News Category
From Date
To Date
Maximum Number of Result

දුදස්සනට හැම දා ම..

Sep 28, 2026 at 05:50 AM
|

හඳ මෝරද්දි නුහුගුණේ වැඩිවෙනවා කියලා කියනවානේ. දුදස්සනට හැම දා ම හඳ මෝරනවා කියලා ඒ මනුස්සයා කියන කතා ඇහෙද්දි හිතෙනවා. මේ දවස්වල දුදස්සනගේ දායක සභාව විසින් උඩ දාන “හ‍ඳේ හාවා කතාව” වුනත් දවල් රෑ නැතුව හැම දා ම හඳ මෝරද්දි කියවන විකාරයක්.

“සස ජාතකය” තමයි දුදස්සනගේ මේ කතාවට පදනම් වෙලා තියෙන්නේ. මේ දහම් කතාවට “සසපණ්ඩිත ජාතකය” කියලත් කියනවා.

ත්‍රිපිටක ධර්මය පැහැදිළි කරන, ඒත්තු ගන්වන කාර්යය වෙනුවෙන් දහම් කතා යොදාගන්නේ ඇයි කියලා දුදස්සන දන්නේ නෑ. බුද්ධියක් නැති අඥාන මිනිස්සුන්ට මේ තරම් සරල කාරණයක්වත් තේරුම්ගන්න අමාරුයි. ඒ අඥානකම ගැන දුදස්සනට දොස් කිව්වා කියලා වැඩක් වෙන්නෙත් නෑ.

මේ කාලේ අඥාන මිනිස්සුන්ට ලොකු තැනක් ලැබිලා තියෙන හින්දා දුදස්සනලා වගේ අය ඇති කරන හිස් ඝෝෂාවලට ලොකු තැනක් ලැබෙනවා. මෙහෙම පුහු සද්ද හැම තැන ම පතුරවන ක්‍රමත් වර්ධනය වෙලයි තියෙන්නේ. ඉතින් මෙහෙම අඥානයන්ට ගොම් පස් අල්ලන නඩය ඊයේ පෙරේදා දුදස්සන පිට කරපු අධෝ වාතය සුවඳ දුමක් කියලා හිතාගෙන ඒකට නමස්කාර කළා. ඒ ගඳ හතර වටේ පැතිරෙව්වා.

දුදස්සන පිට කරපු අධෝ වාතයේ ගඳ හින්දා මුසුප්පුවට පත්වෙච්ච ගුණවත් අයත් ඉන්නවා. ඒ අය ගැන සළකලා සස ජාතක ප්‍රවෘත්තියත් මෙහෙම දහම් කතා කීමේ අවශ්‍යතාවත් පැහැදිළි කරන්නම්.

මේ ලෝකයේ මිනිස්සු වෙලා උපදින හැම කෙනෙක්ට ම එක විදිහට ඉහළ බුද්ධි මට්ටමක් ලැබෙන්නේ නෑ. මුලින් ම, පොඩි ළමයි ගැන හිතන්න. ඒ අය තාමත් පොඩියි. ලොකු, බරපතල කාරණා තේරුම්ගන්න ඒ අයට බෑ. හැබැයි පොඩි අයට දහම් කරුණු කියලා දීමේ වගකීමක් ධර්ම කථිකයන්ට සහ වැඩිහිටියන්ට තියෙනවා. පොඩි අයට කියන බණ සංයුක්ත නිකායේ සහ අභිධර්මයේ තියෙන ගැඹුරු ධර්ම කරුණුවලින් බර කරන්න බෑ. පොඩි දරුවෝ තුළ ධර්මය පිළිබඳව සහ ශාසනික ඉතිහාසය පිළිබඳව මූලික අවබෝධයක් ඇතිකිරීම, මූලික කුසලාකුසල විඥානයක් ඇතිකිරීම හොඳට ම ප්‍රමාණවත්.

උදාහරණයක් විදිහට, පූජනීය වීදාගම මෛත්‍රෙය ස්වාමින්වහන්සේ රචනා කරපු “ලෝවැඩ සඟරාව” කාව්‍ය සංග්‍රහයේ තියෙන මේ කවිය සළකන්න.

