News Category
From Date
To Date
Maximum Number of Result

සිංහල රාජවංශයෙහි කඳුළු බිංදුව - කුසුමාසන දේවිය

Jul 4, 2025 at 07:36 PM
|

අවුරුදු 13දී  විවාහ වී වයස අවුරුදු 35දී දිවියෙන් සමුගත් කුසුමාසන දේවියගේ කතාව මේ දිනවල බොහෝ දෙනා අතර කතා බහට ලක් වන්නේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ "දේවී කුසුමාසන" චිත්‍රපටිය නිසාවෙනුයි..

සිංහල රාජාවලියේ දුක්ඛිතම ජීවිතයක් ගත කළ රැජින ලෙසයි කුසුමාසන දේවිය හැදින්වෙන්නේ.. ලංකා දීපයේ අවිනිශ්චිත වකවානුවක රාජකීය උරුමයක් සහිතව ඇය ජීවත් වීම සේම රාජකීය උරුමය නිසාවෙන් ඇගේ උරුමයෙන් රජ වන්නට තැත් දැරූ මිනිසුන්ගෙන් ලද පීඩා නිසාවෙන් දැඩි මානසික පීඩනයකට ලක් වූ බවත් ඉතිහාසයේ සඳහන් . ඒ වගේම ඇය මිය යන්නේත් මේ වූ මානසික පීඩනය දරාගත නොහැකිවයි..

මේ නිසයි සිංහල රාජවංශයෙහි කඳුළු බිංදුව ලෙස ඇය හැදින්වෙන්නේ..

උඩරට රජ කළ කරලියද්දේ බණ්ඩාරගේ (1551-1581) සහ  ගලගම මහ අදහසින් දේවිය දාව  1578-80 අතර කාලයේ සෙංකඩගල නුවර උපත ලබන ඇය  පවුලේ තෙවෙනි දරුවා ලෙසයි උපත ලබන්නේ.  ඇයට වැඩිමහල් සහෝදරියක් සහ සහෝදරයෙකු සිට තිබෙනවා . මේ කාලේ රාජසිංහ රජු ඇගේ පියා සමග සටන් කර උඩරට රාජදානිය රාජසිංහ සතු කරගත් පසුව, කරලියද්දේ බණ්ඩාර  ඔහුගෙන් බේරීමට ත්‍රිකුණාමලයේ පෘතුගීසින් සිටින බල ප්‍රදේශයට ගොස් ඔවුන්ගේ ආරක්ෂාව ඇතිව ජීවත් වෙනවා.

මේ පලායාමේදී ඔහු ඔහුගේ බිරිඳ සහ පුතා වගේම කුඩා වයසේ සිටි කුසුමාසන සේම ඥාති පුත්‍රයෙකු වූ  යමසිංහත් කැටුවයි   යන්නේ. ඒ වන විට කුසුමාසන කුමරියගේ  සහෝදරිය වූ දෝන මාගරිටා කුමරිය දොන් ජුවන් ධර්මපාල රජුගේ මෙහෙසිය බවට පත්‍ වී සිටි නිසා ඇය මේ ගමනට සෙට් වෙන්නේ නෑ..

 කොහොම නමුත්  ටික දොහකින් කරල්ලියද්දේ රජු වසූරිය වැළඳීමෙන් අවාසනාවන්ත ලෙස මිය යන අතර. ඊට පසු රජ බිසව සහ පුත් කුමරා ද වසූරිය වසංගතයෙන්ම මිය යනවා.

එයින් පසුව කුසුමාසන  සහ ඇගේ ඥාති සොයුරු යමසිංහ කුමරා මන්නාරමට යවා ඇතිදැඩි කිරීමට පෘතුගීසින් පියවර ගන්නවා.ටික දිනකින් යමසිංහව පෘතුගීසීන් විසින්  ගෝවට රැගෙන යාම නිසා, කුඩා කුසුමාසනගේ  රැකවරණය මන්නාරමේ පදිංචිව සිටි කැතරින්ද ආබ්රූ නම් වූ පෘතුගීසි කාන්තාවක් වෙත පැවරෙනවා. මේ භාරකාරීත්වයත් එක්කයි ළමා සාරි ඇන්ද  කුඩා කුසුමාසන බොස්තැරැක්ක සායට  හුරුවෙන්නේ . ඇයට මිෂනාරි ආගම සේම  පෘතුගීසි බස, සංස්කෘතිය සහ ගෝවේ සිරිත් විරිත් උගන්වන අතර ඇගේ නම "දෝන කතිරිනා" නමින් නම් වෙන්නේ මේ කාලයේදීයි.. මෙය  ඔවුන්ගේ උපායක් වූ අතර ලේ උරුමයක් ඇති  සෙංකඩගල සිහසුනේ උරුමය පෘතුගීසීන් සතුකර ගැනීම ඔවුන්ගේ මූලික අභිප්‍රාය වනවා..

