News Category
From Date
To Date
Maximum Number of Result

පළාත් සභා අවශ්‍ය කාහට ද?

Jun 30, 2025 at 07:56 AM
|

අවුරුදු දෙකකට පෙර ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මගපෙන්වීම යටතේ අපේ රණවිරුවෝ ප්‍රභාකරන් හා ඔහුගේ ත්‍රස්තවාදය පැරදවූහ. බොහෝ දෙනා නොදනිතත් එහි දී මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ (නාථ දෙවියන්) හා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අගසව් තනතුරකට පත්වීමට නියම ව ඇති විපස්සක දෙවියන් (මෙතුමන්ගේ බුද්ධිය හා දැනුම හමුවේ අයින්ස්ටයින් නිව්ටන් ආකිමිඩීස් ත්‍රිත්වය හිරු දුටු කදෝපැණියන් මෙනි. මම ඒ තිදෙනා ගැඹරෙන් ද විපස්සක දෙවියන් යම් පමණකින් ද හදාරා ඇත්තෙමි. ඒ පිළිබඳ විස්තර පසුව ලියමි) ප්‍රධාන සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ ද සහාය ලැබිණි. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වය නොවන්නට ඒ කිසිවක් සිදු නොවන්නට තිබිණි. රණවිරුවන් ජීවිත පරිතා්‍යගයෙන් එසේ කළේ ඇයි? ජනාධිපතිතුමා බටහිර හා ඉන්දීය බලපෑම්වලට යටත් නොවී විවිධ තර්ජන ගර්ජන මධ්‍යයේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැළී දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදය පරාජය කළේ ඇයි? ඒ රටේ ස්වෛරීභාවය වෙනුවෙනි. එකල බටහිර ගැති ලිබරල්වාදී, මාක්ස්වාදී ආදී විවිධ වර්ගවල සියළු බුද්ධිමතුන් යැයි කියාගන්නා අය උපදෙස් දුන්නේ ප්‍රභාකරන් සමග සාකච්ඡා කරන ලෙස ය. අපි එදා ඒ පඬියන්ට විරුද්ධ වීමු. අප කියා සිටියේ ප්‍රභාකරන් පරාජය කළ යුතු බවත් ඔහු පරාජය කළ හැකි බවත් ය. මාවිල්ආරුවෙන් පසු සියල්ල වෙනස් වීමට පටන් ගත්තේ අපට අවශ්‍ය ආකාරයට ය.

