News Category
From Date
To Date
Maximum Number of Result

වේදිකාවේ පෙළහර පෑ ධම්ම ජාගොඩ

Jun 23, 2025 at 07:11 AM
|

‘සකලජන හෙවත් ධනවතාගේ අභාවය’ (1986) ධම්මගේ අවසාන නාට්‍යයයි. මෙය බන්දුල ජයවර්ධන සමඟ එක්ව නිෂ්පාදනය කර ඇත. මෙය ඔස්ට්‍රියනු නාට්‍ය රචක හියුගෝ ෆොන් හොෆ්මන්ස්කාල්ගේ ‘එව්රිමන්’ නමැති නාට්‍යයේ පරිවර්තනයකි. ‘මොරැලිටි ප්ලේ’ නමින් ප්‍රකට ආගමික නාට්‍ය වර්ගයට මෙම නාට්‍ය අයත් වෙයි.

ධම්ම ජාගොඩ සිංහල වේදිකාවේ නළුවකු, නාට්‍ය නිෂ්පාදකවරයකු හා රංග ශිල්ප ශාලිකා ප්‍රධානියකු, ජන නාට්‍ය පර්යේෂකයකු, නාඩගම් ගී ගායකයකු ලෙස නන්විධ අයුරින් කටයුතු කර ඇත.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 'මනමේ (වැදි රජු) ප්‍රමුඛ 'කෝන්තරේ', 'කුවේණි', 'අහස් මාළිගා', 'නැට්ටුක්කාරි', 'හෙලේ නැග්ග ඩෝං පුතා', 'සඳ කිඳුරු', 'දෑවැද්දෝ' ඔහු රඟපෑ නාට්‍ය අතර වෙයි. ධම්ම ඉංග්‍රිසි වේදිකාවේ ද රඟපා ඇත. 'ඩෙත් ඔෆ් අ සේල්ස්මන්', 'පැසේජ් ටු ඉන්ඩියා' ඉන් ප්‍රධාන නාට්‍ය දෙකකි.

ධම්ම නිෂ්පාදනය කළ මුල්ම නාට්‍යය 'තම්මැන්නා' යැයි සිතමි. එකල මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළ ධම්ම එහි සිංහල සාහිත්‍ය සංගමය වෙනුවෙන් මෙය නිපදවා ඇත.

'කැකිල්ලේ' (1961) මුල් යුගයට අයත් තවත් නාට්‍යයකි. කෙරමිණියේ සෝමපාල රචනා කළ පිටපතට අනුව ධම්ම හා හෙක්ටර් රූපසිංහ මෙම නාට්‍යය නිෂ්පාදන කර ඇත. මෙම නාට්‍ය දෙක පිළිබඳවම ප්‍රමාණවත් තොරතුරු සොයා ගැනීම අපහසුය.

කෙසේ වෙතත් ධම්ම නාට්‍යකරුවකු ලෙස වඩාත් කීර්තිමත් වන්නේ 'වෙස් මුහුණු' (1966) නාට්‍යයෙනි. එය ටෙනසි විලියම්ස්ගේ 'අ ස්ට්‍රීට් කාර් නේම්ඩ් ඩිසයර්' නම් වූ නාට්‍යයේ අනුවර්තනයකි. අපේ වේදිකාව තුළ ටෙනසි විලියම්ස් නිසිව හඳුනාගෙන තිබුණේ ධම්ම පමණක් බව වරක් සුගතපාල ද සිල්වා කියා තිබිණි.

'වෙස් මුහුණු' පළමු නිෂ්පාදනයේ සැම්සන් සිල්වා ලෙස ධම්මත් කුමාරි උඩුවෙල ලෙස රෝමා ද සොයිසාත් ස්වර්ණා (උඩුවෙල) සිල්වා ලෙස සුනේත්‍රා ජාගොඩත් රඟපෑ අතර 1966 ජාතික නාට්‍ය උලෙළේදී ධම්ම හා සුනේත්‍රා හොඳම නළු නිළි යුවල ලෙස සම්මාන හිමි කර ගත්හ. රෝමා ද සොයිසාගේ රංගනය උදෙසා කුසලතා සහතිකයක් ලැබිණි.

මෙම නාට්‍යයේ දෙවැනි නිෂ්පාදනයේදී (1967) කුමාරිගේ චරිතය ජනකාන්ත සිනමා නිළි රුක්මණි දේවි විසින් රඟදක්වනු ලැබීම සුවිශේෂත්වයකි. මෙහි තෙවැනි නිපැයුමේදී (1968) එකී චරිතය අයිරාංගනී සේරසිංහ රඟපෑවාය.