 ඒ වගේම  කුසුමාසන දේවිය ළමාවියේදීම පෘතුගීසි සෙනෙවියකුට විවාහ කරදීමට ඔවුහු සියුම් සැලැස්මක් දියත් කරන අතර, වයස අවුරුදු 10ක් ලබන විට  පෘතුගීසි සේනාධිනායකයෙක් මෙරටට ගෙන්වා ඔහුට ඇගේ ආරක්ෂාව භාර  දෙන්නේත් ඔහුව ඇයට විවාහ කරදීමේ අදිටනිනුයි.

නමුත් ඇය ඒ වනවිටත් සුදු හම ඇති පෘතුගීසි ජාතිකයින්ව අප්‍රිය කළ බැවින්, ඒ සියල්ලක්ම ඔවුන්ට තරමක් අසීරු වී තිබෙනවා..  ඒ සමයේ ලංකාව  පෘතුගීසින්ගේ රාජදානියක්   වීමේ අවද‌ානමෙන්   ආරක්ෂා වෙන්නේ ඇගේ මේ පෘතුගීසීන්ට තිබූ අකමැත්ත නිසාවෙන්මයි.  කෙසේ වෙතත් මේ වන විට පෘතුගීසීන් විසින් මේ කුඩා දැරියක් වූ කුසුමාසන දේවිය උඩරට රැජින වශයෙන් පත්කර අවසන්..

මේ කාලයේදී කොනප්පු බණ්ඩාර, 1 වන විමලධර්මසූරිය නමින් උඩරට රජවීමත් සමග පෘතුගීසී  හමුද‌ාවත්  පසුබැසීමට ලක්වෙනවා. මේත් සමගමයි    විමලධර්මසූරිය රජු, රාජ්‍ය ලේ උරුමය ඇති වයස අවුරුදු 13ක් වූ කෙළිලොල් ගැටිස්සියක් වන කුසුමාසන දේවිය හා විවාහ වී තම රාජ්‍ය උරුමය තහවුරු කර ගන්නේ..

රජුගේ ග්‍රහනයට නතු වන මේ දැරිය කුඩා වයසේදීම  රජු දාව   පුත් කුමරුවන් සිවු දෙනෙකු සහ  දූ කුමරියන් දෙදෙනෙකු බිහි කරන්නේ.  ඇගේ  පුතුන් හොඳ රනශූරයින් වූවා සේම දියණියන් ඉතා සුරූපී බවයි පොත පතේ සඳහන් වන්නේ..

ටික කාලයකට පසුව ඇගේ වියපත්  සැමියා විමලධර්මසූරිය රජු මිය යන අතර ඒ වනවිටත් කුසුමාසනට වයස අවුරුදු 30ක් වත් ලබලා නැති බව පොත පතේ සඳහන්. මේ කාලයේ ඇගේ තරුණ රූමත් බවට වශී වී සිටි අධිකාරම්ලා ඇය පසු පස පැමිණ විවාහ යෝජනා ගෙන ආවත් අවසානයේ  විමලධර්මසූරිය රජුගේ ඥ‌ාති සොයුරු සෙනරත් රාජත්වය ලැබ වැන්දඹු වූ කුසුමාසන දේවිය විවාහ කර ගන්නේ රාජකීය උරුමය තහවුරු කර ගැනීමේ අභිලාසයෙන් වන අතර,  කුසුමාසනව ඔහු විවාහ කරගන්නේ බලහත්කාරයෙන් වගයි සඳහන් වෙන්නේ..

මේ සෙනරත් රජු ඉතා නපුරු රජෙකු වූ අතර ඇගේ පෙර කසාදයේ දියණියන් දෙදෙනාව ඇය ඉදිරියේදීම අපයෝජනය කල බවත් , මෙයට විරුද්ධ වූ කුසුමාසනගේ වැඩිමහල් පුතාව ඔහු විසින් සූක්ෂම ලෙස දියේ ගිල්වා මරා දැමූ බවත්,  පොත පතේ සඳහන්..

