News Category
From Date
To Date
Maximum Number of Result

සැබෑ ත්‍රස්තවාදියා කවුද?

Sep 26, 2026 at 05:14 AM
|

2026 සැප්තැම්බර් 23 වැනි දා, ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති අතිගරු මසූද් පෙසෙෂ්කියාන් (Masoud Pezeshkian) මහතා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය අමතා කළ දේශනය:

=== === === === ===

මහා කරුණාන්විත, මහා දයාන්විත දෙවියන්වහන්සේගේ නාමයෙන් ආරම්භ කරමි.

ගරු සභාපතිතුමනි, මහ ලේකම්තුමනි, ගරු රාජ්‍ය නායකයෙනි, නෝනාවරුනි, මහත්වරුනි,

ඊයේ, මම ඔබ වෙත ඉදිරිපත් කරන්න කතාවක් සකස් කළා.

ඊයේ මේ සභාව අමතලා කතා කරපු එක්සත් ජනපදයේ ජනාධිපතිතුමා අපිව ත්‍රස්තවාදියෝ විදිහට හැඳින්නුවා. ඒත් අපියි ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත්වෙලා ඉන්නේ. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් කිසිම හේතුවක් නැතුව, කිසිම නීතිමය පදනමක් නැතුව අපේ ගෞරවනීය නායකයන්ව ඝාතනයට ලක් කරපු ඉරානයෙනුයි මම ඇවිල්ලා ඉන්නේ. ඒ අය විසින් ම පාසලකට බෝම්බ දාපු ඉරානයෙනුයි මම ඇවිල්ලා ඉන්නේ.

මේ ඡායාරූපවල ඉන්න දරුවන් පේනවා ද? එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එල්ල කරපු බෝම්බ ප්‍රහාරවලින් මේ දරුවෝ මියගියා. මේ ළමයි නිර්දෝෂයි. මේ දරුවෝ කිසිම කෙනෙක්ට වරදක් කරලා නෑ.

ලාමර්ද් කියන්නේ ඉරානයේ පිටස්තර පළාතක තියෙන පුංචි නගරයක්. ඒ නගරයේ තියෙන පාසලේ ක්‍රීඩාංගනයේ මේ ළමයි සෙල්ලම් කර කර හිටියා. ඉතාමත් දියුණු, මහ භයානක ආයුධ පාවිච්චි කරලා එක්සත් ජනපදය ඒ ක්‍රීඩාංගණය ඉලක්ක කරලා පහරදුන්නා.

මේ අපරාධකාරයෝ අපේ විද්‍යාඥයෝ, පිරිමි, කාන්තාවෝ සහ දරුවෝ ඝාතනය කළා. ඒ වගේ ම, ඔවුන් කාටවත් කිසිම වැරැද්දක් කරලා තිබ්බ නැති නිර්දෝෂි දරුවන්ව ඝාතනය කළා.

ඒත් තමන් ම ත්‍රස්තවාදියෝ විදිහට කටයුතු කරන ගමන්, ත්‍රස්තවාදීන්ව පුහුණු කර කර ආරක්‍ෂා කරන මේ අය අපිව ත්‍රස්තවාදියෝ කියලා හඳුන්වනවා.

අපි අපේ ආරක්‍ෂාව කටයුතු කළා මිසක් වෙන කිසිම දෙයක් කරලා නෑ. අපි ත්‍රස්තවාදියෝ නෙවෙයි. අපේ නිර්දෝෂී ජනතාවයි අපේ රටට එරෙහිව එල්ල කරන මේ දරුණු ප්‍රහාරවල සහ ආක්‍රමණවල ගොදුරු බවට පත්වෙලා ඉන්නේ. අපි අපේ උපරිම ශක්තිය යොදවලා අපේ රට සහ ජනතාව රැකගන්නවා.

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අලුත් ම තාක්‍ෂණය සහ ආයුධ පද්ධති යොදාගෙන අපිට ප්‍රහාර එල්ල කරනවා. ඒත් අපේ ජනතාව ස්ථීරව නැගී හිටියා. ඔව්, උන් අපිට පහර දුන්නා. ඒත් අපි දණින් වැටුනේ නෑ. අපි හිස නැමුවේ නෑ. අපි ප්‍රති ප්‍රහාර එල්ල කළා. ඒත් අපි සිවිල් ජනතාවට ඉලක්ක කරලා එක ප්‍රහාරයක්වත් එල්ල කළේ නෑ.

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අපේ භූමිය ඇතුළට ම ඉලක්ක කරලා අපේ විශ්වවිද්‍යාලවලට, සෞඛ්‍ය මධ්‍යස්ථානවලට, පාසල්වලට, රෝහල්වලට සහ යටිතල පහසුකම්වලට පහර දුන්නා. මේ හැම ප්‍රහාරයක් ම ජාත්‍යන්තර නීතියට පටහැනියි.

මම ජනාධිපති වගකීම භාර ගත්ත දවසේ ම, ඒ කියන්නේ මම දිවුරුම් දීපු දවසේ ම, මේ අය ඉරානයේ දී ඉස්මයිල් හනියේ (Ismail Haniyeh) ඝාතනය කළා. ඊශ්‍රායලය ඕනෑ ම නගරයක්, ඕනෑ ම පළාතක්, ඕනෑ ම ප්‍රදේශයක් ඉලක්ක කරලා නියම ත්‍රස්තවාදී රාජ්‍යයක් වගේ ඝාතන සිදු කරනවා.