කෙළියට කඩක් සඟවා යහළුවකු ගෙනේ

එළි කොට නැවත දුන් මිනිසකුට එතෙකිනේ

විළි වැස්මක් නො ම විය දෙවි වුවත් අනේ

කෙළියටවත් නො කරවු සොර කමක් දැනේ

මේක ඉතාමත් සරල විදිහට කර්මය සහ කර්ම විපාකය ගැන ඉදිරිපත් කරපු කරුණු දැක්වීමක්. කර්මය සහ කර්ම විපාකය පිළිබඳ කරුණු කාරණා මෙච්චර සරල නැති බව නියාම ධර්ම ගැන ඉගෙනගත්ත වැඩිහිටි අය දන්නවා. ඒත් යන්තම් ඇටෙන් පොත්තෙන් එළියට එන පොඩි එවුන්ට එච්චර ගැඹුරු ධර්ම කරුණු කියලා දෙන්න බෑ. ඉතින් බුද්ධාගමේ දහම් කරුණු පොඩි එවුන්ට කියලා දෙන්න මෙහෙම ක්‍රම හදාගන්න සිද්දවෙනවා. මෙහෙම වැඩ ඒ දරුවන්ට ප්‍රමාණවත්.

ලොකු මහත්වෙලා ඉහ නිකට පැහුණා කියලා සමහර වැඩිහියන්ටත් ගැඹුරු දහම් කරුණු තේරුම්ගන්න අමාරුයි. ධර්මය දේශනා කරන අයට, ධර්මය රචනා කරන අයට, ධර්ම කරුණු පැහැදිළි කරලා දෙන අයට එහෙම වැඩිහිටියෝ ගැනත් හිතන්න සිද්දවෙනවා. ඉතින් මේ භාවිතය ඇතුළේ ත්‍රිපිටකයේ අන්තර්ගත දහම් කරුණු තව තවත් විස්තරාත්මකව පෝෂණය කෙරෙනවා.

අපි මේ කාරණය සස ජාතකය (සසපණ්ඩිත ජාතකය) ඇසුරෙන් ම තේරුම්ගනිමු.

ඛුද්දක නිකායේ ජාතක පාළියේ චතුක්ක නිපාතයේ පුචිමන්ද වග්ගයේ තමයි සස ජාතකයට අදාළ මූලික දහම් කරුණු දේශනා කරලා තියෙන්නේ. මේ සම්පූර්ණ දේශනාව ම පුංචි පාලි ගාථා හතරකට සීමාවෙනවා. මම මුලින් ඒ පාලි ගාථා හතර දක්වලා ඊට පස්සේ ඒවායේ සිංහල තේරුම ඉදිරිපත් කරන්නම්.

=== === === === ===

සත්ත මෙ රොහිතා මච්ඡා, උදකා ථලමුබ්භතා;

ඉදං බ්‍රාහ්මණ මෙ අත්ථි, එතං භුත්වා වනෙ වස.

දුස්ස මෙ ඛෙත්තපාලස්ස, රත්තිභත්තං අපාභතං;

මංසසූලා ච ද්වෙ ගොධා, එකඤ්ච දධිවාරකං;

ඉදං බ්‍රාහ්මණ මෙ අත්ථි, එතං භුත්වා වනෙ වස

අම්බපක්කං දකං සීතං, සීතච්ඡායං මනොරමං;

ඉදං බ්‍රාහ්මණ මෙ අත්ථි, එතං භුත්වා වනෙ වස.

න සසස්ස තිලා අත්ථි, න මුග්ගා නපි තණ්ඩුලා;

ඉමිනා අග්ගිනා පක්කං, මමං භුත්වා වනෙ වසාති.

=== === === === ===

සිංහල පරිවර්තනය:

*** *** *** *** ***

ජලයෙන් ගොඩගසන ලද රෝහිත මසුන් සත් දෙනෙක් මා සතුව ඇත. බ්‍රාහ්මණය, මා සතුව මේ දෙය ඇත. මෙය අනුභව කොට වනයේ වාසය කරව.