'වෙස් මුහුණු' විචාරයට ලක් කළ මහාචාර්ය ආරිය රාජකරුණා විලියම්ස්ගේ මුල් කෘතියේ තිබූ ගැඹුර බොහෝ දුරට සිංහල නාට්‍යයෙන් අතුරුදන් වූ බව කියා ඇත.

1969 දී තමාට ලැබුණු ශිෂ්‍යත්වයක් මත එංගලන්තයට ගිය ධම්ම නොටිංහැම් නාට්‍ය ඇකඩමියේ නාට්‍ය කලාව හැදෑරුවේය. එහිදී ඔහු ඇමෙරිකාව, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, පෝලන්තය, හංග්රියාව වැනි රටවලට ගොස් තවදුරටත් තම දැනුම පෝෂණය කර ගත්තේය. මේයර්ගෝල්ඩ්, පීහ්ටර් බෲක්, ග්‍රොටොවුස්කි වැනි ප්‍රකට නාට්‍යකරුවන්ගේ ශිල්ප ධර්මතා ඔහු හැදෑරුවේ ඒ ගමන් වාරවලදීය.

'කොරා සහ අන්ධයා' නාට්‍යයත් 'පරස්තාව' නාට්‍යයත් ධම්ම 1970 දී නිෂ්පාදනය කළේය. 'කොරා සහ අන්ධයා' ආචාර්ය ධර්මසේන පතිරාජගේ නාට්‍ය රචනයකි. මේ නාට්‍යයේ කතා පුවත සැකෙවින් මෙසේය.

එක්තරා රාජ කුමරියක් අවුරුදු සීයකට පසු නින්දෙන් අවදි වන මොහොතේ කොරුන් දහසකට ඇවිදීමටත් අන්ධයන් දහසකට පෙනීමටත් වරම් ලැබෙන බව කියැවෙයි. මේ වාසනාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා කොරෙක් හා අන්ධයෙක් දිගු ගමනක යෙදෙති. අන්ධයා අත හැරමිටියකි. ඔවුනොවුන්ගේ සහාය දෙදෙනාටම අවශ්‍ය කෙරේ. එකෙකු කෙරෙහි අනිකකු පවතී. අන්ධයාගේ කර මත ගමන් ගන්නා කොරා අන්ධයාට හිරිහැර කරයි. කොරා අතරමඟ හැර දැමීමට වරෙක අන්ධයා උත්සාහ කරයි. එහෙත් කොරා උපායශීලීව අන්ධයා තමා වෙත නම්මාගෙන තවදුරටත් ඔහුගේ කර පිටින් යයි. ඔවුහු දිගු ගමන නිමා කර කුමරිය වෙසෙන මන්දිරයට ඇතුළු වෙති. කොරා ඇවිදියි. අන්ධයාට ඇස් පෙනීම ලැබේ. කොරා අන්ධයාගේ කර පිටින් බසිත්ම තම අරමුණ කරා ළඟාවන්ට පිහිට වන අන්ධයාගේ ගෙල මිරිකා මරා දමයි. අන්ධයාගේ මළ සිරුර මතින් පියවර තබන කොරා තනියම විමුක්තිය අත්පත් කරගන්ට තැත් දරයි.

මෙම නාට්‍යයේ කොරා ලෙස දයා තෙන්නකෝන් ද අන්ධයා ලෙස විමල් කුමාර ද කොස්තා ද රඟපෑහ.

'කොරා සහ අන්ධයා' හැටේ දශකය අග භාගයේදී පමණ මෙරට තුළ ප්‍රචලිත වන්නට පටන්ගත් විකාරරූපී නාට්‍ය රැල්ලේ ඉතා වැදගත් නාට්‍යයකි. මෙම නාටකයට මුල් වී ඇති කොරාගෙත් අන්ධයාගෙත් අන්‍යොන්‍ය අවලම්බිත ස්වභාවය පිළිබඳ මමෝරූපයක් යැයි කියන මහාචාර්ය විමල් දිසානායක මේ මනෝ රූපය පැරණි සිංහල ජනසාහිත්‍යයෙත් සීගිරි පද්‍යයකත් දක්නා ලැබෙන බව කියයි. එසේම ඒ අරභයා තවදුරටත් කියන මහාචාර්ය දිසානායක මේ මමෝ රූපය සිහියට නංවන මානුෂික අවස්ථා විකාරූපී නාට්‍ය රචක සැමුවෙල් බෙකට්ගේ ඇතැම් නාට්‍යයක දක්නා ලැබෙන අතර වැස්කෝ පෝපා නමැති යුගොස්ලාවියානු කවියාගේ රචනයක ද මෙයම අලංකාරෝක්තියක විලාසයෙන් දක්නා ලැබෙන බව කියයි.