ප්‍රභාකරන් පරාජය කළ යුතුව තිබූණේ ඇයි? ප්‍රභාකරන් යනු කවු ද? දැනට අවුරුදු විස්සකට පමණ පෙර ප්‍රභාකරන් ඔහුගේ සීයාලා බාප්පලා හා මස්සිනාලා නමින් පොතක් පළවිය. එහි ප්‍රභාකරන් යනු අහම්බෙන් පහළ වූ පුද්ගලයකු නොව මෙරට දෙමළ ජාතිවාදයේ එක් පුරුකක් පමණක් බව සංගත ව ප්‍රකාශ කෙරිණි. මෙරට දෙමළ ජාතිවාදය ඈරඹුණේ පනස්හයෙන් පසුවවත්, විශ්වවිද්‍යාල ප්‍රවේශයේ ඊනියා ප්‍රමිතිකරණයක් නිසාවත් (අද ද ප්‍රමිතිකරණ දෙකක් ක්‍රියාත්මක වෙයි. එකක් ඉසෙඩ් ලකුණ ඔස්සේ සිදුවන විෂයානුබද්ධ ප්‍රමිතිකරණයකි. අනෙක දිස්ත්‍රික් කෝටා හෙවත් දිස්ත්‍රික් කොටස යනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රදේශානුබද්ධ ප්‍රමිතිකරණයකි. මේ ප්‍රමිතිකරණ අද ක්‍රියාත්මක වන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වලට වාසිදායක ව ය. එදා ප්‍රමිතිකරණය මාධ්‍යානුබද්ධ ප්‍රමිතිකරණයක් විය. එහි කිසිදු වරදක් නොතිබිණි. අද එය නැවත ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවුණත් ෙසෙද්ධාන්තික වශයෙන් ගත්කල එහි දොසක් දැකිය හැක්කේ ප්‍රමිතිකරණය යනු කුමක් දැයි නොදත් සිංහල විරෝධී කසිකබල් සතිඅන්ත පුවත්පත් කතුවරයකුට හා වෙනත් එවැනි පඬියන්ට පමණකි) දෙමළ ජනයාට දෙමළ නිසා ම සිදුවූ ඊනියා අසාධාරණයක් නිසාවත්, ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවීමෙන් පසුව ඉන්දියා විරෝධී බටහිර ගැති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසාවත් නො වේ. දෙමළ ජාතිවාදය ඇරඹුණේ ලන්දේසීන් මෙරටට දුම්කොළ වගාවට දකුණු ඉන්දියාවෙන් වෙල්ලාල නමින් හැඳින්වෙන කෘෂි කම්කරුවන් ආනයනය කිරීමෙන් පසුව ය. එදා සිට ලන්දේසීහුත් පසුව ඉංගිරිසිහුත් අද ඉංගිරිසින් හා ඇමරිකානුවන් ප්‍රධාන බටහිරයෝත් මුල දී වෙල්ලාලයන් තුළ හා පසුව දෙමළ ජනවර්ගය තුළ සිංහලයන්ට විරුද්ධව දෙමළ ජාතිවාදයක් ඇතිකර සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට විරුද්ධව, දෙමළ නායකයන් හා පසුව දෙමළ ජනයාත් මෙහෙයවූහ, මෙහෙයවති. ප්‍රභාකරන් යනු රාමනාදන්ලාගේ දේශපාලන මුණුබුරෙක් ද, චෙල්වනායගම්ලාගේ හා සම්බන්ධන්ලාගේ ඥාති පුත්‍රයෙක් ද, නීලන් තිරුචෙල්වම්ලාගේ මස්සිනා කෙනෙක් ද වෙයි. මේ දේශපාලනයෙහි මුල ඇත්තේ ඉංගිරිසින්ගේ මෙහෙයවීමෙන් මෙරට දේශපාලන නායකයා බවට පත්වීමට කටයුතු කළ රාමනාදන් ය. රාමනාදන්ගේ සිට ජී ජී පොන්නම්බලම් දක්වා ක්‍රියාත්මක වූයේ දෙමළ නායකයන් රටේ ද නායකයන් කරවීමේ දෙමළ ජාතිවාදී දේශපාලනයකි. ඉන් පසු චෙල්වනායගම්ගේ සිට අමිර්තලිංගම් හා දැන් සම්බන්ධන් දක්වා ක්‍රියාත්මක වන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවීමේ දෙමළ බෙදුම්වාදී දේශපාලනය ය. ප්‍රභාකරන් එයට එකතු කළේ ජ වි පෙරමුණේ ත්‍රස්තවාදය ය. ඒ ත්‍රස්තවාදයට ද දෙමළ ජාතිවාදී අනෙක් දේශපාලන ක්‍රියාදාමයන්ට මෙන් ම ඉන්දියාවේ ද බටහිර ද සහාය ලැබිණි. ප්‍රභාකරන් හා සම්බන්ධන් අතර වෙනස ඇත්තේ ත්‍රස්තවාදයේ මිස දෙමළ ජාතිවාදයේ නො වේ ඔවුහු දෙදෙනා ම දෙමළ ජාතිවාදීහු වෙති.

