අමෙරිකානු අවි තොග වේගයෙන් වැය වීම ගැන පෙන්ටගනය කනස්සල්ලෙන්..
ඉරානය සමග පවතින යුද්ධයේදී අමෙරිකානු හමුදාව ටොමහෝක් (Tomahawk) කෲස් මිසයිල 850කට වඩා ප්‍රමාණයක් එල්ල කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
මෙම අවි (precision weapons) මෙතරම් වේගයකින් වැය වීම නිසා පෙන්ටගනයේ ඇතැම් නිලධාරීන්ගේ කනස්සල්ලට හේතු වී ඇති අතර, තවදුරටත් අවි ලබා ගන්නා ආකාරය පිළිබඳව අභ්‍යන්තර සාකච්ඡා ද ආරම්භ වී ඇති බවත්, මේ පිළිබඳව දන්නා පුද්ගලයන් උපුටා දක්වමින් වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කර තිබේ.
"ජනපති ට්‍රම්ප් විසින් දක්වා ඇති 'ඔපරේෂන් එපික් ෆියුරි' (Operation Epic Fury) මෙහෙයුමේ ඉලක්ක සපුරා ගැනීමටත්, ඉන් ඔබ්බට යාමටත් අවශ්‍ය තරම් උණ්ඩ සහ අවි තොග අමෙරිකානු හමුදාව සතුව පවතිනවා," යනුවෙන් ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් රොයිටර් පුවත් සේවයට පවසා ඇති බව සඳහන්.
"එසේ වුවද, ජනපති ට්‍රම්ප් සැමවිටම අපගේ සන්නද්ධ හමුදා ශක්තිමත් කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන අතර, ලෝකයේ හොඳම අවි වන අමෙරිකාවේ නිෂ්පාදිත ආයුධ වඩාත් වේගයෙන් නිපදවන ලෙස ඔහු ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන්ගෙන් දිගටම ඉල්ලා සිටිනු ඇත," යැයි ලෙවිට් පවසා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්