News Category
From Date
To Date
Maximum Number of Result

ලුක්‍රේශියා

Oct 19, 2024 at 05:53 PM
|

අඩ නිරුවතින් ඉන්න තරුණ කාන්තාව බැලූ බැල්මට බොහොම රූමත් කෙනෙක්. ඇයගේ දකුණු  අතේ තියෙන්නෙ තියුණු උල් පිහියක්.   පරාජයකට හෝ වේදනාවකටත් වඩා අවඥ්ඥා සහගත ප්‍රශ්ණකාරී බැල්මක් එයාගේ මුහුනින් නිරීක්ශණය කරන්න පුළුවන්.  ඒ බැල්ම යොමුවෙන්නෙ ඉහලට එහෙමත් නැත්තං ආලෝකය ලැබෙන දිසාවට.

ඇඳ අසල තියන රතු පැහැති තිරය මගින්  ජවය හා ආවේගය ප්‍රකාශ කෙරෙද්දි  අඳුර හා ආලෝකය අතර ඝට්ඨනය මේ තරුණ කාන්තාව මුහුන දී සිටින තත්වය ගැන යමක් කියන්න උත්සාහ කරන බවක් අපිට වැටහෙනවා.

චිත්‍රයේ වර්ණ.. රූප හා හැඩතල.. අඳුර හා ආලෝකය භාවිතා කර ඇති ආකාරය  මගින් අපිට අනුමාන කරන්න පුළුවන් මේ යුරෝපයේ පුනරුදය කාලපරිච්ඡේදයට අයත් ශෛලිය බව. ( Renaissance Style).

කරවාජියෝ.. මයිකල් ආන්ජෙලෝ... රෆායෙල් වැනි ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්ගේ ශෛලිය මේ තුල අපිට දකින්න පුළුවන්.   සිතුවම ඇඳෙන්නෙ 1625 වර්ශයේදී.

1625 වර්ශය ලංකාවේ නම් මහනුවර යුගයේ සෙනරත් රජතුමාගේ පාලන කාලය.

මේ චිත්‍රය නිර්මාණය වෙන්නෙ 1625 වර්ශයේදී වුනත් ඊට හේතුවෙන සිද්ධිය වාර්ථාවෙන්නෙ ක්‍රිස්තු පූර්ව 495 තරම් ඈත කාලයකදී.

චිත්‍රයේ දකින රූමත් කාන්තාව ලුක්‍රේශියා එහෙමත් නැත්තං ලුක්‍රේස් රෝමයේ ඉහල පැලැන්තියේ කාන්තාවක්. පිලිගත් විනිශ්චයකරුවෙක්ගේ දියණියක්වූ ලුක්‍රේශියා ප්‍රසිද්ධයි හැමෝටම උදව් කරන නිහතමානී  කාන්තාවක් විදිහට.

එයාගෙ සැමියා ප්‍රාදේශීය නායකයෙක්  වගේම බොහොම සාධාරණ පාලකයෙක්  විදිහට සැලකෙන කොලාටිනුස්. ( Tarquinius Collatinus)

මේ කාලයේදී රෝමය පාලනය කරන්නෙ ලුසියස් තාර්ක්විනියුස් නම් රජු විසින්. ( Lucius Tarquinius 534 -509 BC )

රෝම නගරයේ ඇතිවූ ගැටුමක් මැඩ පවත්වන්න ලුසියස් නියෝග කරනවා තමන්ගෙ පුත්‍රයා වූ සෙක්ස්ටුස් තාර්ක්විනියුස්ට. (Sextus Tarquinius ).  සෙක්ස්ටුස් කියන්නෙ ලතින් භාශාවෙන් හයවෙනි කියන අර්ථය දෙන්නක්.  ඒ අනුව ලුසියස් රජුගේ හයවෙනි එහෙමත් නැත්තං බාලම පුත්‍රයා ගැනයි අපි මේ කතා කරන්නෙ.

දේශපාලන ගැටුමක් පාලනය කරන්න රෝම රාජ්‍යයේ නගරයකට යන  තරුණ තාර්ක්විනියුස් පුදුමවෙනවා ලුක්‍රේශියාගෙ රූමත්කම ගැන.  තමන්ගෙ යෝජනාවට අකමැතිවුනු නිසා ලුක්‍රේශියාව  දූශණය කරනවා රජතුමාගේ තරුණ පුත්‍රයා විසින් වහල් කාන්තාවක් ඉදිරියේදී.    මේ අසාධාරණය හා ලැජ්ජාව දරාගන්න බැරි ලුක්‍රේශියා තියුණු පිහියක් ඇනගැනීමෙන්  සියදිවි නසාගන්නෙ තමන්ගෙ සැමියාටත් පියාටත් ලිපි දෙකක් ලියා අවසන්වුනු පසුවයි.

