News Category
From Date
To Date
Maximum Number of Result

අලිමංකඩ දී සෙබළුන් 2000 කගේ සිරුරු මතින් දිවි බේරාගත් උපනන්දගේ කථාව.. 1991 දී අලිමංකඩ යුධ පිටියේ දිවි බේරාගත් උපනන්ද ගේ හැදුනුම්පත වසර 29 කට පසු යාපනයෙන් හමුවෙයි..

Jul 5, 2025 at 07:44 AM
|

හමුදා ඇඳුමකට සමාන ඇඳුම් කොටස් සමග හැඳුනුම්පතක් සහ තවත් උපකරණ රැසක් යාපනයේදි හමු වු බව පසුගිය 16 වැනි දින මාධ්‍ය වාර්තා පල වි තිබුණු අතර එම හමුවු උපකරණ අතර ජාතික හැදුනුම්පතක් රියදුරු බලපත්‍රයක් ද සොයා ගෙන ඇති අතර එම ජාතික හැදුනුම්පත් අංකයට අනුව නම සඳහන්ව ඇති කෑගල්ල, හෙම්මාතගම, දුම්බුළුවාව ලිපිනයේ පදිංචි නුවර හේනයලාගේ අමිත උපනන්ද සොයා ගෙන අප එම නිවස වෙත ගියේ මෙම සිදුවිම වාර්තා වි ගෙවි ගිය පසුගිය 18 වැනි දිනයේදිය.

මෙම ජාතික හැදුනුම්පත හිමි යුධ හමුදාවේ සේවයේ නිරත මෙම යුධ හමුදා සෙබලා වසර තිහක් තිස්සේ යුද්ධය අවසන් කිරිම වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් යුතුව සටහන් කිහිපයකටම දායක වු රණකාමී සෙබළෙකි. 

අදටත් ජිවත් විමට තරම් වාසනාව ලද ජිවිතය අනුනවයෙන් බේරා ගන්නා ගැනිමට තරම් වාසනා මහිමයක් මොහුට තිබුණි. මේ වන විට යුධ හමුදාවෙන් විශ්‍රාම ලබා කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවයේ යෙදි සිටින මෙම රණකාමි වීර සෙබළා අපේ රටේ යුධ ඉතිහාසයේ නොමැකෙන නමක් සටහන් කරන ලද යුධ බිම අත්දැකිම් රැසක් ලැබු අයෙකි. 

මාන්කුලම් දරුණු සටන් පැවැති සමයේ ඔහුගේ අදටත් නොමැකි ඇති දකුණු ඉලයට වැදුනු වෙඩි පහර නිසා යුධ හමුදා රෝහලේ දින 14 කට වඩා වැඩි කාලයක් ප්‍රතිකාර ලබා ඇත්තේය.

පසුගිය 16 වැනිදා ජාතික හැදුනුම්පත, රියදුරු බලපත්‍රය සහ යුධ හමුදා නිළ ඇදුම් යනආදිය හමුවිමෙන් පසුව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග යටතේ අදාල ස්ථානය සම්බන්ධනේ තවදුරටත් පරීක්ෂා කිරීමට නියමිත බවත් ජාතික හැදුනුම්පත සහ රියදුරු බලපත්‍රය හිමි පුද්ගලයාගේ තොරතුරු සොයා පරීක්ෂණ පවත්වන ලෙසට පොලිසිය වෙත නියෝග කර තිබුණු අතර අප මේ නිවස සොයා ඔහුගේ තොරතුරු යුධ අත්දැකිම් යන ආදිය ගැන තොරතුරු සොයා යමින් සිටියදි පොලිසිය සහ රජයේ ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනිමේ අරමුණින් මෙම නිවස වෙත එමින් තිබුණි.

අප නිවසට ගිය අවස්ථාවේ තම බිහිසුණු අත්දැකිම් විස්තර කරන ලද 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ විශ්‍රාමික කෝප්‍රල් අමිත උපනන්ද විරෝධාර රණවිරුවා අප හට සිය අත්දැකිම් කිහිපයක් විස්තර කලේ මෙලෙසිනි.

