News Category
From Date
To Date
Maximum Number of Result

ඇමෙරිකාවේ මිනිස්සු 90%ට වැඩි පිරිසක් LG BT ක්‍රියාකාරකම් සහ වෝක් සංස්කෘතිය ප්‍රතික්ෂේප කරලා.. ඒත් ලංකාවේ..?

Jun 24, 2025 at 09:25 AM
|

අපේ රටේ අතිබහුතරයක් මිනිස්සුන්ට ඉංග්‍රීසි භාෂාව නොහැකි වීම පිළිබඳව මම දුක් වෙන තැනක් තියෙනවා.

ඒ රට පණ්ඩිතයො කියනවා වගේ ලෝකය ජය ගන්න තියෙන බාධාවක් නිසා නෙවෙයි.

මේ මොහොතේ LG BT ප්‍රමුඛ වෝක් සංස්කෘතියට එරෙහිව යුරෝපයේ සහ ඇමෙරිකාවේ මිනිස්සුන්ගේ සටන පිළිබඳ අපේ රටේ මිනිස්සු අප්ඩේට් නැතිවීම ගැන.

ඉංග්‍රීසි භාෂාව බැරියර් එකක් නොවුනා නම් අපේ රටේ මිනිස්සුන්ට ලෝකේ වෙන දේ දැනගන්න තිබුනා. නමුත් එවැන් තත්ත්වයක් නැති නිසා අපේ රටට ඊළගට එල්ල වෙන දැවැන්ත තර්ජනයක් ගැන අපේ රටේ මිනිස්සු අප්ඩේට් නෑ.

ඒ වගේම රැඩිකල්, බෞද්ධ විරෝධි, NGO සල්ලි ලබන සුලුතර කල්ලිය අපේ රටේ මිනිස්සුන්ගේ නොදැනුවත්කම පාවිච්චි කරලා ම්නිස්සු බ්‍රේන් වොෂ් කරමින් ඉන්නවා.

දැන් යුරෝපයේ සහ ඇමෙරිකාවේ සාමාන්‍ය මිනිස්සු 90%ට වැඩි පිරිසක් LG BT ක්‍රියාකාරකම් සහ වෝක් සංස්කෘතිය දැඩිව ප්‍රතික්ෂේප කරමින් යනවා.

මෙතෙක් කාලයක් වෝක් සංස්කෘතිය ප්‍රවර්ධනය කරපු බිස්නස් අද බිංදුවටම වැටිලා.

LG BT ක්‍රියාකාරකම් දරුවන්‍ට පෙන්නපු ඩිස්නි එක සතියෙන් සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 40ක් නැති කරගත්‍තා. ට්‍රාන්ස් මොඩ්ල් කෙනෙක් ඇඩ් එකකට ගත්තු බඩ් ලයිට් බියර් බිංදුවටම වැටිලා.

කොටින්ම මේ ඊනියා ප්‍රයිඩ් මන්ත් එකේ ඇමෙරිකාව සහ යුරෝපයේ මිනිස්සු දැඩිව වෝක් සංස්කෘතිය හුදකලා කරමින් පරාජය කරමින් ඉන්නවා.

හැබැයි ලංකාවේ ?

තාම ප්‍රයිඩ් පැරේඩ්ස් යනවා. 

මම දැක්කා ඊනියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙකුගේ පෝස්ට් එකක කමෙන්ට් තීරුවේ පොඩි දරුවෙකුගේ අම්මා කෙනෙක් තමන්ගේ වයස අවුරුදු හතරක කුඩා දරුවා කාන්තා ඇඳුමක් ඇදන් ඉන්නවා සමරනවා.

ලංකාවටත් රැල්ල හමමින් තිබෙන බව පැහැදිලියි.

මේ රැල්ල ස්ථාපිත කරන මිනිස්සුන්ගේ තර්ක කිහිපයක් තියෙනවා.

1) මේ මිනිස්සු ඉපදුනේ මේ විදියට.

බොරු.. බොහෝ වෙලාවට මේ දේවල් සමාජයේ ඇසුරු කිරීම් නිසා පැතිරෙන දේවල්. බොහෝ වෙලාවට විකෘතින්. උපතින් හිමිවෙන දේවල් නෙවෙයි.

2) විද්‍යාව.

සමලිංගිකත්වය 1971 වෙනතුරු මානසික රෝගයක් ලෙසට සැලකුනා.

ප්‍රබල කැම්පේන් එකකට පස්සෙ 1971 DHS (The Demographic and Health Surveys) එකෙන් සමලිංගිකත්වය රෝගයක් නොවන දෙයක් විදියට පිළිගත්‍තා.