මේ වනවිටත් කුසුමාසනට සෙනරත්ගෙන් දරුවන් තිදෙනෙකු සිට ඇති අතර තමන් දැඩිව අදරය කළ පුතුගේ වියෝවත් සමග තම දරුවන් සියළු දෙනාම රැගෙන රජමලිගයෙන් පිටවන කුසුමාසන දේවිය විමලධර්මසූරිය රජු විසින් ඉදිකර තිබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ වැලිමන්නාතොට පිහිටි මාලිගයට පදිංචියට ගොස් තිබෙනවා.

ඇය 35 හැවිරිදි වියේදී මිය යන්නේ මේ නිවස තුලදීයි. කෙසේ නමුත් ඇය මිය යනවිටත් තෙමස් ගැඹිනියක් බව තමා සඳහන් වන්නේ..

ඇගේ අවසන් කැමැත්ත ලෙස තම  මියගිය පුතුගේ අළු බඳුන, තම රෝස පබළු ජපමාලය හා බයිබලය තමා අසල තබන ලෙසට ඇය ඉල්ලා තිබෙනවා..

කුසුමාසන මිය ගිය පසුව ඇගේ සුරූපී දියණියන් දෙදෙනාගේ අනාගතයනම් සුභ වූවේ නෑ.. පෘතුගීසි පොත් වල සඳහන් පරිදි ඇය මියගිය වහාම සෙනරත් රජු මේ ලාබාල දියණියන් දෙදෙනාම විවාහ කරගන්නා අතර ඔහුන්ගේ ජීවිතද මවගේ ජීවිතය මෙන් කාලකන්නි කර තිබෙනවා..

ඉතින් ඕක තමා ඉතිහාසයේ එන දේවී කුසුමාසනගේ කතාව.. කොහොම නමුත් ජයන්ත චන්ද්‍රසිරි මහතා මේ කතාව ඔහුගේ දෘෂ්ටිකෝණයට අනුව සිනමාරූපීව වෙනස් කරලා ඇති..  ඒක ගැන නම් මම  කියන්න දන්නේ නෑ..

ඒත් අවුරුදු 13ක ගැටිස්සියක් වූ කුසුමාසනට සහ ඇයට වඩා වියපත් කොනප්පු බංඩාරට උදාරී සහ හේමාල් සිටීම ගැනනම් දැනෙන්නේ කුකුසක්.  ඒය්හ් ඒක කරම්න දෙයක් නෑ.. ජයන්ත මහතා  එයට සිනමාරූපී විසදුම තමා දීලා ඇත්තේ.. ඒ වගේම මම තව තැනක දැක්කා මේ චිත්‍රපටියේ සෙනරත් රජු හා කුසුමාසනගේ විවාහයේ කාල වකවානුව නැති බව.. මම නම් දකින්නේ කාන්තාව නාමිකව ප්‍රමුඛ කරගත් චිත්‍රපටිය තුල ඇගේ චරිතයේ ප්‍රභල අවස්ථා  තිබෙන්නේ ඒ කොටස් තුල බවයි.. ඒත් ඒකත් ඩිරෙක්ටර්ගේ කැමැත්ත..

අනික් කාරණය කොනප්පු බංඩාර සහ කුසුමාසන අතර ආලිංගන ප්‍රේමාවේශයක් තමා ට්‍රේලර් එකේ දැක්කේ. මමනම් හිතන්නේ නෑ අවුරුදු 12/13ක කෙලිපොඩ්ඩක් කොනප්පු බංඩාර විවාහ කරගන්නේ ලව් පාර්ට් දාන්න කියලා..ඉතිහාසයට අනුව ඒ විවාහය සිදුවන්නේ  රාජ්‍ය බලය තහවුරු කරගන්න කියලනේ කියන්නේ. පස්සේ කොහොම හරින් දෙන්නා ආදරෙන් ඉන්න ඇති.🥹

ෆිල්ම් එකේ කතාවයි මේකයි සමහර විට වෙනස් ඇති. ඒක දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා ඉතින්..☺️

✍️උපුටා ගැනීම

Mmp Ranaweera

ගෞරවය මුල් හිමිකරුට ❤

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.