News Category
From Date
To Date
Maximum Number of Result

හිතක මතක.. සමාජ සමයං හා පොඩි එකාගේ ලියුම

Jun 30, 2025 at 07:50 AM
|

(අප රට වත්මන් පරපුර නාඳුනන , එසේම හඳුනන පෙර පරපුරටද අද අමතකව ඇති , එකල මෙලක සිංහල පුවත්පත් ලොව අපරාජිතව විරාජිත 'ලංකාදීප' පුවත්පත , තම වෙසෙස් කුසලතා කැල්මෙන් උදුල කළ , කාටුන් චිත්‍ර ශිල්පී හෙන්රි තෙන්නකෝනුන් පිළිබඳ අදර බර සමරු සටහනකි.)

   වත්මන් බොහෝ ආධුනික ලේඛකයන්ගේ මෙන්ම ඇතැම් සම්මානිත ප්‍රවීණ නාමෝපලක්ෂිත ග්‍රන්ථ කාරයන්ගේද සිංහල භාෂා භාවිතය දෙස බලන මට එක් යුගයක් පුරා 'ලංකාදීප' පුවත්පත කීර්තිමත් කළ ප්‍රතිභාන්විතයෙක් වූ හෙන්රි තෙන්නකෝනුන් "පොඩි එකාගේ ලියුම" මැයෙන් එකල එම පුවත්පතට සැපයූ උපහාස හා හාස රස පූර්ණ නිර්මාණාත්මක රචනාවලියෙන් එක් වෙසෙස් රචනයක් ඉඳුරා සිහියට නැඟෙන්නේ ඉබේය. මන්දපුෂ්ට නිකෘෂ්ට භාෂා භ්‍රෂ්ට වත්මන් බොහෝ ලංකා ලේඛකයන් අතෙහි මෙකල දිනෙන් දින අන්ත ක්ලිෂ්ටව යන සාහිත්‍යමය සිංහල භාෂා භාවිතය කෙරෙහි කාගේත් සැලකිල්ල යොමු කිරීමෙහි ලා තෙන්නකෝනුන් එදා 'ලංකාදීප'යට සැපයූ එම වෙසෙස් "පොඩි එකාගෙ ලියුම" යළි කියවන්නට සැලැස්වීම 'කාලෝ අයං තේ' යැයි සිතමි. මෙවැනි භාෂා පරිහානියක් එදාද සිදුවෙමින් පැවති බවක් එමගින්ද ගම්‍යමාන වන හෙයිනි.

   හෙන්රි තෙන්නකෝනුන් භුවංගත වූයේ 1930 මැයි 05 වන දාය. ඒ මීට 95 වසරකට පෙරය. ඔහු දිවංගතව 2025 ජූනි 28 වන දිනට 47 වසරක් සපිරේ.

තමන්ගේම අනන්‍යතාවකින් සමන්විත සුප්‍රකට , ප්‍රශස්ත , ශූර කාටූන් චිත්‍ර ශිල්පියෙක් වූ හෙන්රි තෙන්නකෝනුන්ගේ කාටූන් කලාව මෙන්ම ගීත රචනා කලාවද මට මහත් සේ ආස්වාද ජනක වූවකි. ඔහුගේ කලාවේ හා ජීවිතයේ සුල මුල සෙවීමේ කුහුලක් කලක පටන්ම මසිතෙහි පිළිසිඳ තිබු⁣ණේ එබැවිනි.

