මාස 4කට පසු ටෙහෙරානයම හඬවමින් ඇරඹි අවමංගල්‍යය: අයතුල්ලා අලි කමේනිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඉරාන ජනයා දහස් ගණනින් පෙළගැසෙති..
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඉරානයේ හිටපු උත්තරීතර ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය අද (4) අලුයම ටෙහෙරාන් නුවරදී නිල වශයෙන් ආරම්භ විය.
පසුගිය පෙබරවාරි 28 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් ඔහු මියගිය ද, එකල පැවති දැඩි යුද වාතාවරණය හේතුවෙන් ඉස්ලාමීය සම්ප්‍රදායානුකූල භූමදාන කටයුතු සිදු කිරීමට නොහැකි විය. ඒ අනුව, මාස 4කට පසු තම ආධ්‍යාත්මික නායකයාට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව ඉරාන ජනතාවට මේ වන විට හිමිව ඇත.
දැනට ටෙහෙරාන් නුවර ග්‍රෑන්ඩ් මොසල්ලා ඉස්ලාම් දේවස්ථානයේ තැන්පත් කර ඇති දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අලුයම සිටම දහස් සංඛ්‍යාත ජනතාවක් දිගු පෝලිම්වල රැඳී සිටිති. මෙම අවස්ථාවට ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙශ්කියන් ඇතුළු දේශපාලන හා මිලිටරි ප්‍රබලයින් රැසක් එක්ව සිටිති.
වසර 37ක් පුරා ඉරානය මෙහෙයවූ මෙම නායකයාගේ අවමංගල්‍ය උත්සවයට රටවල් 100කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් සහභාගී වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන මහත්වරු එක්ව සිටිති. මීට අමතරව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් ඇතුළු ලෝක නායකයින් රැසක් ද මීට සහභාගී වේ.
අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් ටෙහෙරාන් නුවර දැඩි ආරක්ෂක විධිවිධාන යොදා ඇති අතර ගුවන් සීමාවන් ද තාවකාලිකව වසා දමා ඇත. දින 3ක් ටෙහෙරාන් නුවර තැන්පත් කර තැබෙන දේහය, අනතුරුව ෂියා දහමේ ශුද්ධ වූ නගර වන කොම්, නජාෆ් සහ කර්බාලා වෙත රැගෙන යාමට නියමිතය. අවසානයේ ඔහුගේ උපන් නගරය වන මෂාඩ් හි පිහිටි ඉමාම් රේසා දේවස්ථානයේදී භූමදාන කටයුතු සිදු කෙරෙන අතර, ඉන් පසුව දින 40ක නිල ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..