News Category
From Date
To Date
Maximum Number of Result

ලුක්‍රේශියා

Oct 19, 2024 at 05:53 PM
|

අඩ නිරුවතින් ඉන්න තරුණ කාන්තාව බැලූ බැල්මට බොහොම රූමත් කෙනෙක්. ඇයගේ දකුණු  අතේ තියෙන්නෙ තියුණු උල් පිහියක්.   පරාජයකට හෝ වේදනාවකටත් වඩා අවඥ්ඥා සහගත ප්‍රශ්ණකාරී බැල්මක් එයාගේ මුහුනින් නිරීක්ශණය කරන්න පුළුවන්.  ඒ බැල්ම යොමුවෙන්නෙ ඉහලට එහෙමත් නැත්තං ආලෝකය ලැබෙන දිසාවට.

ඇඳ අසල තියන රතු පැහැති තිරය මගින්  ජවය හා ආවේගය ප්‍රකාශ කෙරෙද්දි  අඳුර හා ආලෝකය අතර ඝට්ඨනය මේ තරුණ කාන්තාව මුහුන දී සිටින තත්වය ගැන යමක් කියන්න උත්සාහ කරන බවක් අපිට වැටහෙනවා.

චිත්‍රයේ වර්ණ.. රූප හා හැඩතල.. අඳුර හා ආලෝකය භාවිතා කර ඇති ආකාරය  මගින් අපිට අනුමාන කරන්න පුළුවන් මේ යුරෝපයේ පුනරුදය කාලපරිච්ඡේදයට අයත් ශෛලිය බව. ( Renaissance Style).

කරවාජියෝ.. මයිකල් ආන්ජෙලෝ... රෆායෙල් වැනි ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්ගේ ශෛලිය මේ තුල අපිට දකින්න පුළුවන්.   සිතුවම ඇඳෙන්නෙ 1625 වර්ශයේදී.

1625 වර්ශය ලංකාවේ නම් මහනුවර යුගයේ සෙනරත් රජතුමාගේ පාලන කාලය.

මේ චිත්‍රය නිර්මාණය වෙන්නෙ 1625 වර්ශයේදී වුනත් ඊට හේතුවෙන සිද්ධිය වාර්ථාවෙන්නෙ ක්‍රිස්තු පූර්ව 495 තරම් ඈත කාලයකදී.

චිත්‍රයේ දකින රූමත් කාන්තාව ලුක්‍රේශියා එහෙමත් නැත්තං ලුක්‍රේස් රෝමයේ ඉහල පැලැන්තියේ කාන්තාවක්. පිලිගත් විනිශ්චයකරුවෙක්ගේ දියණියක්වූ ලුක්‍රේශියා ප්‍රසිද්ධයි හැමෝටම උදව් කරන නිහතමානී  කාන්තාවක් විදිහට.

එයාගෙ සැමියා ප්‍රාදේශීය නායකයෙක්  වගේම බොහොම සාධාරණ පාලකයෙක්  විදිහට සැලකෙන කොලාටිනුස්. ( Tarquinius Collatinus)

මේ කාලයේදී රෝමය පාලනය කරන්නෙ ලුසියස් තාර්ක්විනියුස් නම් රජු විසින්. ( Lucius Tarquinius 534 -509 BC )

රෝම නගරයේ ඇතිවූ ගැටුමක් මැඩ පවත්වන්න ලුසියස් නියෝග කරනවා තමන්ගෙ පුත්‍රයා වූ සෙක්ස්ටුස් තාර්ක්විනියුස්ට. (Sextus Tarquinius ).  සෙක්ස්ටුස් කියන්නෙ ලතින් භාශාවෙන් හයවෙනි කියන අර්ථය දෙන්නක්.  ඒ අනුව ලුසියස් රජුගේ හයවෙනි එහෙමත් නැත්තං බාලම පුත්‍රයා ගැනයි අපි මේ කතා කරන්නෙ.

දේශපාලන ගැටුමක් පාලනය කරන්න රෝම රාජ්‍යයේ නගරයකට යන  තරුණ තාර්ක්විනියුස් පුදුමවෙනවා ලුක්‍රේශියාගෙ රූමත්කම ගැන.  තමන්ගෙ යෝජනාවට අකමැතිවුනු නිසා ලුක්‍රේශියාව  දූශණය කරනවා රජතුමාගේ තරුණ පුත්‍රයා විසින් වහල් කාන්තාවක් ඉදිරියේදී.    මේ අසාධාරණය හා ලැජ්ජාව දරාගන්න බැරි ලුක්‍රේශියා තියුණු පිහියක් ඇනගැනීමෙන්  සියදිවි නසාගන්නෙ තමන්ගෙ සැමියාටත් පියාටත් ලිපි දෙකක් ලියා අවසන්වුනු පසුවයි.

