සිංහයෝ, සිවලෝ සහ බූරුවෝ..
පංච තන්ත‍්‍රය යනු විෂ්ණු ශර්මාන් නැමැති මහා බ‍්‍රාහ්මණාචාර්යවරයකු විසින් ප‍්‍රකාශිත යැයි සළකනු ලබන විශ්ව ග‍්‍රන්ථයකි. එහි ඇත්තේ උපදේශ කතා වස්තූන්ය. මේ, එහි දැක්වෙන "සිංහයා, සිවලා හා බූරුවා" යන හිසින් යුත් එක් උපදේශ කතා වස්තුවකි.
”එක්තරා මහා වනයෙක්හි උග‍්‍රකේශර නම් සිංහයෙක් වාසය කළේය. එම සිංහයාට ඇප උපකාර කරන රජස් නම් සිවලෙක් ද සිටියේ ය.
එක් දවසෙක සිංහ තෙමේ මහා ගජේන්ද්‍රයකු හා සටහෙනි යෙදී ලබන ලද බරපතළ තුවාල ඇතිව ගිරිලෙන තුළ වැතිර සිටියේ ය. මේ නිසා පුරුදු ආහාරයෙන් වැළකුණු සිවලා ද සාගින්නෙන් පෙලි පෙළී විසුවේය.
”ස්වාමීනි, සාගිනි වැදීම නිසා පා හුවමාරු කරගන්නට පවා බැරිව සිටින්නෙමි. ඉදින්, ඔබහට කෙසේ සේවය කරන්නේම්දැ?” යි සිවලා ප‍්‍රශ්න කළේය.”
”කෙසේ නමුත් වනයට ගොස් ගොදුරක් මෙහි දක්කව. මරා දමන්නේම්වේ දැයි” සිංහයා කීවේය.”
මේ බස් ඇසූ සිවල් තෙමේ වනය හැම තැනම බලා සිවුපාවකු නොදැක ගම්මානයට වැදී වැව් ඉවුරක තණ කමින් සිටි බූරුවකු දුටුවේ ය. ඉඩෝරය නිසා වියළි ගොස් තිබුණු තණකොළ ලොඹු ගසන අන්දම දුටු සිවලා ඔහුට කතා කළේය.
”මයිලණුවනි, මාගේ ගෞරවය ඔබ හට පූජා වේවා! ඉදින් ඔබ මෙසේ කෙට්ටු වී සිටින්නේ කුමක් හෙයින්ද? අන් තැනක ළා තණ තිබෙද්දී මේ වියළි තණ කන්නේ කවර හෙයින්දැ” යි සිවලා විමසූවේ ය.
”කුමක් කරන්නට ද බෑණනුවනි! රජකයා මා හට අනයව්‍යසනයෙහි යෙදෙන්නේ ය. වධ බන්ධන කරන්නේ ය . නොසෑහෙන සේ බර පටවන්නේ ය. එහෙත් බඩ පුරා කන්නට නොදෙන්නේ ය. කන්නට ඇත්තේ මේ වියළි තණ පමණකි” යි ශුලකර්ණ නම් බූරුවා කීවේ ය.
”අනේ මයිලණුවනි! මේ වියළි තණ කුමක් නිසා කන්නෙහි ද? ජලාශය නිසා පෝෂිතව පඳුරු ගැසී ගැසී පවත්නා ළා තණ ගැවසුණු එක්තරා වැව් ඉවුරක් මම දනිමි. එනු මැනවි එම ළා තණ කා සන්තර්පණය වීම සඳහා මා සමඟ එනු මැනවි” යි සිවලා ආරාධනය කළේ ය.
”එහෙත් වන සිවුපාවුන් විසින් මරා දමනු ඇතැයි" බූරුවා කීවේය.
”මාගේ බාහු තලය තාගේ ආරක්ෂාව සඳහා බලකොටුවක් වෙයි. නොබව. නොබා එව. තාගේ විනෝදය සඳහා ඇත්තේ ළා තණ පමණක් නොවේ. රජකයකුගේ වධ හිංසා නොලබමින් හුදෙකලාව කල් යවන තරුණ බූරු දෙන්නු දෙදෙනෙක් ද එහි වෙසෙන්නා හ. ඔවුන්ට සැමියෙකු වුවමනා ය. විශේෂයෙන්ම මා පැමිණියේ ඒ නිසාය” යි සිවලා පළ කළේය.
”එසේ නම් යමු” යි කියමින් මෙහි දී බූරුවා ගමනට සැරසුණෝය. හේ එසේම ය.
