එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගුවන් ආරක්ෂක අංශ ඉරාන බැලස්ටික් මිසයිල 10 ක් සහ ඩ්‍රෝන යානා 45 ක් අඟහරුවාදා දිනයේදී විනාශ කරනු ලැබුවා- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති විසින් , මාර්තු 17 වන දින ඉරාන බැලස්ටික් මිසයිල 10 ක් සහ ඩ්‍රෝන යානා 45 ක් විනාශ කරනු ලැබ තිබේ.
මෙම ගුවන් ප්‍රහාර වැලැක්වීම් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉලක්ක කරගෙන එල්ල කරන ප්‍රහාර වලට එරෙහිව අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙහෙයුම්වල කොටසක් බව අමාත්‍යාංශය පැවසීය.
ප්‍රහාර ආරම්භයේ සිට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක අංශ බැලස්ටික් මිසයිල 314 ක්, කෲස් මිසයිල 15 ක් සහ ඩ්‍රෝන යානා 1,672 ක් නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කර ඇත.
මෙම ප්‍රහාර හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයින් දෙදෙනෙකු ඔවුන්ගේ රාජකාරි කාලය තුළදී ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙසම ප්‍රහාර හේතුවෙන් පකිස්ථාන, නේපාල, බංග්ලාදේශ සහ පලස්තීන රටව්ල සිවිල් වැසියන් හය දෙනෙකු ද මිය ගොස් ඇත.
තවත් 157 දෙනෙකු තුවාල ලබා ඇති අතර,ඒ අය සුළු තුවාල වල සිට දරුණු තුවාල තුවාල දක්වා කාන්ඩ වලට අයත් වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනතාවගේ විවිධ සංයුති වලට අයත් පුද්ගලයන් මෙන්ම විවිධ රටවලට අයත් පුරවැසියන් ඉරාන ප්‍රහාර හේතුවෙන් පීඩාවට පත්ව තිබේ.
රටේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ ජාතික අවශ්‍යතා සහ දේපල ආරක්ෂා කිරීම සඳහා ඇති කැපවීම අවධාරණය කරමින්, ඕනෑම තර්ජනයකට ප්‍රතිචාර දැක්වීමට දැඩි අවධානයෙන් හා පූර්ණ සූදානමකින් සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්