News Category
From Date
To Date
Maximum Number of Result

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

Oct 20, 2026 at 04:38 AM
|

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා  පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක  කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි. 

එතුමා එම වීදුරු කුටියට පිටතින් පුටුවක අසුන්ගෙන  සිටියේය. එතුමා සමග සුහදව සාකච්ඡාව ඇරඹුණි. 

අතිපූජ්‍ය මහානායක මාහිමි එහිදී ප්‍රශ්නයක් අසමින් විපක්ෂ නායකතුමා නොබෝදා පාර්ලිමේන්තුවේ කළ කථාවක් සම්බන්ධව විමසීමක් කළහ. 

83 කළු ජූලිය සම්බන්ධයෙන් ඔබතුමා සමාව ගැනීම ගැනයි. කාලයක් තිස්සේ එක්සත් ජාතීන්ගේ ඇතැම් සාකච්ඡා වලදී එක්සත් ජාතීන්ගේ හා මානව හිමිකම් සංවිධාන මගින් නැගූ චෝදනාවක් ඇත. මෙරට දෙමළ ජනතාව සමූළ ඝාතනයට පත් කළා යැයි කියමින් 1983 ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී කටයුතු මෙහෙය වූ සංවිධානාත්මක වැඩපිළිවෙලක් වූ එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල යුධ හමුදාවේ 13 දෙනෙකු ඝාතනය කිරීමත් සමගම දෙපාර්ශ්වය නොසන්සුන් වීමක් සිදුවිය. ඉන්පසු කලයුතු හා නොකල යුතු වැඩ හා ක්‍ර ියාදාමයන් දෙපාර්ශ්වයෙන්ම සිදුවිය. ”මම එවකටත් ජීවත් වූ කෙනෙකු වශයෙන් මෙම තත්වය දෑසින් දුටු අයෙක් වෙමි”. එල්.ටී.ටී.ඊ සංවිධානය හා ඒ වෙනුවෙන් පෙනී සිටින ඇතැම් උදවිය ප්‍රකාශ කරන්නේ එම අවස්ථාවේ දෙමළ ජන සංහාරයන් සිදු කළ බවයි. එය යථාර්ථයක් නොවේ. එල්.ටී.ටී.ඊ සංවිධානය කෙසේ කීවත් මෙරට නීත්‍යානුකූල රජය එවකට දෙමළ ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන  එම ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් ද කළ හැකි හැම දෙයක්ම සිදු කළ බව පැහැදිලිය. එල්.ටී.ටී. ඊ සංවිධානය මගින් රජයේ දෙපල වනසමින් ආරක්ෂක අංශවල වීරෝධාර සෙබලුන් හා සිවිල් ජනතාව ඝාතනය කරමින් සිදු කළ විනාශයන් හමුවේද මෙරට රජය ඉදිරියටත් ඔවුන් වෙනුවෙන් කළ මෙහෙවර කරගෙන ගිය අයුරු අපට දැකගත හැකි විය. ත්‍රස්තවාදය 2009 දී ගැටුම අවසන් වීමෙන් පසු වීරෝධාර හමුදාව මානුෂික මෙහෙවරක් දියත් කළ ආකාරය අපි දුටුවෙමු. නමුත් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් උතුරේ සිදු කළ ත්‍රස්ත ක්‍රියාවලියේදී උතුරේ භූමිය තුළ අතුරා තිබූ බිම් බෝම්බ සෙවීමේදී උතුරේ ජනතාවගේ ආහාර අවශ්‍යතාවය සලකාගෙන යැවූ විශේෂයෙන් සහල් මිටි එල්.ටී.ටී.ඊ සංවිධානයේ බංකර හදා ගැනීමට යොදා ගෙන තිබූ  අයුරු පැහැදිලි විය. එවැනි වාතාවරණයක් තුළ ඔබතුමා නිහතමානීව සමාව ගැනීම සිදුකරන්න ඇති. නමුත් මානව හිමිකම් සම්බන්ධයෙන් තවමත් මැදිහත් වන්නට තම මතය සනාථ කිරීමට යොදා ගැනීමට එහිදී ඔවුන් උනන්දු නොවේ කියා කීමට අප ඉක්මන් නොවිය යුතුයි. එනම් වරදට සමාව ගැනීම පනින රිලවුන්ට ඉනිමං තැනීමක් කර නොගනීද?  1 සමාව ගැනීමෙන් දෙමළ ජනතාව සමූල ඝාතනය කළා යන වරද පිළිගැනීමක් නොවේද? 