එය සංසිඳුවා ගැන්මට 2019 වසරේ පමණ මග පෑදු⁣⁣ණේ අහම්බෙනි. මගේ ප්‍රිය ශිෂ්‍යා ඉන්ද්‍රාණී ධර්මරත්න සමග ඇහැලියගොඩ ඇරෑපොළ නම් ගමේ මනරම් වන ගහනයක් මැද පිහිටි ගෙදරට ගොස් තෙන්නකෝනුන්ගේ එක කුස හොත් වැඩිමහල් සොහොයුරිය ලීලා තෙන්නකෝන් මැතිනිය හමුවීමට ලැබීම එහි ඉෂ්ට ඵලයකි. ඇය ඉන්ද්‍රාණිගේ මවගේ අයියාගේ බිරිඳය. ඕ වනාහි තෙන්නකෝනුන් ගේ බොහෝ නිර්මාණ (කාටූන් සිත්තම්, කවි, ගීත ආදි ) මහත් අදරබැතින් රැක ගත් 

ස්නේහාර්ද්‍ර මානව සංරක්ෂණාගාරයක් වැන්න. අපට හමුවන විට ඇය පසු වූයේ දශක දශකයේ මෝමූහ (සිහි මුළා) හෙවත් 09 වන දශකයෙහිය. එහෙත් එකල 92 වන විය ගෙවමින් සිටි ඕ උන්නේ මනා සිහියෙනි. සති සම්ප්‍රජන්‍යයෙනි. විශ්‍රාම ලත් විදුහල්පතිනියක් වූ ඕ තොමෝ සිනාවෙන් එකලු වූ මුහුණකින් සැදුණු ඉතා ප්‍රසන්න කාන්තාවකි. ලීලා තෙන්නකෝන් මැතිනිය තම මල්ලිගේ කලා දිවි තතුත් සැබෑ දිවි තතුත් ආසාවෙන් මතු කරමින් අත්‍යන්ත තෘප්තව අප සමග කතා කළේ අතිශය අභිමානයකිනි. ඊට වසරකට පමණ පසු ඕ මිය ගියාය.

  ඉන් පසු අවස්ථාවක හෙන්රි තෙන්නකෝනුන්ගේ දයාලූ බිරිඳ වන චන්ද්‍රා තෙන්නකෝන් මැතිනිය ජීවත්වන පානදුරේ පිහිටි ඇගේ ගෙදරට මා කැටුව ගොස් ඇයද මට මුණගැස්සුවේ පූර්වෝක්ත ශිෂ්‍යා ඉන්ද්‍රාණිමය. චන්ද්‍රාවෝද තම ප්‍රාණප්‍රිය සැමියාගේ දුර්ලභ කුසලතා පල සුරක්ෂිත කොට ගෙන සිටි පති භක්ති භාරාවනත මානව සංරක්ෂණාගාරයක්මය. මෙහිදී මට 'පතිනි වත' යන්නෙහි නිරුක්ත්‍යාර්ථය විශද කොට දක්වන සංස්කෘත විග්‍රහ ශ්ලෝකයක් සිහියට නැගෙන්නේ ඉබේය.

"ආර්තාර්තේ මුදිතේ හෘෂ්ටා

ප්‍රෝෂිතේ මලිනා කෘශා"

තම හිමි දුකින් උන් කල ඇය 

දුක් වන්නී

තම හිමි තුටින් උන් කල ඇය 

තුටු වන්නී

තම හිමි දුරු රටක නම් ඇය 

මැලවෙන්නී

තනිවුණු දුකට දින දින ඇය 

වැහැරෙන්නී

   තෙන්නකෝනුන්ගේ ලොකු දුව ලලංගිගේ පාසල් මිතුරියක වන වෛද්‍ය නිශා ප්‍රනාන්දු තමා ලියූ පුවත්පත් සමරු ලිපියෙක්හි ලා චන්ද්‍රාවන් කෙරෙහි තමා තුළ හට ගත් අති මහත් වූ බැති සිත හෙළි කරන්නේ මෙලෙසිනි.

