News Category
From Date
To Date
Maximum Number of Result

ඇමෙරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් පාලනය විසින් හඳුන්වා දෙන නව තීරු බදු ප‍්‍රතිපත්තිය මගින් ශ‍්‍රී ලංකාවට ඇතිවන බලපෑම පිළිබඳව විවිධ දේශපාලන නායකයින් සහ විද්වතුන් විසින් විවිධ මත පළ කරන තත්ත්වයක් තුළ ජාතික සංවිධානවල මතය දැන ගැනීම සඳහා ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් විමසුවෙමු. මේ ඔහුගේ අදහස ඔහුගේ වචනයෙන්.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමට නියමිතව තිබේ.

රටට ආදරය කරන සහ නීතිගරුක සතොස ආයතනයේ සේවය කරන නිලධාරී මහතෙකු විසින් සාක්ෂි සහිතව ලංකා ලීඩර් වෙත ලබා දී ඇති තොරතුරු අනුව සතොස ආයතනයේ සභාපතිවරයාට බරපතළ දූෂණ චෝදනාවක් එල්ල වන අතර මහා සමාගම් දෙකකට ඊට අනුබලදීමේ සහ පෙළඹවීමේ චෝදනාව එල්ල වේ.

සිවිල් ක්‍රියාකාරිනියක වන ජිහාන් හමීඩ් මහත්මිය ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත මහතා ඉන්දියාවේ අගමැති සහ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතර අත්සන් කරනු ලබන ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් කළ පැහැදිළි කිරීම අභියෝගයට ලක් කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් තැබෙන ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

ජාතික පොලිස් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වැඩ බලන පොලිස්පතිවරයා විසින් බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කර යවා ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල මෙන්ම දැනට බලපවත්වන ස්ථාන මාරු ප්‍රතිපත්තියේ විධිවිධාන ද උල්ලංඝනය කරමින් බවයි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයනයෙන් ඩොලර් බිලියන 3 ක ප්‍රමානයකට දායකත්වය දක්වන ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති 44% ක වෙළඳ තීරුබදු පිළිබඳව රට තුළ මතුව තිබෙන කනස්සල්ලට ප්‍රතිචාර වශයෙන්, එක්සත් ජනපදය සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සිය දැඩි කැපවීමක කරන බව ඊයේ(04) තහවුරු කළේය.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරළියට පැමිණෙන්නේ 1987 වසරේ වුවද 13 වැනි සංශෝධනයට මුලපුරණ සිදුවීම් මාලාව ආරම්භ වූයේ 1983 වසරේ දී බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි.


දේශීය පුවත්

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

ගුවන් සමාගම් දෙකකින් වැඩගත් වසර 14ක් පැරණි ගුවන් යානයක් ශ‍්‍රී ලන්කන් බදු ගත්තේ ඇයි?..

ශ්‍රීලංකන් ගුවන් සේවයට අලුතින් එක්වූ එයාර්බස් A330-200 පුළුල් බඳ (Wide-body) සහිත ගුවන් යානය ඊයේ (ජූනි 04) උදෑසන ප්‍රංශයේ පැරිස් නුවර සිට මෙරටට ළඟා විය. ශ්‍රීලංකන් ගුවන් සේවය වසර 7කට පසු ලබා ගත් Wide-body වර්ගයේ පළමු ගුවන් යානය මෙය යි.

පළාත් සභා මැතිවරණය කැඳවන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ..

වසර කිහිපයක් තිස්සේ කල් දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා පෞද්ගලික මන්ත්‍රී පනතක් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

ගම්මන්පිලට පැනවූ විදේශ ගමන් තහනම ඉවතට..

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20ක මෙරට සමාගම් කොටස් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා නිදොස් කොට නිදහස් කරන ලද හිටපු අමාත්‍ය උදය ගමන්පිල මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (05) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබේ.

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

මහින්තලේ පාර්කින් කඩන්න ආ මාලිමා සභාපතිට මහින්තලා හිමි සද්දෙට කියා දෙති.. (වීඩියෝ)

මිහින්තලේ රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත රාජ්‍ය පොසොන් උත්සවයේදී පොසොන් උත්සව සමයේදී වාහන ගාල් කිරීම සඳහා මුදල් අය කළ යුතු බවට යෝජනා කිරීමත් සමඟ මතභේදාත්මක තත්ත්වයක් ඇති විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.