News Category
From Date
To Date
Maximum Number of Result

කලණත් දැන් ලංකාවේ ලොකුම දේශපාලන පවුල් ගහේ සාමාජිකයෙක්..

Sep 25, 2026 at 08:37 AM
|

කළණ නළුවෙක්. ඔහු රටට පෙන්නුවේ පවුල් රදළවාදය රටේ පිළිලයක් බවට වන අභිරූපනික දේශපාළනික මතවාදයක් සමග  පීඩිත පංතියේ  මතවාදී  නියෝජනයක්.  එහෙත් ඔහුට අද පෙන්නුම්  කරන්නේ පෙනීසිටින මතවාදයට එහා ගිය සත්‍ය ජීවිතේ ගැඔුරුම හැගීමේ ඇත්තය.

කළණ අද සිට අයිති වන තැන හරි ලස්සනයි සුරක්ෂිතයි. සමහර විට  සමාජවාදි ජීවිතයක්  පංතියට හංගන  ධනේෂ්වරයේ  සුරක්ෂිත බව කළණ එලිපිට පයලෑම මම නම් අගේ කරනවා.  

//  දේශපාලන කතා මොනව උනත්

මේවා රස කතා ❤️❤️

.......................................................

කලණ ගුණසේකරත් දැන් ලංකාවේ ලොකුම දේශපාලන පවුල් ගහේ සාමාජිකයෙක්. ඒ ඊයේ ඔහු ඒ පවුලෙන් කසාද බැන්ද නිසා.පවුල් පරම්පරා කියන්නේ මා කැමැති විෂයක්.ඒ නිසා බසයේ ගෙදර යද්දී මගේ මතකය ඇවිස්සුනා .

කලණ බැන්දේ රෝහාන් විජේසුන්දරගේ දුව. රෝහාන්ගේ පවුලේ හතරයි.දෙවැනියා කැලණිය පන්සලේ බස්නායක  නිලමේවරයකු වු ශාලිත. නංගිලා තමයි දීප්ති හා ලක්මිණ. ඇ බැන්දේ සාගල රත්නායක .පසුව ඔවුන් දෙන්නා වෙන් වුණා.

මේ හතර දෙනාගේ අම්මා අනෝජා දේවි විජේසුන්දර .තාත්තා ජවිපෙය මරා දැමු කොළඔ සරසවියේ  උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි  විජේසුන්දර .අනෝජා දේවිගේ සොයුරා තමයි උපාලි විජයවර්ධන  උපාලි බැන්ඳේ සිරිමාවෝ  මැතිනියගේ සොයුරෙකු වු සීවලි රත්වත්තේගේ දුව ලක්මීණි  .චන්ද්‍රිකා  ඇගේ නෑනා  

උපාලිගේ අනෙක් සොයුරිය අනුලා කල්‍යාණි.ඇ බැන්දේ දොස්තර ගාමිණි ආටිගල .ඔහුගේ ලොකු අයියා තමයි වැඩිම කලක් යුද හමුදාපති පුටුවේ සිටි ජෙනරාල්  සේපාල ආටිගල ගාමිණි ආටිගලගේ එකම පුතා තමයි ඔටෝ  මෝබයිල් සංගමයේ සභාපති හා කැලණි පන්සලේ බස්නායක  නිලමේ ධමිමික අටිගල.ඒ එක පරම්පරාවක්.

කලණ ගුණසේකර ගේ මාමණ්ඩිගේ අම්මා ගේ තාත්තා තමයි දොන් වෝල්ටර් විජයවර්ධන .කැලණියේ මුල්ම බස්නායක නිලමේ.  දොන් වෝල්ටර්. දොන් රිචඩ්  දොන් චාල්ස් ,දොනා හෙලන් ඇග්නස් ඇතුළු  තව පිරිසක් එක අම්මා තාත්තාගේ සොයුර සොයුරියෝ. ඒ අයගේ තාත්තා දොන් පිලිප් තුඩුගල විජයවර්ධන  උඩරට රජ දවස තුඩුගල මද්දුම රාළගෙන් තමයි මේ පරම්පරාව පැවැත එන්නේ තුඩුගලෙන් කොළඹ ආපු දොන් පිලිප් කොළඹ හදන්න ගොඩනැගිලි දාව්‍ය සපයලා ධනවතෙක් වුණා .