මම හෙම්මාතගම කෑ/මාව නගරගිරි ම. විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන ආධුනිකයෙක් ලෙස යුධ හමුදාවට බැදුනේ 1991 ජනවාරි හතර පනාගොඩ යුධ හමුදා කඳවුරට එම කඳවුරේ පුහුණුව ලැබුවේ පාබල යුධ හමුදා සෙබලෙකු විදිහටයි.

පුහුණුවෙන් පස්සේ යාපනයට උඩින් තියෙන ඩෙල්ෆ් දූපතට ඒහා තියෙන මඩතිව් ප්‍රදේශයේ වැඩ කලා. ඊට පස්සේ වවුනියා, පුනරීන් අවුරුදු තුනක් විතර වැඩ කරා තවත් ස්ථාන කිහිපයකම වසර ගණනක අත්දැකිම් මට තියෙනවා.

කෙසේ හෝ මාගේ හැදුනුම්පත් ඇතුලූ උපකරණ නැති වුනේ මාගේ මතකයේ හැටියට බිහිසුණු සටන් තිබුණු අලිමංකඩ ඉදිරි ආරක්ෂක වළල්ලේදි විය යුතුයි. ඒ සටනේදි අපි බොහෝ දෙනෙක් අලිංමකඩට කොටු වේලා හිටියා. එල්.ටි.ටී.ඊ ත්‍රස්තවාදින් අපේ හමුදා කඳවුර වටකරලා දින කිහිපයක් අපි සමග සටන් කලා.

එල්.ටි.ටී.ඊ එක කිලාලි වලට උඩින් එයාලාගේ ලයින් එකක් දාලා තිබුණා. ඒ අය දෙපැත්තටම ගහගෙන යනවා මාගේ මතකට හැටියට දවස් හතරක් වාගේ තමයි අපි කොටු වුනේ. අපේ සේනාංකයේ 130 ක් පමණ සහ තවත් සේනාංක කිහිපයකම අය විශාල පිරිසක් කොටු වේලා තමයි හිටියේ. 

සිංහ රේජිමෙන්තුව, විජයබාහු ඒ අයත් මේ සමග කොටු වේලා හිටියා. එල්.ටි.ටී.ඊ එක නොනවත්වා කඩින් කඩ පහර දෙන්න ගත්තා. අපිට ඛෙහෙත් ආහාර සැපයිම් සියල්ල එල්.ටි.ටී.ඊ එක ඒ වෙන කොටත් වලක්වා ගෙන තමයි මේ සටන දියත් කරගෙන ගියේ.

දින තුනක් විතර ගත වුනාට පස්සේ ඒ අතරවාරයේදි තමයි අපේ තිබුණු බොහෝ දේවල් නැති වුනේ. අපිට තිබුණු ඇදුම් කට්ටලයේ බර අනුව අපිට සටන් කිරිමට අමාරුකම නිසා අපි ලග තියෙන සමහර දේවල් අපි අයින් කර ගැනිමට තීරණය කලා. අපිට කෑම නැහැ ගොඩාක් බර අරන් යන්න බැහැ. ඒවා ගලවමින් තමයි අපි මේ ගමන යන්නේ සමහර අය යට ඇදුමෙන් විතරයි.

හතර පැත්තෙන් ගහනකොට නිදහසේ ආරක්ෂිතව එන්න තැනක් බලා ගැනිමත් එම අවස්ථාවේ වැදගත් අපිට අපේ ජිවිත බේරා ගැනිමට නම් කිලාලි කලපුව පැත්තෙන් තමයි යන්න සිද්ධ වුනේ ජලයේ බැහැලා යන්න ඔනෑ නිසා එම කලපුවේ යන අතරවාරයේදිත් අපි අපේ ඇදුම් පැලදුම් අත රැදි බොහෝ දේවල් අපි අයින් කර ගෙන ආවත් අතේ තිබුණු ටි.56 සහ තුවක්කුවට අවශ්‍ය උණ්ඩා යනආදිය ඇති පමණින් සතුරා විසින් යම් අවස්ථාවක පහර දිමක් සිදු කර හොත් ඊට මුහුණ දිමටත් සුදානමින් පැමිණෙමින් සිටියා කලපුවට බැහැලා.

