News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් එක් රාත්‍රියකදී නිමාවට ?

Jun 23, 2025 at 01:18 PM
|

අපේ රට කුඩා වුවත්, ලෝකයේ සිදුවන, සිදුවීම් ගැන දැනගැනීම අපට ඉතා වැදගත්. මන්දයත්, මේවා අපේ ජීවිත වලට සෘජුවම බල නොපෑවද, ලෝක දේශපාලනයේ සහ භූ-දේශපාලනයේ සිදුවන වෙනස්කම් අවසානයේ අපටත් බලපාන නිසයි. එහෙත් බහුතරය මේ සිදුවීම් ඔහේ මතුපිටින් කියවනවා පමණයි. ඒත් මේවා ගැඹුරින් විශ්ලේෂණය කිරිමෙන් අපටත් බොහෝ දෑ ඉගෙනගත හැකියි.

"සූන් ට්සු" (Sun Tzu) යනු පුරාණ චීන යුද උපාය මාර්ගිකයෙක්. ඔහුගේ "යුද කලාව" (The Art of War) නමැති ග්‍රන්ථය අදටත් ලෝකයේ ප්‍රමුඛ පෙළේ නායකයින්, ව්‍යාපාරිකයින් සහ යුද විශේෂඥයින් විසින් අධ්‍යයනය කරනු ලබනවා. එහි මූලිකම සංකල්පයක් වන්නේ, සටනකින් තොරව ජයග්‍රහණය කිරීමයි. 

එනම්, සතුරාගේ ශක්තිය හඳුනාගෙන, ඔහුගේ දුර්වලතා උපයෝගී කරගෙන, සෘජු ගැටුමකින් තොරව ඉලක්කය සපුරා ගැනීමයි. ඔබ සමහර විට සූන් ට්සු ගැන හා ඔහුගේ පොත අසා තිබුණත්, එහි ඇති ගැඹුරු අදහස් ගැන දැනගන්නට ලැබී නැති වෙන්න පුළුවන්..

පුරාණ චීනයේ අධිරාජ්‍යයෙකු වූ හෝලු (Ho Lu) අධිරාජයාට සූන් ට්සුගේ යුද උපක්‍රම ගැන අසන්නට ලැබුණි. ඔහු සූන් ට්සු කැඳවා, ඔහුගේ 'න්‍යායන්' පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසීය, එවිට සූන් ට්සුට ඒ සදහා බලය ලබාගෙන, අධිරාජයාගේ අන්තඃපුරයේ සිටි කාන්තාවන් 180 දෙනෙකු රැගෙන එන ලෙස අණ කළේය..

ඔවුන් එහි කැදවා ගෙන ආ පසු සූන් ට්සු මෙම කාන්තාවන් කණ්ඩායම් දෙකකට බෙදා, අධිරාජයාගේ ප්‍රියතම උපභාර්යාවන් දෙදෙනා ඔවුන්ගේ නායිකාවන් ලෙස පත් කළේය. ඉන්පසු ඔහු ඒ නායිකාවන්ට සරල හමුදා විධානයන් කිහිපයක් කියන ලෙස අණ කළේය. ඒ අනුව ඔවුන් දෙදෙනා,

"දකුණට හැරෙන්න," 

"වමට හැරෙන්න," 

"ඉදිරියට යන්න." යැයි කීහ. 

එහෙත් කණ්ඩායම් දෙකේම කාන්තාවන් මේවා විහිළුවට ගෙන සිනාසෙන්නට පටන් ගත්හ. සූන් ට්සු නැවතත් උපදෙස් ලබා දී,

"ඔවුන් ඔබේ උපදෙස් නිසි ලෙස තේරුම් ගත්තේ නැතැයි සිතමි" යැයි පවසා, නැවතත් විධානයන් ලබා දෙන ලෙස අණ කළේය. නමුත් එවිටත් ඔවුන් සිනාසෙන්නට වූහ. මේ අවස්ථාවේදී සූන් ට්සු මෙසේ පැවසීය. 

"විධානයන් පැහැදිලි නොවේ නම්, වරද සෙන්පතියාගේ ය. නමුත් විධානයන් පැහැදිලි වූ පසුත්, භටයින් කීකරු නොවන්නේ නම්, වරද නායකයින්ගේ ය." එසේ පවසා, ඔහු නායිකාවන් දෙදෙනාවම මරණයට පත් කිරීමට නියෝග කළේය. අධිරාජයා මේ ගැන විරෝධය පෑවත්, සූන් ට්සු ඔහුගේ තීරණය වෙනස් කළේ නැත. 

නව නායිකාවන් පත් කළ පසු, සූන් ට්සු නැවතත් විධානයන් ලබා දුන්නේය. මෙවර, කාන්තාවන් නිශ්ශබ්දව, කිසිදු පැකිලීමකින් තොරව විධානයන් ක්‍රියාත්මක කළහ. එවිට සූන් ට්සු අධිරාජයාට පැවසුවේ, 

"ඔබේ හමුදා දැන් පුහුණු වී ඇත" කියාය..

මෙම කතාවෙන් සූන් ට්සු අපට උගන්වන්නේ විනයෙහි වැදගත්කම හා ඔබේ වචන කිසිවකු ගණන් නොගන්නේ නම් එය සුළුකර නොසිතන ලෙසයි . ඕනෑම කණ්ඩායමක, ආයතනයක හෝ රටක සාර්ථකත්වයට විනය අත්‍යවශ්‍ය වේ. නායකයෙකුට තම විධානයන් පැහැදිලිව ලබා දිය හැකි විය යුතු අතර, ඒවා ක්‍රියාත්මක නොවන විට දැඩි තීරණ ගැනීමට ද පසුබට නොවිය යුතුය. 

"සූන් ට්සු" තම යුද කලාවේදී නිතරම අවධාරණය කළ තවත් කරුණක් තමයි, යුද්ධයකට යාමට පෙර සතුරා ගැන මෙන්ම තමා ගැනත් හොඳින් දැන සිටිය යුතු බව. 

"ඔබ සතුරා ගැන දැනගෙන, ඔබ ගැනත් දැන සිටින්නේ නම්, ඔබ සටන් සියයක් වුවත් බිය විය යුතු නැත. ඔබ ඔබ ගැන දැනගෙන, සතුරා ගැන නොදන්නේ නම්, ඔබ දිනන සෑම සටනක්ම ඉදිරියේදී  පරාජය වීමට සිදුවනු ඇත, ඔබ ඔබ ගැනත්, සතුරා ගැනත් නොදන්නේ නම්, සෑම සටනකදී ඔබට පරාජය වීමට සිදුවනු ඇත!"

ඔහු මෙය හුදු උපදේශයක් ලෙස දුන්නේ නැත. සූන් ට්සු සතුරාගේ භූමි ප්‍රදේශය, ඔවුන්ගේ ශක්තීන් සහ දුර්වලතා, ඔවුන්ගේ සෙන්පතීන්ගේ ගතිගුණ, ඔවුන්ගේ සැපයුම් මාර්ග, සහ ඔවුන්ගේ සදාචාරය පවා හොඳින් අධ්‍යයනය කළ යුතු බව පැවසීය. එලෙසම, තමාගේම හමුදාවේ ශක්තීන්, දුර්වලතා, සම්පත් සහ හැකියාවන් ගැනත් නිවැරදි අවබෝධයක් තිබිය යුතු බව අවධාරණය කළේය. 

මෙයින් සූන් ට්සු අපට උගන්වන්නේ තොරතුරුවල සහ දැනුමේ අගයයි. එය ව්‍යාපාරයක්, විභාගයක්, ක්‍රීඩාවක් හෝ ඕනෑම අභියෝගයක් විය හැක, අප අපගේ තරඟකරුවන් ගැනත්, අපේම ශක්තීන් සහ දුර්වලතා ගැනත් හොඳින් දැන සිටිය යුතුයි. නිවැරදි තොරතුරු සහ විශ්ලේෂණයකින් තොරව ගන්නා තීරණ බොහෝ විට අසාර්ථක වීමට හේතු වේ. 

සටනකින් තොරව ජයග්‍රහණය කිරීම හෙවත් ප්‍රඥාවේ උච්චතම අවස්ථාව මේ තමයි, සූන් ට්සුගේ දර්ශනයේ මූලිකම සංකල්පය, එනම් හැකි නම් සටනකින් තොරව ජයග්‍රහණය කිරීමයි. "උසස්ම විශිෂ්ටත්වය වන්නේ සටන් නොකර සතුරාගේ ප්‍රතිරෝධය බිඳ දැමීමයි." 

