News Category
From Date
To Date
Maximum Number of Result

අපේ රටේ අතිබහුතරයක් මිනිස්සුන්ට ඉංග්‍රීසි භාෂාව නොහැකි වීම පිළිබඳව මම දුක් වෙන තැනක් තියෙනවා.

ඉරාණය කටාර් සහ ඉරකය කුවේට් යන ඉරාණයට ඉතා ආසන්න ඇමරිකානු කදවුරු වෙත ප්‍රහාර එල්ල කිරීමට ආරම්භ කර තිබේ.

අපේ රට කුඩා වුවත්, ලෝකයේ සිදුවන, සිදුවීම් ගැන දැනගැනීම අපට ඉතා වැදගත්. මන්දයත්, මේවා අපේ ජීවිත වලට සෘජුවම බල නොපෑවද, ලෝක දේශපාලනයේ සහ භූ-දේශපාලනයේ සිදුවන වෙනස්කම් අවසානයේ අපටත් බලපාන නිසයි. එහෙත් බහුතරය මේ සිදුවීම් ඔහේ මතුපිටින් කියවනවා පමණයි. ඒත් මේවා ගැඹුරින් විශ්ලේෂණය කිරිමෙන් අපටත් බොහෝ දෑ ඉගෙනගත හැකියි.

ඊශ්‍රායල් හමුදාව විසින් 1976 දී දියත් කළ තන්ඩබෝල්ට් මෙහෙයුමේ දී ත්‍රස්තවාදීන් විසින් පැහැරගත් ගුවන් මගීන් 102ක් මුදාගත් බවත්, මේ පිළිබඳව ලෝකයේ ජනප්‍රිය චිත්‍රපට ගණනාවක් හැදී ඇති බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග මහතා පවසයි.

ඇය කැඩුණු සිංහලෙන් කියන කතාව එකවර ඔබට තේරුම් ගැනීම අපහසු වෙන්න පුළුවන්. නමුත් උවමනාවෙන් ඇහුවොත් ඇය කියන්නේ මොකක්ද කියලා ඔබට තේරෙයි.

සේනාරත්න ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

‘සකලජන හෙවත් ධනවතාගේ අභාවය’ (1986) ධම්මගේ අවසාන නාට්‍යයයි. මෙය බන්දුල ජයවර්ධන සමඟ එක්ව නිෂ්පාදනය කර ඇත. මෙය ඔස්ට්‍රියනු නාට්‍ය රචක හියුගෝ ෆොන් හොෆ්මන්ස්කාල්ගේ ‘එව්රිමන්’ නමැති නාට්‍යයේ පරිවර්තනයකි. ‘මොරැලිටි ප්ලේ’ නමින් ප්‍රකට ආගමික නාට්‍ය වර්ගයට මෙම නාට්‍ය අයත් වෙයි.

පංච තන්ත‍්‍රය යනු විෂ්ණු ශර්මාන් නැමැති මහා බ‍්‍රාහ්මණාචාර්යවරයකු විසින් ප‍්‍රකාශිත යැයි සළකනු ලබන විශ්ව ග‍්‍රන්ථයකි. එහි ඇත්තේ උපදේශ කතා වස්තූන්ය. මේ, එහි දැක්වෙන "සිංහයා, සිවලා හා බූරුවා" යන හිසින් යුත් එක් උපදේශ කතා වස්තුවකි.

පිරිමින්ගේ දෙකලව අතරින් යවපු ත්‍රිකෝණාකාරයට නවපු රෙදි කඩක් ඉණේ බැදපු හණ ලනුවකින් ඉදිරි පසින් හා පසු පසින් එල්ලා වැටෙන ලෙස සකස් කරපු එකට තමයි අමුඩය කියලා කිව්වේ .. කුඹුරේ වැඩ කරන කොට නම් පිටිපස්සෙන් එල්ලෙන්න දැම්මේ නැහැ. . ඒක හීනියට අඹරලා හින වටේ තිබ්බ පටියට ගැටයක් දැම්මා . මේකෙ වර්ග ගොඩක් තියෙනවා මම ඉස්සරහට ඒ ගැන කතා කරන්නම් ...


ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.