ඇමරිකානු හමුදා කදවුරු වෙත ප්‍රහාර එල්ල කිරීමට ඉරාණය ගත් තීරණය..
ඉරාණය කටාර් සහ ඉරකය කුවේට් යන ඉරාණයට ඉතා ආසන්න ඇමරිකානු කදවුරු වෙත ප්‍රහාර එල්ල කිරීමට ආරම්භ කර තිබේ.
ඒ අනුව මැදපෙරදිග කළාපයේ සිටින 40000 ක පමණ ඇමරිකානු සෙබළුන් හට අවධානමක් පවතී.
එහෙත් ඉරාණය මේ ගත්තේ වැරදි පියවරකි ‼️
ඒ සමගම ඔවුන් තදාසන්න ඇමරිකන් හිතවාදී රටවල් සමගද ඊශ්‍රයලට අමතරව යුද්ධයකට පැමිණ තිබේ.
සෘජුව ඉරාණයට රුසියා චීන කදවුරේ උදව් යුධමය මැදිහත් වීමක් සහිතව නොලැබෙන පරිසරයක ටෙහෙරානය ඇමරිකාව විසින් තවත් එක පලස්තීන භූමියක් ලෙස සමතලා කිරීමට ඉඩ ලැබෙන්නේය..‼️
මොකද ඉරාණ ගුවන් ආරක්ෂණ පද්ධතියක් නැති තරම්ය.
ඊශ්‍රායලය ඇමරිකාව එක්ව ඉරාණයට ගුවන් ප්‍රහාර දෙනවා කියන්නේම
ටෙහෙරානය ඉවරයටම ඉවර කරන්කට තරම් සමත්ය.
බොහෝවිට ටෙහෙරානයේ ඊලග රෙජීම් චේන්ජ් එක වීමට
මේ අවස්ථාවේ ඉරාණය ගත්ත පියවර
අන්තිම දුර්වල තීරණයක් වීමට ඉඩ තිබෙන්නේය.🔥
එහෙම නැත්නම්
ඉරාණ පාලනය ඇත්තටම
මවුබිම නැතිනම් මරණය
හෝ
මැදපෙරදිග තුළින් ඇමරිකන් අතපෙවීම ඉවරම කරන්කට
තොරාගත්තා විය හැකිය. ‼️
බොහෝ දුරට මේ අදින් පසු ඊශ්‍රායලය යුද්ධය ඉවර කර ඇත්තටම ඊශ්‍රායලය යුද්ධය ආරම්භ කර ලබා දුන්න තමන්ගේ හාම්පුතා වන ඇමරිකාවට මේ යුද්ධය කරගෙන යාමට ඉඩ හදා තිබේ.
එය ඉරාණයට ඊශ්‍රායලය සමග යුද්ධයට වඩා අමිහිරි වීමට ඉඩ තිබෙන්නේ ඊශ්‍රායලය සමග සටනේ ඔවුන් පෙන්වු දුර්වලතා සහ ලබා ගත් පරාජයන් සමගය.
ඉරාණයට යටත් වීමකින්,තොරව ඉරාණ භූමිය ආක්‍රමණයෙන් බේරා ගැනීමට නොහැකි වුවොත් බොහෝ දුරට මේ සටනේ අවසානයේ අයතුල්ලා කමේණිගේ මරණය හෝ ඉරාණ ෂියා ආගමික පාලනය ඉවර වීමට ඉඩ ඇත.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්