මේ සිද්ධිය රෝම නගරයේ වැසියන්ගෙ කෝපයටත් ශෝකයටත් හේතුවෙද්දි නගරය පුරා උද්ඝෝශණ ඇතිවෙනවා රජ පවුලට විරුද්ධව.  මේ උද්ශෝශණ කොයිතරම් දුරදිග යනවාද කියනවා නම් ඒ තමයි රෝමයේ රජ පාලනයේ අවසානය.  

රෝම රජ පාලනය අවසන් කරමින් රෝම රිපබ්ලික් බිහිවෙද්දි ලුසියස් තාර්ක්විනියුස් රෝමයේ අවසන් රජතුමා ලෙස ඉතිහාසයට එක්වෙනවා. ඒත් එක්කම ලුක්‍රේශියාගේ සැමියා   රෝම දේශපාලන කවුන්සිලයේ ප්‍රසිද්ධ සාධාරණ  සාමාජිකයෙක් බවට පත්වෙනවා.

කාන්තාවක් දූශණය කිරීම, රජපාලනය.. රාජ වංශයක  අවසානය සටහන් කිරීම දක්වා දුරදිග යන්නෙ ඉතාම වේගයෙන්. 

ලුක්‍රේශියාගෙ කතාංදරය වසර සිය ගනණක් පුරා විවිධ සිතුවම් හා කලා නිර්මාණවලට හේතු පාදක වෙන ආකාරය අපිට දකින්න පුළුවන්.

නමුත් මෙම චිත්‍ර නිර්මාණ බොහොමයක දකින්න පුළුවන් ලුක්‍රේශියා වගේම දූශකයා වූ සෙක්ස්ටුස් තාර්ක්විනියුස් එකම දර්ශණ තලයක.  තාර්ක්විනියුස්ගේ හැඩි දැඩි ශරීරය.. මස් පිඩු .. හැඟීම් සහිතව නිර්මාණය වුනු චිත්‍ර හරහා උත්පාදනය කරන්නෙ අසාධාරණය හෝ කෝපයටත් වඩා රාගය හා කුතුහලය.

සමහර නිර්මාණ හරහා උත්පාදනය වෙන්නෙ ලිංගික ආකර්ශන පමණයි.  Tarquinius and Lucretia කියන වචන දෙක ගූගල් හරහා හොයාබැලුවොත් මේ කියන කතාව බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්.

අන්න ඒ නිසයි 1625 වර්ශයේ සිමොන් වුවෙට් විසින් අඳිනලද මේ සිතුවම වඩා වැදගත් වෙන්නෙ.

යුරෝපයේ පුනරුදය එහෙමත් නැත්තං රේනේසන්ස් යුගය කලා නිර්මාණවලට වගේම සමාජීය නිදහසටත් බොහොම වැදගත් කාල පරිච්ඡේදයක්.  අධික බදු හා නීතිවලින් යුරෝපීය සමාජය පාලනය කල ආගමික වතිකානු පාලනයෙන් යුරෝපීයයන් නිදහස් වෙන්නෙ මෙන්න මේ කාල පරිච්ඡේදයේදී.

නමුත් කලාව හා දේශපාලනය තවදුරත් රඳාපවතින්නෙ පුරුෂයා හා පුරුෂ මූලික සමාජය මත.

එහෙමත් නැත්තං ආගමික පාලනය හා ආකල්ප තවදුරටත් කාන්තාවන් පාලනය කිරීමට වක්‍රාකාරව දායක වෙනවා.

ඒ කාලයේදී වුනත් ස්වාධීන කාන්තාවකට ඉතාම අසීරුයි චිත්‍ර හා කලා නිර්මාණවල නියැලෙන්න.

කලාවට දක්ශ හා කැමති තරුණ කාන්තාවන් චිත්‍ර ශිල්පීන් හෝ ධනවත් ව්‍යාපාරිකයන් සමග විවාහවෙනවා කලාවේ නියැලීමේ අවශ්‍යතාවය මත.

තවත් තරුණ කලාකාරිනියන් ආගමික කන්‍යා සොයුරියන් ලෙස පැවිදිවෙන්නේ කලාවේ නියැලීමට  ලැබෙන අවස්තාව මත.

