News Category
From Date
To Date
Maximum Number of Result

අමෙරිකාවට මිත්‍ර පාක්ෂිකයෝ තවත් නැත: ඉරානයට එරෙහි ට්‍රම්ප්ගේ යුද්ධයේදී ඇමරිකානු මිතුරන් දුරස් වූ ආකාරය-ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

Mar 17, 2026 at 11:28 PM
|

2026 පෙබරවාරි 28 වන දින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට නියෝග කරන අවස්ථාවේදී මිසයිල, මිලිටරි ඉලක්කවලට පහර දෙනවාට වඩා වැඩි යමක් කළේය. එනම් විශ්වාසය, උපදේශනය සහ බෙදාගත් කැපකිරීම් මත දශක ගණනාවක් තිස්සේ ගොඩනගාගත් ඇමරිකානු සන්ධානය මෙම මිසයිල් ප්‍රහාර විසින්   බිඳ දමනු ලැබුවේය.

ගල්ෆ් කලාපය, යුරෝපය සහ වොෂින්ටනය ආශ්‍රිතව ලැබෙන විවිධ මූලාශ්‍ර ඇසුරු කිරීමෙන් වැටහී යන්නේ තමන්ගේ සමීතම හවුල්කරුවන්ගේ උපදෙස්වලට එරෙහිව අමෙරිකාව ඉරානය සමඟ යුද්ධයට අවතීර්ණ වීම හේතුවෙන්, අමෙරිකාව තමන්ගේ කඳවුර තුළ හුදකලා වී ඇති බවයි.

ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය හෙවත් අමෙරිකානු සහචරයින් සඳහා මෙම යුද්ධය  මගින් ලබාදෙන පණිවිඩය ඔවුනට අපැහැදිලි විය නොහැක. එනම් කිසිදු ආයෝජනයකින් ඔබගේ මේසයට අවශ්‍ය පුටුවක් වත් මිලදී ගත නොහැකි වනවා පමණක් නොව පක්ෂපාතිත්වය කොතරම් තිබුණත් ඔබට ආරක්ෂාව සහතික වන්නේ නැත.

ගල්ෆ් සූදුව

පසුගිය දශකය තුළ, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය රටවල් හය වන සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් රාජ්‍ය, කුවේටය, බහරේන් සහ ඕමානය නූතන රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල විශාලතම ඔට්ටුව තබා ඇත.එනම් ඔවුන් ඔවුන්ගේ මුළු ජාතික ආරක්ෂාවම එක්සත් ජනපදය සමඟ තනි කේවල් කිරීමක් වටා ව්‍යුහගත කර ඇත. එනම් "අපි ඔබේ කඳවුරු වෙනුවෙන් සත්කාරකත්වය සපයන්නෙමු, ඔබේ ආයුධ මිලදී ගන්නෙමු, එලෙසම ඔබේ ආර්ථිකය තුළ ආයෝජනය කරන්නෙමු. ඒ වෙනුවට, ඔබ අපව ආරක්ෂිතව තබා ගනු ඇතැයි දැඩි විශ්වාසය පල කරමු."

මෙම ප්‍රපංචයේ අංක ගනිතමය විශ්ලේෂනය මගින් විශ්මයජනක අගයක් ලැබේ. එක්සත් ජනපදයට සම්බන්ධ මුළු ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයම අමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් කරනු ලබන මූල්‍ය කැපවීමේ ඇස්තමේන්තුගත අගය ඩොලර් ට්‍රිලියන 3–4 ක් වේ. ඒවා ස්වෛරී  අරමුදල්, ආරක්ෂක කොන්ත්‍රාත්තු සහ යටිතල පහසුකම් හවුල්කාරිත්වයන් වැනි විවිධ ක්ෂේත්‍ර පුරා පැතිර පවතී. ඉදිරි දශකය තුළ එක්සත් ජනපදයේ ඩොලර් ට්‍රිලියන 1.4 ක් ආයෝජන කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පමණක් පොරොන්දු වී ඇත. සෞදි අරාබිය ඩොලර් බිලියන 600 ක් අමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් කැප කළේය. කටාර් ඩොලර් ට්‍රිලියන 1.2 ක් අමෙරිකානු ආයෝජන මේසය මත තැබීය.