ඇගේ බිරිඳ තමයි කැලණි පන්සල අලුතෙන් හැදූ හෙලේනා රූපසිංහ. දොන් පිලිප් ගේ දුවෙක් වු හෙලන්  බැන්ද  ඊ.ඩබ්ලිව් .ජයවර්ධන ගේ  පරම්පරාවේ

දොන් පිලිප්ගේ පුතෙකු වු ඩී.ආර්.බැන්දේ රුවන්වැල්ලේ මීදෙණිය වලව්වේ රූබි .ඇගේ වැඩිමහලු සොයුරිය තමයි ලංකාවේ මුල්ම මන්ත්‍රීනි ඇඩ්ලින්.ඇගේ සැමියා මුල්ම කතානායක සර් ෆ්‍රැන්සිස් මොලමුරේ

රුබිගේ සොයුරාගේ එක දුවෙක් තමයි අයිරංගනි සේරසිංහ. ඇගේ සොයුරියක වු කාමණි බැන්දේ මහාචාර්ය තිස්ස විතාරණ.

රුබිගේ දුව නාලිනි බැන්දේ එස්මන්ඩ් වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ එක් පුතෙක් රනිල්ගේ නැන්දා. ඒ කියන්නේ එස්මන්ඩ්ගේ සොයුරිය මුක්තා බැන්දේ පාර්ලිමේන්තුවේ  මහ ලේකම් සෑම් විජේසිංහ ඔවුන්ගේ පුතා තමයි මහාචාර්ය රජිව් විජේසිංහ.

රනිල්ගේ අම්මාගේ සොයුරා වු රංජිත්ගේ බාල පුතා තමයි රුවන් විජයවර්ධන  .රුවන්ගේ අම්මා රංජනි ඩි.ඇස් සේනානායක ගේ බාල පුතා වු රොබට්ගේ දුවෙක් .රැක්මන් පුතෙක්.

ඩි.ඇස්ගේ සොයුරු එෆ් ආර්.බැන්දේ කොතලාවල පවුලෙන් සර් ජෝන් කොතලාවල  කියන්නේ එෆ්.ආර්ගේ බිරිඳගේ එක සොයුරියක පුතෙක්.බිරිදගේ අනෙක් සොයුරිය බැන්දේ ජේ.ආර්.ගේ බාප්පා ටී.ජී.ජයවර්ධන .

ජේ.ආර්.තව.පැත්තකින් මේ පවුලට සම්බන්ධයි ජේ ආර් .අම්මා ඒ කියන්නේ ඉහත කී හෙලන් ඇග්නස් කලණගේ මාමණ්ඩිගේ මිත්තණියක්.

කලණ ඊයේ ඉදන් නැකම් කියන විජයවර්ධන  පවුලේ දොන් චාල්ස් බැන්දේ විමලා .ඈ තමයි ලංකාවේ මුල්ම ඇමැතිනිය. 

එහෙම බලන විට ජයවර්ධන ,විජයවර්ධන ,රත්වත්තේ මීදෙණිය, කොතලාවල ,බණ්ඩාරනායක .විජේසුන්දර ,සේනානායක  කියන්නේ එකම පවුලක්. 

ලංකාවේ ලොකුම දේශපාලන  පවුල් ගහ අඩසියවසක් රට පාලනය කළ. දශක හතක ශාපේ එලවන්න ගෝල්ෆේස් අරගලයට එක් වු කලණත් දැන් ඒ පවුලේ අයෙක්. කොටින්ම කියනවා නම් අරගලකාරයෝ එලවන්න හදපු රනිල් වික්‍රමසිංහත් ඊයේ මඟුල් ගෙදරට ගිහින් නව යුවලට සුබ පැතුවා..

ජීවිතේ කියන්නේ මහ පුදුම හමුවීම්, බැඳීම්,වෙන්වීම් මම නම් මේ කතා රස විඳිනවා.දේශපාලන මත මොනවා වුණත් මේවා රස කතා.

(උපුටා ගැනීමක්) 

සම්බන්ධිත පුවත් | Related News

ලැබෙන පුනරුද ජයග්‍රහණ සමරමු. මීට පස්සේ 10 වැඩි 100 අඩු ඕනෑම තැනක ගීත ප්‍රචාරය කරනවනම් බදු ගෙවමු. මගුලටනම් ඉතිං මොකෝ..
ශ්‍රී ලංකාවේ අන්තවාදී මුලධර්මවාදී උම්මන්තකයන් අතර මෙතෙක් මෙලොව ප්‍රමුකතමයා කන්‍යාවන් 72 ක් වෙනුවෙන් තම ජීවිතය කැප කල "පරම දයාබර වූ, මහත් කරුණාවන්ත වූ" සහරන් මෞලවිතුමා බව නිසැකවම කිව හැකිය. එතුමා හා සමාන වූ තවත් තව්හිඩ් මතවාදයේ ප්‍රධානියෙක් වන්නේ අබ්දුල් රාසික් මෞලවිතුමාය.
අප්‍රිකානු මහද්වීපය තුළ බුදුදහමේ අලෝකය පතුරුවාලමින් විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට උගන්ඩාවේ පූජ්‍ය බුද්ධරක්ඛිත හිමියන් සමත්ව සිටිති.
නූතන පෝෂණ විද්‍යාව බොහෝ විට පිළිකා සඳහා රතු මස් වලට දොස් පවරන අතර, පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට්, සීනි සහ සැකසූ තෙල් (seed oils) වලින් ඇතිවන සැබෑ අනතුර නොසලකා හරියි.
ජාතියක ඉරණම තීරණය වන්නේ එහි ආර්ථික ශක්තියෙන් හෝ යුද බලයෙන් පමණක් නොවේ. එය තීරණය වන්නේ එම සමාජය සත්‍යය හඳුනාගන්නා ආකාරය, තම ඉතිහාසය තේරුම් ගන්නා ආකාරය සහ අනාගතය පිළිබඳ තීරණ ගන්නා ආකාරය මතය.
මේ ඡායාරූපයේ ඔබ දකිනුයේ වාණිජ මට්ටමින් දෙමුහුම් වී වර්ග නිපදවීම මගින් ලෝකයේ මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ආහාර ප්‍රශ්න විසඳීමට පදනම සැපයූ පුරෝගාමී විද්‍යාඥයෙකු වන යුආන් ලොන්පින්ගේ දැවැන්ත රුවක් චීනයේ නගරයක ප්‍රදර්ශනය කර ඇති ආකාරයයි.
බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

ප්‍රධාන පුවත්

තිලීපන්ගේ උපවාසය සහ සැමරුම් පිළිබඳ නැවතත් කතාබහක්: ඉතිහාසයේ සැබෑ තත්ත්වය සහ දේශපාලන භාවිතය පිළිබඳ ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝගෙන් අනාවරණයක්..

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබලයෙකු වූ තිලීපන්ගේ අනුස්මරණ සැමරුම් පිළිබඳව නැවතත් රට තුළ දේශපාලන හා සමාජීය සංවාදයක් ගොඩනැගී ඇති බවත්, මාරාන්තික උපවාසයකින් මියගිය එකම ශ්‍රී ලාංකිකයා වන තිලීපන් සම්බන්ධයෙන් පවතින මතවාදයන් කාලයත් සමඟ දේශපාලනික අවශ්‍යතාවලට අනුව වෙනස් වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝ පවසයි.

ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම යන්නේ එකම පාරේ.. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න ව්‍යවස්ථා සංශෝධන ගේනවා.. ඒකත් පැරණි ක්‍රමයම තමයි.. - උවිඳු විජේවීර

ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම ගමන්කරමින් සිටින්නේ එකම මාර්ගයක බවත්, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව සහ 22 වැනි සංශෝධනයේ අභ්‍යන්තරයට ගොස් ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් නොකර සිදුකරන මෙම ක්‍රියාදාමය තුළ ජනතාව අධිකරණය සම්බන්ධයෙන් ඇති විශ්වාසය නැතිකර ගන්නා බවත් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

"සියලු අභියෝග මැද චීන-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කරනවා" – චීන තානාපති වේ හුආශියැං

චීනයේ 77 වන ජාතික දිනය සහ චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය සැමරීමේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය සහ පිළිගැනීමේ උත්සවය ශ්‍රී ලංකාවේ චීන තානාපති වේ හුආශියැං (Wei Huaxiang) මහතාගේ මූලිකත්වයෙන් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි.

රුසියානුවන් පුටින් පාලනයට යළි රට භාරදුන්නේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් සුවිශේෂී අනාවරණයක්..