මෙයින් අදහස් කළේ සතුරාට පහර දීමෙන් වැළකී සිටීම හෝ බියගුලු වීම නොවේ. ඒ වෙනුවට, සතුරාගේ මනසට බලපෑම් කිරීම, ඔවුන්ගේ සදාචාරය බිඳ දැමීම, ඔවුන්ගේ සම්පත් කපා හැරීම, සහ ඔවුන්ව ව්‍යාකූල කිරීම වැනි උපක්‍රම භාවිතා කිරීමයි. සූන් ට්සු විශ්වාස කළේ, සෘජු ගැටුමකින් තොරව සතුරාට යටත් වීමට සැලැස්වීම සැබෑ ප්‍රඥාවේ සලකුණ බවයි. මන්දයත්, යුද්ධය යනු සම්පත් නාස්තියක් වන අතර, එයින් සිදුවන්නේ හානියක් පමණි. සටනකින් තොරව ජයග්‍රහණය කිරීමෙන් මිනිස් ජීවිත, සම්පත් සහ කාලය ඉතිරි කර ගත හැක. 

මේ කතාව අපිට උගන්වන්නේ ප්‍රඥාවේ සහ දුරදක්නා නුවණෙහි වැදගත්කමයි. ජීවිතයේදී අපිට ගැටුම් ඇතිවෙන අවස්ථා තියෙනවා. සමහර විට අපිට හිතෙන්න පුළුවන් ගැටුමට මුහුණ දෙන එක තමයි එකම විසඳුම කියලා. නමුත් සූන් ට්සු අපිට කියා දෙන්නේ, ගැටලුවකට මුහුණ දෙන හොඳම ක්‍රමය එය ඇතිවීම වළක්වා ගැනීම බවයි. 

ව්‍යාපාරයේදී, පවුල් සබඳතාවලදී හෝ ඕනෑම පුද්ගලික ගැටලුවකදී, ගැටුම් උග්‍ර කර ගැනීම වෙනුවට බුද්ධිමත් උපක්‍රම වලින් එය විසඳා ගැනීමට උත්සාහ කිරීමෙන් අපට විශාල ජයග්‍රහණ ලබාගත හැකියි. ඊට අමතරව, අසාධාරණයක් වෙන්න කලින්, හෝ ගැටලුවක් ලොකු වෙන්න කලින්, අපිට ඥානවන්තව ඒක වළක්වා ගන්න පුළුවන් නම්, ඒක තමයි ලොකුම ජයග්‍රහණය..

ඉරාන යුද්ධයේ දී සිදුවන බොහෝ සිදුවීම් "සූන් ට්සු" දර්ශනයට සමීපයි. සැලසුම් කළ, මනෝ විද්‍යාත්මකව සතුරා බිඳ හෙලන උපක්‍රම, මාධ්‍ය සංදර්ශන එහි පිරි තිබෙනවා! මේ ගැන කියද්දි මට මතක් වෙන චරිතයක් ඉන්නවා ඒ ජෝර්ජ් ඕවල්, ඔහු 20 වැනි සියවසේ ජීවත් වුණු, ලෝකයේ භයානක පැති ගැන තීක්ෂ්ණව දැකපු කෙනෙක්. එයාගේ අදහස් අදටත් අතිශයින්ම අදාළයි.  

ජෝර්ජ් ඕවල් කියන්නේ එරික් ආතර් බ්ලෙයාර් (Eric Arthur Blair) කියන නමින් ඉන්දියාවේ, බෙංගාලයේ ඉපදුණු කෙනෙක්. ඒ කාලේ ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබුණේ. එයා හැදුණේ වැඩුණේ එංගලන්තයේ. ඕවල්ගේ ජීවිතේ අත්දැකීම් හරිම විවිධයි. එයා පොලිස් නිලධාරියෙක් විදියට බුරුමයේ වැඩ කළා. ඒ අත්දැකීම් එයාට යටත් විජිත පාලනයේ සහ බලයේ ස්වභාවය ගැන ගැඹුරු අවබෝධයක් දුන්නා. පසුව එයා පැරිස් සහ ලන්ඩන් වල අන්ත අසරණ ජීවිත ගත කරන මිනිස්සු එක්ක ජීවත් වුණා. ස්පාඤ්ඤ සිවිල් යුද්ධයට සහභාගී වුණා. මේ හැම අත්දැකීමක්ම එයාගේ ඇස් ඇරියා. ඕවල් දැක්ක දෙයක් තමයි, ස්පාඤ්ඤයේදී යුද්ධය ගැන මාධ්‍යවල පළවන වාර්තා සත්‍යයෙන් කොයිතරම් දුරස්ද කියලා එයාට තේරුණා...

යුද්ධයක් නැති තැන්වල යුද්ධ ගැනත්, සටන් සිදුවුණු තැන්වල ඒ ගැන නිශ්ශබ්දතාවයත් එයා දැක්කා. වීරයන්ව බියගුල්ලන් විදියටත්, බියගුල්ලන්ව වීරයන් විදියටත් හඳුන්වන හැටි එයාට පෙනුණා. මේ සිදුවීම් නිසා එයා තේරුම් ගත්තා "සත්‍යය" කියන එක කොයිතරම් පහසුවෙන් විකෘති කරන්න පුළුවන්ද කියලා. බලය තියෙන අයට ඕන විදියට ඉතිහාසය පවා ලියන්න පුළුවන් බව එයාට වැටහුණා. මේ තත්ත්වය "ඒකාධිපතිවාදයට"  මඟ පාදන බව එයා තදින්ම විශ්වාස කළා.. ඒ නිසා ඕවල් ලෝකයට දුන්න ලොකුම අනතුරු ඇඟවීම් දෙක තමයි එයාගේ "සතුන්ගේ ගොවිපළ" (Animal Farm) සහ "1984" කියන පොත් දෙක. මේවා තාමත් මිලියන ගණන් මිනිස්සු කියවනවා.

සතුන්ගේ ගොවිපළ (Animal Farm)

මේක හරි සරල කතාවක් වගේ පෙනුණත්, ඇත්තටම ඒක අද ලෝකය ගැන ලියවුණු රූපක කතාවක් (allegory). ගොවිපළක ඉන්න සත්තු තමන්ව පෙළා පීඩා කරන මිනිස්සුන්ට විරුද්ධව විප්ලවයක් කරනවා. ඒ අය හිතනවා තමන්ට වඩා හොඳ ලෝකයක් හදාගන්න පුළුවන් කියලා. මුලදී හැම දෙයක්ම හොඳින් සිදුවනවා වගේ පෙනුණත්, පාලනය අතට ගත්ත ඌරන් ටික ටික මිනිස්සුන්ටත් වඩා නරක වෙනවා. සත්තු හදාගත්ත නීති ("සියලු සතුන් සමානය") ටික ටික වෙනස් වෙලා "සියලු සතුන් සමානය, එහෙත් සමහරු අනිත් අයට වඩා සමානය" වගේ දේවල් බවට පත්වෙනවා. අන්තිමට මිනිස්සුයි, ඌරොයි අතර වෙනසක් නැති වෙනවා. මේ කතාවෙන් ඕවල් පෙන්නලා දෙනවා ඕනෑම රෙජීම් වේන්ජ් එකක් කොයිතරම් පහසුවෙන් තමන් මුලින් සටන් කළ දේටම විරුද්ධව යන තැනකට එන්න පුළුවන්ද කියලා. බලය අතට ගත්තම ඒක කොයි තරම් පහසුවෙන් දූෂණය වෙන්න පුළුවන්ද කියලා...

අවසන් වශයෙන් ලෝක භූ දේශපාලනය බොහෝ විට අපට ප්‍රහේලිකාවක්. ඔවුන්ගේ තීරණ පිටුපස විවිධ හේතු තිබිය හැකියි. සමහර විට අපට නොපෙනෙන බොහෝ දේවල් තිබිය හැකියි. එහෙත් ඕනෑම යුද්ධයකදී තවමත් 'The Art of War' වලංගු බව ඔබට පෙනේවි. එය ඔබේ ජීවන අරගලයටත් අදාළයි.

I hope you've found this article helpful. Follow me Sagara Diyagama for more.

- සාගර දියගම 

(අන්තර් ජාලයෙන් උපුටා ගැණිනි.)

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.
කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත සිවුරක් පිළිගැන්වීමට කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, සේනක පල්ලෙතැන්න පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් නොවැම්බර් 09 දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට එළැඹීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.
යම් සංවිධානයක් විසින් තමන්ට වෙනම රටක් අවශ්‍ය බවට මතයක් ඉදිරිපත් කළ හොත් අලුතෙන් ගෙනවිත් ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර විසින් පවසන කතාවක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.