ගොවියා විසින් රාත්‍රියෙහි ගෙන එනු ලද, වස්ත්‍රයෙන් බැඳගත් ආහාරයක් මා සතුව ඇත. උණුසුම් ගින්නෙන් පිසූ තලගොයි මස් කුට්ටි දෙකක් ද, එක් දිය කිරි කළයක් ද මා සතුව ඇත. බ්‍රාහ්මණය, මා සතුව මේ දෙය ඇත. මෙය අනුභව කොට වනයේ වාසය කරව.

මිහිරි අඹ ගෙඩි ද, සිසිල් ජලය ද, මනරම් සිසිල් සෙවණ ද මා සතුව ඇත. බ්‍රාහ්මණය, මා සතුව මේ දෙය ඇත. මෙය අනුභව කොට වනයේ වාසය කරව.

මා සතුව තණ සහල් නැත, තල ඇට නැත, මුං ඇට ද නැත, සහල් ද නැත. එහෙයින් මේ ගින්නෙන් පුළුස්සන ලද මාව අනුභව කොට වනයේ වාසය කරව.

*** *** *** *** ***

දානයේ වැදගත්කම තමයි සස ජාතකයෙන් කියන්නේ. දැනුමෙන් බුද්ධියෙන් මුහුකුරා ගිය අයට මේ ගාථා හතර සේවනයෙන් වුනත් අදාළ දහම් කාරණය තේරුම්ගන්න පුළුවන්. දාන පාරමිතාවේ සීමාවක් නැති බව මෙතැන තියෙන හතරවැනි ගාථාවෙන් පැහැදිළිවෙනවා. දානයට දෙන්න දෙයක් නැතිනම්, ඒ වෙනුවට තමන්ගේ ශරීරය ම වුනත් දන් දෙන්න පුළුවන් කියලයි හතරවැනි ගාථාවෙන් කියන්නේ. හැබැයි ඒ තරම් බරපතල දාන පාරමිතා පුරන්න පුළුවන් බෝධිසත්වයන්වහන්සේලාට විතරයි. ඒත් ඒ දාන පාරමිතාව ආදර්ශයක් විදිහට ඇරැගෙන දෙන්න පුළුවන් දානයක් දීලා පින් රැස් කරගන්න අපිට බැරිකමක් නෑ.

ජාතික පාළියේ තියෙන මේ ගාථා හතර බහුතරයක් මිනිස්සුන්ට තේරුම්ගන්න අමාරුයි. ඒ හින්දා, ඒ ගාථා හතර තව තවත් අදාළ කරුණු එකතු කරලා විස්තර කරන්න සිද්දවෙනවා. මෙන්න මේ විස්තර කිරීම තමයි ජාතක කතා අටුවාව (ජාතකට්ඨකථාව) තුළින් සිද්දවෙන්නේ. ඉතින් ජාතක පාළියේ තියෙන ගාථා හතර පදනම් කරගත්ත විස්තරාත්මක කතාවක් ජාතක කතා අටුවාවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. “අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමා රාජ්‍යය කරවන කල්හි, බෝසතාණන්වහන්සේ සා ජාතියේ ඉපිද, කැලයෙහි වාසය කරන්නේ ය” කියලා පටන්ගන්න ඒ කතාව ශක්‍ර දේවේන්ද්‍රයා විසින් සා රූපය චන්ද්‍ර මණ්ඩලයේ ඇඳීඹ, දානය දුන් ගෘහපතියා සෝවාන් ඵලයට පත්වීම, අතීත - වර්තමාන සම්බන්ධකම් ගැන කීම කියන තැනින් අවසන්වෙනවා.

ජාතක කතා අටුවාවේ තියෙන සස ජාතකය තරමක් දිග විස්තරාත්මක එකක්. ජාතක පාළියේ සඳහන් ගාථා හතර එකින් එක ඇරැගෙන ඒ අටුවාවෙන් විස්තර කරනවා. ඉතින් ජාතක කතා අටුවාව කියවන්න පුළුවන් අයට අදාළ දහම් කරුණුත් ඊට අදාළ අනෙකුත් විස්තරත් තේරුම්ගන්න අව්සථාවක් ලැබෙනවා.