”අහෝ ස්ති‍්‍රය ලෝකයෙහි අමෘතය ද තී වන්නීය. හළා හල විෂ ද තී වන්නීය. තී හා පැවැත්වෙන සමාගමය පරමාශ්වාදය ද වෙයි.”
දෙවන මොහොතෙහි සිවලාත් බූරුවාත් මහ වනය බලා ගමන් කරන්නට වූහ. අනුක‍්‍රමයෙන් ගමන් කොට ඔවුහු සිංහයා කරා ළඟා වූහ. එහෙත් සිංහයා මෝඩයෙකි. සාගින්නෙන් පෙළෙමින් සිටි හෙතෙම බූරුවා දකිනවාත් සමගම ඔහු නසා කෑම පිණිස පිම්ම ගසා පැන්නේ ය. එහෙත් පැනීමේ වේගය අධික වීම නිසා සිංහයා විසි වුණේය. බූරුවා බේරුණේ ය.
”අහෝ මේ විපත කවරේද?”යි බියපත් වූ බූරුතෙමේ සිංහයාගේ ලේ වැකුණු සිරුරත් රත් පැහැ ගැසුණු යුගැසත් නෙරා ආ දතුත් දැකීමෙන් බියපත්ව ආපසු දුවන්නට වන්නේ ය. ඔහු නැවතුනේ පෙර පුරුදු වැව් ඉවුර කරා ලඟා වීමෙන් පසුව ය.
”මෙහි අදහස කවරේද? ඔබ විසින් දක්වන ලද්දේ ඉතා විකට ප‍්‍රදර්ශනයකැ”යි මේ සිද්ධිය දුටු සිවලා සිංහයාට කීවේ ය.
”පිම්ම වැරදුණා නොවේ නම් ශක‍්‍රයෙක්වත් මගේ නිය පහරින් බේරී යනවා ඇතැයි තා සිතන්නෙහි ද?” යි සිංහයා විමසුවේ ය.
”වන්නාටය. අනෙක් පිම්ම හරි හැටි ගසන්නට සැරසී සිටිය යුතුය. බූරුවා මම යළිත් එක්ක එන්නෙමි වේදැ”යි පවසා සිවලා යළිත් බූරුවා හමුවට ගියේය.”
”බෑණනුවනි! කෘර වූ සාහසික සිවුපාවකු වෙත එක්ක ගොස් මා මරවන්නට අදහස් කළේ මන් ද? අහෝ! මම යන්තම් පණ බේරා ගතිමි. එහෙත් හෙණ හඩක් මෙන් නාද පතුරුවා විදුලියක් මෙන් මා කරා කඩා පැන්න ඒ ප‍්‍රචණ්ඩයා කවරෙක් දැ?”යි බූරුවා සිවලා දැකීමෙන් පසුව විමසුවේ ය.
”අහෝ මයිලනුවනි! ඈ බූරු දෙනකි. ඕ තොමෝ වචනයෙන් විවරණය කරන්නට බැරි තරම් කාමාතුරව සිටින්නී ය. පිම්ම පැන්නේ ඔබ වැළද ගැනීම පිණිස ය. එහෙත් ඔබ ලැජ්ජා වූයෙහි ය. දිව්වේ ය. එකළ ඕ තොමෝ ඔබගේ ගමන වැළැක්වීම පිණිස අතක් දිගු කළා ය. එමපණකි. ශුලකර්ණයා මා සරණයට නොගනිතොත් සිය දිවි නසා ගන්නෙමි යැයි ද ඔහු නැතිව මොහොතක් හෝ ජීවත් විය නොහැකැයිද දැන් ඕ තොමෝ කියන්නී ය. අහෝ මේපවත් සලකා කරුණාකර එනු මැනවි. එසේ නොඑතොත් ඔබ බූරු දෙනක් වන්නෙහියැ”යි සිවලා කීවේය.
මෙ බස් අසා මුළා වූ සිත් ඇති බූරු තෙමේ සිවලාත් සමඟ ආපසු වැඳුණෝ ය. එහෙත් මේ යුවළ ගිරිලෙන කරා කිට්ටු වූවා පමණකි. පිම්ම ගසා පැන්න හැටියේම සිංහයා බූරුවාගේ බොටුව විකා මරා දැම්මේ ය. මරා දමා මළකුණ රැක ගැනීමේ මෙහෙවර සිවලාට පවරා අනුභවයට පෙර ජලස්නානය කටයුතුයැයි ගඟ ට ගියේ ය. ලැබුණු මේ අවසරයෙහි ප‍්‍රයෝජනයට ගැනීමට ඉටාගත් සිවල් තෙමේ වහ වහා බූරුවාගේ දෙකනත් මොළයත් කා දැම්මේ ය. ජලස්නානය කොට භෝජනය සඳහා පැමිණි සිංහ තෙමේ මොළය හා දෙකන නැති බූරු කුණ දුටුවේ ය. දැක කෝප වූයේ ය.
