News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරය හේතුවෙන් කොළඹ සහ තවත් ප්‍රදේශ කිහිපයක මාර්ග අද(04) සවස සිට ඉරිදා (අප්‍රේල් 6) දක්වා වසා තබන බව පොලිසිය පවසයි.

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් පනවා ඇති සියයට 44 ක් වන බද්ද මේ මොහොතේ දරා ගැනීමට අසීරු බවත් එය ශ්‍රී ලංකාවට විශාල "ෂොක්" එකක් බවත්ය.

ශ්‍රී ලංකාව භයානක සන්ධිස්ථානයකට පැමිණ සිටී. ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාව සමඟ ආරක්ෂක සහ ආර්ථික ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන බවට වාර්තා වෙමින් තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ(04) ගණුදෙනු අරඹා කෙටි කාලයක් තුළ මිළ දර්ශක සියල්ලේ පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නව තීරු බදු ප්‍රතිපත්තිය මෙරට ආර්ථික ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කරන බවයි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නව තීරු බදු ප්‍රතිපත්තිය මෙරට ආර්ථික ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කරන බවයි.

ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත් අද පලස්තීන ජනතාවට මුහුණ දෙන අදුරු ඉරණමට ශ්‍රී ලංකානු වැසියන්ට මුහුණ දීමට සිදුවන බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ අදහස් පළකලේ ඊයේ ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (4) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

රටේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව මෙන්ම භූ දේශපාලන ස්වාධීනත්වය අනතුරට ලක්කිරීමේ බරපතළ දේශපාලන වරද පිළිබඳව ජාතික සංවිධාන එකමුතුව විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇත.


දේශීය පුවත්

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

ගුවන් සමාගම් දෙකකින් වැඩගත් වසර 14ක් පැරණි ගුවන් යානයක් ශ‍්‍රී ලන්කන් බදු ගත්තේ ඇයි?..

ශ්‍රීලංකන් ගුවන් සේවයට අලුතින් එක්වූ එයාර්බස් A330-200 පුළුල් බඳ (Wide-body) සහිත ගුවන් යානය ඊයේ (ජූනි 04) උදෑසන ප්‍රංශයේ පැරිස් නුවර සිට මෙරටට ළඟා විය. ශ්‍රීලංකන් ගුවන් සේවය වසර 7කට පසු ලබා ගත් Wide-body වර්ගයේ පළමු ගුවන් යානය මෙය යි.

පළාත් සභා මැතිවරණය කැඳවන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ..

වසර කිහිපයක් තිස්සේ කල් දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා පෞද්ගලික මන්ත්‍රී පනතක් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

ගම්මන්පිලට පැනවූ විදේශ ගමන් තහනම ඉවතට..

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20ක මෙරට සමාගම් කොටස් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා නිදොස් කොට නිදහස් කරන ලද හිටපු අමාත්‍ය උදය ගමන්පිල මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (05) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබේ.

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

මහින්තලේ පාර්කින් කඩන්න ආ මාලිමා සභාපතිට මහින්තලා හිමි සද්දෙට කියා දෙති.. (වීඩියෝ)

මිහින්තලේ රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත රාජ්‍ය පොසොන් උත්සවයේදී පොසොන් උත්සව සමයේදී වාහන ගාල් කිරීම සඳහා මුදල් අය කළ යුතු බවට යෝජනා කිරීමත් සමඟ මතභේදාත්මක තත්ත්වයක් ඇති විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.