ආගමික සමාජය  කලාකාරිනියක්ව දකින්නෙ පවක් විදිහට.  ඉතාලිය හා ප්‍රංශය පුරා චිත්‍ර හා කලාගාර .. පාසැල් දකින්න පුළුවන් වුනත් මේ හැම පාසැලකටම පහසුවෙන් ඇතුලත්වෙන්න පුළුවන් පිරිමි පක්ශයට විතරයි.  සමහර පාසැල් තුලට තරුණ කාන්තාවකට ඇතුලත්විය හැක්කේ තවත් චිත්‍රශිල්පියෙක් සමග පමණයි.

කාන්තාවන්ට තහණම් අඩනිරුවත්  පුරුෂයන් චිත්‍රයට නගන්න. නිරුවත් පුරුෂයෙකුගේ චිත්‍රයක් ඇඳීම දඬුවම් ලැබිය හැකි වරදක්.

නමුත් නිරුවත් කාන්තාව හැම විටම පුරුෂ චිත්‍ර කලාවේ අති ප්‍රසිද්ධ.. ආකර්ශණීය  මාතෘකාවක්.

ලුක්‍රේශියාගේ චිත්‍රය නිර්මාණය කරන සිමොන් වුවෙට් ප්‍රංශ චිත්‍රශිල්පියෙක්.  වුවෙට් නිතරම උත්සාහ කරනවා කාන්තාවන්ට චිත්‍ර ශිල්පය ඉගැන්වීමටත් ඔවුන්ව පාසැල්වලට ඇතුලත් කරගැනීමටත්.

මේ නිසාම විවිධාකාර ප්‍රශ්ණවලට අභියෝගවලට මුහුන දෙන්න වුවෙට්ට සිදුවෙනවා. වුවෙට්ගේ ලුක්‍රේශියා සිතුවමට පෙනී සිටින්නෙ අති දක්ශ චිත්‍ර ශිල්පිනියක් වගේම සිමොන් වුවෙට්ගේ බිරිඳ  වූ වර්ජිනියා වෙස්සී. වර්ජිනියා ඉතාලි ජාතික චිත්‍ර ශිල්පිනියක්. ඇය පුරුෂ මූලික කලා ලෝකයට ප්‍රසිද්ධියේම අභියෝගකල කාන්තාවක්. වුවෙට් එක්තරා තැනකදී ප්‍රකාශ කරනවා මේ සිතුවම වර්ජිනියා හා තමන් එක්ව නිර්මාණයකල සිතුවමක් විදිහට.  

පුනරුදයේ කලා නිර්මාණ බොහොමයකට පාදකවෙන්නෙ ආගමික කතාංදර විශ්වාස සහ ඇදහීම. අවඥ්ඥා සහගතව ඉහල බලන ලුක්‍රේශියා විමසන්නෙ දෙවියනි කෝ නුඹගේ බලය හෝ සාධාරණය යනුවෙන්ද.? 

තවත් වැදගත් කාරණයක් තමයි මේ සිතුවමේ හිමිකාරීත්වය.

ලුක්‍රේශියා සිතුවම මිළට ගන්නෙ ඉතාලි ජාතික කතෝලික පූජකයෙක් වූ කාර්ඩිනල් මසාරින් විසින්.

ප්‍රංශ රාජ්‍ය සේවයේ ඉහලම තණතුරක් දැරූ කාර්ඩිනල් මසාරීන් තරම් ධනවත් තානාපති නිළධාරියෙක් මේ කාලයේ දකින්න හිටියෙ නෑ. ඒ තරමට කාර්ඩිනල් මසාරීන් ධනවත්.

(Jules Mazarin - 1602 -1661).

දූශණය කල තරුණ කාන්තාවක්... ඒ හරහා  අවසන් වූ රජ පාලනයක්..  ආගම විසින් කාන්තාවන් පාලනය කෙරුනු යුගයක්... ආගමික මතවාද වලට එරෙහිව මතුවුන පුනරුදයක්... ප්‍රසිද්ධ සිතුවමක් මිළට ගත් ධනවත්  කතෝලික පූජකවරයෙක්....  මේ හරහා තේරුම්ගත හැකි කිසිදා අවසන් නොවෙන වාද විවාද නම් කොමපමනද.?

මේ කතාංදර මැද්දෙ වගේම, කුණ්ඩලකේසීලා.. ලුක්‍රේශියාලා… හිපාශියාලා.. බෝර්ජියාවරුත්... ඒත් එක්කම ඉශාලිනීලාත් .. සද්ධාසීලලාත්.. ජෙරොම්ලාත් තවමත් අපි අතරෙම ජීවත්වෙන බව අමතක කලයුතු නැහැ.

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.