මේ සිද්ධිය රෝම නගරයේ වැසියන්ගෙ කෝපයටත් ශෝකයටත් හේතුවෙද්දි නගරය පුරා උද්ඝෝශණ ඇතිවෙනවා රජ පවුලට විරුද්ධව.  මේ උද්ශෝශණ කොයිතරම් දුරදිග යනවාද කියනවා නම් ඒ තමයි රෝමයේ රජ පාලනයේ අවසානය.  

රෝම රජ පාලනය අවසන් කරමින් රෝම රිපබ්ලික් බිහිවෙද්දි ලුසියස් තාර්ක්විනියුස් රෝමයේ අවසන් රජතුමා ලෙස ඉතිහාසයට එක්වෙනවා. ඒත් එක්කම ලුක්‍රේශියාගේ සැමියා   රෝම දේශපාලන කවුන්සිලයේ ප්‍රසිද්ධ සාධාරණ  සාමාජිකයෙක් බවට පත්වෙනවා.

කාන්තාවක් දූශණය කිරීම, රජපාලනය.. රාජ වංශයක  අවසානය සටහන් කිරීම දක්වා දුරදිග යන්නෙ ඉතාම වේගයෙන්. 

ලුක්‍රේශියාගෙ කතාංදරය වසර සිය ගනණක් පුරා විවිධ සිතුවම් හා කලා නිර්මාණවලට හේතු පාදක වෙන ආකාරය අපිට දකින්න පුළුවන්.

නමුත් මෙම චිත්‍ර නිර්මාණ බොහොමයක දකින්න පුළුවන් ලුක්‍රේශියා වගේම දූශකයා වූ සෙක්ස්ටුස් තාර්ක්විනියුස් එකම දර්ශණ තලයක.  තාර්ක්විනියුස්ගේ හැඩි දැඩි ශරීරය.. මස් පිඩු .. හැඟීම් සහිතව නිර්මාණය වුනු චිත්‍ර හරහා උත්පාදනය කරන්නෙ අසාධාරණය හෝ කෝපයටත් වඩා රාගය හා කුතුහලය.

සමහර නිර්මාණ හරහා උත්පාදනය වෙන්නෙ ලිංගික ආකර්ශන පමණයි.  Tarquinius and Lucretia කියන වචන දෙක ගූගල් හරහා හොයාබැලුවොත් මේ කියන කතාව බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්.

අන්න ඒ නිසයි 1625 වර්ශයේ සිමොන් වුවෙට් විසින් අඳිනලද මේ සිතුවම වඩා වැදගත් වෙන්නෙ.

යුරෝපයේ පුනරුදය එහෙමත් නැත්තං රේනේසන්ස් යුගය කලා නිර්මාණවලට වගේම සමාජීය නිදහසටත් බොහොම වැදගත් කාල පරිච්ඡේදයක්.  අධික බදු හා නීතිවලින් යුරෝපීය සමාජය පාලනය කල ආගමික වතිකානු පාලනයෙන් යුරෝපීයයන් නිදහස් වෙන්නෙ මෙන්න මේ කාල පරිච්ඡේදයේදී.

නමුත් කලාව හා දේශපාලනය තවදුරත් රඳාපවතින්නෙ පුරුෂයා හා පුරුෂ මූලික සමාජය මත.

එහෙමත් නැත්තං ආගමික පාලනය හා ආකල්ප තවදුරටත් කාන්තාවන් පාලනය කිරීමට වක්‍රාකාරව දායක වෙනවා.

ඒ කාලයේදී වුනත් ස්වාධීන කාන්තාවකට ඉතාම අසීරුයි චිත්‍ර හා කලා නිර්මාණවල නියැලෙන්න.

කලාවට දක්ශ හා කැමති තරුණ කාන්තාවන් චිත්‍ර ශිල්පීන් හෝ ධනවත් ව්‍යාපාරිකයන් සමග විවාහවෙනවා කලාවේ නියැලීමේ අවශ්‍යතාවය මත.

තවත් තරුණ කලාකාරිනියන් ආගමික කන්‍යා සොයුරියන් ලෙස පැවිදිවෙන්නේ කලාවේ නියැලීමට  ලැබෙන අවස්තාව මත.

