කැඩුණු සිංහලෙන් ඇය ඉල්ලන්නේ කුමක්ද?
ඇය කැඩුණු සිංහලෙන් කියන කතාව එකවර ඔබට තේරුම් ගැනීම අපහසු වෙන්න පුළුවන්. නමුත් උවමනාවෙන් ඇහුවොත් ඇය කියන්නේ මොකක්ද කියලා ඔබට තේරෙයි.
ඇය කුඩා කාලයේදී ඇයගේ පියාව එල්ටීටීඊ සංවිධානය විසින් පැහැරගෙන ගිහින් ඝාතනය කරනවා. ඒ පැහැරගෙන එන්නේ මෙන්න මේ වීඩියෝවේ පෙන්වන තුනුක්කායි කියන එල්ටීටීඊ වදකාගාරයට. ඒ කාලයේ මේ වදකදවුරේ හමුදා සාමාජිකයන් වගේම දහස් ගානක් දෙමළ තරුණ තරුණියන් ද්‍රෝහීන් ලෙස සලකා ඝාතනය කළා. වෙනත් ආයුධ සන්නද්ධ කණ්ඩායම් නියෝජනය කල අයත් උතුරේ බෙදුම්වාදයට විරුද්ධව කටයුතු කල අයත් ඔත්තුකරුවන් ද්‍රෝහීන් විදියට සලකළා මේ ආකරයෙන් ඝාතනය කළා. මේ එක කදවුරක් විතරයි. මේ ආකාරයේ වදකාගාර රාශියක් උතුරේ තියනවා.
මේ දමිළ සහෝදරිය මේ වීඩියෝව මේ වෙලාවේ කරන්න ලොකු හේතුවක් තියනවා.
මානව හිමිකම් ලොක්කා ලංකාවේ නිරීක්ෂණ චාරිකාවකට එනවාලු. ඒ ගමනේදී යාපනේ චෙම්මනි පැත්තේ මේ මෑතකදී හොයාගත්ත සමූහ මිනීවල නරඹන්නත් යනවලු. මේ සමූහ මිනීවලේ තිබ්බ අස්ථි කොටස්වල පරීක්ෂණ තවම ඉවර නෑ. කොයි කාලයට අයත්ද කියලා තවම තහවුරු වෙලත් නෑ. නමුත් උතුරේ හා විදෙස්ගත බෙදුම්වාදී කල්ලි මේවා හමුදාවෙන් කරපු මිනීමැරුම් මානව හිමිකම් කඩකිරීම් කියලා වෙනම කැම්පේන් එකක් කරගෙන යනවා. AI වලින් වීඩියෝ පවා හදලා දැනටමත් ලෝකෙ වටේ යවලා ඉවරයි.
මේවගේ වටපිටාවක තමයි මේ සහෝදරිය මේ වීඩියෝ එක කරන්නේ. ඇය ඉල්ලන්නේ හමුදාවෙන් කරපුවා හොයනවා වගේම එල්ටීටීඊය කරපු මේ අපරාධත් හොයන්න කියලා. ඒ අහිංසක ඉල්ලීම ඔය මානව හිමිකම් ලොක්කන්ට කොහෙත්ම ඇහෙන්නෙ නෑ කියලා මමනම් දන්නවා. එහෙම ඇහෙනවානම් ඔය මානව හිමිකම් ලොක්කා අද ඉන්න ඕනේ ගාසා තීරේ.
විවිධ සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන විතරක් නෙමේ රජයෙන් පවා උතුරේ අතුරුදන් වෙච්ච මිනිසුන්ගේ තොරතුරු වාර්තා ගන්නකොට මේ විදියට එල්ටීටීඊය මගින් පැහැරගෙන අතුරුදන් කළ හා ඝාතනය කරපු අයගේ විස්තර හිතාමතාම නොගෙන ඉන්නවා කියලා යාපනේ අවුරුදු 5 ක් සමාජ සේවා හා දේශපලනය කරපු මම දන්නවා. ඒ නිසාම අතුරුදන්වූවන්ට ලැබෙන රජයේ දීමනා මේ අයට නොලැබී යනවා. ඉතින් ඒක නිසා එල්ටීටීඊය මගින් පැහැරගත් අයගේ අසරණ පවුල්වල සාමාජිකයින් ඒ පැහැරගැනීම් කළේ හමුදාවෙන් කියලා අකමැත්තෙන් උනත් බොරු කියනවා ඒ දීමනාව ගන්න ඕනෙ නිසා.
අපේම Thangathurai Thayani සහෝදරිය මේ කියන කතාව රටම දැනගන්න ඕනේ. දැනගන්නනම් මේක කියවන හැම කෙනාම මෙක ශෙයා කරන්න ඕන. මේ සත්‍ය ලෝකෙට ගෙනියන්න ඕනේ. යුද්ධෙන් මැරුනු මිනිස්සු ආයි එන්නේ නෑ. මේවා නැවත නැවත හාරලා මොනවද මේ මානව හිමිකම් කාරයෝ බලාපොරොත්තු වෙන්නේ? ඔවුන් බලාපොරොත්තු වෙන්නේ තුන්වෙනි ලෝකයේ රටවල් මානව හිමිකම් බූවල්ලාගේ ග්‍රහණයේ තියාගන්න. එයින් ගැලවෙන්න පුළුවන් අවබෝධයෙන් විතරයි. යාපනයේ අපේම සහෝදරියක් රට වෙනුවෙන් ඇගේ හඩ අවදි කළා. දැන් ඔබේ වෙලාවයි. 🙏
- තාරුක ෆොන්සේකා.
(පළමු වීඩියෝව කැඩුණු සිංහලෙන් දෙවැන්න දෙමළ භාෂාවෙන්)
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..