ඒත් හැම දෙනෙක්ට ම, ඔය අටුවා ටීකා කියැවීමේ සහ ඒවා සේවනය කිරීමේ හැකියාවක් නෑ. අන්න එහෙම අය සැළැකිල්ලට ඇරැගෙන තමයි පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ලියලා තියෙන්නේ. පන්සිය පනස් ජාතක පොත ලියලා තියෙන්නෙත් හිතුවක්කාර විදිහකට නෙවෙයි. ජාතක කතා අටුවාවේ තියෙන කතා තවත් සරල කරලා කීමක් තමයි පන්සිය පනස් ජාතක පොතෙන් සිද්දවෙන්නේ. මේ කතා පොඩි දරුවන්ට කියලා දෙද්දි ඒවා තවත් සරල කරනවා. “ඔන්න එකමත් එක කාලෙක, දඹදිව පරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් හිටියා” කියන විදිහට අපි මේ ජාතක කතා පොඩි දරුවන්ට කියලා දෙනවා.

මීට අමතරව, ජාතක කතා කවියෙන් සහ විරිඳුවලින් කියන අයත් ඉන්නවා. පොළොන්නරු යුගයේ දී “සසදාවත” කියන කාව්‍ය සංග්‍රහය ලිව්වේ සස ජාතකය පදනම් කරගෙන කියලා අපි දන්නවා. ජාතක කතා පදනම් කරගෙන මුවදෙව්දාවත (මඛාදේව ජාතකය), කව්සිළුමිණ (කුස ජාතකය), ගුත්තිල කාව්‍යය, කාව්‍යශේඛරය (සත්තුභත්ත ජාතකය), වෙස්සන්තර ජාතක කාව්‍යය, සඳකිඳුරු දා කාව්‍යය වගේ නිර්මාණ මහ ගොඩක් අපේ සාහිත්‍යයට එකතුවෙලා තියෙනවා. කවි බණ කියන ස්වාමින්වහන්සේලාත් ඉතාමත් විචිත්‍ර විදිහට ජාතක කතා දේශනා කරනවා. මෑත කාලයේ දී, ජාතක කතා පදනම් කරගෙන සින්දු, නාට්‍යය සහ චිත්‍රපට පවා නිර්මාණය කරලා තියෙනවා. මේ හැම දෙයක් ම විස්තර කරන්න ඕන නෑ.

ජාතක කතාවලින් ලැබෙන මේ සේවය අපිට පුදුමාකාර විදිහට ප්‍රයෝජනවත් බව පොඩි ළමයින්ට වුනත් තේරුම්ගන්න පුළුවන්. ඒත් දුදස්සන, තිත්ත බොක්සිං වගේ අය මේවා විහිළුවට ගන්නවා. ඉතින් මෙහෙම අය පිළිගත් ආයතනවලින්, සංවිධානවලින් නෙරපා දැමීම වැරැද්දක් නෙවෙයි. මෙහෙම අය රටිනුත් එළවලා දාන්න ඕන. මීට අවුරුදු 1800 කට විතර කලින්, වෛතුල්‍යවාදී භික්‍ෂූන්වහන්සේලා හැට නමක් පන්නපු විදිහ ඉතිහාසයේ වාර්තා කරලා තියෙනවා. ඒක ඉතාමත් හොඳ ආදර්ශයක්.

දැන් මම ශක්‍ර දේවේන්ද්‍රයා විසින් චන්ද්‍ර මණ්ඩලයේ හාවා ඇඳීම ගැන කියන්නම්.

මේ ගැන ජාතක කතා අටුවාවේ මෙහෙම කියනවා.

“ඉක්බිති සක්දෙවිඳු සාවා අමතා, ‘සා පඬිතුමනි, ඔබේ ගුණවත් බව කල්පය පුරා පවතීවා’යි කියා, පර්වතය තුළින් පර්වත සාරය ගෙන, සඳමඬලෙහි සාවාගේ සලකුණ ඇඳ, බෝසතුන් අමතා, ප්‍රශංසා කොට ඒ වන ලැහැබෙහි, ඒ තණකොළ යහනෙහි ම සාවා හොවා, තම දෙව්ලොව බලා නික්ම ගියේ ය.”

මේ කාරණය පාලි භාෂාවෙන් ලියලා තියෙන්නේ මෙහෙමයි.

