කාම්බෝජයට චීන යුද ටැංකි ලැබීම ගැන තායිලන්තයේ දැඩි අවධානය..
චීනයේ නිෂ්පාදිත ‘T59D’ වර්ගයේ යුද ටැංකි කාම්බෝජය වෙත ලැබීම සම්බන්ධයෙන් තායිලන්තය දැඩි අවධානයෙන් පසුවන නමුත්, එම යුද උපකරණ මෙතෙක් තායි-කාම්බෝජ දේශසීමාව වෙත ගෙනවිත් නොමැති බව තායිලන්ත ආරක්ෂක අමාත්‍ය ලුතිනන් ජෙනරල් අදුල් බූන්තම්චරොයින් ප්‍රකාශ කර තිබේ.
ජූනි 10 වැනිදා රජයේ මන්දිරයේදී මාධ්‍ය අමතමින් ආරක්ෂක අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, කාම්බෝජයට T59D වර්ගයේ යුද ටැංකි 39ක් ලබා දීමෙන් පසු චීන නිලධාරීන් සාකච්ඡාවක් ඉල්ලා ඇති බවට පළවන වාර්තා පිළිබඳව පැහැදිලි කරමින්.
දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා සන්නද්ධ බලකා ප්‍රධානීන් ද සමගින් තමන් පසුගියදා අග්‍රාමාත්‍ය අනුටින් චාන්විරාකුල් සමග වියට්නාමයේ නිල සංචාරයක නිරත වූ බව ද හෙතෙම සඳහන් කර තිබේ.
එහිදී වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ජාතික ආරක්ෂක අමාත්‍යවරයා හමුවීමට තමාට අවස්ථාව ලැබුණු බවත්, නව ධුරයට පත්වීමෙන් පසු සිදුකරන මෙවැනි හමුවීම් සාමාන්‍ය සම්ප්‍රදාය බවත් ඔහු පැවසුවේය.
මෙම යුද ටැංකි සැපයීම සම්බන්ධයෙන් චීනය තායිලන්තයට කරුණු පැහැදිලි කර ඇත්තේ කෙසේදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, චීනය සහ කාම්බෝජය 2016 වසරේ සිටම දීර්ඝ කාලයක තිස්සේ ඒකාබද්ධ යුද අභ්‍යාස පවත්වන බවයි.
"මේවා චීනය විසින් නවීකරණය කරන ලද පැරණි මාදිලියේ යුද ටැංකි කාම්බෝජය තම ජාතික ආරක්ෂක කටයුතු වෙනුවෙන් මෙලෙස නව යුද උපකරණ මිලදී ගන්නා බව තායිලන්තය කලින්ම දැන සිටියා." යැයි අමාත්‍යවරයා පවසා තිබේ.
මෙම යුද ටැංකි ගෙන්වීම තායිලන්තයේ දේශසීමා ආරක්ෂාවට බලපෑමක් එල්ල කරන්නේද යන්න තීරණය වන්නේ කාම්බෝජය ඒවා ස්ථානගත කරන්නේ කුමන ප්‍රදේශයකද යන්න මත බව අදුල් පෙන්වා දුන්නේය.
වත්මන් බුද්ධි තොරතුරුවලට අනුව, අදාළ යුද ටැංකි කාම්බෝජයේ වරායකට ළඟා වී ඇති නමුත් ඒවා මෙතෙක් දේශසීමා ප්‍රදේශ වෙත ප්‍රවාහනය කර නොමැත.
දේශසීමා ආශ්‍රිතව යුද උපකරණ සහ හමුදා නිලධාරීන් ගමන් කිරීම පාලනය කිරීම සඳහා තායිලන්තය සහ කාම්බෝජය අතර දැනටමත් ඒකාබද්ධ ප්‍රකාශනයක් ක්‍රියාත්මක වන බව ද ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි