අතුරුදන් වූ K2 ගුවන් යානයේ සුන්බුන් සොයාගනී.. කාර්ය මණ්ඩලය සෙවීමේ මෙහෙයුම් තවදුරටත්..
කරච්චි වෙරළට ඔබ්බෙන් අතුරුදන් වූ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ සුන්බුන් පැය 12කට පසුව සොයා ගැනීමට පාකිස්තාන මුදවා ගැනීමේ කණ්ඩායම් සමත්ව තිබේ.
ගැඹුරු මුහුදේ සිදු කළ සෙවුම් මෙහෙයුමකදීයි ඔවුන් මෙම සුන්බුන් සොයාගෙන ඇත්තේ.
එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් පස්දෙනා සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන බව බලධාරීන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
K2 එයාර්වේස් සමාගමට අයත් මෙම බෝයිං 737 (Boeing 737) වර්ගයේ ගුවන් යානයේ සුන්බුන්, ඔර්මාරා (Ormara) වරායට දකුණින් නාවික සැතපුම් 53ක් (කිලෝමීටර් 98ක්) දුරින් තිබී සොයාගත් බව පාකිස්තාන ගුවන් තොටුපළ බලධාරීන් පවසා තිබේ.
යානයේ සුන්බුන් පවතින ස්ථානය හඳුනා ගැනීම සඳහා පාකිස්තාන නාවික හමුදාව සහ පාකිස්තාන සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය විසින් ගුවන් සහ මුහුදු යාත්‍රා රැසක් යොදවා තිබූ බවත්, අතුරුදන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන බවත්, සඳහන්.
දිශානති පද්ධතියේ (Navigational System) ඇති වූ දෝෂයක් වාර්තා කිරීමෙන් පසු අරාබි මුහුදේදී අතුරුදන් වූ, මෙම භාණ්ඩ ප්‍රවාහන යානය සෙවීමේ කටයුතු කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් බලධාරීන්ට උපදෙස් දී ඇති බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ.
යානය මෙහෙයවූ K2 Airways සමාගම ප්‍රකාශ කර ඇත්තේ, එහි කාර්ය මණ්ඩලයට නියමුවන් දෙදෙනෙකු, ඉංජිනේරුවන් දෙදෙනෙකු සහ එක් සහායක සේවකයෙකු ඇතුළත් වූ බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්