දෙමළ ජාතිවාදයට ඉන්දියාවේ ඇති සම්බන්ධය අපට පෙනෙන්නට පටන්ගත්තේ ඉන්දිරා ගාන්ධිගේ කාලයේදී වූ පමණින් දෙමළ ජාතිවාදය හා ත්‍රස්තවාදය ජේ ආර්ගේ ඇමරිකන් ගැති විදේශ ප්‍රතිපත්තියට විරුද්ධව ඉන්දියාව විසින් අරඹන ලද්දක් යැයි නිගමනය කිරීම වැරදි ය. අප ප්‍රශ්න මැදින් අල්ලාගත යුතු නො වේ. මෙරට ප්‍රශ්නය සිංහලයන්ට එරෙහිව ක්‍රියාත්මක වන දෙමළ ජාතිවාදය ය. එය අවුරුදු දෙසියයකට ආසන්න කාලයක් පවතින ප්‍රශ්නයකි. ප්‍රශ්නය විසඳිය හැක්කේ දෙමළ ජාතිවාදය සහමුළින් ම පරාජය කිරීමෙනි. ප්‍රභාකරන්ගේ දෙමළ ත්‍රස්තවාදය යනු දෙමළ ජාතිවාදයේ ම එක් ප්‍රකාශනයක් පමණකි. එයට පමණක් නොව සමස්ත දෙමළ ජාතිවාදයට ම බටහිර් හා ඉන්දියාවේ සහාය ලැබෙයි. අප විසින් පරාජය කෙරුණේ දෙමළ ත්‍රස්තවාදය ය. ඒ සමග ත්‍රස්තවාදයේ දේශපාලනය වූ දෙමළ ජාතිවාදී දේශපාලනය ද පරාජය කෙරිණි. ඒ අතර අප විසින් දෙමළ ජාතිවාදය න්‍යායාත්මකව ද පරාජය කෙරී ඇත. එහෙත් දෙමළ ජාතිවාදය දේශපාලනික ව තවමත් අතථ්‍ය ව ව්‍යාජ ව ක්‍රියාත්මක වෙයි. එසේ ක්‍රියාත්මක වන්නේ බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ආධාරයෙනි. සාමාන්‍ය දෙමළ ජනයාට අද ඊළමක් හෝ පළාත් සභා හෝ අවශ්‍ය නො වේ. එහෙත් සම්බන්ධන්ලා බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ අනුග්‍රහයෙන් දේශපාලනය කරති. ප්‍රභාකරන් බලාපොරොත්තු වූ ඊනියා විසඳුම හා චෙල්වනායගම් බලාපොරොත්තු වූ හා සම්බන්ධන් බලාපොරොත්තුවන ඊනියා විසඳුම අතර වෙනසක් නැත. ඒ විසඳුම් වෙනම රාජ්‍යයක් පිහිටුවීම මිස අනෙකක් නො වේ. බටහිරයන් දෙමළ නායකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ මේ නො වෙනස් විසඳුම ය. වෙනස වූයේ චෙල්වනායගම්ගේ මිනිසුන් ප්‍රකෝප කරන ඊනියා අවිහිංසා සත්‍යග්‍රහ සහ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය අතර ය. පඬියන් බටහිරයන් හා ඉන්දියානුවන් ආණ්ඩුවට ප්‍රභාකරන් සමග සාකච්ඡා කිරීමට යැයි කීවේ ක්‍රමයෙන් මේ විසඳුම ලබා දීමට ය. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය ඒ විසඳුම ලබාගැනීම සඳහා යොදාගත් බිල්ලා විය. බිල්ලා පෙන්වා කුඩා ළමුන් බය කරන්නාක් මෙන් ප්‍රභාකරන් පෙන්වා ඊනියා සාකච්ඡා හරහා ඊළාම ලබාදීම ඉහත කී කාගේ කාගේත් උපක්‍රමය විය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු ප්‍රභාකරන් පෙන්වා අපේ ඉතිහාසයට හෝ වර්තමානයට හෝ නොගැලපෙන ඉන්දීය මාදිලියේ ඊනියා විසඳූමක් විය. එය අප මත බලහත්කාරයෙන් පටවනු ලැබූවකි. ඇතැම් පළාත් සභා මන්ත්‍රීවරුන් හා චන්ද්‍ර්‍රිකාගේ ඇමතිවරුන් එයට කැමති වුව ද එය ව්‍යවස්ථාවට ඇතුළත් වනතාක් ඒ ඔස්සේ ඊළමක් දීමට දෙමළ ජාතිවාදීන් හා ඔවුන් පිටුපස සිටින බටහිරයන් හා ඉන්දියානුවන් කටයුතු කරනු ඇත. මෙහි දී ප්‍රභාකරන්ගේ සීයලා පොතෙන් මුල්වරට අනාවරණය කෙරුණු චෙල්වනායගම්ගේ දැන් ටිකක් පසුව හුඟක් යන ප්‍රතිපත්තිය අවධාරණය කළ යුතු ය. අද පොලිස් බලතල හා ඉඩම් බලතල පළාත් සභාවලට ඉල්ලන්නේ දහතුන ඔස්සේ බව අමතක කළ යුතු නො වේ.