සෑම වසරකම, ගල්ෆ් රටවල් "ආරක්ෂක සහයෝගීතාව" ලෙස අමෙරිකානු නිලධාරීන් විසින් හඳුන්වන ආයෝජන කාණ්ඩයක් සඳහා ආසන්න වශයෙන් ඩොලර් බිලියන 70 ක් එක්සත් ජනපදයට යවනු ලබයි. එම මුදල් මිසයිල ආරක්ෂණ පද්ධතිවල සිට ගුවන් යානා නඩත්තු කිරීම දක්වා සහ ඇමරිකානු හමුදා පෝෂණය කිරීම සහ ඔවුන්ට නවාතැන් ලබා දීම සඳහා වන දෛනික පිරිවැය දක්වා වන සියල්ල ඇතුළත් වේ.

අමෙරිකානු හමුදා භට පිරිස් සෑම තැනකම සිටිති. කටාර්හි අල්-උදෙයිඩ් ගුවන් කඳවුර තුළ ඇමරිකානු භටයින් 10,000 ක් සත්කාරකත්වය දරන අතර එම කඳවුර එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියාගේ මූලික මූලස්ථානයක් ලෙස සේවය කරයි.එලෙසම බහරේනය එක්සත් ජනපදයේ පස්වන බලඇණියට නිවහන ලෙස කටයුතු කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය අල් දෆ්රා ගුවන් කඳවුරට සත්කාරකත්වය සපයයි. සෞදි අරාබිය, 2,300 කට අධික භට පිරිසක් සමඟ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට සත්කාරකත්වය සපයයි. කුවේට් රාජ්‍යය අරිෆ්ජන් කඳවුරේ සත්කාරකත්වය දරයි. මෙම කඳවුරු වල අවුරුදු හැත්තෑපහක් තිස්සේ,අමෙරිකානු හමුදා විධානය ක්‍රියාත්මක විය. නොවැලැක්විය ලෙස 2026 පෙබරවාරි 28 වන දින පැමිණියේය.

කිසිවක් සිදු නොවූ අනතුරු ඇඟවීම්

පෙබරවාරි 28 ප්‍රහාරයට  පෙර උදාවූ මාසයේ දී,ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට අයත් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය යන රටවල විදේශ අමාත්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දුසිම් භාගයක් පමණ ඉරානයට පහර නොදෙන්න යන තනි පණිවිඩයක් රැගෙන වොෂින්ටනයේ දූත මෙහෙවරක යෙදුනහ.

ඔවුන් ධවල මන්දිර නිලධාරීන්, රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයන් සහ කොංග්‍රස් සාමාජිකයින් හමුවිය. ඕනෑම ඉරාන පළිගැනීමක බර තම රටවල් දරා ගන්නා බව ඔවුන් ඉවසිලිවන්තව සහ නැවත නැවතත් පැහැදිලි කළහ. ඕනෑම තීරණයක් ගැනීමට පෙර ඔවුන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස ඔවුන් අවධාරණය කර සිටියහ. එහෙත් ඔවුන්ගේ හඬ අමෙරිකා එක්සත් ජනපදය නොසලකා හරින ලදී.

ඕමානයේ විදේශ අමාත්‍ය බද්ර් අල්බුසයිඩි අවසන් උත්සාහයද  ගනු ලැබීය. ප්‍රහාරවලට පැය කිහිපයකට පෙර, ඔහු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් හමුවූ අතර, පසුව විවිධ මූලාශ්‍ර "හමුදා මෙහෙයුම් වළක්වා ගැනීමේ අවසාන උත්සාහයක්" ලෙස පැවසීය. රැස්වීමෙ අපේක්ෂිත කිසිවක් සිදු වූයේ නැත. ප්‍රහාරය කාලසටහනට අනුව සිදු විය.

ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා ගල්ෆ් රටවල නගර දෙසට පියාසර කිරීමට පටන් ගත් විට, කලාපයේ නායකයින් තවත් කටුක සත්‍යයකට මුහුණ පෑහ. එනම්, ඔවුන්ට සූදානම් වීමට කාලය ලබා දී නොතිබුණි. ගල්ෆ් රටවල් දෙකක නිලධාරීන් වාර්තාකරුවන්ට පැවසුවේ "ඇමරිකා එක්සත් ජනපදය යුද්ධය දියත් කර ඇති ආකාරය, විශේෂයෙන් ආරම්භක ප්‍රහාරය" සම්බන්ධයෙන් ඔවුන් කලකිරීමට පත්ව ඇති බවයි. ඔවුන්ට කිසිදු පූර්ව දැනුම්දීමක් ලැබී නොතිබුණි.

යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානය ගල්ෆ් රටවලට අවම වශයෙන් මිසයිල 380ක් සහ ඩ්‍රෝන ප්‍රහාර 1,480කට වැඩි ප්‍රමාණයක් එල්ල කර තිබේ. ප්‍රහාර වලින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇත. නම සඳන් කිරීමට  අකමැති වූ ගල්ෆ් කලාපයේ රටක නිලධාරියෙකු පැවසුවේ තම රටේ අන්තර්ග්‍රහක මිසයිල තොගය "වේගයෙන් ක්ෂය වෙමින් පවතින" බවත් එක්සත් ජනපදය ඒවා නැවත සැපයීමට ඉක්මන් නොවන බවත්ය.

"මෙය නෙතන්යාහුගේ යුද්ධයයි,"සෞදියේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකු වන තුර්කි අල්-ෆයිසාල් කුමරු සීඑන්එන් වෙත පැවසුවේය. එලෙසම මෙම අදහස එක්සත් ජනපදය සමඟ කලාතුරකින් සිදුවන මහජන එකඟ නොවීමක් බවත්ය. කෙසේ වුවද ජනාධිපතිවරයාට ඔහු සමඟ එකඟ වන ලෙස ඒත්තු ගැන්වීමට ඔහු සමත් විය.

ෆයිනෑන්ෂල් ටයිම්ස් උපුටා දක්වන වාර්තාවලට අනුව, ගල්ෆ් රාජ්‍යයන් දැන් එක්සත් ජනපදය වෙනුවෙන් ඔවුන් කළ මූල්‍ය කැපවීම් නිහඬව සමාලෝචනය කරමින් සිටී. එම රටවල් වොෂින්ටනයට පොරොන්දු වූ ඩොලර් බිලියන සිය ගණනක් එක රැයකින් අතුරුදහන් නොවිය හැකි නමුත්, ඔවුන්ගේ දායකත්වයට පාදක වූ විශ්වාසය දැනටමත් බිඳී ගොස් තිබේ.

නේටෝව දැස් දල්වා බලා සිටියි

කනස්සල්ලට පත්ව සිටින්නේ ගල්ෆ් රටවල් පමණක් නොවේ. යුරෝපයේ, නේටෝ සංවිධානයේ ඇමරිකානු සහචරයින් ද, එක්සත් ජනපදය අන් අයගෙන් උපදෙස් නොගෙන තනිවම ක්‍රියා කිරීම සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් කනස්සල්ලට පත්ව සිටිති. බොහෝ නේටෝ සාමාජිකයින්, විශේෂයෙන් ඉරානය සමඟ ආර්ථික සබඳතා ගොඩනගාගෙන ඇති දකුණු යුරෝපයේ රටවල්, ප්‍රහාරවලට පෙර තමන්ගෙන් උපදෙස් ලබා නොගැනීම හෝ දැනුවත් නොකිරීම සම්බන්ධයෙන්  පෞද්ගලිකව කලකිරීම ප්‍රකාශ කර ඇත. එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කිරීමේ තීරණය තනිවම ගත් විට, එක්සත් ජනපදය විශ්වාසදායක සහකරුවෙකු නොවිය හැකි බවට වන කනස්සල්ල නැවත ඇති කළේය. මෙම කනස්සල්ල මුලින්ම ඇති වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ වන අතර ඔහු නැවත බලයට පත්වීමෙන් පසු එම අදහස ශක්තිමත් වී ඇත.

