ඉරාන යුද්ධයට විරෝධය පා අමෙරිකානු ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි..
අමෙරිකානු ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝසප් කෙන්ට් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යොමු කළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් වත්මන් ඉරාන යුද්ධය පිටුපස ඇති කුමන්ත්‍රණකාරී ස්වභාවය පිළිබඳව තවදුරටත් කරුණු හෙළිකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළදී, නිමාවක් නොමැති යුද්ධවලට අමෙරිකාව පටලවා නොගෙන මිලිටරි බලය තීරණාත්මක ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔහුට මනා අවබෝධයක් තිබූ බව කෙන්ට් පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය ආරම්භයේදීම උසස් ඊශ්‍රායල නිලධාරීන් සහ අමෙරිකානු මාධ්‍යවල සිටින බලගතු පිරිස් එක්ව ඉතා සූක්ෂ්ම ලෙස වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමේ ව්‍යාපාරයක්
ක්‍රියාත්මක කළ බවට ඔහු චෝදනා කරයි.
එමඟින් ට්‍රම්ප්ගේ පළමුව අමෙරිකානු ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම යටපත් කර, ඉරානය සමඟ යුද්ධයකට අවශ්‍ය වටපිටාව සකස් කළ බව ඔහු පවසයි.
එම ලිපියේ දැක්වෙන්නේ ඉරානයෙන් අමෙරිකාවට ක්ෂණික තර්ජනයක් පවතින බවටත්, දැන්ම ප්‍රහාර එල්ල කළහොත් ඉතා ඉක්මන් ජයග්‍රහණයක් කරා යා හැකි බවටත් ට්‍රම්ප්ව මුළා කර ඇති බවය.
මෙය අතීතයේදී ඉරාක යුද්ධයට අමෙරිකාව පටලවා ගැනීම සඳහා ඊශ්‍රායල භාවිතා කළ උපක්‍රමයක් බවද ජෝ කෙන්ට් සිය ලිපිය මඟින් දැඩිව අවධාරණය කර ඇති බව සඳහන්ය.
45 හැවිරිදි කෙන්ට්, එක්සත් ජනපද විශේෂ බලකායේ සහ CIA ප්‍රවීණයෙක් ද වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..