'කොරා සහ අන්ධයා' ප්‍රංශ බසටද නැගුණ බව එක් තැනක සඳහන් වෙයි.

'කොරා සහ අන්ධයා' සමඟ රංගගත කළ 'පෝරිසාදයා' ඇන්ටන් චෙකෝව්ගේ 'ද බෙයාර්' නාට්‍යයේ පරිවර්තනයකි. පරිවර්තනය මහාචාර්ය තිස්ස කාරියවසම්ගෙනි. වින්ස්ටන් සේරසිංහ, අයිරාංගනී සේරසිංහ, හෙක්ටර් රූපසිංහ, ලකී වික්‍රමනායක, මෙහි රඟපෑහ.

'මළවුන් නැඟිටියි' ධම්මගේ තවත් නාට්‍යයකි. මෙය 71 කැරැල්ල දෙස බැලීමක් ලෙස සැලකිය හැකිය. ඒ නිසාදෝ මේ නාට්‍යය මුලින් තහනමට ලක් වූ අතර පසුව විශ්ව විද්‍යාල හතරේ පමණක් රංගගත කරන්නට අවසර දෙන ලදී. ජයශ්‍රී චන්ද්‍රජිත් කොළඹ සරසවියේ සිසුවකු වශයෙන් මෙම නාට්‍යයට රංගනයෙන් දායක වූයේය.

71 කැරැල්ලෙන් පසු එය කවර හෝ ආකාරයකින් යොදා ගත් නාට්‍ය කීපයක්ම වේදිකාවට ආවේය. ක්ලයිව් ශාන්තගේ 'කඳුළු ගෑස්', හෙක්ටර් කුමාරසිරිගේ 'දඩිං බිඩිං ඩෝං', සෝම රත්න දිසානායකගේ 'වෙඩික්කාරයෝ' වැනි නාට්‍ය ඉන් කීපයකි.

'මළවුන් නැඟිටියි' එක් අතකට වේදිකාවේ කෙරුණු අත්හදා බැලීමක් ලෙස ද සැලකිය හැකිය. එය අන්තොයින් ආර්ටෝගේ කුරිරු රංගන (THERTRE OF CRUELTY)  සම්ප්‍රදාය මත නිපදවූවකි. අපේ ජන නාට්‍ය හා රුසියානු නාට්‍යවේදී සිවලොඩ් මේයර්හෝල්ඩ් ගේ ආභාසය ද මෙහිලා දැක්ක හැකි විය.

'මළවුන් නැඟිටියි' වේදිකාවක් මත නොව පේ‍්‍රක්ෂාගාරය මැද ඉදිරිපත් කෙරුණු අතර මුද්‍රිත පිටපත් බලා කවි ගායනා කිරීම ආදියට ප්‍රේක්ෂකයන් ද සහභාගි කර ගැනිණි.

'මළවුන් නැඟිටියි' ෆැසිස්ට්වාදයට අත වනන නාට්‍යක් ලෙස හංවඩු ගැසීමට සමසමාජ පත්‍රය උත්සාහ කළ බව විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය වන 'කම්කරු මාවත' පත්‍රය චෝදනා කරයි. කලාවේ තේමා සීමා කිරීමටත් හවුල් ආණ්ඩුවේ ප්‍රතිවිප්ලවවාදී අරමුණ ජනතාව ඉදිරියේ රෝස පාටින් පින්තාරු කරන ලෙස අණ කිරීමටත් ස්ටැලින්වාදීන් හා සමසමාවාදීන් යුහුසුලු වන බව එම පුවත්පත තවදුරටත් කියයි.

'මොස්කව් ගිනි ගනී' ඒ අවදියේදීම ධම්ම නිෂ්පාදනය කළ නාට්‍යයකි. මෙහිදී ද මේයර් ගෝල්ඩ්ගේ ආභාසය ලබා ඇත . මෙය විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂයේ නිෂ්පාදනයකි. මොස්කව් අවනඩු මෙයට පාදක වී ඇත.