බ්‍රසල්ස් හි නේටෝ මූලස්ථානයේදී,නේටෝවට සම්බන්ධ රාජ්‍යවල රාජ්‍ය තාන්ත්‍රිකයින් පවසනු ලැබුවේ අසරණභාව වර්ධනය වන හැඟීමක්  බවට පත්ව තිබෙන බවයි. සමහර මිත්‍ර රටවල් කලාපයේ ගුවන් ආරක්ෂාව සඳහා උදව් කර ඇතත්, ඔවුන් තවදුරටත් සම්බන්ධ වීමට ඉතා පසුබට වෙති. බොහෝ යුරෝපීය නායකයින් මෙය ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සම්බන්ධ ගැටුමක් මිස නේටෝව සඳහා යුද්ධයක් නොවන ලෙස සලකති. එබැවින් ඔවුන් තවදුරටත් මෙම යුද්ධයට මැදිහත් වීමට අභිලාශයක් නැත.

මේ තත්ත්වය ඉතාමත් නරක කාලයක් උදා වීමට හේතු වී තිබේ. එක්සත් ජනපද රජය යුරෝපීය සහචරයින්ට ආරක්ෂාව සඳහා වැඩි මුදලක් වැය කිරීමට බල කරමින් සිටින අතර, දැන් යුරෝපය ආරම්භ කිරීමට උදව් නොකළ ගැටුමකට සහාය දෙන ලෙසද ඉල්ලා සිටී.

ඇතුළත යුද්ධය

අනෙකුත් රටවල් සමඟ පවතින සබඳතා නොසන්සුන් නම්, ඇතුළත තත්වය ඊටත් වඩා නරක අතට පත් වීම අනිවාර්ය වේ. එනම් එය විවෘත ගැටුමක් වැනි ය. ඉරානයට පහර දීමට කළ තේරීම ට්‍රම්ප් පරිපාලනය තුළම බරපතල මතභේද ඇති කර ඇත. ජනාධිපතිවරයා පෞද්ගලිකව ඔවුන්ගේ නායකයා ලෙස තෝරාගත් පුද්ගලයින් අතර පවා එම මතභේද ඉතා විශාල බැවින් "අමෙරිකාව නැවතත් උත්කර්ෂයට ඔසවා තබමු" ව්‍යාපාරය  එනම්, උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අතර කරලියට පැමිණ තිබෙන සීතල ගැටුම මගින් මෙය හඳුනාගත හැක.

ඉරාකයේ සේවය කළ නාවික හමුදා ප්‍රවීණයෙකු වන වැන්ස්, පක්ෂයේ හුදකලා අංශය නියෝජනය කරයි. ඔහුගේ අතීත විදේශ ප්‍රතිපත්තියේ   ලේඛන"මහා සංයමයක්" සහ "මැද පෙරදිග ලෝක ඓතිහාසික ව්‍යසන" වළක්වා ගැනීමේ ආශාව අවධාරණය කරයි. ප්‍රහාර සැලසුම් කළ විට, ඔහු කාමරයේ සිටි අනෙක් අයට වඩා "අඩු උද්යෝගිමත්"පුද්ගලයෙකු වූ බව වාර්තා වේ. ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් සමඟ, ජනාධිපතිවරයා මාර්-ඒ-ලාගෝ හි රුබියෝ සමඟ ගුලි වී සිටියදී ඔහු ධවල මන්දිර කාමරයේ සිට මෙහෙයුම නිරීක්ෂණය කළේය.

රුබියෝ ඔහුට ප්‍රතිවිරුද්ධ ස්ථාවරය ගත්තේය. ඔහු සෘජු මිලිටරි ක්‍රියාමාර්ගයට කැමති වූ අතර  "අමෙරිකාව නැවතත් උත්කර්ෂයට ඔසවා තබමු" ව්‍යාපාරයට පක්ෂපාතීවූ පිරිස් හෙළා දකින "නව සංස්ථාපිතයට" සමීප වන දැඩි වාග්ලංකාරයක් අනුගමනය කර ඇති බවද වාර්තා වේ.

විශ්ලේෂකයින් වැන්ස්-රුබියෝ ගැටුම 2028 සඳහා ප්‍රොක්සි සටනක් ලෙස සලකති. දෙදෙනාම ට්‍රම්ප්ගේ දේශපාලන පදනමේ  උරුමක්කාරයන් ලෙස සැලකේ. රිපබ්ලිකන් ආධාරකරුවන් අතර, රුබියෝ වර්තමානයේ ප්‍රියතම අනුප්‍රාප්තිකයා වේ - මෙය වැන්ස් කොන් කරනු ලබන බවට මතයක් ඇති කර ඇති කරුණකි.

ට්‍රම්ප්ගේ වඩාත්ම පක්ෂපාතී ආරක්ෂකයෙකු වූ හිටපු කොංග්‍රස් සභික කාන්තාවක් වන මාජෝරි ටේලර් ග්‍රීන්, 2026 මුල් භාගයේදී කොංග්‍රසයෙන් ඉල්ලා අස්වූයේ පක්ෂය, "යුද්ධය වැනි ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් වැරදි දිශාවකට ගමන් කරන" බව පවසමිනි. ටකර් කාල්සන්,  ගැටුම "නපුරු" ලෙස හැඳින්විය. ජෝ රෝගන් ප්‍රහාර "අනවශ්‍ය ආක්‍රමණ" ලෙස හැඳින් වීය.

මේ වන විට අභ්‍යන්තර ගැටුම් පුද්ගලික ගැටුම් බවට පත්ව ඇත. ද ඩේලි වයර් හි නිර්මාතෘ බෙන් ෂැපිරෝ, කාල්සන්ව "පිස්සු" ලෙසත්,  කෙලී "බියගුල්ලෙකු" ලෙසත් හැඳින්වූ අතර ඔහුගේ හිටපු සහචරයින් කිහිප දෙනෙකු "යුදෙව් විරෝධීවාදය පෝෂණය කරන" බවටත් චෝදනා කර ඇති බව වාර්තා වේ. එලෙසම කාල්සන් ෂපිරෝගේ විදේශ ප්‍රතිපත්ති දැනුම සමච්චලයට ලක් කර ඇත.

අමෙරිකානු පරිපාලනයේ දේශීය න්‍යාය පත්‍රය පවා ඉතිරි කර නැත. අධිකරණ දෙපාර්තමේන්තුවේදී, ට්‍රම්ප්ගේ හිටපු පුද්ගලික නීතිඥයෙකු වූ නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්ච් සහ "අමෙරිකාව නැවතත් උත්කර්ෂයට ඔසවා තබමු" ව්‍යාපාරයේ ප්‍රභලයකු වන එක්සත් ජනපද නීතිඥයෙකු වන එඩ් මාටින් අතරද විරසකයක් ඇති වී තිබේ. විෂමාචාර පිළිබඳ වාර්තාවලින් පසුව, ජනාධිපතිවරයාගේ දේශපාලන සතුරන් විමර්ශනය කරන ප්‍රධාන තනතුරකින් බ්ලැන්ච් විසින් මාටින්ව ඉවත් කළ අතර, එය සාම්ප්‍රදායික "නීතියේ ආධිපත්‍යය" ගතානුගතිකයින් සහ වඩාත් ආක්‍රමණශීලී, දේශපාලනිකව මෙහෙයවනු ලබන නඩු පැවරීම් සඳහා තල්ලු කරන අය අතර අරගලය නිරූපණය කළ පියවරකි.

ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේදී, අවුල් සහගත තත්ත්වය "නිරන්තර" බව විවිධ වාර්තා වලින් පෙනී යයි. ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම් සහ "දේශසීමා සාර්" ලෙස හඳුන්වන ටොම් හෝමන් ප්‍රසිද්ධියේ ගැටුම් ඇති කර ගෙන ඇති අතර, නොයම් ආක්‍රමණශීලී උපක්‍රම ආරක්ෂා කරන අතර හෝමන් උත්සන්න වීම අඩු කිරීමට සහ නිසි විමර්ශන සඳහා උත්සාහ කරයි.

