අතුරුදන් වූ K2 ගුවන් යානයේ සුන්බුන් සොයාගනී.. කාර්ය මණ්ඩලය සෙවීමේ මෙහෙයුම් තවදුරටත්..
කරච්චි වෙරළට ඔබ්බෙන් අතුරුදන් වූ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ සුන්බුන් පැය 12කට පසුව සොයා ගැනීමට පාකිස්තාන මුදවා ගැනීමේ කණ්ඩායම් සමත්ව තිබේ.
ගැඹුරු මුහුදේ සිදු කළ සෙවුම් මෙහෙයුමකදීයි ඔවුන් මෙම සුන්බුන් සොයාගෙන ඇත්තේ.
එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් පස්දෙනා සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන බව බලධාරීන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
K2 එයාර්වේස් සමාගමට අයත් මෙම බෝයිං 737 (Boeing 737) වර්ගයේ ගුවන් යානයේ සුන්බුන්, ඔර්මාරා (Ormara) වරායට දකුණින් නාවික සැතපුම් 53ක් (කිලෝමීටර් 98ක්) දුරින් තිබී සොයාගත් බව පාකිස්තාන ගුවන් තොටුපළ බලධාරීන් පවසා තිබේ.
යානයේ සුන්බුන් පවතින ස්ථානය හඳුනා ගැනීම සඳහා පාකිස්තාන නාවික හමුදාව සහ පාකිස්තාන සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය විසින් ගුවන් සහ මුහුදු යාත්‍රා රැසක් යොදවා තිබූ බවත්, අතුරුදන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන බවත්, සඳහන්.
දිශානති පද්ධතියේ (Navigational System) ඇති වූ දෝෂයක් වාර්තා කිරීමෙන් පසු අරාබි මුහුදේදී අතුරුදන් වූ, මෙම භාණ්ඩ ප්‍රවාහන යානය සෙවීමේ කටයුතු කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් බලධාරීන්ට උපදෙස් දී ඇති බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ.
යානය මෙහෙයවූ K2 Airways සමාගම ප්‍රකාශ කර ඇත්තේ, එහි කාර්ය මණ්ඩලයට නියමුවන් දෙදෙනෙකු, ඉංජිනේරුවන් දෙදෙනෙකු සහ එක් සහායක සේවකයෙකු ඇතුළත් වූ බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..