"1978 ජූනි 28 වැනි දින ජීවිතයේ තවත් එක් අමතක නොවන දිනයක් බවට පත් කරමින් ඔහු (48 වැනි වියේදී) අපෙන් සමුගත්තේය. උපාධි ධාරී ගුරුවරියක වූ තෙන්නකෝන් මහතාගේ බිරිඳ චන්ද්‍රා තෙන්නකෝන් මහත්මිය එතැන් සිට තනියම ජීවන බර කරට ගෙන දරුවන් ( ලලංගි, ලසංගි, තිමාල්)තිදෙනාටම අඩුපාඩුවක් නොකර හොඳින් ඉගෙනීම ලබාදීමට වෙහෙසුණු හැටි මම හොඳින් දනිමි. ඔවුහු තිදෙනාම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ඉතා හොඳ තනතුරු හොබවති. එපමණක් නොව තෙන්නකෝන් මහතා මිය යන විට අත්තිවාරම පමණක් තිබූ නිවසද සාදා නිම කර ගැනීමට ඈ දෑරූ වෙහෙස අද කාන්තාවන්ට ආදර්ශයකි. සැබවින්ම ඇය ආදර්ශවත් දිරිය කාන්තාවකි."

   1930 මැයි මස 05 වන දින උපන් හෙන්රි පියදාස තෙන්නකෝන්හු ඇඹිලිපිටියේ ඕමල්පේ ගමේ විදුහල්පතිවරයෙකුගේ පුතෙකි. ඕමල්පේ පාසලෙන් ඉගෙනීම ඇරඹූ තෙන්නකෝනුන් වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ රත්නපුර සීවලි මහා විදුහලෙනි. ඔහු විකට කවි ලියා 

විකට සිත්තම් ඇඳීමේ කලාවට අත පොත් තැබුවේ සීවලී විදුහලේ සිසුන් තම අතින් ලියා පළ කළ මාසික සඟරාවකිනි. එහි කතුවරයා වූයේ ජයරත්න විලේගොඩ නම් සිසුවාය. ඔහු අන් කිසිවෙක් නොව පසු කලෙක කෘතහස්ත පුවත්පත් කලාවේදියෙකු මෙන්ම අදීන සිනමා විචාරකයෙකු ලෙසද කිතු ගොස නැගූ ජයවිලාල් විලේගොඩයන් බව කවුරු දනිත්ද? තෙන්නකෝනුන් සහ විලේගොඩයන් සමග එකම පාසලේ එකට ඉගෙන ගත් විහිළුකාර තවත් මිතුරු මුකරියෙක්ද සිටියේය. දුර්ලභ ගණයේ ප්‍රතිභා සම්පන්න නළුවෙකු වශයෙන් පසු කලෙක සිනමා ලොව එකලු කළ ජෝ අබේවික්‍රමයෝ ඒ මිතුරුතුමෝය. මේ ගිහි මිතුරන් අතර බඹරකොටුවේ සුධර්ම නම් හිමි නමක්ද විය. පසු කලෙක කොළඹ යුගයේ මුල් පෙළේ කවියෙකු ලෙස ප්‍රකට වූ බඹරකොටුවේ සුධර්ම කවියා එහිමිය. 

   හෙන්රි තෙන්නකෝන්හු තම පාසල් වියේ සිටම චිත්‍ර ඇඳීමට පමණක් නොව කවි ලිවීමටත් හිටි වන කවි කීමටත් එක සේ දස්කම් පෑහ. 

සහජ කවිත්වයක් උරුම කොටගෙන සිටි නිත්‍ය විනෝදප්‍රිය රසිකයෙක් වූ ඔහුගේ කටින් කියැවුණු හිටිවන කවි මෙන්ම අතින් ලියැවුණු කවිද හාස්‍ය උපහාස රසයෙන් ආර්ද්‍ර විය. ඒවා කෙනෙකුගේ සිත විනෝදයෙන් ඔද වඩවන රසාත්මක රචනා මැයි.

වරක් පාරේදී මුණගැසුණු මිතුරෙක් යන්නේ කොහේදැයි ඔහුගෙන් විමසීය. පිළිතුර හිටිවන කවියකිනි.