“අථ නං සක‍්කො ‘සසපණ‍්ඩිත, තව ගුණො සකලකප‍්පං පාකටො හොතූ’ති පබ‍්බතං පීළෙත්‍වා පබ‍්බතරසං ආදාය චන්‍දමණ‍්ඩලෙ සසලක‍්ඛණං ලිඛිත්‍වා බොධිසත‍්තං ආනෙත්‍වා තස‍්මිං වනසණ‍්ඩෙ තස‍්මිංයෙව වනගුම‍්බෙ තරුණදබ‍්බතිණපිට‍්ඨෙ නිපජ‍්ජාපෙත්‍වා අත‍්තනො වසනට‍්ඨානමෙව ගතො.”

මම නැවතත් මේ පාලි පාඨය සිංහලෙන් ඉදිරිපත් කරන්නම්.

“එ විට ශක්‍ර දෙවේන්ද්‍රයා, ‘සස පණ්ඩිතය, නුඹගේ මේ ගුණය මුළු කල්පයක් ම ප්‍රකට වේවා” යි කියා, පර්වතය මැඩ පර්වත රසය ගෙන, චන්ද්‍ර මණ්ඩලයෙහි සාවාගේ ලකුණ ඇඳ, බෝසත් තෙමේ රැගෙන ගොස්, එම වනයෙහි ම, දළු තණ කොළ මතුයෙහි ඔහුට සයනය කරවා, තමන් වාසය කරන ස්ථානයට ම ගියේ ය.”

මෙන්න මේ කාරණය තේරුම්ගන්න බැරි හින්දා තමයි දුදස්සන විකාර කියවන්නේ. ශක්‍රයා පුංචි පින්සලක් ඇරැගෙන හ‍ඳේ හාවා ඇන්දා කියලා තමයි දුදස්සන හිතාගෙන ඉන්නේ. මේ තරම් මහා ඉංජිනේරු කාර්යයක් පුංචි පින්සලකින් කරන්න බෑ කියලා දුදස්සනගේ ටිකිරි මොළේට තේරෙන්නේ නෑ. ශක්‍ර දේවේන්ද්‍රයා මේ වැඩේ කළේ කොහොම ද කියලා පාලි අටුවා පාඨයෙත් සිංහල පරිවර්තනයේත් ඉතාමත් පැහැදිළිව කියලා තියෙනවා. පර්වතය මැඩ පර්වත රසය ඇරැගෙනයි ශක්‍රයා මේ මහා ඉංජිනේරු වැඩේ කරලා තියෙන්නේ.

මේ පාඨය නැවතත් හොඳින් කියවන්න.

“පබ‍්බතං පීළෙත්‍වා පබ‍්බතරසං ආදාය චන්‍දමණ‍්ඩලෙ සසලක‍්ඛණං ලිඛිත්‍වා”

(පර්වතය මැඩ පර්වත සාරය ගෙන, සඳමඬලෙහි සාවාගේ සලකුණ ඇඳ)

“පබ්බතං පීළෙත්වා” කියන වචන දෙකේ තියෙන්නේ “පර්වතය මිරිකා” කියන අර්ථය. “පබ්බතරසං ආදාය” කියන එකෙන් “පර්වත රසය ගෙන” කියන අර්ථය තියෙනවා.

හුණු කූරකින් කළුලෑල්ලේ අකුරු ලිව්වාම, ඒ අකුරු හැදෙන්නේ හුණු කුඩුවලින්. මඩ තලියක් ඇරැගෙන දුදස්සනගේ ඔළුවේ හාවෙක් ඇන්දොත් ඒ හාවා හැදෙන්නේ මඩවලින්. මහා පර්වතයක් මිරිකලා, ඒ මාර්ගයෙන් ගන්න මහ දැවැන්ත සාරයෙන් හ‍ඳේ හාවෙක් ඇන්දාම කඳු පල්ලම්, වළ ගොඩැලි විදිහටයි ඒ හාවා නිර්මාණය වෙන්නේ. හඳට ඉර එළිය වැටුණාම ඒ එළියෙන් දීප්තිමත් වෙන කඳු සහ හෙවනැලිවලින් අඳුරුවන ආවාටවලින් නිර්මාණය වෙන හාවාගේ රූපය අපිට පේනවා. මේ මහා කර්මාන්තය සියලු දෙවියන්ට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා කරපු අපිට හිතාගන්නත් බැරි ලොකු වැඩක්.

