මවුබිම ගැන වැරදිම ළමයින්ගේ ඔලුවට දාන්න එපා.. රටට ආදරය කරන හැටි කියලා දෙන්න..
අපි පුරුද්දට වගේ කියන නිසා අපේ ළමයින්ට පුංචි කාලෙ ඉඳන් ඇහෙන්නෙ මවු බිමේ වැරදි පමණයි. එහෙම ළමයි හැදුවම උන් කවදා හරි රට දාලා යනවා කියන සිතිවිල්ල එක්ක ජීවත් වනවා මිස තම රට හදන්නට වැඩ කරන්නේ නෑ.
සමහර රටවල් හඳට මිනිස්සු යැවුවාට ඉස්කෝල වල ඉස්පිරිතාලවල ආතල් එකට වෙඩි තබා මිනී මරන බවත් අපේ රටේ එහෙම නැති බවත් කියා දෙන්න.
තවත් රටක් චිත්‍රපට හදන්න රුපියල් බිලියන ගනනක් වියදම් කලාට, පරමාණු බලය තිබුනට නිවාස වලින් 60% කට කක්කුස්සි නැති බව කියා දෙන්න.
තවත් රටක් මොබයිල් phone වලිං අංක 1 උනාට එරට මිනිස්සු බල්ලොත් මරං කන බව කියා දෙන්න.
වතුරට වඩා තෙල් තියන තවත් රටක ඒක පුද්ගල ආදායම ලක්ෂ ගණණක් උනාට කාන්තාවන්ට ජන්ද අයිතියවත් නැති බවත්, තමාව අයත් පිරිමියෙක් නැත්නම් හිරෙං නිදහස් වීමත් තහනං බව කියාදෙන්න.
තවත් රටක් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අපේ දොස්තරලා ලොකු පඩිවලට ගත්තට එහෙ නිදහස් අධ්‍යාපනය නැති බවත්, එහෙ දොස්තර කෙනෙක් වෙන්න හුඟාක් සල්ලි නැත්නම් බැරි බවත් කියාදෙන්න.
මානව හිමිකම් ගැන කියාදෙන සුද්දෙ ඉන්න රටක ව්‍යවස්ථාව අනූව,එරට මුල් පදිංචි කාරයො සත්තු ගනයට ලා සලකන බව කියා දෙන්න.
ප්‍රජාතන්ත්‍රවාදය ලොව උපරිම සාධාරණත්වයයි පවසමින් අන් රටවලට ඉන් ඔබ්බට කිසිවක් නොකරන්න යයි බල කරන රටවල් 3ක් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදීව ගන්නා තීරන අක්‍රිය කිරීමට කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නැති නීශේධ බලය යොදාගන්නා බව කියා දෙන්න.
කොල පාටින් ඇති තම ඩොලර් නෝට්ටු සියල්ල මතම In God we trust ලෙස මුද්‍රණය කර ඇති රටේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන්නේ අවි වෙළඳාම ඛවත්, ඔවුන්ගේ රටේ ආදායම් පවත්වාගැනීම සඳහා ලොව තැන තැන යූද ඇවිලවීම සිදුකල යුතූව ඇතිබවත් කියාදෙන්න.
සෑම රටකම හොඳ නරක ඇති බවත් තම රට ආදරයෙන් සැලකියයුතු බවත් කියාදෙන්න.
- අරුණළු
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්