News Category
From Date
To Date
Maximum Number of Result

අමෙරිකාව සමග පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කරගැනීමේ එකඟතාවයක කොටසක් ලෙස, හෝමුස් සමුද්‍ර සන්ධියේ ඕමාන් පාර්ශවයට අයත් මුහුදු තීරය හරහා නෞකාවලට නිදහසේ ගමන් කිරීමට ඉඩ ලබාදීම කෙරෙහි ඉරානයේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්ධන සඳහා පනවා ඇති ෆෙඩරල් නිෂ්පාදන බදු තාවකාලිකව ඉවත් කිරීමට කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි පියවර ගෙන ඇත.

චීනය විසින් ඉරානයට හමුදාමය ආධාර සපයන බවට එල්ල වී ඇති චෝදනා පදනම් කරගනිමින් අමෙරිකා එක්සත් ජනපදය පැනවීමට සූදානම් වන නව වෙළඳ බදු වලට එරෙහිව දැඩි ප්‍රති-ක්‍රියාමාර්ග ගන්නා බවට චීනය අනතුරු අඟවා තිබේ.

ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය මේ වන විට අවසන්වීමට ඉතා ආසන්න මට්ටමක පවතින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මැදපෙරදිග කලාපය තුළ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ ඉතාලිය සහ ඊශ්‍රායලය අතර පවතින ආරක්ෂක සහයෝගීතා ගිවිසුම අත්හිටුවීමට ඉතාලි රජය තීරණය කර ඇතැයි ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි ප්‍රකාශ කළේය.

ඉරාන වරායන් ඉලක්ක කරගනිමින් අමෙරිකානු මධ්‍යම අණසක (CENTCOM) විසින් පැනවූ නාවික අවහිරතාවයේ පළමු පැය 24 තුළ කිසිදු නෞකාවකට එය තරණය කිරීමට ඉඩ නොදුන් බව අමෙරිකාව පැවසුවද ස්වාධීන නාවික ගමන් පථ නිරීක්ෂණ දත්ත (Marine tracking data) මගින් අනාවරණය වන්නේ ඉරානයට සම්බන්ධ ඇතැම් නෞකා හෝමූස් සමුද්‍ර සන්ධිය සාර්ථකව තරණය කර ඇති බවයි.

අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාම සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා දෙරටේ නියෝජිතයින් මෙම සතියේදී ඉස්ලාමාබාද් නුවරට පැමිණීමට හැකියාවක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකාවේ චිකාගෝ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබද මහාචාර්ය ජෝන් මියර්ශෙයිමර් පවසන්නේ 1979 සිට 2021 දක්වා ඇමරිකානු සම්බාධක වල ප්‍රථිපල ලෙස ලෙස මිලියන 38 ක් මිනිසුන් මියගොස් ඇති බවයි.

හෝමූස් සමුද්‍ර සන්ධියට යුද නෞකාවක් ළඟාවීම යනු සටන් විරාමය උල්ලංඝනය කිරීමක් සේ සලකන බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) පවසයි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.