ඊශ්‍රායලය විසින් ගාසාවේ නිර්දෝෂී සිවිල් වැසියන් 80,000කට වඩා වැඩි ප්‍රමාණයක් අමානුෂික විදිහට ඝාතනය කරලා තියෙනවා. දහස් ගණන් අවතැන් වෙලා ඉන්නවා. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය තමන් සතුව තියෙන තාක්‍ෂණය පාවිච්චි කරමින් තමයි මේ ජන සංහාර සිදු කරන්නේ. එහෙම කරන ගමන් මේ අය අනිත් අයට ත්‍රස්තවාදියෝ කියලා හංවඩු ගහනවා.

අස්ථාවරත්වයේ මුල අපි ද? අපිට ඕන අපේ පාඩුවේ ජීවත්වෙන්න විතරයි. අස්ථාවරත්වයට හේතුවන්නෝ අපි ද? ත්‍රස්තවාදය වපුරන සහ අපරාධ සිදු කරන අය සැබෑවට ම සාමයේ සහ ස්ථාවරත්වයේ ආරක්‍ෂකයෝ ද? මේ අය කිසිම ජාත්‍යන්තර නීතියක් පිළිපදින්නේ නෑ.

මේකයි අද අපි මූණ දෙන තත්ත්වය. අපිට අපිව ආරක්‍ෂා කරගැනීම මිස වෙන කිසිවක් අවශ්‍ය නෑ. තමන්ගේ ආරක්‍ෂාව තහවුරු කරගන්න බැරි රටවල් මේ ලෝකයේ පාගා දමනු ලබනවා.

මානුෂිකත්වය, යුක්තිය, සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතනවා වෙනුවට, මේ අධිපතිවාදී ක්‍රමයේ ආරක්‍ෂකයන් ලෙසින් පෙනී ඉන්න, ඇත්තෙන්ම අස්ථාවරත්වයේ සහ විනාශයේ නිර්මාතෘවරුන් විදිහට කටයුතු කරන බලවතුන් ඉන්න ලෝකයකයි අපි ජීවත්වෙන්නේ. ඔවුන් තමන් අකැමැති, තමන්ට අවනත නැති ඕනෑ ම කෙනෙක්ට ත්‍රස්තවාදියෙක් කියලා හංවඩු ගහනවා. පහුගිය අවුරුදු 200 ක කාලය තුළ ඉරානය කිසිම රටකට, කිසිම භූමියකට ප්‍රහාර එල්ල කරලා නෑ. ඒත් අපි හැම අවස්ථාවක ම අපේ රට, අපේ භූමිය ස්ථීරව ආරක්‍ෂා කරගත්තා. මේ අයට ඔළුව නමන්නේ නැති හින්දා දැන් මේ අය අපි මේ කලාපයේ අස්ථාවරත්වයේ මුල කියලා චෝදනාවට ලක් කරනවා.

අපිව ත්‍රස්තවාදියෝ කියලා හංවඩු ගහලා. මේ තුළින්, අපි තෝරාගත්ත මාර්ගය ආරක්‍ෂා කරගැනීම සඳහා අවශ්‍ය බලය ගොඩ නගා ගත යුත්තේ ඇයි කියන කාරණය පැහැදිළි කරලා දෙනවා. අපි අනුන්ට ප්‍රහාර එල්ල කරන්න හරි ආක්‍රමණ සිද්ද කරන්න බලය හොයන්නේ නෑ. අපි අපේ ප්‍රගතිය වෙනුවෙන් බලශක්තිය හොයනවා. ආයුධ හදාගෙන අනිත් අයට තර්ජනය කරන්න ඕනකමක් අපිට නෑ. අපි ආරක්‍ෂාව සඳහා සහයෝගීතාව සහ සහයෝගය අපේක්‍ෂා කරනවා.

ඉරානයේ ජනතාව, පසුගිය මාස හතක කාලය තුළ, හැම රාත්‍රියක ම වීදිවලට ඇවිල්ලා ඊශ්‍රායලය සහ ඇමෙරිකාව විසින් සන්නද්ධ කරවන ලද සහ පුහුණු කරවන ලද අය විසින් තමන්ගේ රටේ ආරක්‍ෂාවට බාධා කරන්න ඉඩ දෙන්නේ නැතුව අපේ මාතෘභූමිය වෙනුවෙන් පෙනී හිටියා. මාස හතක් තිස්සේ, දවල් රෑ දෙකේ ම, අපේ ජනතාව වීදිවල රැඳිලා හිටියා. අපේ බලයේ සහ අපේ සහයෝගයේ මූලාශ්‍රය ජනතාවයි.

අන්න ඒ හින්දා තමයි අපි ස්ථීරව ඉන්නේ. තර්ජනයට ලක් නොවීමට නම් තමන්ගේ අනාගතය තර්ජනයට ලක් නොවීමට නම් ඉරානය බලවත්වෙන්න ඕන. අපි අපේ බලය ආධිපත්‍යය වෙනුවෙන් පාවිච්චි කරන්න කැමති නෑ. ඒ වගේ ම, අපි අනිත් අයගේ අස්ථාවරත්වය තුළින් ආරක්‍ෂාව හොයන්නෙත් නෑ. අපි ඉරානයේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා. ඉරානයේ නගරවලට බෝම්බ දාලා ආපු විදිහට ම ආපහු යන්න බැරි වෙන විදිහට, කිසිවෙකුට හිතාගන්න බැරි විදිහට අපි අපේ ආරක්‍ෂක පද්ධති ගොඩ නගලා තියෙනවා.

අපි හමුදා බලය වර්ධනය කරගෙන ඉන්නේ අපේ ආරක්‍ෂාව වෙනුවෙනුයි. අපි ඉතාමත් පැහැදිළිව මේ කාරණය කියනවා: අපේ රට ආරක්‍ෂා කරගැනීමේ දී අපි කිසිවෙක්ගේ අවසරයක් හරි අනුමැතියක් හරි හොයන්නේ නෑ. අපි අපේ ප්‍රගතිය සඳහා බලශක්තිය හොයනවා.

අවුරුදු ගණනාවක් තිස්සේ, මේ අය අපේ කේන්ද්‍රාපසාරකවලට (Centrifuges) ලේබල් අලවලා, ජාත්‍යන්තර සම්බාධක පනවලා, අපේ න්‍යෂ්ටික තාක්‍ෂණික වැඩපිළිවෙළ හැම ආකාරයකින් ම නින්දාවට, ගර්හාවට ලක් කරලා තියෙනවා. සාමකාමී න්‍යෂ්ටික තාක්‍ෂණය වර්ධනය කරගැනීම අපේ අභ්‍යන්තර ප්‍රගතියේ ම අවශ්‍යතාවක්. අපේ රෝගීන්ට ප්‍රතිකාරකිරීම වෙනුවෙන්, සුවකිරීම වෙනුවෙන්, අපේ ගොවිතැන් අංශය වෙනුවෙන්, අපේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන්, අපේ කර්මාන්ත වෙනුවෙන් අපිට බලශක්තිය උවමනායි.

අතලොස්සක් රටවල් සුවිශේෂී වරප්‍රසාදයක් විදිහට න්‍යෂ්ටික තාක්‍ෂණය පවතින්න ඕන කියන අදහස ඉරානය පිළිගන්නේ නෑ. අපි අපිට තියෙන අයිතියක් ඔළුව නමලා අත්හරින්න සූදානම් නෑ. අපි ඉතාමත් පැහැදිළිව කියනවා: අපිට න්‍යෂ්ටික ආයුධ උවමනා නෑ. සාමකාමී න්‍යෂ්ටික තාක්‍ෂණයට සීමාවක් නෑ.

අපි සටන් බිම්වල අපේ සාමය හොයන්නේ නෑ. ඒත් අපි ඉරානයේ ජනතාවට සහ ජාතියට අවශ්‍ය ආරක්‍ෂාව ලබාදිය යුතුයි. අපි අපේ ආරක්‍ෂාව සාක්‍ෂාත් කරගැනීම වෙනුවෙන් සහයෝගිතාව අපේක්‍ෂා කරනවා. යුද්ධයේ සීමා දන්නේ නැති කලාපයකයි අපි ජීවත්වෙන්නේ. එක් භූමියක අර්බුදය අසල්වැසි රටවල් වෙත පැතිරයමින් තියෙනවා.

ඉරානය තමන්ගේ අසල්වාසියෝ ආරක්‍ෂාවේ තරගකාරයෝ විදිහට සළකන්නේ නෑ. අපි ඉතාමත් ශක්තිමත් අසල්වැසියන්ව අපේක්‍ෂා කරනවා. හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ජලස්කන්ධය ඇතුළට ඇවිල්ලා, ඒ ජලස්කන්ධය ම පාවිච්චි කරලා අපිව ආක්‍රමණය කිරීමත් අපිව අස්ථාවර කිරීමත්, අපිට අපේ ජලස්කන්ධය වෙත පිවිසීම ප්‍රතික්‍ෂේප කිරීමත්, ඒ ජලස්කන්ධය තුළ තමන්ට ඕන ඕන විදිහට හැසිරෙමින් ප්‍රයෝජන ලබාගැනීමත් කරන්න හදන අයට එහෙම කරන්න අපි ඉඩදෙන්නේ නෑ. මේ අය අපේ ම ජලස්කන්ධයට පිවිසීම සඳහා අපිට තියෙන අයිතිය වළක්වනවා. එහෙම කරන ගමන් මේ ජලස්කන්ධය වටේ ඉන්න සියලු ම ජාතීන්ට අස්ථාවරත්වය ගෙන එන මිසයිල සහ මාරාන්තික හමුදා තාක්‍ෂණය සපයනවා.

අපි මේ බලහත්කාරකමට යටත්වෙන්නේ නෑ. යුද්ධයේ ව්‍යාප්තිය විසින් ආරක්‍ෂාවක් ගෙන එන්නේ නෑ. නාවික ගමනාගමනයේ ආරක්‍ෂාව හොයන අතර ම ඒ ආශ්‍රිත රටවල්වල අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කරන්න බෑ.

ගරු රාජ්‍ය නායකවරුනි, අපි පලස්තීනය සම්බන්ධයෙන් කතා කරමු. පලස්තීනය ජාත්‍යන්තර ප්‍රජාවගේ හෘද සාක්ෂියේ විවෘත තුවාලයක් විදිහට පවතිනවා. ඒ වගේ ම, ගාසාව සිවිල් වින්දිතයින්ගේ දුක් වේදනා වැළැක්වීමට ජාත්‍යන්තර යාන්ත්‍රණවල තිබෙන අසාර්ථකත්වයේ සංකේතයක් විදිහට පවතිනවා. දශක ගණනාවක් තිස්සේ, විවිධ යෝජනා සම්මත කරගත්තත් ආක්‍රමණය සහ ප්‍රචණ්ඩත්වය දිගට ම රජ කරනවා. පලස්තීනය නො සළකා හැරලා අපිට සාමය ගැන කතා කරන්න බෑ. පලස්තීනයට යුක්තිය ඉටු කරන්නේ නැතුව බටහිර ආසියාවේ ස්ථිර සාමයක් ඇති කරන්නත් බෑ.

ලෝකය තුළ ආක්‍රමණ, අල්ලාගැනීම් සහ අසාධාරණකම් පවතින තාක් කල් ඒවාට එරෙහි ප්‍රතිරෝධයත් දිගට ම පවතිනවා. ඒ විරෝධතා එක් ස්වරූපයකින් මර්දනය කළොත්, ඒවා තවත් ස්වරූපයකින් - හුඟක් වෙලාවට වඩාත් ශක්තිමත්ව - නැවත ඉස්මතු වෙන එක වළක්වන්න බෑ. ඉවරයක් නැති ඝාතන සහ පුළුල් විනාශයන් සිද්ද කරමින් තිබියදීත්, ගාසාවේ ජනතාව තුළ ප්‍රතිරෝධය දැක්වීම කෙරෙහි තියෙන විශ්වාසය තව තවත් ශක්තිමත් වෙලා තියෙනවා. බෝම්බ සහ වටලෑම මගින් මේ ප්‍රතිරෝධය නැති කරන්න බෑ. මේක තමයි මානව ස්වභාවය.

මිනිසෙක් තමන්ගේ භූමියෙන් නෙරපා ලැබුවහොත් ඔහු ප්‍රතිරෝධය දක්වාවි. මිනිසුන්ගේ නිවාස බෝම්බ ප්‍රහාරවලට සහ ආක්‍රමණවලට ලක් වුවහොත් ඔවුන් ප්‍රතිරෝධය දක්වාවි. ඔවුන්ට වෙනත් තේරීමක් තියෙනවා ද? බලහත්කාරකමට යටත්වෙන්න ඔවුන්ට පුළුවන් ද? තමන්ගේ නිවාසවලින්, බිම්වලින් නෙරපනු ලැබුවාම ඒ තර්ජන හමුවේ නිහඬව ඉන්න ඔවුන්ට පුළුවන් ද? ඔවුන් තමන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කරද්දි, ඔවුන්ව ත්‍රස්තවාදියෝ කියලා නම් කරන්න පුළුවන් ද?

අවාසනාවකට, අද අපි ජීවත්වෙන ලෝකයේ සැබෑ ස්වභාවය මේ භාෂාවෙන් පැහැදිළි කෙරෙනවා. අපේ කලාපීය ගැටලු කලාපය තුළ ම, කලාපයේ රටවල් විසින් ම, බාහිර බලවතුන්ගේ ක්‍රීඩාවක් බවට පත් නො කර අපි අපි ම විසඳාගන්න ඕන. විදේශීය බලයක් සමඟ පවත්වන කිසිම සම්බන්ධතාවක් කලාපයේ අසල්වැසි රටවල්වලට තර්ජනය කිරීමේ උපකරණයක් බවට පත්විය යුතු නෑ.

මම දැන් අපේ රටට සහ ජනතාවට එරෙහිව ආක්‍රමණ සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්න මුල්වෙලා ඉන්න අයට වචන කිහිපයක් කියන්නම්: අපේ ජනතාව ඔවුන්ගේ මාරාන්තික ආක්‍රමණයේ ප්‍රතිඵල අමු අමුවේ ම අත්විඳලා තියෙනවා. ඔබ ඉරානයේ ශක්තියත් ස්ථීරභාවයත් පරීක්‍ෂාවට පක් කරලා තියෙනවා. ඉරානය මොනම විදිහකින්වත් යටත් කරගන්න බැරි බවත් ඔබ ඉගෙනගෙන තියෙනවා. ඉරානය කිසි විටෙකත් ආක්‍රමණිකයෙක් වෙලා නෑ. ඉරානය කිසි විටෙකත් යුද්ධයක් ආරම්භ කරලා නෑ. ඉරානය සැම විට ම සාකච්ඡා මේසය කෙරෙහි තමන් තුළ තියෙන කැපවීම පෙන්වා දීලා තියෙනවා.

ඔවුන් අපිට යුද්ධය ගෙනාවා. ඒත් ස්වභාවයෙන් ම අපේ ආරක්‍ෂාව සළසාගැනීම වෙනුවෙන් කරන යුද්ධයකට අපි බය නැති බව ඔප්පු කරලා තියෙනවා. අපි අපේ අවසාන හුස්ම පොද දක්වා ම අපේ ආදරණීය මාතෘභූමිය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් පෙනී ඉන්නවා.