කාලා රස මුසු බෝජන කර පෙම් 

ගාලා සුවඳැති සඳුනුත් මනරම්

ලාලා අබරණ නිසි ලෙස සැරසුම් 

ලීලාවතී හමුවන්නට යමි මම්

අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වී පාසල් හැර ගිය සිසුවියකගේ සමරු පොතේ ලියූ කවියක් අසන්න.

සාරාසංඛ්‍ය කප් ලක්ෂය පෙරුම් 

පුරා 

සොලසාසංබ්‍ය කප් ලක්ෂය පෙරුම් පුරා

සූවිසි සංඛ්‍ය කප් ලක්ෂය පෙරුම් පුරා 

ලෝරා සීනිියර් යන්තම් පාස් 

කරා

වැස්සේ තෙමෙමින් කුල සිරිත් රැකි විශාඛා සිටු දුව සිහිකොට

තෙන්නකෝන් කවියා කළ ස්ත්‍රී තක්සේරුව. 

විකුණන්නට තිබෙන කෙළි බඩුවකි මේක 

සෙලවුණ හොතින් විකුණනු බැහැ කිසි දාක 

ඒකයි ගැහැනියට හෙල වෙන එක නාක 

කියමින් විසාකා ගෙට ගොඩ වුණු සේක.

පාසල හැර ගිය තම පන්ති මිතුරු බඹරකොටුවේ සුධර්ම හිමියන්ට. 

මහ විදුහලින් පිටවී යන හැටි 

දුටුවා

ඔබෙ හිස මතට කළු ගලකුත් පෙරළනවා

ඔබ යන යන තැනට මම පස්සෙන් එනවා 

ඔබ බුදු වුණොත් මම දෙව්දත් තෙර 

වෙනවා

ණයක් දී එය ආපහු නොදුන් මිතුරාට.

උඹට නැති බැරි වෙලාවට මම මට තිබුණු සේ සතම දුන්නා

උඹේ අක්කත් දූව පෙන්නා මගේ චැක් කොළයකට ඇන්නා

ගත්තු ණය මගෙ අද දෙතැයි හෙට දෙතැයි මං ඔහෙ බලා උන්නා 

සල්ලි බැරි නම් ලේලිවත් මට දියං මම ඈ බාර ගන්නා 

   හෙන්රි තෙන්නකෝනුන් ගීත රචනයෙහි ලා දැක් වූ අපූරු සමත්කම කොතරම්ද යන්න සනාථ කරන මනා නිදසුනකි කිසි දින නොව පැරණිය ,දින දින වන රමණිය, "බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද ඉද්ද පනා මල් කැන් පිපිලා" නම් අවුරුදු ගීය. එය යුග යුග පවතින ගීයක් නොවෙතියි කාට නම් කිය හැකිද? ඒ ගීය වූකලී හෙන්රි තෙන්නකෝනුන් ගේ නාමය අමරණීය වන රමණීය නිර්මාණ මාණික්‍යයක් නොවේ ද?අවුරුදු කාලෙට කොහා ගේ ගීයට නොදෙවෙනි වන සේ ගුවන් විදුලියෙන් ඇසෙන මේ ගීය මගේ කල්‍යාණ මිත්‍ර පියසිරි විජේරත්න ගායකයාණන් විසින් තනුව තනා තම මධුර ස්වරයෙන් ගයන ලද්දේ මගේ ළබඳ සබඳිනී අමිතා වැදිසිංහයන්ගේ හෘදයහාරී ස්වරයේ සමවායෙනි.

   තෙන්නකෝනුන් මේ ගීය මුලින්ම ලියන ලද්දේ ඉංගිරියේ ගාමිණි විද්‍යාලයේ රඟ දැක්වූ 'රන් කැකිර' නම් ගීත නාටකය සඳහාය. එම ගීත නාටකයද ඔහුගේම රචනයකි. 'රන් කැකිර' නිෂ්පාදනය කළ, එකල ඒ පාසලේ සංගීත ගුරුවරයා වූ පියසිරි විජේරත්නයන් එහිදී ඒ ගීය ගැයුවේ තම ශිෂ්‍යා රංජනී පොල්ගම්පල සමගිනි.

   හෙන්රි තෙන්නකෝනුන් අපගේ පැරැණි ගද්‍ය පද්‍ය සාහිත්‍යය මෙන්ම ජන කවි සාහිත්‍යයද මැනැවින් පරිශීලනය කළ බහුශ්‍රැත සාහිත්‍ය රසිකයෙකු බැව් ඔහුගේ කව් ගී බැඳුම්  විශේෂයෙන් විශද කරන ලකුණකි.'මදුර සංදේසය' නමින් ඔහු විසින් ලියැවුණු රසාර්ද්‍ර ස⁣ඳෙස් කවක්ද වෙයි. 

    තෙන්නකෝනුන්ගේ කවි ගී හැරෙන විට ඔහුගේ හෘදයංගම නාමය අමරණීයත්වයට පත් කරන ඔහු සතු අනෙක් ප්‍රතිභා විභූතිය විජෘම්භමාන වන්නේ ඔහු විසින් නිර්මිත කාටූන් චිත්‍ර සම්භාරයෙනි. ඔහු විසින් මුලින්ම පුවත් පතක පළ කරන ලද්දේ කුඩා පොකට් කාටූනයකි.එය වනාහී "තෙන්නකෝන්ගේ විහිළු තහලු"ය. එකල එය පළ වූයේ දිනපතා නිකුත් වුණු 'ලංකාදීප' පත්තරයේය. දේශපාලකයන්ගේ රූපවලින් තොර එය අතිශයින් ජනප්‍රිය විකට රසාංගයක් විය. මෙහිදී විශේෂයෙන් හෙළි කළ යුතු කරුණක් වෙයි. එනම් හෙන්රි තෙන්නකෝනුන් එකද දේශපාලන කාටූනයක් වත් නිර්මාණය නොකළ බවය.එහෙත් ඔහුගේ කාටූන් නිර්මාණවල ආත්මය වූයේ සමකාලීන දේශපාලන හා සමාජ යථාර්ථය මිස අනිකක් නොවේ. ඔහුගේ කුඩා පොකට් කාටූනය වන "තෙන්නකෝන්ගේ විහිළු තහලු"මෙන්ම පනහේ දශකයේ මුල් අවධියේ පටන් හැත්තෑව දශකයේ අග භාගය තෙක් (පළමු) 'ඉරිදා ලංකාදීප' පුවත්පතේ පළ වූ "තෙන්නකෝන්ගේ සමාජ සමයං"විකට රසාංගයද ඊට ප්‍රත්‍යක්ෂ සාක්ෂි සපයයි. ඔහු 'සිළුමිණ' පුවත්පතටද 'කතා පිංච' නමින් රසාලිප්ත රචනාවලියක් සැපයුවේ 'එල්.සී. ජයසිංහ' යන ආරූඪ නාමයෙනි. එම ආරූඪ නාමය තම බිරිඳගේ නම වන 'ලියනගේ චන්ද්‍රලතා ජයසිංහ' යන්න ඇසුරින් සකසා ගත්තකි. 

    දේශපාලකයන්ගේ මුහුණුවලින් යුත් දේශපාලන කාටූන් නොවුණද තෙන්නකෝනුන්ගේ ප්‍රබල උපහාස රසය කරණකොටගෙන ඔහුගේ සරදම් විකට සිත්තම් කෙරෙහි එකල දේශපාලකයෝ නොමඳ සැලකිල්ලක් දැක්වූහ. අගමැති තනතුර හොබවන අවධියේ පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයකදී එස්.ඩබ්ලියු.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා මේ ප්‍ර්‍රකාශය කළේය. 

"මම ඉල්ලා සිටිනව ලංකාදීපයෙ තෙන්නකෝන් මහත්තයගෙන් එයාගෙ 'සමාජ සමයං' කාටූන් එකෙන් මේ අයවැය ගැනත් විවේචනයක් කරන්න කියල."

   පසු දිනෙක පාර්ලිමේන්තු සභා වාරයකදී එවක නිවිතිගල මන්ත්‍රී ඩී.එස්.හෙට්ටිආරච්චි මහතා ඉරිදා ලංකාදීප පත්‍රයක් දිග හැරගෙන මෙසේ ප්‍රකාශ කළේ බණ්ඩාරනායක අගමැතිවරයා අබියසය.

"මෙන්න තෙන්නකෝන් මහත්තයගෙ සමාජ සමයමෙන් හොඳට බලාගන්න පුළුවන් අයවැය ගැන."

   කීර්තිමත් චිත්‍ර ශිල්පී බන්ධුල හරිශ්චන්ද්‍රයන් තම කලා ජීවිතය භාග්‍යවත් කළ සන්මිත්‍ර හෙන්රි තෙන්නකෝනුන්ට පුවත්පත් ලිපියක් මගින් පිදූ අප්‍රමාණ කෘතඥ පූර්වක ප්‍රණාමය මෙයයි.

   "පහර ලබන්නාටද සිනහ නොවී සිටීමට නොහැකි වන සේ උපායශීලීවත් වක් මගිනුත් පහර දීමේ කලාව හොඳින් දැන සිටි හෙන්රි තෙන්නකෝන් 'සමාජ සමයං' නිර්මාණයෙන් තමාවද උපහාසයට ලක් කර ගත්තේ වරක් දෙවරක් නොවේ. ඒ කාලයේ පත්තර බලන පාඨකයාට අලුත් අත්දැකීමක්ද ඔහුගේ කාටුන් විසින් හුරු කොට තිබිණි. ඔහුගේ දියණියන් දෙදෙනා හා එකම පුතුගේ උපන්දිනයන් අළලා ඉදිරිපත් කළ කාටූන් මෙයට හොඳම නිදසුන් වේ. චිත්‍රකතා රසිකයන්ට චිත්‍රකතා ශිල්පියකු ලෙස මා හඳුනාගන්නට හැකි වෙන පරිදි නිසි වෙලාවේදී නිසි තැනට මා පත් කළෝද මේ සදාදර සොඳුරු මිනිසා වූ හෙන්රි තෙන්නකෝන්මය. ශ්‍රී ලාංකික කාටූන් කලාවේ රසාලිප්තම කොටසක් වූ තෙන්නකෝන්ගේ 'සමාජ සමයං' 'පොඩි එකාගේ ලියුම' වර්තමාන හා අනාගත පරපුරට දැක ගත හැකි වන සේ යළි මුද්‍රණයෙන් එළි දැක්විය හැකි වුවොත් ඒ ඔහුගේ නමට කළ හැකි ලොකුම උපහාරය වනු ඇත."

   හෙන්රි තෙන්නකෝනුන්ගේ කාටූන් නිර්මාණ අතරෙන් සාමාන්‍ය පාඨකයන් මෙන්ම දැන උගත් පාඨකයන් ද එක සේ අගය කළ එක සේ රස විඳි රසාංගය වූයේ "පොඩි එකාගේ ලියුම"ය.එය එකල අතිශය ජනප්‍රිය වූවකි.මවිසින් මෙහි ලා නිදසුන් කොට දැක්වෙන මේ වෙසෙස් "පොඩි එකාගේ ලියුම" මගින් එය ලියැවුණු කාලයේ විසූ සරසවි ඇදුරන් ගේ ආකල්ප විකල්ප, ඔවුන්ගේ ද්වේෂ සහගත විචාර ව්‍යාපාර,ඇතැමුන්ගේ පර ගැති චින්තනය,අනුකාරක කාව්‍ය මෝස්තර, අන්ත දූෂිත භාෂා භාවිතය, ව්‍යාකරණ විරෝධය ආදි කරුණු පොඩි එකාගේ කියමන් ඇසුරින් උපහාසයට ලක් කරන ආකාරය අතිශය නිර්මාණාත්මකය. අත්‍යන්ත රසාලිප්තය. මෙය එදාට මෙන්ම අදටත් එක සේ අදාළ නොවෙතියි කාට නම් කිව හැකිද? මගේ සුහද රසදත්තෝ කියවා බලත්වා!

