කැඩුණු සිංහලෙන් ඇය ඉල්ලන්නේ කුමක්ද?
ඇය කැඩුණු සිංහලෙන් කියන කතාව එකවර ඔබට තේරුම් ගැනීම අපහසු වෙන්න පුළුවන්. නමුත් උවමනාවෙන් ඇහුවොත් ඇය කියන්නේ මොකක්ද කියලා ඔබට තේරෙයි.
ඇය කුඩා කාලයේදී ඇයගේ පියාව එල්ටීටීඊ සංවිධානය විසින් පැහැරගෙන ගිහින් ඝාතනය කරනවා. ඒ පැහැරගෙන එන්නේ මෙන්න මේ වීඩියෝවේ පෙන්වන තුනුක්කායි කියන එල්ටීටීඊ වදකාගාරයට. ඒ කාලයේ මේ වදකදවුරේ හමුදා සාමාජිකයන් වගේම දහස් ගානක් දෙමළ තරුණ තරුණියන් ද්‍රෝහීන් ලෙස සලකා ඝාතනය කළා. වෙනත් ආයුධ සන්නද්ධ කණ්ඩායම් නියෝජනය කල අයත් උතුරේ බෙදුම්වාදයට විරුද්ධව කටයුතු කල අයත් ඔත්තුකරුවන් ද්‍රෝහීන් විදියට සලකළා මේ ආකරයෙන් ඝාතනය කළා. මේ එක කදවුරක් විතරයි. මේ ආකාරයේ වදකාගාර රාශියක් උතුරේ තියනවා.
මේ දමිළ සහෝදරිය මේ වීඩියෝව මේ වෙලාවේ කරන්න ලොකු හේතුවක් තියනවා.
මානව හිමිකම් ලොක්කා ලංකාවේ නිරීක්ෂණ චාරිකාවකට එනවාලු. ඒ ගමනේදී යාපනේ චෙම්මනි පැත්තේ මේ මෑතකදී හොයාගත්ත සමූහ මිනීවල නරඹන්නත් යනවලු. මේ සමූහ මිනීවලේ තිබ්බ අස්ථි කොටස්වල පරීක්ෂණ තවම ඉවර නෑ. කොයි කාලයට අයත්ද කියලා තවම තහවුරු වෙලත් නෑ. නමුත් උතුරේ හා විදෙස්ගත බෙදුම්වාදී කල්ලි මේවා හමුදාවෙන් කරපු මිනීමැරුම් මානව හිමිකම් කඩකිරීම් කියලා වෙනම කැම්පේන් එකක් කරගෙන යනවා. AI වලින් වීඩියෝ පවා හදලා දැනටමත් ලෝකෙ වටේ යවලා ඉවරයි.
මේවගේ වටපිටාවක තමයි මේ සහෝදරිය මේ වීඩියෝ එක කරන්නේ. ඇය ඉල්ලන්නේ හමුදාවෙන් කරපුවා හොයනවා වගේම එල්ටීටීඊය කරපු මේ අපරාධත් හොයන්න කියලා. ඒ අහිංසක ඉල්ලීම ඔය මානව හිමිකම් ලොක්කන්ට කොහෙත්ම ඇහෙන්නෙ නෑ කියලා මමනම් දන්නවා. එහෙම ඇහෙනවානම් ඔය මානව හිමිකම් ලොක්කා අද ඉන්න ඕනේ ගාසා තීරේ.
විවිධ සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන විතරක් නෙමේ රජයෙන් පවා උතුරේ අතුරුදන් වෙච්ච මිනිසුන්ගේ තොරතුරු වාර්තා ගන්නකොට මේ විදියට එල්ටීටීඊය මගින් පැහැරගෙන අතුරුදන් කළ හා ඝාතනය කරපු අයගේ විස්තර හිතාමතාම නොගෙන ඉන්නවා කියලා යාපනේ අවුරුදු 5 ක් සමාජ සේවා හා දේශපලනය කරපු මම දන්නවා. ඒ නිසාම අතුරුදන්වූවන්ට ලැබෙන රජයේ දීමනා මේ අයට නොලැබී යනවා. ඉතින් ඒක නිසා එල්ටීටීඊය මගින් පැහැරගත් අයගේ අසරණ පවුල්වල සාමාජිකයින් ඒ පැහැරගැනීම් කළේ හමුදාවෙන් කියලා අකමැත්තෙන් උනත් බොරු කියනවා ඒ දීමනාව ගන්න ඕනෙ නිසා.
අපේම Thangathurai Thayani සහෝදරිය මේ කියන කතාව රටම දැනගන්න ඕනේ. දැනගන්නනම් මේක කියවන හැම කෙනාම මෙක ශෙයා කරන්න ඕන. මේ සත්‍ය ලෝකෙට ගෙනියන්න ඕනේ. යුද්ධෙන් මැරුනු මිනිස්සු ආයි එන්නේ නෑ. මේවා නැවත නැවත හාරලා මොනවද මේ මානව හිමිකම් කාරයෝ බලාපොරොත්තු වෙන්නේ? ඔවුන් බලාපොරොත්තු වෙන්නේ තුන්වෙනි ලෝකයේ රටවල් මානව හිමිකම් බූවල්ලාගේ ග්‍රහණයේ තියාගන්න. එයින් ගැලවෙන්න පුළුවන් අවබෝධයෙන් විතරයි. යාපනයේ අපේම සහෝදරියක් රට වෙනුවෙන් ඇගේ හඩ අවදි කළා. දැන් ඔබේ වෙලාවයි. 🙏
- තාරුක ෆොන්සේකා.
(පළමු වීඩියෝව කැඩුණු සිංහලෙන් දෙවැන්න දෙමළ භාෂාවෙන්)
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්