෙස පාලනය කරන බවත් ඊයේ(06) පැවති එක්සත් ජාතීන්ගේ රැස්වීමකදී චීන නියෝජිතයා පැවසීය.

වෙනිසියුලාව සහ චීනය අවම වශයෙන් වෙනිසියුලානු නිෂ්පාදන 400 ක් ආවරණය වන පරිදි තීරුබදු රහිත වෙළඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා ඉදිරියට ගෙන යන බව වෙනිසියුලානු විදේශ වෙළඳ අමාත්‍යාංශය එක්ස්පෝ ෂැංහයි 2025 හිදී නිවේදනය කළේය.

රුසියානු හමුදා විසින් වට කර ඇති කුපියන්ස්ක් සහ ක්‍රස්නෝආර්මේස්ක් නගරවල බරපතල පරාජයක් සම්බන්ධයෙන් යුක්රේන අණ දෙන නිලධාරීන් චකිත වී ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

විදෙස් ප්‍රවෘත්ති වාර්තාවලට අනුව, අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නගරාධිපති ධුරය සඳහා, ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක 34 හැවිරිදි සොහ්රාන් මම්දානි තේරීපත්ව තිබේ.

ප්‍රමුඛ චීන ජාත්‍යන්තර සබඳතා විශේෂඥයෙකු සහ චීනය සහ ගෝලීයකරණ මධ්‍යස්ථානයේ උප සභාපති වික්ටර් ගාඕ, ඉහළ යන භූ දේශපාලනික ආතතීන් මධ්‍යයේ පසුගිය ඔක්තෝබර් 7 වනදා බියකරු පණිවිඩයක් නිකුත් කළේය.

රුසියානු අගමැති මිහායිල් මිෂුස්ටින් චීනයේ හැංෂෝ නගරයේ කළ සංචාරයේදී චීන අගමැති ලී කියැං හමුවිය.

නව යොවුන් වියේ පසුවන්නන්ගේ කණ්ඩායම් සම්බන්ධ වූ හැලොවීන් රාත්‍රී ගැටුමකින් පසු වොෂින්ටන් නගරයේ බලධාරීන් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් සඳහා රාත්‍රී පහක් පුරා ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර ඇත.

ඉරානය සහ වෙනිසියුලාව සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය කාලයේ කළ චෝදනා නොසල්කා හරිමින් ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගැබාර්ඩ් වොෂින්ටනයේ වෙනත් රටවල පාලන තන්ත්‍ර වෙනසකම් වෙනුවෙන් ලියවී තිබෙන ඉතිහාසය පිළිගෙන ඇති නමුත් එය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ අවසන් වූ බව පැවසුවාය.

වෙනිසියුලාවේ හමුදා ප්‍රහාර දියත් කිරීමට තමාට කිසිදු සැලසුමක් නොමැති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා(31) පැවසූ බව රොයිටර් පුවත් සේවය පවසයි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.