”තක්කඩිය! මේ අශෝබන ක‍්‍රියාවේ තේරුම කවරේද? බූරුවාගේ මොළයත් දෙකනත් තා කා දැමුවේහි ය. මා කෑ යුත්තේ තා ඉතුරු කර දමන කුණුප ද?”’ යි සිංහයා කෝපයෙන් විමසුවේ ය.
”කෝප නොවනු මැනවි දේවයන් වහන්ස! මොහුගේ හැටි එසේ ය. මොහු දෙකනත් මොළයත් නොමැතිව උපන්නේ ය. දෙකනකුත් මොළයකුත් ඇති සතෙක්නම් ඔබ වහන්සේ හමුවට දෙවතාවක් එන්නේ දැයි කල්පනා කරන සේක්දැ”යි සිවලා ප‍්‍රශ්න කළේය.
බූරුවා එකම වර්ගයේ මෝඩකම් දෙවතාවක් සිදුකර තිබේ. එහි උපරිම වාසිය ගෙන ඇත්තේ සිංහයා නොව නරියා ය. බඩගිනිකාර සිංහයාට නරියාගේ ප‍්‍රයෝග වටහාගත හැකි නොවේ.
වර්තමාන සංදර්භයට අනුව මෙම කතාව ගැලපුවහොත් අපට උගෙනීමට ඇති දේශපාලන පාඩම කුමක් ද? වැදගත් ප‍්‍රශ්නය වන්නේ එයයි.!
එකම වර්ගයේ ප්‍රෝඩාවකට දෙවතාවක් රැවටුනේ මෙරට ජනතාවගේ බහුතර කොටසක් ය. එම බහුතර ජනතාව විනාශය කරා රැගෙන යාමට නම් ”සුභ සිහින” මැවිය යුතු ය. ”පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ හැදෙන අන්දම පෙන්වා දිය යුතුය. තෘෂ්ණාව නැමැති සතා එළියට ගත යුතුය. එමෙන්ම, මෙහි සඳහන් ”බූරුවාට” විදින්නට සිදුව ඇති පීඩනය ”කුමක් කරන්නද බෑණනුවනි! රජකයා මා හට අනයව්‍යසනයෙහි යෙදෙන්නේ ය. වධ බන්ධන කරන්නේ ය. නොසෑහෙන සේ බර පටවන්නේ ය. එහෙත් බඩ පුරා කන්නට නොදෙන්නේ ය. කන්නට ඇත්තේ මේ වියළි තණ පමණකි” නරියා විසින් යොදා ගන්නේ හරිම අපූරුවට ය. පුනරුදයෝ සහ මේ නරියා අතර ඇත්තේ කිනම් වෙනසක් ද?
අවසානයේ අධිරාජ්‍යවාදය නැමැති බඩගිනිකාර සිංහයාට අවශ්‍ය පරිදි සියල්ල සිදු වෙමින් තිබේ. බඩපුරා කන්නට සිහින මැවූ බූරුවාට සිදුවූයේ නරියාගේ සහ සිංහයාගේ බඩ පුරවාලීමට ය.
ඕණෑම රටක, ඕනෑම සමාජයක ප‍්‍රශ්න හා ගැටළු තිබේ. ඒවාට සපයා ගනු ලබන ඊනියා විසඳුම් විනාශය කැටුව එන විසඳුම් නොවිය යුතුය. ඒ වෙනුවට සිටිය තැනින් අගලක්වත් ඉදිරියට යා හැකි විසඳුම් විය යුතුය. ඉතිහාස චක‍්‍රය අපට උවමනා වේගයෙන් සැම විටම කැරකෙන්නේ නැත. ජාතියට අධ්‍යාපනයෙන් විෂය දැනුමට වඩා ප‍්‍රඥාව ලබාදිය යුතුව තිබෙන්නේ මේ නිසාය.
එසේ නොවුණහොත් නව පන්නයේ නරි, නව පන්නයේ බඩගිනිකාර සිංහයන්ට සෙසු ජනතාව ද ගොදුරු කර දීම තවත් එක් සාමාන්‍ය සංසිද්ධියක් පමණක් වනු ඇත. මෙය අප වැනි තුන්වැනි ලෝකයේ රටවල පොදු ගුණාකාර ඇත්ත ය.
- විමල් වීරවංශ
(ඉරිදා ලංකාදීප 2025.06.22)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..