ආගමික සමාජය  කලාකාරිනියක්ව දකින්නෙ පවක් විදිහට.  ඉතාලිය හා ප්‍රංශය පුරා චිත්‍ර හා කලාගාර .. පාසැල් දකින්න පුළුවන් වුනත් මේ හැම පාසැලකටම පහසුවෙන් ඇතුලත්වෙන්න පුළුවන් පිරිමි පක්ශයට විතරයි.  සමහර පාසැල් තුලට තරුණ කාන්තාවකට ඇතුලත්විය හැක්කේ තවත් චිත්‍රශිල්පියෙක් සමග පමණයි.

කාන්තාවන්ට තහණම් අඩනිරුවත්  පුරුෂයන් චිත්‍රයට නගන්න. නිරුවත් පුරුෂයෙකුගේ චිත්‍රයක් ඇඳීම දඬුවම් ලැබිය හැකි වරදක්.

නමුත් නිරුවත් කාන්තාව හැම විටම පුරුෂ චිත්‍ර කලාවේ අති ප්‍රසිද්ධ.. ආකර්ශණීය  මාතෘකාවක්.

ලුක්‍රේශියාගේ චිත්‍රය නිර්මාණය කරන සිමොන් වුවෙට් ප්‍රංශ චිත්‍රශිල්පියෙක්.  වුවෙට් නිතරම උත්සාහ කරනවා කාන්තාවන්ට චිත්‍ර ශිල්පය ඉගැන්වීමටත් ඔවුන්ව පාසැල්වලට ඇතුලත් කරගැනීමටත්.

මේ නිසාම විවිධාකාර ප්‍රශ්ණවලට අභියෝගවලට මුහුන දෙන්න වුවෙට්ට සිදුවෙනවා. වුවෙට්ගේ ලුක්‍රේශියා සිතුවමට පෙනී සිටින්නෙ අති දක්ශ චිත්‍ර ශිල්පිනියක් වගේම සිමොන් වුවෙට්ගේ බිරිඳ  වූ වර්ජිනියා වෙස්සී. වර්ජිනියා ඉතාලි ජාතික චිත්‍ර ශිල්පිනියක්. ඇය පුරුෂ මූලික කලා ලෝකයට ප්‍රසිද්ධියේම අභියෝගකල කාන්තාවක්. වුවෙට් එක්තරා තැනකදී ප්‍රකාශ කරනවා මේ සිතුවම වර්ජිනියා හා තමන් එක්ව නිර්මාණයකල සිතුවමක් විදිහට.  

පුනරුදයේ කලා නිර්මාණ බොහොමයකට පාදකවෙන්නෙ ආගමික කතාංදර විශ්වාස සහ ඇදහීම. අවඥ්ඥා සහගතව ඉහල බලන ලුක්‍රේශියා විමසන්නෙ දෙවියනි කෝ නුඹගේ බලය හෝ සාධාරණය යනුවෙන්ද.? 

තවත් වැදගත් කාරණයක් තමයි මේ සිතුවමේ හිමිකාරීත්වය.

ලුක්‍රේශියා සිතුවම මිළට ගන්නෙ ඉතාලි ජාතික කතෝලික පූජකයෙක් වූ කාර්ඩිනල් මසාරින් විසින්.

ප්‍රංශ රාජ්‍ය සේවයේ ඉහලම තණතුරක් දැරූ කාර්ඩිනල් මසාරීන් තරම් ධනවත් තානාපති නිළධාරියෙක් මේ කාලයේ දකින්න හිටියෙ නෑ. ඒ තරමට කාර්ඩිනල් මසාරීන් ධනවත්.

(Jules Mazarin - 1602 -1661).

දූශණය කල තරුණ කාන්තාවක්... ඒ හරහා  අවසන් වූ රජ පාලනයක්..  ආගම විසින් කාන්තාවන් පාලනය කෙරුනු යුගයක්... ආගමික මතවාද වලට එරෙහිව මතුවුන පුනරුදයක්... ප්‍රසිද්ධ සිතුවමක් මිළට ගත් ධනවත්  කතෝලික පූජකවරයෙක්....  මේ හරහා තේරුම්ගත හැකි කිසිදා අවසන් නොවෙන වාද විවාද නම් කොමපමනද.?

මේ කතාංදර මැද්දෙ වගේම, කුණ්ඩලකේසීලා.. ලුක්‍රේශියාලා… හිපාශියාලා.. බෝර්ජියාවරුත්... ඒත් එක්කම ඉශාලිනීලාත් .. සද්ධාසීලලාත්.. ජෙරොම්ලාත් තවමත් අපි අතරෙම ජීවත්වෙන බව අමතක කලයුතු නැහැ.

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.