මෙහෙම මිරිකපු පර්වතය හිමාලය විදිහට ඉංග්‍රීසි පරිවර්තනයක දක්වලා තියෙනවා මම දැකලා තියෙනවා.

“Then, so that the Hare's nobility might be known to all the world, he took some essence of the Himālaya and painted the form of a hare in the moon, to remain there during this whole kappa”

හිමාලය මිරිකලා ඇරැගෙන ඒ සාරයෙන් හ‍ඳේ හාවෙක් ඇන්දොත් අපිට ඒක පේන්නේ නැද්ද?

බෝසත් සාවා දාන, සීල, පරිත්‍යාග ගුණයන්ගෙන් පරිපූර්ණව ඉන්න බව ශක්‍රයා දකිනවා. ඒ උතුම් ගුණ ලෝකයට ම පෙන්නන්න ශක්‍රයා මේ ක්‍රියාව කරනවා.

මේ සෘජු අර්ථයට අමතරව සස ජාතකය තුළින් ගැඹුරු අර්ථයකුත් අපිට ඉස්මතු කරගන්න පුළුවන්.

සස ජාතකයෙන් දානයේ උතුම් බව ප්‍රකාශ කෙරෙනවා. ඒ උතුම් ගුණය සෑම විටෙක ම ඉතාමත් දීප්තිමත්ව ලෝකයට ම ප්‍රකාශවෙනවා. මේ කප පවතින තුරාවට, මිනිස්සු ඒ උතුම් ගුණය අගය කරනවා.

ඒත් මිනිස්සු දෙන දානයෙන් ම ඇඟ පෝෂණය කරගෙන, කාපු පාත්‍රයේ ම පහරන දුදස්සනලා දානයට ගරහනවා. කොලොප්පම් කරනවා. මෙහෙම එවුන් පන්නන්නේ නැතුව හුරතල් කරන්න කියලා කියන බූරුවොත් අඩුවක් නැතුව අපේ රටේ ඉන්නවා.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

මෙම සැප්තැම්බර් මාසයේදී, අත්වින්දින තත්ත්වයන්ට අනුව අත්ලාන්තික් සාගරයේ දෙපස සිටින මිත්‍ර රටවල් අතර පවතින භේදය ආක්ටික් කලාපය හරහා නිහඬව තවදුරටත් පුළුල් වී තිබේ.
2008 වසරේදී යුධ ගැටුම් උච්චතම අවස්ථාවට පත්ව තිබියදී, යුද පෙරමුණට පිටුපසින් ඊට නොදෙවෙනි තවත් තීරණාත්මක යුද්ධයක් දියත් වෙමින් පැවතුණි.
එක් සංවිධානයක් විසින් මිනිසුන්ගේ පුද්ගලික සාද වල ගායනා කරන ගීත වලට පවා මුදල් අය කරනා නීතියක් පිළිබඳ පහුගිය කාලයේ කතාබහට ලක් වුණා.
ඒ, 1990 දශකයේ මුල් භාගයයි. එවක “විදුසර” පුවත්පතේ පළවූ ලිපි පෙළක් හේතුවෙන් එම පුවත්පත සතිපතා අතට පත්වන තුරු අප සිටියේ මහත් නොඉවසිල්ලෙනි. “යුගයේ මිනිසා” නමැති එම ලිපි පෙළ විදුසරට ලියනු ලැබුවේ දෙනගම සිරිවර්ධන මහතා විසිනි.
චීනය යනු අපගේ පෘථිවියෙහි වන තවත් ලෝකයක් වැන්න. ඉපැරණි යුගයේ පටන්ම චීනයට අනන්‍යව ගොඩනැඟුණු දාර්ශනික ධාරාවක්, තාක්ෂණික ධාරාවක්, කලා - සංස්කෘතික ධාරාවක් හා සාහිත්‍යයික ධාරාවක් ඊට හිමිය. මේ ධාරාවන් වූ කලී මහා සම්ප්‍රදායන්ය. ඒ මහා සම්ප්‍රදායන්හි පෙරදිග හිරු කිරණයන්ගේ ප්‍රභාව, ජීවය කැටිව තිබේ.
කැකිරාවේ සුදස්සන හිමියන් නිකායෙන් නෙරපීම සිදු කළේ ඇයිද යන්න කාරණ පිළිබඳව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියන් සමාජ මාධ්‍ය වීඩියෝවක් මගින් කරුණු අනාවරණය කර තිබේ.
2026 සැප්තැම්බර් 23 වැනි දා, ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති අතිගරු මසූද් පෙසෙෂ්කියාන් (Masoud Pezeshkian) මහතා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය අමතා කළ දේශනය:
ඊයේ (2026 සැප්තැම්බර් 23 වැනි දා), ශ්‍රී ලංකා - චීන සංගමය (Sri Lanka China Society) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී සමරු උත්සවයක් පැවැත්තුවා
කළණ නළුවෙක්. ඔහු රටට පෙන්නුවේ පවුල් රදළවාදය රටේ පිළිලයක් බවට වන අභිරූපනික දේශපාළනික මතවාදයක් සමග පීඩිත පංතියේ මතවාදී නියෝජනයක්. එහෙත් ඔහුට අද පෙන්නුම් කරන්නේ පෙනීසිටින මතවාදයට එහා ගිය සත්‍ය ජීවිතේ ගැඔුරුම හැගීමේ ඇත්තය .

