ඊශ්‍රායල හමුදාව ඇතුළතින් බිඳ වැටෙනවා..- ඊශ්‍රායල හමුදා ප්‍රධානී
දැඩි මෙහෙයුම් ඉල්ලුම සහ වර්ධනය වෙමින් පවතින සෙබළුන්ගේ හිඟය හේතුවෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) "අභ්‍යන්තරයෙන්ම බිඳවැටීමේ" බරපතල අවදානමකට මුහුණ දී සිටින බව එරට හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අයිල් සාමිර් (Eyal Zamir) මහතා පවසයි.
ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී ඔහු මේ බව අවධාරණය කර ඇතැයි Times Of Israel වාර්තා කරයි.
රජයේ අමාත්‍යවරුන් අමතමින් හමුදා ප්‍රධානියා පවසා ඇත්තේ හමුදාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් තමා "රතු කොඩි 10ක්" ඔසවන බවයි. හමුදා ශක්තිය පවත්වා ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නව බඳවා ගැනීමේ නීති, සංචිත සේවා නීති සහ අනිවාර්ය සේවා කාලය දීර්ඝ කිරීමේ නීති සම්මත කරගත යුතු බව ඔහු පෙන්වා දෙයි.
ලුතිනන් ජෙනරාල් සාමිර් සිය ප්‍රකාශය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පවතින තත්ත්වය හමුවේ වැඩි කලක් යෑමට පෙර හමුදාවට සිය දෛනික මෙහෙයුම් සඳහා සූදානම් වීමට නොහැකි වනු ඇති බවය.
හමුදාවේ සංචිත පද්ධතිය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි මට්ටමට පත්වනු ඇති බවත් මෙම මානව සම්පත් හිඟය හමුදාවේ සූදානමට සෘජුවම බලපාන බවට ඔහු මීට පෙර ජනවාරි මාසයේදී අගමැති බෙන්ජමින් නෙතන්යාහු වෙත ලිඛිතව ද දන්වා ඇත.
2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් පසු ආරම්භ වූ ගාසා යුද්ධය සහ අනෙකුත් මෙහෙයුම් අභියෝග හේතුවෙන් ඊශ්‍රායල හමුදාවට දැනට සෙබළුන් 12,000ක පමණ හිඟයක් පවතින බව නිල වාර්තා පවසයි.
මෙම අර්බුදය තීව්‍ර වීමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අතිශය ගතානුගතික යුදෙව් ප්‍රජාව හමුදා සේවයෙන් නිදහස් කිරීමට දේශපාලන පක්ෂ දරන උත්සාහයයි. 2024 ජුනි මාසයේදී එරට මහාධිකරණය තීන්දු කළේ මෙම පිරිසට ලබා දී තිබූ බඳවා ගැනීමේ නිදහසට නීතිමය පදනමක් නොමැති බවයි. දත්ත වාර්තාවලට අනුව, වයස අවුරුදු 18ත් 24ත් අතර පසුවන එවැනි තරුණයන් 80,000ක් පමණ හමුදා සේවයට සුදුසුකම් ලබා සිටියද, ඔවුන් මෙතෙක් සේවයට බැඳී නොමැත.
මෙම මානව සම්පත් අර්බුදය විසඳීමට රජය කඩිනම් පියවර නොගතහොත් ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක්වනු ඇති බව හමුදා ප්‍රධානියා අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..