ඔබතුමා හොඳ අදහසකින් එම ප්‍රකාශය කරන්න ඇති. නමුත් එම ප්‍රශ්නය බුර බුරා නැගෙන්නට හේතුවිය හැකි බවයි අප මහනාහිමිපාණන් වහන්සේගේ විශ්වාසය. 

ඊළඟට නැගුණ ප්‍රශ්නය: පළාත් සභාවට ඉඩම් බලතල හා පොලිස් බලතල ලබාදීම කරන බවට පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය. බලය බෙදීමේ සංකල්පය සම්බන්ධව සජිත් ප්‍රෙ ්මදාස මැතිතුමා සඳහන් කළේ එය අවශ්‍ය බවයි. අතිපූජ්‍ය මහනාහිමි සඳහන් කළේ බලය පිළිබඳ සැලකීමේදී පරිපාලන බලය බෙදිය හැකි බැවින් එය තවතවත් පුළුල් කිරීමෙන් මහජනතාවට සිදු කරන සේවාව පුළුල් වනු ඇති බවයි.  එසේ නැතිව ජනතා පරමාධිපත්‍ය බලය බෙදීම කෙසේවත් කළ නොහැකි බවයි අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ සඳහන් කළේ. එවිට සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ දැනටමත් ජනාධිපතිවරණ, මහ මැතිවරණ හා පළාත් සභා හා ප්‍රාදේශීය සභා මැතිවරණ මගින් බලය බෙදා තිබෙන බවයි. නැවතත් අතිපූජ්‍ය මහනාහිමි සඳහන් කළේ එමගින් එවැනි බෙදීමක් සිදුවී ඇත. 

එසේ බෙදීමට පුළුවන් කම තිබෙන පරිපාලන බලය නිසාවෙන්ය. මෙහිදී උන්වහන්සේ තවදුරටත් ඉදිරිපත් කළේ පරිපාලන බලය තවත් පුළුල් කළ යුතු බවයි. ඒ නිසා කෙටි කාලීනව ජනතාවගේ ඡන්දය කතිරය ගසා පළ කරන්නේ ජනතා පරමාධිපත්‍ය බලයයි. එම බලය ජනතා පරමාධිපත්‍ය බලය බෙදීමට නොහැකිය. එසේම එය නොකළ යුතුය. එසේ කළහොත් රටේ ඒකීයභාවය නැතිවේවි. 

ඊළඟ ප්‍රශ්නය: පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිගේ සිවුර ගැලවීම සම්බන්ධවයි. මේ ගැන අතිපූජ්‍ය මහානාහිමිගේ අදහස හා විපක්ෂ නායකතුමාගේ අදහස ඉතාමත්ම පැහැදිලිව ඉදිරිපත් කෙරිණි. ඒ අනුව එම සාකච්ඡාව මාධ්‍යයේ ප්‍රචාරණය කරන බවට මා දැන සිටියේ නැත. ඒ ගැන මා විමසුවා. නමුත් මට ලබාදුන් පිළිතුරෙන් එවැන්නක් හැඟවූයේ නැත.  තවත් වෙනසක් ඇත. හිරු හා දෙරණ මෙන්ම මාධ්‍ය තුලින් හෙලි වූයේ ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම ගැනයි. නමුත් අප මහනාහිමි විපක්ෂ නායකතුමා වෙත ඉදිරිපත් කළ තවත් කරුණු දෙකක් ගැන කිසිම මාධ්‍යයක සඳහන් වූයේ නැත. එබැවින් අතිගරු මහනාහිමි නැගූ ප්‍රශ්න හා උන්වහන්සේ පළකල අදහස් ප්‍රචාරය නොකිරීමට වගබලාගෙන ඇත. එසේ නොකිරීමෙන් හා විපක්ෂ නායකතුමා දැක්වූ අදහස් පමණක් ඉදිරිපත් කිරීමෙන් අතිගරු අප මහනාහිමිපාණන් වහන්සේට කිසියම් අගතියක් සිදු වී ඇත. එය සැලසුම් සහගත වූවක්ද? අතිපූජ්‍ය මහනාහිමි නමක් වශයෙන් උන්වහන්සේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සේවාව අව්‍යාජව අගය කළහ. එසේම ඥානසාර හිමි ඇඳ සිටි සිවුර බලහත්කාරයෙන් හෝ ගැලවීමේ අයෝග්‍යතාව ගැන ද සඳහන් කළහ. අනිවාර්යයෙන්ම ඥානසාර හිමියන්ගේ සිවුර නැවත ලබා දිය යුතුය. සියලු මාධ්‍ය සඳහා නිවේදනයක් මගින් අප මහනාහිමි බලධාරීන් හා නිලධාරීන් දැනුවත් කිරීමට දැනටමත් තමන් වහන්සේ නිවේදනයක් නිකුත් කළ බවත් එය ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කළ බවත් ප්‍රකාශ කළහ.  එැවින් එකම දේ දෙවරක් ප්‍රචාරය නොකලයුතුය යන්න අප මහනාහිමියන්ගේ අදහසයි. 

ඒ අනුව ඉහත සාකච්ඡාවේදී උන්වහන්සේ තම අදහස ප්‍රකාශ කළ අතර අද සිදුකරන සාකච්ඡාව මාධ්‍යයට යොමු කිරීමට නුසුදුසු බව ද කියා සිටියහ. තවද  දැන් මේ වීඩියෝ කිරීම අනවශ්‍ය බවද එබැවින් ඒවා ඉවත් කළ යුතුය යනුවෙන් ප්‍රකාශ කළහ. නමුත් මෙහිදී අතිපූජ්‍ය මහනාහිමිපාණන් වහන්සේට විපක්ෂ නායකතුමා කීවේ ඒ මගේ පෞද්ගලික වීඩියෝ කණ්ඩායම බවයි. ඉතින් ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රචාරණය වීම සිදුකළේ කවුද? එසේ එහිදී දෙපාර්ශ්වයේම අදහස් ඉදිරිපත් කළේ නම් අතිපූජ්‍ය මහනාහිමියන්ට අගතියක් නොවනු ඇත. ඒ පිළිබඳ මාධ්‍ය ප්‍රචාරයට යෙදීම මගින් පැහැදිලි වන්නේ එම ප්‍රවෘත්තියේ සමබරතාව ද නැති බවයි.  

මෙහිදී අවසාන වශයෙන් ද සඳහන් කරන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට කැපවූ එවකට මෙරට පාලක ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් ප්‍රකාශ කළේ මෙම ව්‍යවස්ථාවේ පැනවීම් මගින් කළ නොහැක්කක් නැත. එසේ වුවද නොකළ හැක්කේ ගැහැණියක් මිනිසෙකු බවට පත් කිරීමත් මිනිසෙකු ගැහැණියක් බවට පත්කිරීමත් පමණි. එසේ නම් ඥානසාර හිමිගේ සිවුර අනීතිකවත් ගිහියෙකුට එය කළ නොහැකිව තිබියදී අතිපූජ්‍ය මහානාහිමි ප්‍රමුඛ ඥානසාර හිමියන් අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ කිසිඳු අනුමැතියකින් තොරව මෙම ක්‍රියාව සිදු කර ඇති බවයයි. කෙසේ නම් මෙම අපරාධය ඉවසන්නද?  බුද්ධ චීවරයට සිදු කළ මෙම  අපහාසයට ජනතාවගේ අප්‍රසාදය පළ කරමින් හා මහා සංඝ රත්නය වැඩම කරමින් යන ගමන කොතනින් කෙළවරවේද?

අප අතිගරු මහනාහිමියන් සඳහන් කරන්නේ කිසිඳු දේශපාලන පක්‍ෂයක නියෝජිතයෙක් හෝ දේශපාලන කණ්ඩායමක් තමන් වහන්සේ හමුවන්නේ නම් එහිදී සැලකිලිමත් විය යුතු කාරණයක් පිළිබඳවයි. එම සාකච්ඡා සභාවන් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ  අනුමැතියකින් තොරව ප්‍රසිද්ධ මාධ්‍යයට එක් නොකළ යුතුය යන්න ද එහිදී මහානායක මාහිමියන්ගේ අනුමැතිය ඇතිව වුවද ප්‍රචාරය කරන ප්‍රවෘත්තියේ සමබරතාවයත් අතිගරු මහනාහිමිගේ ගෞරවයත් රැකෙන අන්දමින් කළයුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් නිවේදනය කර ඇත. මෙය උන්වහන්සේ බලාපොරොත්තු වන ආකාරයට කටයුතු කිරීමට අකමැති කිසිඳු දේශපාලන පක්ෂයක් සමග සාකච්ඡා නොකරන බවට උන්වහන්සේ වැඩි දුරටත් අවධාරණය කළහ.