ඔය නැතිවේලා තිබුණෙ මාගේ පාසල් යන දවස් වල ගත්ත ජාතික හැදුනුම්පත මේ ටික යුද්ධය වේලාවේ නැති වුනාට පස්සේ මම අලූතෙන් හැදුනුම්පත් හැදුවා. මේ සටනේදි අපේ සහෝදර සෙබළුන් ගොඩාක් දෙනෙක්ගේ දිවි අහිමි වුනා අදටත් එය සිහිවෙනකොට හරි දුකයි. එකට කලා බිලා ජිවත් වුනු අපිට අපේ අය ගොඩාක් දෙනෙක් අහිමි වුනා. 

ගොඩාක් දෙනෙක් පිට් එක හැදිලා මිය ගියා සමහර අයට කෑම බිම නැතිව මිය ගියා. මාත් අපි සමග සිටි සමහර අයත් ගස් වල කොළ පොතු කෑවා සමහර අවස්ථාව තල් ගෙඩි කෑවා ඒ විදිහට තමයි ජිවිතය දවස් ගණන් තියා ගන්න ශරිර සෞඛ්‍ය හදා ගත්තේ. වතුර තිබුණා ඒ ජලය ලූණු රස මිශ්‍රයි.

අලිංමකඩ සටන වෙනුවෙන් එල්.ටි.ටී.ඊ සංවිධානයේ ලොකු බලඇණි රැසක්ම හිටියා සාමාන්‍යයෙන් දෙදහස් පන්සියක් තුන්දහසක් අතර ප්‍රමාණයක් මේ සටන වෙනුවෙන් ඇවිත් හිටියා ඒ අය දිවා රාත්‍රි පහර දිම් සිදු කලා. නමුත් මේ අයට යුධ ටැංකි මෙන්ම වෙනත් දියුණු යුධ උපකරණ කිසිවක් තිබුණෙ නැහැ.

කිලාලි කලපුව පැත්තෙන් ඉඩ තිබුණා. එල්.ටි.ටී.ඊ සංවිධානය හිටියේ නැති නිසා ඒ පැත්තෙන් ඇවිත් කලපුවට බැහැලා පොල්වත්තකට ආවා ඒ වෙන කොට අපේ සමහර අය ස්ථාන ගත වේලා හිටියා පොල් වත්තේ දවස් තුන හතරම කැලේ ඇතුලේ ඉදලා බැරිම තැන කිලාලි කලපුවෙන් පැන ගත්තා පොල්වත්තට එක ලොකු පොල්වත්තක් මාගේ මතකයේ හැටියට හතරවන දවසේ උදේ 7 ඉදන් සවස 2 විතර වෙනකම් බට ගෑවා හිටගෙන ගියොත් වෙඩි තියෙනවා ඒ නිසා අත්වල කකුල්වල ලේ එනකම් බඩ ගෑවා.

බඩගාගෙන ආපු අපි ගොඩාක් දෙනෙක් සපත්තු දාගෙන හිටියේ කටු සහ ආක්ෂාවට අපි සපත්තු ගැලෙව්වේ නැහැ. කලපුවට බැහැලා ආපු නිසා අපේ කකුල් කසන්න ගන්නවා ඇග කසන්න ගන්නවා නමුත් අපි ඒ හැම දෙයක්ම දාරා ගෙන මේ ගමන ආවා. ලූණූ වතුරට ඇග දනවා අව්ව වැටෙනකොට ඇගට හරි අපහසුවක් දැනෙනවා. ඔය පොල්වත්තේදි මාගේ පොකට් එක අයින් කලා වාගේ මතයක් තියෙනවා.

බර වැඩි ජලය නිසා පුස් ගඳ ගහනවා. කන්න දෙයකුත් නැහැ බඩ ගාගෙන යන්න ඔනෑ ඒ බර අරන් ගිහින් වැඩකුත් නැහැ. ඒ නිසා ගොඩාක් අය කිවා ඔවා ගලවලා දැන් පණ බේරා ගනින් නිකන් මැරෙනවා ඔවා කරේ තියාගෙන ඇගේ තියාගෙන යන්න එපා කියලා. ඒ අවස්ථාවේ පෙලක් අය යට ඇදුම පිටින් බඩ ගෑවා මට මතකයි. අපි මොනවා අඩු කර ගත්තොත් අපේ පතුරන් අඩු කරගන්නේ නැහැ. හදිසියකදි සටනක් ඇති වුනොත් ඊට මුහුණ දෙන්න අවශ්‍ය උපකරණ තිබිය යුතුයි ඒ නිසා අපි නිතරම හිටියේ සුදානමින්.

අපි එදා අලිංමකඩ සිටියා නම් අපි මිය යනවා අපි එන කොට අලිංමකඩ අල්ලාගෙන ඉවරයි. අලිමංකඩ අල්ලා ගැනිම එල්.ටි.ටී.ඊ සංවිධානයේ ප්‍රධානතම ඉලක්කයක් වුයේ යුධමට වශයෙන් වැදගත් ස්ථානයක් විමත්, ඒ.9 නුවර යාපනය මාර්ගය පිහිටා ඇත්තේ අලිමංකඩ යාපනය අර්ධද්පයට ප්‍රවේශ විමට ඇති එකම ගොඩබිම් මාර්ගය නිසාය. 

මේ සටනේදි ගොඩාක් තුවාල අය ගෙන්න බැහැ ඒ අය සතුරාට බිලි වුනා. හතරවන දවසේ අපි ජිවිත බේරා ගෙන සතුරා සමග සටන් කරලා බැරි තැන එනකොට බාගෙට බාගයක් හිටියේ නැහැ සුළු පිරිසක් පමණයි ජිවිතය බේරා ගෙන ආවේ. මම දක්වා අපේ හමුදා සෙබළුන්ගේ මිය ගිය සිරුරු 1000 ක් 1500 ක් අතර වැටිලා තිබුණා.

අපි පොල්වත්තට එනකොට අපේ රේජිමේන්තුවෙන් පිරිස් ඇවිත් හිටියා. අපේ යුනිට් එකේ අපි සමග හිටපු අයගෙන් දිිවි බේරා ගැනිමට හැකි වුනේ 15 ක් විතර දෙනෙකුටයි. අවසානයේදි කෙනෙකුට කෙනෙක් බේරා ගන්න බැරි තත්වයක් තමයි තිබුණෙ. තමන්ගේ ජිවිතය බේරා ගැනිමට තමන්ට සතුරා සමග සටන් කර ගැනිමට සිදු වුනු අවස්ථා තිබුණා.

මීට අමතරව පුනරීන් වලදිත් මම බිහිසුළු සටනක නිරත වුනා. මම යුධ හමුදාවේ සිටියදි බිහිසුණු යුධ සටන් රැසකටම සහභාගි වුනා. ජයසිකුරු, වඩමාරච්චි වාගේ ක්‍රියාන්විත රැසකටම සහභාගි වුනා. ඒ සටන් වලදි මට අමතක නොවන සිදු විම වන්නේ පුනරින් මෙහෙයුමයි. මම ගිය අලූත 1994 වසරේදි පමණ වාගේ කාලයේදි තමයි ඒ සටන සිදු වුනේ.

පුනරින් කඳවුරට වටකරලා පහර දීමක් සිදු කලා එකෙදි දවස් 14 ක් අපට එක දිගයම පහරදිම සිදු වුනා. එකත් එල්.ටි.ටි එක යාපන පැත්තෙන් මුලතිව් පැත්තෙන් බැහැලා කලපුවෙන් පිනා ඇවිත් සටන දිගටම තිබුණා. මම ඉහතින් විස්තර කරපු සටහනට වඩා වැඩිය අමාරුවක් වුනා ඒ සටන එකෙදි කෑම පැකට් දැම්මේ ගුවන් යානා වලින්. ඒ සටනේදි අපි ජිවිත බේරා ගත්තේ ගොඩාක් දවසක් අතරමං වේලා ඉදලා යැයිද පැවසිය.

_මාන්කුලම් වලදි වෙඩි වැදිම_

මම යුධ හමුදාවට ගියාට පස්සේ රියදුරෙකු ලෙස ට්‍රක්, ලොරි, ට්‍රැක්ටර් එලෙව්වා. එක දවසක් මාන්කුලම් සිට මුලතිව් දෙසට ට්‍රැක්ටරයෙන් කෑම රැගෙන යද්දි කිලෝමිටර් තුන හතරක ඈත ඉදලා එල්.ටි.ටී.ඊ එක එල්ල කරපු මෝටර් බොම්බයක් අපි ගියපු මාගේ ඉදිරියට වැටුනා. ඒ බොම්බයේ කෑගල්ලේ ඇවිත් මාගේ වැදුනා එකෙදි තමයි මං තුවාල ලැබුවේ යැයි ද ඔහු පැවසිය.

කෙසේ හෝ සිය පවුල් ජිවිතය ගැනද සිහිපත් කරමින් මේ විරෝධාර රණවිරුවා පැවසුයේ මාගේ පවුලේ එක් පුතෙකු සිටින බවයි. බිරිඳ වෘත්තිය වශයෙන් කිසිදු රැකියාවක නිරත නොවුන බවද ඔහු පවසයි. වසර 25 කට වැඩි කාලයක් යුධ හමුදාවේ සේවය කර 2016 වසරේදි යුධ හමුදාවෙන් විශ්‍රාම ගිය බවද උපනන්ද පැවසිය.

ඔහු අවසන් වශයෙන් අපට කිවේ යුධ හමුදා ජිවිතයේදි කිසිදු දිනක ජිවත් විමේ බලාපොරොත්තුවක් නොතිබුණු අස්ථීර ජිවිතයක් රට බේරා ගැනිම වෙනුවෙන් සිදු කරන ලද බවයි. තම හොඳම යාළු මිත්‍රයන් රැසක්ම යුද්ධයේදි සතුරාට බිලි වුනු බවද අපට පැවසිය. යුද්ධ කරද්දි දෙපැත්තන් හිතන්න බැහැ. අම්මා තාත්තා නැදැයෝ කොටින්ම කිවොත් බිරිඳ පවා අමතක කරලා තමයි මේ බිහිසුණු සටනට යන්නේ යැයිද කිය.

අප මෙම විරෝධාර සෙබලාගෙන් අවසන් වශයෙන් ඇසුවේ යුධ හමුදාව රැකියාවක් කර ගැනිමට හේතු වුයේ කුමන හේතුවක් නිසාද යන්නයි. එහිදි ඔහු මෙසේ පැවසිය.

ගමේ රැකියා වලට වඩා පිළිගැනිමක් ඒ කාලේ මෙන්ම අදටත් තියෙනවා මේ වෘත්තියට ඒ වාගේම මේ රැකියාව ගෞරාවන්විත රැකියාවක් අභිමානවත් පුරවැසියෙක් විදිහට ලංකාවේ මට හිතුනා මාගෙන් යමක් රට වෙනුවෙන් සිදු විය යුතුයි එයට උදව්වක් ලෙස තමයි මම යුධ හමුදාවට එක් වුනේ යුද්ධයක් ඇති වුනාම රටක රටේ ජීවනාලීය බදු තරුණ පරම්පරාව බර කරට අරන් ඒ ගැටලූව නිරාකරණය කර ගැනිමට කටයුතු කිරිම වගකිමක් වන බවද පැවසිය.

අමිත උපනන්දගේ බිරිඳ වන කේ.වි දිල්හානි කුමාරි මහත්මිය අප සමග අදහස් දක්වමින් මෙසේ පැවසිය.

