News Category
From Date
To Date
Maximum Number of Result

හමුදා ඇඳුමකට සමාන ඇඳුම් කොටස් සමග හැඳුනුම්පතක් සහ තවත් උපකරණ රැසක් යාපනයේදි හමු වු බව පසුගිය 16 වැනි දින මාධ්‍ය වාර්තා පල වි තිබුණු අතර එම හමුවු උපකරණ අතර ජාතික හැදුනුම්පතක් රියදුරු බලපත්‍රයක් ද සොයා ගෙන ඇති අතර එම ජාතික හැදුනුම්පත් අංකයට අනුව නම සඳහන්ව ඇති කෑගල්ල, හෙම්මාතගම, දුම්බුළුවාව ලිපිනයේ පදිංචි නුවර හේනයලාගේ අමිත උපනන්ද සොයා ගෙන අප එම නිවස වෙත ගියේ මෙම සිදුවිම වාර්තා වි ගෙවි ගිය පසුගිය 18 වැනි දිනයේදිය.

අවුරුදු 13දී විවාහ වී වයස අවුරුදු 35දී දිවියෙන් සමුගත් කුසුමාසන දේවියගේ කතාව මේ දිනවල බොහෝ දෙනා අතර කතා බහට ලක් වන්නේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ "දේවී කුසුමාසන" චිත්‍රපටිය නිසාවෙනුයි..

අපි පුරුද්දට වගේ කියන නිසා අපේ ළමයින්ට පුංචි කාලෙ ඉඳන් ඇහෙන්නෙ මවු බිමේ වැරදි පමණයි. එහෙම ළමයි හැදුවම උන් කවදා හරි රට දාලා යනවා කියන සිතිවිල්ල එක්ක ජීවත් වනවා මිස තම රට හදන්නට වැඩ කරන්නේ නෑ.

දෙමළ වැසියන් 2000ක් මරාදැමූ තුනුක්කායි කොටි වධකාගාරය සොයා ගිය කතාව

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 82 වැනි සංවත්සරය ජූලි මස 03 වැනි දා සවස 3.30ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අත්අඩංගුවට ගැනීම ආන්දෝලනාත්මක සිදුවීමකි.

සුනිල් හඳුනෙත්ති ඇමතිවරයා ආර්ථික සමුළුවකට ගොස් සිදුවී ඇති අකරතැබ්බ ගැන බොහෝ දෙනා දන්නවනේ.ඒක හඳුනෙත්තිගේ දුර්වල ඉංග්‍රීසි භාෂා භාවිතය සමච්චලයට ලක් කරන්න ලැබුණු අවස්ථාවක් වෙලා තියෙනවා. ඉංග්‍රීසි බස නොදැනීම ගැටලුවක් නොවුනත් ඉංග්‍රීසි බස නොදන්නා බව නොදැනීම ගැටලුවක් තමයි. විසේෂයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සම්මුඛ වන වෘත්තීන් වලදි, අවස්ථාවලදි.

අවුරුදු දෙකකට පෙර ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මගපෙන්වීම යටතේ අපේ රණවිරුවෝ ප්‍රභාකරන් හා ඔහුගේ ත්‍රස්තවාදය පැරදවූහ.

වත්මන් බොහෝ ආධුනික ලේඛකයන්ගේ මෙන්ම ඇතැම් සම්මානිත ප්‍රවීණ නාමෝපලක්ෂිත ග්‍රන්ථ කාරයන්ගේද සිංහල භාෂා භාවිතය දෙස බලන මට එක් යුගයක් පුරා 'ලංකාදීප' පුවත්පත කීර්තිමත් කළ ප්‍රතිභාන්විතයෙක් වූ හෙන්රි තෙන්නකෝනුන් "පොඩි එකාගේ ලියුම" මැයෙන් එකල එම පුවත්පතට සැපයූ උපහාස හා හාස රස පූර්ණ නිර්මාණාත්මක රචනාවලියෙන් එක් වෙසෙස් රචනයක් ඉඳුරා සිහියට නැඟෙන්නේ ඉබේය. මන්දපුෂ්ට නිකෘෂ්ට භාෂා භ්‍රෂ්ට වත්මන් බොහෝ ලංකා ලේඛකයන් අතෙහි මෙකල දිනෙන් දින අන්ත ක්ලිෂ්ටව යන සාහිත්‍යමය සිංහල භාෂා භාවිතය කෙරෙහි කාගේත් සැලකිල්ල යොමු කිරීමෙහි ලා තෙන්නකෝනුන් එදා 'ලංකාදීප'යට සැපයූ එම වෙසෙස් "පොඩි එකාගෙ ලියුම" යළි කියවන්නට සැලැස්වීම 'කාලෝ අයං තේ' යැයි සිතමි. මෙවැනි භාෂා පරිහානියක් එදාද සිදුවෙමින් පැවති බවක් එමගින්ද ගම්‍යමාන වන හෙයිනි.


ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.