නෝනාවරුනි, මහත්වරුනි; මේ සමුළුවේ මූලික ම හරය තමයි අන්‍යොන්‍ය විශ්වාසය. මේ අරමුණ වචනවලින් විතරක් සාක්‍ෂාත් කරගන්න බෑ. ඒක සාක්‍ෂාත් කරගන්න පුළුවන්වෙන්නේ එක එක අයට එක එක හැඳිවලින් බෙදන ප්‍රතිපත්ති අත්හැරීමෙන් විතරයි.

ඊශ්‍රායල සතුව න්‍යෂ්ටික සහ පරමාණුක ආයුධ තියෙනවා, ඒත් පරීක්‍ෂකයන් එවන්නේ ඉරානයට. ඊශ්‍රායලය විසින් ගාසාවේ අහිංසක මිනිස්සු 80,000 කට වඩා අමානුෂික විදිහට ඝාතනය කරලා තියෙනවා. ඉරානය සාකච්ඡා මේසයට වාඩිවෙලා ඉඳිද්දිත් බෝම්බ ප්‍රහාරවලට ලක්වුණා. ඊශ්‍රායලය සන්තකව සමූල ඝාතක ආයුධ තියෙනවා. ඒත් ඊශ්‍රායලය න්‍යෂ්ටික ආයුධ ව්‍යාප්ති නො කිරීමේ ගිවිසුමේ සාමාජිකයෙක් වෙලා නෑ. ඒ විතරක් නෙවෙයි. ඊශ්‍රායලය තමන්ගේ න්‍යෂ්ටික සහ පරමාණුක ආයුධ පිළිබඳව පරීක්‍ෂණයක් කරන්නවත් ඉඩදීලා නෑ. එහෙම තියෙද්දිත්, ඊශ්‍රායලයට කලාපයේ ඕනෑ ම අගනුවරකට කැමැති විදිහට බෝම්බ දාන්න පුළුවන් වෙන ආකාරයෙන් අවශ්‍ය සියලු ම අවස්ථා ලබාදීලා සම්මානයට පත් කරලා තියෙනවා.

මම නැවතත් කියන්නම්: ඊශ්‍රායලයේ න්‍යෂ්ටික ආයුධ තියෙනවා. ඒත් පරීක්‍ෂකයන් එවන්නේ ඉරානයට. ඊශ්‍රායලය මනුස්ස ඝාතන කරනවා. ඒත් සම්බාධක පනවන්නේ ඉරානයට. මෙන්න මේකයි සැබෑ ඛේදවාචකය. මේ විකාරය අහන ඕනෑ ම කෙනෙක්ට හිනායන්න පුළුවන් බව ඇත්ත. ඒත් ඊශ්‍රායලය මනුෂ්‍ය ඝාතන කරනවා. අපිට සම්බාධක පනවනවා. අපිට දඬුවම් කරනවා. අපේ රටේ රෝගීන්, අහිංසක මිනිස්සු, දුප්පත්තු සහ වරප්‍රසාද නො ලබන්නෝ මේ සම්බාධකවල ඉලක්ක බවට පත්වෙනවා. එක්සත් ජනපදය හැම රටකට ම කරන්න හදන්නෙත් මේ දේ ම තමයි: එක්සත් ජනපදය තමන්ගේ නීතිවිරෝධී ඉලක්ක සාක්‍ෂාත් කරගැනීම වෙනුවෙන් අනිත් රටවල්වල මිනිස්සු බිල්ලට ගන්නවා.

අපි ඇත්තටම සාමය සහ ස්ථාවරත්වය හොයනවා නම්, හැම කෙනෙක්ට ම එක ම හැන්දකින් බෙදන්න ඕන. ඉරානය විශේෂ සැළැකිලි අපේක්‍ෂා කරන්නේ නෑ. අපි ඉල්ලන්නේ සමාන අයිතිවාසිකම් විතරයි. ඒ එක්ක බැඳිලා තියෙන වගකීම් භාරගන්න අපිට පුළුවන්.

ඉරානය තමන්ගේ ප්‍රෞඩ ඉතිහාසය තුළ මෙහෙම පාඩමක් ඉගෙනගෙන තියෙනවා: “බලයක් නැති ලෝකයක් අනතුරුදායකයි. හැබැයි යුද්ධයේ සහ බලහත්කාරකමේ භාෂාව විතරක් තේරුම්ගන්න ලෝකයක් කිසි විටෙක ආරක්‍ෂිතව තියෙන්නේ නෑ.” විශේෂිත කීප දෙනෙක්ට විතරක් සෙත සළසන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා නම්, මේ ලෝකය අපි හැම දෙනාට ම වඩාත් අනතුරුදායක එකක් බවට පත්වෙනවා. ඒ තුළින්, ඉතාමත් අවුල් සහගත ලෝකයක් නිර්මාණය වෙනවා.

21 වැනි සියවසට බලවතුන් සහ ආධිපත්‍යවාදීන් විසින් පමණක් පාලනය කරන යුගයක් කරා ආපසු යාමට අපි ඉඩ දිය යුතු නෑ. හමුදා බලය විසින් නීත්‍යානුකූලභාවය ප්‍රතිස්ථාපනය කරන, ත්‍රස්තවාදය විසින් දේශපාලනය සහ සාකච්ඡා මාර්ගය ප්‍රතිස්ථාපනය කරන, යුද්ධය විසින් සංවාදය සහ රාජතාන්ත්‍රිකත්වය ප්‍රතිස්ථාපනය කරන ලෝකයක් අපි ගොඩ නගාගත යුතු නෑ.

ඉරානයේ අපි අපේ අත් ලෝකයට දිගු කරනවා. අපි මුළු ලෝකයට ම සහයෝගිතාව සහ සහයෝගය සඳහා ආයාචනා කරනවා. අපි මෙහෙම කරන්නේ අපේ දුර්වලකමක් හින්දා නෙවෙයි. අපිට අපේ බලය සහ ස්ථීරභාවය ගැන ඉතාමත් ගැඹුරු විශ්වාසයක් තියෙනවා. මේ කලාපයේ කිසි රටකට තනිව ආරක්‍ෂාව ලබාගන්න බැරි බවත් අපි ගැඹුරින් විශ්වාස කරනවා. ඒ හින්දා, එක්කෝ අපි එකතුවෙලා ශක්තිමත් වෙමු. එහෙම නැතිනම්, අපි වෙන්වෙලා මේ අස්ථාවරත්වය තුළ දුක් විඳිමු.

ආරක්‍ෂාව, සාධාරණත්වය, යුක්තිය, මානව ගෞරවය සියලු ම මිනිසුන්ට හිමි, කිසිම අයුරකින් අහිමි කළ නො හැකි අයිතිවාසිකම් බවට පත්වෙන අනාගතයක් ගැන අපි හිතමු. කිසිදු ජනතාවක් පසෙකට තල්ලු නො කරන, කිසිදු හඬක් බලයේ ඝෝෂාව තුළ නැති වී නොයන, කිසිම ජනතාවක් තමන් විසින් ම හැරෙන්න කිසිදු බලවතෙක්ට ඒ ජනතාවගේ පැවැත්ම සහ ඉදිරි ගමන තීරණය කරන්න අයිතියක් නැති අනාගතයක් ගැන අපි හිතමු.

අපි සැබෑ ලෙසින් ම, ජාත්‍යන්තර නීතිය සහ පොදු සම්මුති මත පදනම්වෙච්ච ක්‍රමයක් හොයනවා නම්, ඒ ක්‍රමය යුක්තිය, පොදු මානව කැමැත්ත සහ මානව ගෞරවය ඔසවාතැබීම මත පදනම් වෙන එකක් විය යුතුයි. සියලු දෙනාට ම සෙත නො සළසන සාමය සාමයක් නෙවෙයි. සියලු දෙනා වැළැඳ නො ගන්නා සාධාරණත්වය සහ යුක්තිය ඒ නම්වලින් හඳුන්වන්න සුදුසු නෑ.

අපි ඊයේ එක්සත් ජනපද ජනාධිපතිතුමා කියපු වචන දිහා ආපහු හැරිලා බලමු: එතුමා ඊයේ අපේ රටට එරෙහිව කියපු හැම වචනයක් ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ සහ සංවිධාන සාරයේ මූලික ස්වභාවයට පටහැනි බව ජාත්‍යන්තර නීතිය, සාකච්ඡා සම්මුතිය, රාජතාන්ත්‍රිකභාවය සහ මූලික මානව ප්‍රමිතීන් පිළිබඳ විශේෂඥයෝ ඉතාමත් හොඳින් දන්නවා. සම්බාධක, බලහත්කාරකම් සහ හිරිහැර හමුවේ ඉරාන ජනතාවගේ ප්‍රතිරෝධය තව තවත් ඉහළට වර්ධනය වෙන බව එක්සත් ජනපද ජනාධිපතිවරයා තේරුම්ගන්න ඕන. අපි කාටවත් ඔළුව නමන්නේ නෑ. අපි මොනම හේතුවක් නිසාවත් දණින් වැටෙන්නේ නෑ.

ට්‍රම්ප් මහත්තයා සහ අපිට බලහත්කාරකම් කරන්න කැමති අය මේ කාරණය හොඳින් තේරුම්ගන්න. ඉරානය සාකච්ඡාවට, රාජතාන්ත්‍රිකභාවයට සහ එකඟතාවලට සූදානමින් ඉන්නවා. හැබැයි අපි බලහත්කාරයේ භාෂාවට ඇහුම්කන් දෙන්න සූදානම් නෑ..

මේ කතාව අහන්න ඔබගේ කාලය සහ අවධානය යොමුකිරීම පිළිබඳව මම අවංකව ම මගේ කෘතඥතාව පළ කරනවා.

දෙවියන්වහන්සේ ඔබ සැමට ආශීර්වාද කරත්වා!

=== === === === ===

(පරිවර්තනය: වරුණ චන්ද්‍රකීර්ති)

සම්බන්ධිත පුවත් | Related News

ඒ, 1990 දශකයේ මුල් භාගයයි. එවක “විදුසර” පුවත්පතේ පළවූ ලිපි පෙළක් හේතුවෙන් එම පුවත්පත සතිපතා අතට පත්වන තුරු අප සිටියේ මහත් නොඉවසිල්ලෙනි. “යුගයේ මිනිසා” නමැති එම ලිපි පෙළ විදුසරට ලියනු ලැබුවේ දෙනගම සිරිවර්ධන මහතා විසිනි.
චීනය යනු අපගේ පෘථිවියෙහි වන තවත් ලෝකයක් වැන්න. ඉපැරණි යුගයේ පටන්ම චීනයට අනන්‍යව ගොඩනැඟුණු දාර්ශනික ධාරාවක්, තාක්ෂණික ධාරාවක්, කලා - සංස්කෘතික ධාරාවක් හා සාහිත්‍යයික ධාරාවක් ඊට හිමිය. මේ ධාරාවන් වූ කලී මහා සම්ප්‍රදායන්ය. ඒ මහා සම්ප්‍රදායන්හි පෙරදිග හිරු කිරණයන්ගේ ප්‍රභාව, ජීවය කැටිව තිබේ.
කැකිරාවේ සුදස්සන හිමියන් නිකායෙන් නෙරපීම සිදු කළේ ඇයිද යන්න කාරණ පිළිබඳව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියන් සමාජ මාධ්‍ය වීඩියෝවක් මගින් කරුණු අනාවරණය කර තිබේ.
ඊයේ (2026 සැප්තැම්බර් 23 වැනි දා), ශ්‍රී ලංකා - චීන සංගමය (Sri Lanka China Society) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී සමරු උත්සවයක් පැවැත්තුවා
කළණ නළුවෙක්. ඔහු රටට පෙන්නුවේ පවුල් රදළවාදය රටේ පිළිලයක් බවට වන අභිරූපනික දේශපාළනික මතවාදයක් සමග පීඩිත පංතියේ මතවාදී නියෝජනයක්. එහෙත් ඔහුට අද පෙන්නුම් කරන්නේ පෙනීසිටින මතවාදයට එහා ගිය සත්‍ය ජීවිතේ ගැඔුරුම හැගීමේ ඇත්තය .
“පොළොව යට අපායක් නෑ කියලා කියපු හින්දා දුදස්සන නිකායෙන් නෙරපුවා” කියලා කට්ටියක් කියවා කියවා ඉන්නවා දැක්කා. දුදස්සන කියන බහුභූත අහන්න උනන්දුවක් මට නෑ. ඒත් තමන්ගේ ශාස්තෘවරයා විදිහට දුදස්සන පිළිගන්න අය මෙහෙම කියන හින්දා අපි මේ පදනම් කාරණය දුදස්සනගේ අදහසක් කියලා හිතන්න පුළුවන්.
ශ්‍රී ලාංකීය දේශපාලන හා සමාජයීය ඉතිහාසයේ ඛේදවාචකයන් අතර, දිගුකාලීන කුරිරු බෙදුම්වාදී ත්‍රස්තවාදයේ බිහිසුණුම සහ අතිශය අමානුෂික පරිච්ඡේදයක් සනිටුහන් වන්නේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් කුඩා, අහිංසක ගොවි ගම්මානයක් වූ ගෝනගල (31 ජනපදය) කේන්ද්‍ර කරගනිමිනි. 1999 සැප්තැම්බර් මස 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ නින්දේ පසුවූ අහිංසක සිංහල බෞද්ධ වැසියන් ඉලක්ක කර ගනිමින් එල්.ටී.ටී.ඊ. (LTTE) ත්‍රස්තවාදීන් දියත් කළ ම්ලේච්ඡ පොරෝ සහ මන්නා පිහි ප්‍රහාරය, නූතන සමාජය විසින් කිසිසේත් අමතක නොකළ යුතු, එහෙත් අද වන විට ඉතිහාසයේ වැලි තලාවෙන් වැසී යමින් පවතින ජාතික ඛේදවාචකයකි. මෙම ලිපිය මඟින් එම ම්ලේච්ඡත්වයේ ස්වභාවය, කාන්තාවන්ට සිදු වූ අමානුෂික වධහිංසා, නැගෙනහිර පළාතේ බෞද්ධ අනන්‍යතාව රැකගැනීමට සඟ පරපුර කළ අතිමහත් පරිත්‍යාගය සහ නූතන පරපුරේ ඓතිහාසික වගකීම විමර්ශනය කෙරේ.
2013 වසරේ සිදුවූ බව කියන එයාර්බස් (Airbus) ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැය පහක දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව සැප්තැම්බර් 4 වනදා අත්අඩංගුවට ගන්නා ලදී.
ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු ලොව බලවත් රටවල රාජ්‍ය ප්‍රධානීන්ගේ හෝ අගමැතිවරුන්ගේ භාර්යාවන් (First Ladies / Spouses) විසින් සමාජ සේවා, පුණ්‍යාධාර සහ සහන සංවිධාන මෙහෙයවීම හෝ ඒවායේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දැරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.

ප්‍රධාන පුවත්

යුරෝපයේ හමුදාමය සූදානම හමුවේ රුසියාවෙන් අනතුරු ඇඟවීමක්.. ඇමෙරිකාව සහ යුක්‍රේනය සම්බන්ධයෙන් ස්ථාවරයත් හෙළි කරයි.. - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රබල ප්‍රකාශයක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරයට සහභාගී වූ රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව්, යුරෝපීය සංගමයේ හමුදාමය ශක්තිමත් වීම, යුක්‍රේන අර්බුදය සහ එක්සත් ජනපදය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳව විශේෂ ප්‍රකාශ කිහිපයක් සිදුකර තිබේ.

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම නාමල්ගෙන් ප්‍රකාශයක් ලබා ගනී..

