අමෙරිකානු ගුවන් හමුදාවේ දැවැන්ත B-52 යානයක් කඩා වැටෙයි.. එඩ්වර්ඩ්ස් ගුවන් පථය වහාම වසා දමයි..
අමෙරිකානු එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් B-52 ස්ට්‍රැටෝෆෝට්‍රස් (B-52 Stratofortress) වර්ගයේ දැවැන්ත බෝම්බ හෙළන යානයක් දකුණු කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරෙන් (Edwards Air Force Base) ගුවන්ගත වී සුළු වේලාවකින් අනතුරට ලක්ව ඇති බව එම බලධාරීන් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
යානය කඩා වැටීමත් සමඟ එම ප්‍රදේශයෙන් සැතපුම් ගණනාවක් ඈතට දිස්වන පරිදි විශාල කළු දුමාරයක් අහසට නැඟී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත්, අනතුර හේතුවෙන් කිසිවෙකුටවත් තුවාල හෝ ජීවිත හානි සිදුව ඇතිද යන්න පිළිබඳව ගුවන් කඳවුරු බලධාරීන් මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නැත.
"හදිසි මුදවා ගැනීමේ කණ්ඩායම් වහාම අනතුර සිදුවූ ස්ථානයට ළඟා වී ඇති අතර, මෙහෙයුම් කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. වැඩිදුර තොරතුරු අනාවරණය වූ වහාම ලබාදීමට කටයුතු කරනවා." යනුවෙන් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ පිළිබඳව බීබීසී (BBC) පුවත් සේවය එඩ්වර්ඩ්ස් ගුවන් කඳවුරේ නියෝජිතයෙකුගෙන් විමසීමක් කර ඇති අතර, ඔවුන් දැනට පවතින තත්ත්වය පිළිබඳව අමතර අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.
මූලාශ්‍රය - බීබීසී
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්