ප්‍රධාන පුවත්

ආක්ටික් කලාපීය බලපෑම් හමුවේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙයි..

ආක්ටික් කලාපය තුළ තම බලය සහ බලපෑම තහවුරු කරගැනීම සඳහා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය (EU) දරන උත්සාහයන් හමුවේ දෙපාර්ශ්වය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා උපායමාර්ගික නොගැලපීම් තවදුරටත් පුළුල් වෙමින් පවතින බව වාර්තා වේ.

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?”.. - විමල්ගේ විශේෂ දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි..

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?” තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද විශේෂ දේශනයක් (27) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

අයිස් කන්ටේනරය ඇල්ලූ සිද්ධියට නාකොටික් ලොක්කන් 6 කට වහාම මාරු.. – පොඩ්ඩන් පිරිසකටත් මාරුවීම් නියමිතයි..

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් 06 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

අලුත් ගැටුමක් ඇතිවුනොත් ඉන්දියන් සාගරයේ ඇමරිකානු නෞකාවලට පහරදෙනවා.. - ඉරානය අනතුරු අඟවයි..

එක්සත් ජනපදය නැවතත් තමුන්ට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුවහොත්, ඉන්දීය සාගරයේ ස්ථානගත කර ඇති ඇමරිකානු යුද නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) පවසයි.

ආර්ථිකය ඉතිහාසයේ හොඳම තත්ත්වයට දැන් ගෙනැවිත් තියෙන්නේ.. - ජනපති

පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ඉතිහාසයේ ආර්ථිකයේ වැදගත්ම දත්තවල හොඳම අවස්ථා අත්පත් කර ගැනීමට තම රජය සමත් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

යුරෝපයේ හමුදාමය සූදානම හමුවේ රුසියාවෙන් අනතුරු ඇඟවීමක්.. ඇමෙරිකාව සහ යුක්‍රේනය සම්බන්ධයෙන් ස්ථාවරයත් හෙළි කරයි.. - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රබල ප්‍රකාශයක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරයට සහභාගී වූ රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව්, යුරෝපීය සංගමයේ හමුදාමය ශක්තිමත් වීම, යුක්‍රේන අර්බුදය සහ එක්සත් ජනපදය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳව විශේෂ ප්‍රකාශ කිහිපයක් සිදුකර තිබේ.

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම නාමල්ගෙන් ප්‍රකාශයක් ලබා ගනී..

