News Category
From Date
To Date
Maximum Number of Result

ඊයේ(24) ලුගාන්ස්ක් මහජන ජනරජයේ රූගත කරමින් සිටි රුසියානු මාධ්‍යවේදීන් පිරිසක් යුක්රේන කාලතුවක්කු ප්‍රහාරයකට ලක් වූ අතර, ප්‍රහාරයෙන් අවම වශයෙන් මාධ්‍යවේදීන් තිදෙනෙකු මිය ගොස් ඇත.

ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරතුර බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් හතර දෙනෙකුට එක්සත් රාජධානියේ රජය සම්බාධක පනවා ඇත.

එක්සත් ජනපදයේ සහ එහි සහචරයින්ගේ න්‍යාය පැහැදිළි කරන ලේඛන රුසියාව තොරතුරු අවකාශයේ ප්‍රධාන තර්ජනයක් ලෙස සලකන අතර, මෙම ක්ෂේත්‍රය තුළ රුසියාව "උපායමාර්ගිකව වැළැක්වීමේ" කටයුතු සකසා ඇති බව තහවුරු වේ.

ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරිකයකු වන සිඩ්නි ජයසිංහ යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කළේය.

1960 ගණන්වල කියුබාවේ සිට සෝවියට් සංගමය වෙත භාණ්ඩ ප්‍රවාහන නෞකාවකින් යවන ලද සීනි බෑග් 800 ක් ඇමරිකානු ඔත්තුකරුවන් විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයට පත් කර ඇති බව ජෝන් එෆ්. කෙනඩි ඝාතනය සම්බන්ධයෙන් නිකුත් කරන ලද නවතම ලිපිගොනුවලින් හෙළි වී තිබේ.

වසර කිහිපයකට පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ''චිකුන්ගුන්යා'' රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මෑතකදී එකඟ වූ අර්ධ සටන් විරාමය උල්ලංඝනය කරමින් යුක්රේනය රුසියානු බලශක්ති යටිතල පහසුකම්වලට දිගින් දිගටම පහර දෙන්නේ නම්, ඒ ආකාරයෙන්ම පළිගැනීමේ අයිතිය මොස්කව් සතු බව විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා අනතුරු ඇඟවීය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්තගේ බිරිඳ, නීතීඥයෙකු මාර්ගයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

විදේශීය සමාගම්වලට සේවය කරමින් සිටි ඩිජිටල් විද්වතුන් යැයි කියාගන්නා පිරිසක් මාලිමා ආණ්ඩුවේ ජයග්‍රහණය බෙදා ගනිමින් ආණ්ඩුවට උපදෙස් දීමට ඉදිරිපත් වූ බව රහසක් නොවේ. එම ඊනියා විද්වතුන් විශේෂයෙන්ම දෙදෙනෙකු එතෙක් විදේශීය ආයතනවලට සේවය කළ අය බවද රහසක් නොවේ.


දේශීය පුවත්

එකදු කලාකරුවෙකු හෝ නොමැතිව ලංකාවේ ප්‍රකට ගායිකාවක් මීගමුවේ දී අවසන් ගමන් යයි..

ග්‍රැමෆෝන් මුල් යුගය පෝෂණය කළ "මුණි නන්දන සිරි පාද වඳිම්" ගීතයේ මුල් ගායිකාවද වන ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය වසර 99ක් අයු වළදා පසුගියදා (02/06/2025) අප අතරින් සදහටම සමුගත්තාය.

මුල්‍ය වංචාවකට සිර දඩුවම් නියම වූ අයෙක් නිදහස් වූ හැටි බන්ධනාගාර කොමසාරිස් කියයි..

වෙසක් සමාව යටතේ රැදවියකු නිදහස් කිරීම් පිළිබද මාධ්‍ය හා සමාජ මධ්‍ය මඟින් පලවු පුවත සම්බන්ධව බන්දනාගාර කොමසාරිස් විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජනපතිගේ අමාත්‍යංශයේ ලොක්කන් කිහිපදෙනෙක් මත්පැන් සමාගම්වලින් අල්ලස් ගන්නා බව ඇමති හඳුන් කියයි..

අරක්කු මිල වැඩි වී තිබෙන්නේ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු අරක්කු මුදලාලිලාගෙන් මුදල් ගන්නා නිසා බවටත්, ඔවුන් මෙම ගැටළුව විසඳීමට ඉඩ නොදෙන බවටත් අමාත්‍යවරයා චෝදනා කරයි.

පොසොන් සතිය අදින් ඇරඹෙයි..

ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

රු. ලක්ෂ 40ක් වංචා කළැයි දඩුවම් සහ වන්දි නියමව සිටි විත්තිකරු ජනපති සමාවෙන් නිදහස්

රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වන සීඩීබී මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකරුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය නියෝග කළාය.

දයාසිරි අදත් CIDයට

පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

විදුලිබල පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ඉල්ලා පෙත්සම් 7ක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන මේ වන විට පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ශ්‍රී ලංකා හරිත සංවිධානය ඇතුළු පාර්ෂව හතක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.