News Category
From Date
To Date
Maximum Number of Result

බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීම සඳහා නායකත්වය ලබාදුන් ආරක්ෂක හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව බ්‍රිතාන්‍ය රජය විසින් සම්බාධක පැනවීම පිළිබඳව නිසි පිළිතුරු ලබා නොදීමේ වරද සහ එම ක‍්‍රියාවලියේ අවසන් අරමුණ කුමක්දැයි තේරුම් නොගැනීමේ වරද පිළිබඳව සදහන් කරමින් ජාතික සංවිධාන එකමුතුව විසින් එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් යුතුව ලිපියක් යොමුකර ඇත.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යවරයා සමග ගිවිසුම් 5කට අත්සන් කිරීමට නියමිතව ඇති බවත්, ඉන්දියාවේ හින්දුස්ථාන් පුවත්පත, Tamil Guardian පුවත්පත් වාර්තා කර තිබෙන ආකාරයට ලංකාව සහ ඉන්දියාව අතර ඉතිහාසයේ කවදාවත් වෙච්ච නැති ආකාරයේ වටිනා ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට නියමිතව ඇති බවත් උවිදු විජේවීර පවසයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස මධ්‍යම රජයට බල කරමින් තමිල්නාඩු සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කළේය. ඒඩීඑම්කේ සහ භාරතීය ජනතා පක්‍ෂයේ විරුද්ධ පක්ෂ ද යෝජනාවට සහාය පළ කළහ.

දූෂණ චෝදනාවලට වරදකරුවන් වූ උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වන ශාන්ති චන්ද්‍රසේන යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද(02) වසර 16 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

‍නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම ජාතික ජනබලවේග ආණ්ඩුව තුළ අනිවාර්යෙන් සිදුකරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

බෙදුම්වාදී මර උගුලක් ලෙස හදුන්වමින් සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමට එරෙහිව ජාතික සංවිධාන විසින් පසුගිය කාලයේදී ප්‍රබල විරෝධයක් මතුකරනු ලැබීය.

ජාතික ජන බලවේග නායකයන් අද කටයුතු කරන ආකාරයෙන් ඔවුන්ගේ ජන පදනම විශාල වශයෙන් දුර්වල කර ගැනීමක් තමන් දකින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි. අද වන විට ජාතික ජනබල වේගය යටපත් වී ජනතා විමුක්ති පෙරමුණ ඉස්මතු වී ඇති බවත් පවසන ඔහු ආණ්ඩුව මෙහෙයවමින් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බවත් පවසයි. සිය අන්තර්ජාල නාලිකව ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරුද්ධතාවයක් !!! හිටපු ආරක්ෂක ප්‍රධානින් පිරිසකට එක්සත් රාජධානියෙන් පැනවූ සම්බාධක හෙලා දකිමින් සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේවිඩ් ලැමිට විරෝධය දක්වමින් ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කරන ලද විරෝධතාවයක් අද සවස බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණා....


දේශීය පුවත්

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

ගුවන් සමාගම් දෙකකින් වැඩගත් වසර 14ක් පැරණි ගුවන් යානයක් ශ‍්‍රී ලන්කන් බදු ගත්තේ ඇයි?..

ශ්‍රීලංකන් ගුවන් සේවයට අලුතින් එක්වූ එයාර්බස් A330-200 පුළුල් බඳ (Wide-body) සහිත ගුවන් යානය ඊයේ (ජූනි 04) උදෑසන ප්‍රංශයේ පැරිස් නුවර සිට මෙරටට ළඟා විය. ශ්‍රීලංකන් ගුවන් සේවය වසර 7කට පසු ලබා ගත් Wide-body වර්ගයේ පළමු ගුවන් යානය මෙය යි.

පළාත් සභා මැතිවරණය කැඳවන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ..

වසර කිහිපයක් තිස්සේ කල් දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා පෞද්ගලික මන්ත්‍රී පනතක් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

ගම්මන්පිලට පැනවූ විදේශ ගමන් තහනම ඉවතට..

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20ක මෙරට සමාගම් කොටස් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා නිදොස් කොට නිදහස් කරන ලද හිටපු අමාත්‍ය උදය ගමන්පිල මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (05) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබේ.

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

මහින්තලේ පාර්කින් කඩන්න ආ මාලිමා සභාපතිට මහින්තලා හිමි සද්දෙට කියා දෙති.. (වීඩියෝ)

මිහින්තලේ රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත රාජ්‍ය පොසොන් උත්සවයේදී පොසොන් උත්සව සමයේදී වාහන ගාල් කිරීම සඳහා මුදල් අය කළ යුතු බවට යෝජනා කිරීමත් සමඟ මතභේදාත්මක තත්ත්වයක් ඇති විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.