ඒක කළේ දේශපාලන සහ මානව හිමිකම් කැම්පේන් එකකට පස්සෙ මිසෙක විද්‍යාත්මක පරීක්ෂණ වලට පස්සෙ නෙවෙයි.

හොදට තේරුම් ගන්න.

අද විද්‍යාව සහ DHS තනිකර දේශපාලනික උපාංග.

DHS ප්‍රධාන ෆන්ඩර් US AID එක.

විද්‍යාව කියලා ඔබට මාධ්‍ය වලින් දෙන්නේ ආගියුමන්ට් එකේ එක පැත්තක කතාව විතරයි.

ආගියුමන්ට් එකේ අනිත් පැත්තේ කතාව සහ ෆැක්ට්ස් සෙන්සර් කිරීම මොවුන් ඉතා දරුණුවට කරනවා.

LG BT තත්ත්ව අසාමාන්‍ය, රෝග යැයි කියූ මහාචාර්යවරු , විද්‍යාඥයො බහුතරයක් මොවුන් කැන්සල් කළා. 

ඔවුන්ගේ මතය නිහඩ කළා.

අද විද්‍යාව වැඩ කරන්නෙ එහෙමයි 

අද විද්‍යාව කියන්නෙත් පරම සත්‍ය නෙවෙයි. සෙන්සර් කරපු දේශපාලනික ටූල් එකක්.

හොදම උදාහරණය, දැන් ටික කාලයකට කලින් DHS එකෙන් ළමා දුෂකයො උපතින්ම එන මානසික තත්වයක් විදියට පිළිගත්තා.

පස්සේ විරෝධය මැද ඒක අත්වැරදීමක් කියලා කිව්වා.

ඒක අත්වැරදීමක් නෙවෙයි. මේ වෝක් සංස්කෘතියේ "ප්‍රොග්‍රෙස්" කියලා සමාජයේ විකෘතීන්, අපරාධ සාමාන්‍යකරනීකරන කරන හැටි.

මෙතන කිසිම විද්‍යාවක් නෑ. එක පැත්තක ආගියුමන්ට් එකක් සහ දේශපාලනයක් විතරයි තියෙන්නෙ.

මේ මොහොතේ ඇමෙරිකාවේ දෙමාපියන්, වෝක් සංස්කෘතිය ප්‍රවර්ධනය කරන ඇමෙරිකානු පාසල් මණ්ඩල ප්‍රතික්ෂේප කරමින් යනවා.

දරුවන්ට සමලිංගිමත්වය, ට්‍රාන්ස් වගේ සංකල්ප උගන්නන ගුරුවරු පාසල් වලින් එලවමින් යනවා.

අද ඇමෙරිකාවේ ජනප්‍රියතම දේශපාලකයො වෙන්නේ මේවට විරුද්ධව කතා කරන රොන් ඩිසැන්ටිස් ලා ට්‍රම්ප් ලා.

ඇමෙරිකාවේ වැඩිම පිරිසක් බලන කථිකයො වෙන්නෙ මේවට විරුද්ධව කතා කරන බෙන් ශැපීරෝ ලා, මැට් වෝල්ෂ්  ලා, මයිකල් නෝල්ස් ලා, ඇන්ඩෘ ටේට් ලා. ජෝර්ඩාන් පීටර්සන් ලා.

ඇමෙරිකාවේ මිනිස්සු මේ සංකල්ප වැඩ කරන විදිය තේරුම් අරන් අවසන්.

ශ්‍රී ලංකාවත් ඉතා දරුණු කඩාවැටීමක, ආක්‍රමණයක මුල ඉන්නේ.

ඒ සඳහා සියලූම නෛතික සහ සමාජීය පසුබිම සැකසෙමින් තියෙනවා.

මෙහි අව්සාන ඉලක්කය ඔබේ දරුවන්. එමගින් විකෘති වෙච්ච, දුර්වල පරම්පරාවක් හදන එක මොවුන්ගේ ඉලක්කය.

අද ලෝකයේ හොදම ජනගහන පාලන අවිය මේ. 

ඔබට කළ හැකි එකම දේ දැනුවත් වීම් විතරයි.

මේ සියල්ල විකෘතින්. මානසික රෝග.

මේවා උපතින්ම ගේන සාමාන්‍ය තත්ත්ව නෙවෙයි.

බොරු දේශපාලනික විද්‍යාවට ඔබව රවට්ටන්න දෙන්න එපා.

මේවා පැතිරෙන්නෙ මේවා ප්‍රවර්ධනය කරන තරමට.

මේවා හැංගිලා, හංගලා තියෙනතුරු සමාජය රට ආරක්ෂිතයි.

- උපුටාගැනීමකි

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.