ඉතිරිව ඇති දේ

ඇමරිකානු නායකත්වයේ වසර හැත්තෑපහක් සරල පොරොන්දුවක් මත ගොඩනගා ඇත. එනම් "ඔබ අප සමඟ සිටින්නේ නම්, අපි ඔබ සමඟ සිටිමු" යන්නයි. එම පොරොන්දුව කටාර්හි කඳවුරු, සෞදි ආයෝජන බිලියන ගණනක්, බහරේනයේ පස්වන බලඇණිය, කුවේටයේ හමුදා සඳහා ආදි වශයෙන් වූ විවිධ පොරොන්දු වලට අවනතව යටත් විය. අද, එම පොරොන්දුව කඩ වී ඇත.

ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය ඇමරිකානු හවුල්කාරිත්වයේ ඩොලර් ට්‍රිලියන 4 ක් දක්වා ආයෝජනය කළේය. ඔවුන් ඇමරිකානු කඳවුරු සඳහා සත්කාරකත්වය ලබා දුන්හ. ඔවුන් ඇමරිකානු ආයුධ මිලදී ගත්හ. ඔවුන් යුද්ධයට එරෙහිව අනතුරු ඇඟවීය. කෙසේ වෙතත් යුද්ධය පැමිණි විට, ඔවුන්ට තනිවම ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය.

බ්‍රසල්ස්හිදි, රියාද්හිදි, අබුඩාබියේදි, දෝහාහිදි, අසනු ලබන ප්‍රශ්නය එකම ය. එනම් පක්ෂපාතීත්වය මිලදී ගන්නේ මෙය නම්, එහි වටිනාකම කුමක්ද?

පවතින සාක්ෂි මත පදනම් වූ පිළිතුර දිරිගන්වන සුළු නොවේ. ලෝකයේ එකම සුපිරි බලවතා දශක ගණනාවකින් පසු එහි භයානකම අර්බුදයට මුහුණ දෙමින් සිටින්නේ පරිපාලනයත් තමාටම එරෙහිව බෙදී ඇති, එහි විශ්වසනීයත්වය ප්‍රශ්න කරන සහචරයින් සහ විවෘත කැරැල්ලක දේශීය දේශපාලන ව්‍යාපාරයක් සමඟිනි.

ඉරානයට පතිත වූ මිසයිල මනිනු ලබන්නේ හානි තක්සේරු කිරීම් සහ තුවාල ගණන අනුව ය. නමුත් මෙම යුද්ධයේ සැබෑ පිරිවැය, පරම්පරා තුනක් ඇමරිකානු නායකත්වය පවත්වා ගෙන ගිය හවුල්කාරිත්වයේ ඛාදනය නිවැරදි ලෙස ගණනය කිරීමට වසර ගණනාවක් ගතවනු ඇත.

වරක් ඇමරිකාව සමඟ සිටි සහචරයින් වික්ෂිප්තව බලා සිටිති. ඔවුන් සියල්ල නැවත සිතා බලමින් සිටිති.

සම්බන්ධිත පුවත් | Related News

සෞදි අරාබියේ දමාම් සහ රියාද් දක්වා ක්‍රියාත්මක සියලු ගුවන්ගමන් අත්හිටුවීම නොවැම්බර් පළමු වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේමැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට සිර දඬුවම් නියම වීමෙන් පසුව පූජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් යළි නොවැම්බර් 18 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (22) නියම කළේය.
උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.
පවතින වැසි අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් මට්ටමට පැමිණ තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැටි රුවක් සකසා මහසෝන් යක්ෂයා ආරූඪ කරමින් සහ හිස සත්කඩකට පැළී මියයන ලෙස ශාප කරමින් සිදුකරන මන්ත්‍ර හා යාතුකර්ම පිටුපස ඇත්තේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ සෘජු කුමන්ත්‍රණකාරී චේතනාවක් බවත්, ඒ පිළිබඳව ආරක්ෂක අංශ වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ‘ජන බලය සාමූහිකය’ සංවිධානය අවධාරණය කරයි.
අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (22) සත්වන දිනටත් පැවැත්වෙයි.
තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කළේය.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.