සිදු කෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

"කොපමණ සම්බාධක දැමුවත් රටේ ස්වෛරීභාවය පාවා දෙන්නේ නෑ" – කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩස් ගෙන් අමෙරිකාවට එරෙහිව දැඩි ප්‍රකාශයක්

ලෝක නායකයින් එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීම සඳහා නිව්යොර්ක් නගරයට රැස්වන අතරතුර, කියුබාව සිය ඉතිහාසයේ දරුණුතම බලශක්ති හා මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින බවත්, කියුබාවේ ජනගහනයෙන් 90%කට වැඩි පිරිසක් අඳුරේ ගිලී සිටින බවත් කියුබාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩස් ද කොසියෝ පවසයි.

යුරෝපය සමඟ යුද්ධයක් රුසියාවට අවශ්‍ය නැහැ – පුටින්

රුසියාව යුරෝපීය රටවල් සමඟ යුද ක්‍රියාමාර්ගයකට සූදානම් නොවන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. එලෙසම රුසියාවෙන් එල්ල වන තර්ජනයක් පිළිබඳ ප්‍රකාශ ආතතීන් උත්සන්න කිරීමේ උත්සාහයක් ලෙස සලකා ඔහු ප්‍රතික්ෂේප කළේය.

තිලීපන්ගේ උපවාසය සහ සැමරුම් පිළිබඳ නැවතත් කතාබහක්: ඉතිහාසයේ සැබෑ තත්ත්වය සහ දේශපාලන භාවිතය පිළිබඳ ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝගෙන් අනාවරණයක්..

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබලයෙකු වූ තිලීපන්ගේ අනුස්මරණ සැමරුම් පිළිබඳව නැවතත් රට තුළ දේශපාලන හා සමාජීය සංවාදයක් ගොඩනැගී ඇති බවත්, මාරාන්තික උපවාසයකින් මියගිය එකම ශ්‍රී ලාංකිකයා වන තිලීපන් සම්බන්ධයෙන් පවතින මතවාදයන් කාලයත් සමඟ දේශපාලනික අවශ්‍යතාවලට අනුව වෙනස් වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝ පවසයි.

ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම යන්නේ එකම පාරේ.. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න ව්‍යවස්ථා සංශෝධන ගේනවා.. ඒකත් පැරණි ක්‍රමයම තමයි.. - උවිඳු විජේවීර

ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම ගමන්කරමින් සිටින්නේ එකම මාර්ගයක බවත්, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව සහ 22 වැනි සංශෝධනයේ අභ්‍යන්තරයට ගොස් ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් නොකර සිදුකරන මෙම ක්‍රියාදාමය තුළ ජනතාව අධිකරණය සම්බන්ධයෙන් ඇති විශ්වාසය නැතිකර ගන්නා බවත් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

"සියලු අභියෝග මැද චීන-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කරනවා" – චීන තානාපති වේ හුආශියැං

චීනයේ 77 වන ජාතික දිනය සහ චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය සැමරීමේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය සහ පිළිගැනීමේ උත්සවය ශ්‍රී ලංකාවේ චීන තානාපති වේ හුආශියැං (Wei Huaxiang) මහතාගේ මූලිකත්වයෙන් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි.

රුසියානුවන් පුටින් පාලනයට යළි රට භාරදුන්නේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් සුවිශේෂී අනාවරණයක්..

රුසියාවේ පැවැති මැතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලැබූ ජයග්‍රහණය යනු, රුසියානු රජය සහ සන්නද්ධ හමුදාවන් විසින් ගෙන යනු ලබන මෙහෙයුම් කෙරෙහි එරට ජනතාව දැක්වූ සෘජු සහයෝගයක් හා ගෞරවයක් බව Lanka Voice යූටියුබ් නාලිකාව ඔස්සේ මොස්කව් නුවර සිට අදහස් දක්වමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවසර දෙයි..

නාගරික සංවර්ධන අධිකාරියට අයන් කොළඹ කොටුව ට්‍රාන්ස්වක් චතුරශ්‍රය නමැති භූමිය ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පුද්ගලික සමාගමට කඩිනමින් ලබා ගැනීමට සහ සමාගම වෙත අවශ්‍ය අනුමැතින් ලබා ගැනීමට රුපියල් මිලියන 70 ක මුදලක් අල්ලසක් ලෙස ලබා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අල්ලස් කොමිසමට ඊයේ (24) අවසර දෙන ලදී.

''අමෙරිකාවට දණ නමන්නේ නෑ''- ජගත් මහා මණ්ඩලයේ දී ඉරාන ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්..

අමෙරිකාව සමග පවතින යුද්ධය හමුවේ ඉරානය කිසිවිටෙකත් දණ නොනමන බව, ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් අවධාරණය කරන බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.

අභියෝග හමුවේ නොසැලුණු චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට නව ජවයක්.. - 77 වන ජාතික දිනයේදී චීන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 77 වන සංවත්සරය සැමරීමේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය සහ පිළිගැනීමේ උත්සවය කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි.

22 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ජනාධිපතිගේ පොරොන්දුවලට සහ ආණ්ඩුවට අත් වන ඉරණම ගැන අනාවරණයක්..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කරගැනීමට හැකි වීම ආණ්ඩුවේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි වුවද, එමගින් ජනතාව මුහුණ දෙන සැබෑ ආර්ථික හෝ සමාජීය ගැටලුවලට විසඳුම් නොලැබෙන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

22 ගැන විවාදය අද..

අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.