   මුල් ලිපියේ වැකි හා පද බෙදීම් එසේම යොදා ඇති අතර මුල් පුවත්පත් ලිපියේ සත්‍ය පිටපතක් හා හෙන්රි තෙන්නකෝනුන්ගේ සේයා රුවක්ද මේ ලිපිය අග පළ වෙයි.

පොඩි එකාගේ ලියුම

"මෝඩ් ආචාරිගේ විසිනි.

   ගැහැනුයි,බීමයි,සින්දුවයි ති

යනව නම් වෙන මොකුත් ඕ.න

නැහැ කියල කයියං කියන

පිටරට කයියෙක් කියාපු එකක්

දවසක් තාත්තා වර්නා කලාය.ඕක

ඔයිට ලස්සනට අපේ රටේ හිටපු ක

විකාරයෙක් ලියලා තියෙනවයි කියල එතකොට මාමා ගුත්තිල පොත අරං

"අමරඟනන් රුවට-මා හැඟි අමා රස

යට- එඇදුරු වෙන නදට මෙලොව කවරෙක් නොවන්නෙද 

තුට"කියන කවිය කිවුවාය.ඒ උනාට ඒක තාත්තගේ

ගුරුවරෙක්වත් ගොලයෙක්වත් යාලුවෙක්වත් ලියපු එ

කක් නෙවෙයි හින්දා තාත්තා ඒක

පල් කීවාය.අපේ තාත්ත විස්ව විද්යල කතිකාචාර්ය කෙනෙක්මි.තාත්තා විස්ව විදි

යාලෙදි ලෙක්චර් කරති. කේන්ති ගියාම ගෙදරදි අපටත් ලෙක්චර්

කරයි.තාත්තා කතා පවත්තන්න ගියාම අහ

වලා මෙහෙම කිව්වා ය අහවලා මෙහෙම කියා තියෙනවා

ය කිය කියා එක එක වලා 

කියපු ඒවාම කියයි.අන්

තිමට බැලුවම තාත්තා කියපු දෙයක්

නැත. තාත්තාට තේරෙන්නෙ නැති කවි පොත් හෙම විවේචනත් කරයි. විවේචන කරනවා කියන්නේ බනින වාටය.තාත්තා කවිත් හදයි. ඒවා හ

රියට අම්මා ලියන බඩු තුණ්ඩු

වගේය. ඉංගිරිස් පොත් බලා

ගෙන තාත්තා කතාත් ලියයි. තාත්තා කොපි කලත් ආබාසය ලැබුවා කියයි. තාත්තා ලිව්වාට වියාකරන නම් පේන්න බෑය.තාත්තට වියාකරනත් බෑය.ඒ හින්දා මම රචනාවල් ලිව්වාම තාත්තට කියල ලියවගෙන ආවා කියා මිස් මට බනිති. සිංහල වියාකරන පේන්න බැරි උනාට දවසක් මම අැන්ටිලයි දිහා ගිහිං එන ගමන් "චෙරියෝ වී ගොයිං" කි

ව්වයි කියල තාත්තා මට හොඳටම බැන්නෙමි.වියාකරන කියල හිතිල තාත්තට ඇකාරෙත් පේන්න බැරිය. ඒ හින්ද අපේ ගෙදර වැඩට හිටිය මැයි නෝනගෙ න මේ ඇකාරෙ අයින් කරල තාත්ත දවසක් කතා කලාය 

කියල මැයි නෝනා පහුවදාම ගමට ගියේය."

(උපුටා ගැනීම - මුහුණු පොතෙන්)


සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.