සම්බන්ධිත පුවත් | Related News

වනාන්තර ආරක්ෂා කරගැනීමට වඩාත් සුදුසු හොඳම ක්‍රමය වන්නේ වනාන්තර තුළ ආරණ්‍ය සේනාසන පවත්වාගෙන යාම බවත්, ආරණ්‍ය සේනාසනවල භූමි ආණ්ඩුව විසින් පවරා ගැනීමට යන බවට පසුගිය දිනවල පුවත් දැකගත හැකි වූ බවත්, ඒවා ඇත්තක් නම් එය ආණ්ඩුවක් විසින් සිදුකරන අවඥාන ක්‍රියාවක් බවත් ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා පවසයි.
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.
මිහින්තලේ මිහිඳු මහ සෑයේ කොත් නිරාවරණය කිරීමේ පින්කමේ ප්‍රධාන ආරාධිතාව ලෙස සහභාගී වූ තායිලන්තයේ නියෝජ්‍ය අගමැතිනියට නිසි ආරක්ෂාවක් හෝ රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් ලබා නොදීමෙන් පෙනී යන්නේ මාලිමා රජයේ අපරිණත විදෙස් පිළිවෙත බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අධිකරණය විසින් වරදකරුවන් කරනු ලැබූ 285 දෙනෙකුට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 වසරේ නිදහස් දිනයේදී සමාව ලබාදී නිදහස් කර ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.
රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත යටතේ, දිග කොණ්ඩය හෝ ශරීරයේ පච්ච නිසා පවා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.
අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි බන්ධනාගාර ගත කිරීමට හේතු වූ අධිකරණ තීන්දුවේ සඳහන් වන 'තාක්ෂණික දෝෂය' කුමක්ද යන්න පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබේ.
මහා සංඝරත්නයට සහ පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ රැඳී සිටීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතාඅභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබේ.
විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.

ප්‍රධාන පුවත්

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..

මහා සංඝරත්නයට සහ පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ රැඳී සිටීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතාඅභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබේ.

සෞදියේ තෙල් සහ ගුවන් පහසුකම් ඉලක්ක කරමින් හූතිවරුන්ගෙන් අඛණ්ඩ ප්‍රහාර.. – රියාද් පාලනයට එල්ලවන පීඩනය තීව්‍ර වෙයි..

විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.

වෛද්‍ය ස්ථාන මාරු ප්‍රමාදයෙන් පර්යන්ත රෝහල් සේවා බිඳවැටීමේ අවදානමක්.. - GMOA අනතුරු අඟවයි..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පෙන්වා දී ඇති පරිදි, වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සහ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් මෙන්ම අක්‍රමිකතා හේතුවෙන් පර්යන්ත රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය ඒකකවල සේවා බිඳවැටීමේ දැඩි අවදානමක් මතුව තිබේ.

සටන අත්හරින්නේ නෑ.. - පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමි..

කොට්ටේ ක්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ සමස්ත බෞද්ධ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ගත් වගකීම අත් නොහරින බව එහි අනුනායක කොටපිටියේ රාහුල නාහිමියෝ පැවැසූහ.

හදිසි විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක අලාභයක්.. - චම්පික රණවක හෙළිකරයි..

පසුගිය 17 වැනිදා දිවයින පුරා ඇති වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් මෙරට ආර්ථිකයට රුපියල් කෝටි 400 ඉක්මවන දැවැන්ත අලාභයක් සිදුව ඇති බව හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.

ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්‍රකාශයක්..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔබ නිසා ඔබේ ජාතික අනන්‍යතාව අහිමි වෙමින් පවතීද?..

අපට අභිමානවත් අතීතයක් තිබුණි. ආක්‍රමණ, යටත් කරගැනීම් සහ විදේශීය පාලනයන් හමුවේ වුවද ඒ අභිමානවත් අතීතය නොනැසී පැවතුණි. විස්මයජනක පුරාවිද්‍යාත්මක ස්මාරක, ලොව පුරා ප්‍රසිද්ධ වාරිමාර්ග නිර්මාණ, අත්කම් කර්මාන්ත, භාෂාවක් සහ සංස්කෘතියක් වසර 2600කට අධික කාලයක් පුරා අපේ භූමිය තුළ විකාශනය විය.

ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති දඬුවම සහ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් සමස්ත සංඝයා වහන්සේට සහ බෞද්ධ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසති.

ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

ජාතිවාදය සහ ජාතිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සමාජය තුළ මේ වන විට මතුව ඇති කතිකාව අතරතුර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී ජාතික සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක් බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කරයි.

SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..

රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.

භික්‍ෂු සත්‍යග්‍රහයට පහර දීමක්..?

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.