රුසියාවේ පැවැති මැතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලැබූ ජයග්‍රහණය යනු, රුසියානු රජය සහ සන්නද්ධ හමුදාවන් විසින් ගෙන යනු ලබන මෙහෙයුම් කෙරෙහි එරට ජනතාව දැක්වූ සෘජු සහයෝගයක් හා ගෞරවයක් බව Lanka Voice යූටියුබ් නාලිකාව ඔස්සේ මොස්කව් නුවර සිට අදහස් දක්වමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවසර දෙයි..

නාගරික සංවර්ධන අධිකාරියට අයන් කොළඹ කොටුව ට්‍රාන්ස්වක් චතුරශ්‍රය නමැති භූමිය ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පුද්ගලික සමාගමට කඩිනමින් ලබා ගැනීමට සහ සමාගම වෙත අවශ්‍ය අනුමැතින් ලබා ගැනීමට රුපියල් මිලියන 70 ක මුදලක් අල්ලසක් ලෙස ලබා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අල්ලස් කොමිසමට ඊයේ (24) අවසර දෙන ලදී.

''අමෙරිකාවට දණ නමන්නේ නෑ''- ජගත් මහා මණ්ඩලයේ දී ඉරාන ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්..

අමෙරිකාව සමග පවතින යුද්ධය හමුවේ ඉරානය කිසිවිටෙකත් දණ නොනමන බව, ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් අවධාරණය කරන බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.

අභියෝග හමුවේ නොසැලුණු චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට නව ජවයක්.. - 77 වන ජාතික දිනයේදී චීන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 77 වන සංවත්සරය සැමරීමේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය සහ පිළිගැනීමේ උත්සවය කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි.

22 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ජනාධිපතිගේ පොරොන්දුවලට සහ ආණ්ඩුවට අත් වන ඉරණම ගැන අනාවරණයක්..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කරගැනීමට හැකි වීම ආණ්ඩුවේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි වුවද, එමගින් ජනතාව මුහුණ දෙන සැබෑ ආර්ථික හෝ සමාජීය ගැටලුවලට විසඳුම් නොලැබෙන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

22 ගැන විවාදය අද..

අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

ත්‍රස්තවාදීන්ව උතුරේ සමරනවා.. නීතිය සැමට පොදුයි කියලා ජනපතියි, අමගැමතිනියි කියනවා.. ඒත් දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හමුවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.. - විමල් වීරවංශ

තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබලයකු වන තිලීපන් (රාසයියා පාර්තිපන්) වෙනුවෙන් යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ ලෝකඩ ප්‍රතිමාවක් ස්ථාපනය කර සැමරුම් පැවැත්වීමට ඉඩදීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා රජයට දැඩි චෝදනා එල්ල කරයි.

සලේගේ වෛද්‍ය වාර්තාව ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක්ව ඇති බවත්, එය පාලනය සඳහා හෘදය වස්තුවට උපකරණයක් සවිකර ඇති බවත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (22) අනාවරණය විය.

ඇමරිකාව රතුමූදෙන් පන්නාදමා යේමනයට රිදෙන්න ගහපු හුතීන් කවුද?

දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා දිවයින ඔන්ලයින් (Divaina Online) යූටියුබ් නාලිකාව සමඟ එක්වෙමින් පවසන්නේ වත්මන් මැදපෙරදිග කලාපයේ දේශපාලන සහ ආරක්ෂක තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් දිශාවකට ගමන් කරමින් පවතින බවයි.

පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් 15ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර ප්‍රධාන නඩුවේ වරදකරුවන් 15 දෙනාට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් වෙන වෙනම දඩුවම් නියම විය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මේ වනවිට ප්‍රකාශ කරමින් පවති.

ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..

රටේ පවතින නීතියට ගරු කිරීම භික්ෂූන් වහන්සේලා ඇතුළු සෑම පුරවැසියෙකුගේම වගකීමක් බැවින් තමන් වහන්සේ නීතියට හිස නමන බවත්, තමන් සිදුකළ අරගලය කිසිදු පෞද්ගලික හෝ දේශපාලනික න්‍යායපත්‍රයක් වෙනුවෙන් නොව ජාතියේ හා ශාසනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් සිදුකළ එකක් බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.