මවුබිම ගැන වැරදිම ළමයින්ගේ ඔලුවට දාන්න එපා.. රටට ආදරය කරන හැටි කියලා දෙන්න..
අපි පුරුද්දට වගේ කියන නිසා අපේ ළමයින්ට පුංචි කාලෙ ඉඳන් ඇහෙන්නෙ මවු බිමේ වැරදි පමණයි. එහෙම ළමයි හැදුවම උන් කවදා හරි රට දාලා යනවා කියන සිතිවිල්ල එක්ක ජීවත් වනවා මිස තම රට හදන්නට වැඩ කරන්නේ නෑ.
සමහර රටවල් හඳට මිනිස්සු යැවුවාට ඉස්කෝල වල ඉස්පිරිතාලවල ආතල් එකට වෙඩි තබා මිනී මරන බවත් අපේ රටේ එහෙම නැති බවත් කියා දෙන්න.
තවත් රටක් චිත්‍රපට හදන්න රුපියල් බිලියන ගනනක් වියදම් කලාට, පරමාණු බලය තිබුනට නිවාස වලින් 60% කට කක්කුස්සි නැති බව කියා දෙන්න.
තවත් රටක් මොබයිල් phone වලිං අංක 1 උනාට එරට මිනිස්සු බල්ලොත් මරං කන බව කියා දෙන්න.
වතුරට වඩා තෙල් තියන තවත් රටක ඒක පුද්ගල ආදායම ලක්ෂ ගණණක් උනාට කාන්තාවන්ට ජන්ද අයිතියවත් නැති බවත්, තමාව අයත් පිරිමියෙක් නැත්නම් හිරෙං නිදහස් වීමත් තහනං බව කියාදෙන්න.
තවත් රටක් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අපේ දොස්තරලා ලොකු පඩිවලට ගත්තට එහෙ නිදහස් අධ්‍යාපනය නැති බවත්, එහෙ දොස්තර කෙනෙක් වෙන්න හුඟාක් සල්ලි නැත්නම් බැරි බවත් කියාදෙන්න.
මානව හිමිකම් ගැන කියාදෙන සුද්දෙ ඉන්න රටක ව්‍යවස්ථාව අනූව,එරට මුල් පදිංචි කාරයො සත්තු ගනයට ලා සලකන බව කියා දෙන්න.
ප්‍රජාතන්ත්‍රවාදය ලොව උපරිම සාධාරණත්වයයි පවසමින් අන් රටවලට ඉන් ඔබ්බට කිසිවක් නොකරන්න යයි බල කරන රටවල් 3ක් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදීව ගන්නා තීරන අක්‍රිය කිරීමට කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නැති නීශේධ බලය යොදාගන්නා බව කියා දෙන්න.
කොල පාටින් ඇති තම ඩොලර් නෝට්ටු සියල්ල මතම In God we trust ලෙස මුද්‍රණය කර ඇති රටේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන්නේ අවි වෙළඳාම ඛවත්, ඔවුන්ගේ රටේ ආදායම් පවත්වාගැනීම සඳහා ලොව තැන තැන යූද ඇවිලවීම සිදුකල යුතූව ඇතිබවත් කියාදෙන්න.
සෑම රටකම හොඳ නරක ඇති බවත් තම රට ආදරයෙන් සැලකියයුතු බවත් කියාදෙන්න.
- අරුණළු
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..