අපි විවාහ වුනේ 1997 වසරේදි මම මධ්‍ය පළාතේ පිළිමතලාවේ, අඹන්වල කෙනෙක්. විවාහ වේලා මුලින්ම හිටියේ හකුරුගම්මන ප්‍රදේශයේ ඊට පස්සේ තමයි මේ නිවස හදාගෙන දුම්බුළුවාවට ආවේ. මහත්තයා යුධ හමුදාවේ කැප විමෙන් වැඩ කරපු කිසිම දවසක සේවය මග හැරිම සිදු කර නැති වේලාවටත් කලින් සේවයට වාර්තා කරන කෙනෙක්. මම ඔහුගේ කටයුතු වලින් සතුටට පත් වුනු කෙනෙක්. ඒ වාගේම මාගේ මහත්තයා යුධ හමුදාවේ සේවය කිරිම ගැන මට නිහතමානි ආඩම්බරයක් තියෙනවා. වසර තිහක යුද්ධය අවසන් වේද්දි මහත්තයාද එහි කොටස් කරුවෙකු විම ගැන සතුටුයි.

අලිමංකඩ සටන තියෙන කොට මට මතකයි පුතා ඉපදිලා මාස හතරකින් මහත්තයා වැඩට ගියාම ආවේ පුතාට මාස 7 ක් වුනාට පස්සේ. ඉස්සර අද වාගේ දුරකථන කිසිම දෙයක් නැහැ ලියුමක් ලිවොත් එක යන්නත් සැහෙන කාලයක් යනවා. නමුත් ගැහැණියෙක් විදිහට ඒ හැම දෙයක්ම විද දරාගෙන මහත්තයාගේ රාජකාරිය කර ගැනිමට අවස්ථාව දිලා මාගේ කටයුතු කර ගත්තා.

පුතා ඉපදිලා මාස හතරකින් පුතා වඩා ගෙන සුරතල් කරලා තම රාජකාරිය වෙනුවෙන් මහ වෙඩි වරුසා මැද්දේ සමහර අපිව සිහි වෙන්න ඇති පුතා සිහිවෙන්න ඇති නමුත් ජිවිත පරිත්‍යාගයෙන් ඒ සියලූ දේවල් කර නිර්භිත මහත්තයෙක් මට සිටිම ගැන මෙන්ම ඒ සම්බන්ධයෙක් කාලයක් ගිහින් හරි සොයා බැලිම ගැන මට හරි සතුටක් වන බවද ඇය අප සමග පැවසිය.

යුධ හමුදා සෙබළෙකුගේ හැදියාව නීතියට අවනත විම පිරිසිදු බාවයට අද හොඳම නිදසුන ඔහුගේ නිවසයි. නිවසේ වතු පිටි මෙන්ම නිවසද මනාව සකස් කර ඇති අතර මල් වත්තක් මෙන් නිවස වටපිටාව ඔහු සකස් කර ගෙන පවති. ජිවිතය පවා පරදුවට තබමින් මේ සෙබලා කර ඇති සේවය අගය කර යුත්තේ තිස් වසරක යුදමය ජයග්‍රහණයේ ඔහුද කොටස් කරුවෙකු වි වෙඩි වැදි කල සේවය මුළු මහත් රටටම ආදර්ශයක් වන නිසාවෙනි. ඔහුගේ සිතුම් පැතුමි මෙන්ම ඔහුගේ නිර්භිත සිත අද කාලයේ තරුණ පරම්පරාවට හොඳ ආදර්ශයකි.

විශ්‍රාමික මෙම හමුදා නිලධාරි මහතා සොයා ගැනිමට සහාය දැක්වු හෙම්මාතගම වසමේ ග්‍රාම නිලධාරි සෙනරත් වීරසිංහ මහතාට මාගේ ස්තුතිය.

ජායාරූප හා සටහන කෑගල්ල හෙම්මාතගම සමන් විජය බණ්ඩාර 

උපුටා ගැනිම ලංකා ඒ.බි.සි. නිව්ස්.

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.