ධම්ම, ගුණසේන ගලප්පත්තිගේ 'මුහුදු පුත්තු' නාට්‍යයේ නව නිෂ්පාදනයක් ඉදිරිපත් කළේය. එහි විශේෂත්වය වූයේ එය සම්මත ප්‍රොසීනියම් වේදිකාව මත නොව රවුම් වේදිකාවක රංගගත කිරීමයි. ඇමෙරිකාවේ 'ඇරිනා තියටර්' යනුවෙන් හැඳින්වෙන්නේ මෙම රංග භාවිතාවයි. අයිලින් සරච්චන්ද්‍ර, රවීන්ද්‍ර රන්දෙනිය, සුනේත්‍රා ජාගොඩ, ස්වර්ණා මල්ලවආරච්චි, සුමින්ද සිරිසේන, ලෙස්ලි රාමනායක, අයිරංගනී ගුණසිංහ (කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහගේ දියණියකි) මෙහි රඟපෑහ. මුහුද නිරූපණය කිරිම සඳහා නළු නිළියන් සමඟ ආලෝකය යොදා ගැනීම නව මුහුණුවරක් ගත්තේය. වේදිකා පරිපාලනය ප්‍රේමතිලක පේරුකන්දගෙනි.

'සකලජන හෙවත් ධනවතාගේ අභාවය' (1986) ධම්මගේ අවසාන නාට්‍යයයි. මෙය බන්දුල ජයවර්ධන සමඟ එක්ව නිෂ්පාදනය කර ඇත. මෙය ඔස්ට්‍රියනු නාට්‍ය රචක හියුගෝ ෆොන් හොෆ්මන්ස්තාල්ගේ 'එව්රිමන්' නමැති නාට්‍යයේ පරිවර්තනයකි. 'මොරැලිටි ප්ලේ' නමින් ප්‍රකට ආගමික නාට්‍ය වර්ගයට මෙම නාට්‍ය අයත් වෙයි. 'සකල ජන' රංග ගත වූයේ කොළඹ කෞතුකාගාර භූමියේ ඒ සඳහාම ඉදි කළ එළිමහන් මණ්ඩපයකය. මෙය ජාගොඩගේ නාට්‍ය ජීවිතයේ 'රූපවාහිනි උන්මාදය' පිළිබිඹු කළ නිසරු ප්‍රයත්නයක් බව ධම්මගේම ගෝලයකු වන ප්‍රේමතිලක පේරුකන්ද ලියා ඇත.

ධම්ම 1971 දී ලයනල් වෙන්ටඩ් 'රංග ශිල්ප ශාලිකාව' අරඹමින් පැවැත් වූ නාට්‍ය පාඨමාලාව පසු කාලයේ දක්ෂ නළු නිළි පිරිසක් බිහිවීමට උපස්තම්භක වූයේය. ලෙස්ලි රාමනායක, සුනිලා අබේසේකර, ලලින් ජයමාන්න, රවීන්ද්‍ර රන්දෙනිය, සුමින්ද සිරිසේන, ප්‍රේමතිලක පේරුකන්ද මෙහි මුල් කණ්ඩායමට ඇතුළත් වූහ. 'මුදු පුත්තු' නව නිෂ්පාදනය මෙයින් කීප දෙනකුම සම්බන්ධ කර ගැනිණි. මහාචාර්ය සරච්චන්ද්‍ර ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු කරද්දී එතුමාගේ නාට්‍ය අඛණ්ඩව පවත්වාගෙන ගියේ ධම්මගේ පරිශ්‍රමයෙනි.

ධම්ම කලක් විෂය මාලා මධ්‍යස්ථානයේ නාට්‍ය අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය. 1982 දී ජාතික රූපවාහිනිය ආරම් කිරීමත් සමඟම එහි නාට්‍ය අංශ ප්‍රධානියා වූයේ ද ධම්මය. 'ටෙලිවිෂන් ඩ්‍රාමා' සඳහා 'ටෙලි නාට්‍ය' යන වචනය හැදුවේ ධම්මය. රූපවාහිනිය සඳහා ටෙලි නාට්‍ය කීපයක්ම අධ්‍යක්ෂණය කළේය. (උදා: පළිඟු මැණිකේ', 'මිහිකතගේ දරුවෝ', 'සඳක කතාවක්' (ඒකාංගික).

- සුනිල් මිහිඳුකුල

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.