සිදු කෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

"කොපමණ සම්බාධක දැමුවත් රටේ ස්වෛරීභාවය පාවා දෙන්නේ නෑ" – කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩස් ගෙන් අමෙරිකාවට එරෙහිව දැඩි ප්‍රකාශයක්

ලෝක නායකයින් එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීම සඳහා නිව්යොර්ක් නගරයට රැස්වන අතරතුර, කියුබාව සිය ඉතිහාසයේ දරුණුතම බලශක්ති හා මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින බවත්, කියුබාවේ ජනගහනයෙන් 90%කට වැඩි පිරිසක් අඳුරේ ගිලී සිටින බවත් කියුබාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩස් ද කොසියෝ පවසයි.

යුරෝපය සමඟ යුද්ධයක් රුසියාවට අවශ්‍ය නැහැ – පුටින්

රුසියාව යුරෝපීය රටවල් සමඟ යුද ක්‍රියාමාර්ගයකට සූදානම් නොවන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. එලෙසම රුසියාවෙන් එල්ල වන තර්ජනයක් පිළිබඳ ප්‍රකාශ ආතතීන් උත්සන්න කිරීමේ උත්සාහයක් ලෙස සලකා ඔහු ප්‍රතික්ෂේප කළේය.

තිලීපන්ගේ උපවාසය සහ සැමරුම් පිළිබඳ නැවතත් කතාබහක්: ඉතිහාසයේ සැබෑ තත්ත්වය සහ දේශපාලන භාවිතය පිළිබඳ ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝගෙන් අනාවරණයක්..

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබලයෙකු වූ තිලීපන්ගේ අනුස්මරණ සැමරුම් පිළිබඳව නැවතත් රට තුළ දේශපාලන හා සමාජීය සංවාදයක් ගොඩනැගී ඇති බවත්, මාරාන්තික උපවාසයකින් මියගිය එකම ශ්‍රී ලාංකිකයා වන තිලීපන් සම්බන්ධයෙන් පවතින මතවාදයන් කාලයත් සමඟ දේශපාලනික අවශ්‍යතාවලට අනුව වෙනස් වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝ පවසයි.

ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම යන්නේ එකම පාරේ.. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න ව්‍යවස්ථා සංශෝධන ගේනවා.. ඒකත් පැරණි ක්‍රමයම තමයි.. - උවිඳු විජේවීර

ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම ගමන්කරමින් සිටින්නේ එකම මාර්ගයක බවත්, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව සහ 22 වැනි සංශෝධනයේ අභ්‍යන්තරයට ගොස් ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් නොකර සිදුකරන මෙම ක්‍රියාදාමය තුළ ජනතාව අධිකරණය සම්බන්ධයෙන් ඇති විශ්වාසය නැතිකර ගන්නා බවත් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

"සියලු අභියෝග මැද චීන-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කරනවා" – චීන තානාපති වේ හුආශියැං

චීනයේ 77 වන ජාතික දිනය සහ චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය සැමරීමේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය සහ පිළිගැනීමේ උත්සවය ශ්‍රී ලංකාවේ චීන තානාපති වේ හුආශියැං (Wei Huaxiang) මහතාගේ මූලිකත්වයෙන් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි.

රුසියානුවන් පුටින් පාලනයට යළි රට භාරදුන්නේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් සුවිශේෂී අනාවරණයක්..

රුසියාවේ පැවැති මැතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලැබූ ජයග්‍රහණය යනු, රුසියානු රජය සහ සන්නද්ධ හමුදාවන් විසින් ගෙන යනු ලබන මෙහෙයුම් කෙරෙහි එරට ජනතාව දැක්වූ සෘජු සහයෝගයක් හා ගෞරවයක් බව Lanka Voice යූටියුබ් නාලිකාව ඔස්සේ මොස්කව් නුවර සිට අදහස් දක්වමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවසර දෙයි..

නාගරික සංවර්ධන අධිකාරියට අයන් කොළඹ කොටුව ට්‍රාන්ස්වක් චතුරශ්‍රය නමැති භූමිය ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පුද්ගලික සමාගමට කඩිනමින් ලබා ගැනීමට සහ සමාගම වෙත අවශ්‍ය අනුමැතින් ලබා ගැනීමට රුපියල් මිලියන 70 ක මුදලක් අල්ලසක් ලෙස ලබා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අල්ලස් කොමිසමට ඊයේ (24) අවසර දෙන ලදී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.