අප අමතක නොකළ යුතු ප්‍රධානම කරුණ නම් දෙමළ ජාතික සංධානය තවමත් වඩුකොඩේ සම්මුතිය අත්හැර නැති බව ය. දෙමළ ජාතිවාදයේ සන්ධිස්ථානයක් වූ 1976 වඩුකොඩේ සම්මේලනයේ දී සම්මත කරගන්නා ලද සම්මුතියෙන් ඊළාමක් පිහිටුවීම අනුමත කෙරී ඇත. අපි සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සංධානයට වඩුකොඩේ සම්මුතිය අවලංගු කරන ලෙසට අභියෝග කරමු. එසේ නොකරනතාක් අපට ඔවුන් ඊළාම්වාදීන් ලෙස සැලකීමට සිදුවනු ඇත. එසේ නොකරනතාක් සම්බන්ධන් හා ප්‍රභාකරන් අතර ප්‍රතිපත්තිමය වශයෙන් වෙනසක් නැත. ක්‍රියා මාර්ග අතර ද පැහැදිලි වෙනසක් නැත්තේ ප්‍රභාකරන් හා ත්‍රස්තවාදීන් සම්බන්ධන්ලාට අපේ කොල්ලන් වූ නිසාත් සම්බන්ධන්ලාගේ පූර්ණ අනුග්‍රහය ප්‍රශාකරන්ට ලැබුණු නිසාත් ය. එබැවින් සම්බන්ධන් වහාම ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්තවාදය ද හෙළා දැක ප්‍රකාශයක් නිකුත් කළ යුතු ය. කෙසේ වෙතත් යුද්ධය හෝ ආයුධ සන්නද්ධ සටන් හෝ යනු දේශපාලනය ම මිස අනෙකක් නො වේ. අප විසින් පරාජය කරනු ලැබුයේ දෙමළ ත්‍රස්තවාදය පමණක් නො වේ. ත්‍රස්තවාදය පෙනී සිටියේ යම් දේශපාලනයක් වෙනුවෙන් ද හමුදා මෙහෙයුම් ජයග්‍රහණය සමග ඒ දේශපාලනය ද පරාජය කෙරිණි. අද හමුදා ජයග්‍රහණය සමග දෙමළ ජාතිවාදී දේශපාලනයේ විසඳුම් ද පරාජය වී ඇත. ඒ අරුතින් දහතුන්වැනි ව්‍යවස්ථාව ද දේශපාලනික ව පරාජය කෙරී ඇත. එහෙත් නෛතික තත්වය සෑමවිට ම දේශපාලනය සමග සමාන්තර ව ගමන් නො කරයි. නීතිය, දේශපාලනය තාක්‍ෂණය ආදිය පසුපස මිස ඉදිරියෙන් ගමන් නොකරයි. දහතුන දේශපාලනික ව පරාජය වී ඇති නමුත් එය නෛතික ව තවමත් ක්‍රියාත්මක වෙයි. අද කළ යුත්තේ වත්මන් දේශපාලනයට ගැලපෙන පරිදි නීතිය, මෙහි දී මූලික නීතිය හෙවත් ව්‍යවස්ථාව, වෙනස් කිරීම ය. රණවිරුවන් ප්‍රභාකරන් හා ත්‍රස්තවාදය පරාජය කළේ නැවතත් දෙමළ ජාතිවාදය සමග සාකචිඡා කිරීමට නො වේ. චර්චිල් හිට්ලර්ගේ ඝාතනයෙන් පසු ඉතිරි වී සිටි නට්සිවාදීින් සමග සාකච්ඡා ආරම්භ නො කළේ ය. ලෙනින් අත් අඩංගුවේ සිටි සාර් රජුගේ පවුල ඝාතනය කිරීමෙන් පසු සාර්ගේ දේශපාලන හිතවතුන් සමග සාකච්ඡා නො කළේ ය. ලෙනින් යුද්ධාධිකරණයට යැවිය යුතුව තිබුණි යැයි කියන මාක්ස්වාදියකු ද නැත. අද ඇත්තේ බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ අනුග්‍රහය ලබන සම්බන්ධන්ලාගේ අතථ්‍ය දෙමළ දේශපාලනයකි. අප සම්බන්ධන්ලාගේ දේශපාලනයට හසුවිය යුතු නො වේ. විසඳිය යුතු ව තිබූ ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් තිබුණේ පඬියන්ගේ හිස් වූ හිස්වල පමණ ය. දෙමළ ජනයාට අද අවශ්‍ය පළාත් සභා, ඉඩම් හා පොලිස් බලතල නොව යම් මාදිලියක සංවර්ධනයකි. පළාත් සභා අවශ්‍ය වඩුකොඩේ සමමුතිය පිළිගත්තවුන් ට ය.

-  නලින් ද සිල්වා ඇදුරුතුමා

2011/07/19

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.