රටම එකට ක්‍රියාවලිය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අවුරුදු 21ට අඩු දරුවන් 8500ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන බවත්, ඔවුන් වින්දිතයන් බවත්, ඔවුන්ව උසාවි දැමූ පසු ඇප ලබා නොදීම නිසා රිමාන්ඩ් බන්ධනාගාරයට යාමට සිදුවන බවත් එහිදී ඔවුන් වැටෙන්නේ පාතාල අපරාධකරුවන් අතරට බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රිට් පෙත්සමට මැදිහත් වීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඉදිරිපත් කර ඇති පෙත්සම, සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී කරුණු මත පදනම් වූවක් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා ලිපියක් මගින් කරුණු අනාවරණය කරයි.
සමාජ මාධ්‍ය වේදිකාවලට පරිශීලකයින් ඇබ්බැහි කරවීම, පරිශීලක දත්ත සඟවා රැස්කිරීම සහ විශේෂයෙන්ම ළමුන්ගේ මානසික සෞඛ්‍යයට හානි සිදුකිරීම යන චෝදනා පදනම් කරගනිමින් Meta සමාගමට එරෙහිව ඇමරිකානු ෆෙඩරල් අධිකරණයකදී නඩු විභාගයක් ආරම්භ වී තිබේ. එක්සත් ජනපදයේ ප්‍රාන්ත 29ක් එක්ව ගොනුකර ඇති මෙම නඩුව සඳහා කැලිෆෝනියා, කොලරාඩෝ, කෙන්ටකි සහ නිව් ජර්සි යන ප්‍රාන්ත නීතිපතිවරුන් ප්‍රධාන වශයෙන් පෙනී සිටියි.
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ඉරානයේ නිත්‍ය නියෝජිතවරයා අනතුරු අඟවා ඇත්තේ, අභ්‍යවකාශයේදී හමුදාමය හා උපායමාර්ගික ආධිපත්‍යය අත්පත් කර ගැනීමට එක්සත් ජනපදය දරන උත්සාහයන් අභ්‍යවකාශ අවි තරඟයක අවදානම ඉහළ නංවන අතර, එය අභ්‍යවකාශය හමුදාමය ගැටුම් සඳහා භාවිත වන වේදිකාවක් බවට පත් කිරීමේ තර්ජනයක් ඇති කරන බවයි.
දේශීය පුවත්
2027 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද..
මෙරට ගුවන් ගමන් මෙහෙයුම් 9%කින් පහළට..
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
ලංකාවේ දුප්පත්කම තවදුරටත් දැඩි අවදානම් මට්ටමක.. - ලෝක බැංකුවෙන් අනතුරු ඇඟවීමක්
ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට..
ලෝකයේ ඒඩ්ස් රෝගීන් පහළ යද්දී ශ්‍රී ලංකාවේ 48%ක ඉහළ යාමක්.. – ජාතික ඒඩ්ස් මර්දන ඒකකය
ජනතාව සතයක් නොගෙන හැදූ සූර්ය බලය මාලිමා ආණ්ඩුව ව්‍යාපාරිකයින්ට විකුණලා.. - පුබුදු ජයගොඩ
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
වැලිකඩ සිටින නාමල්ගෙන් ජනපති අනුරට ලිපියක්..
සිරදඬුවම බරපතළ වැඩ සහිත නම්, සිර ඇඳුමෙන් සිටිය යුතුයි.. - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක..