ආණ්ඩුව සත්‍ය සෙවීමේ කොමිසම් උගුලට තල්ලු කිරීමට ජී.එල්. පීරිස් වැඩට බසියි
බෙදුම්වාදී මර උගුලක් ලෙස හදුන්වමින් සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමට එරෙහිව ජාතික සංවිධාන විසින් පසුගිය කාලයේදී ප්‍රබල විරෝධයක් මතුකරනු ලැබීය. මෑත කාලීනව වර්තමාන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සත්‍ය සෙවීමේ කොමිසමට වඩා බලවත් ලෙස පිහිටවනු බවට පොරොන්දු වීමෙන් පසුව විවිධ බලවේග මාලිමා ආණ්ඩුව එම මර උගුලට තල්ලු කිරීම සදහා විවිධ පෙරමුණු සහ උපක්‍රම යොදාගනු ලැබීය.
එම ක්‍රියාවලියේ නවතම නළුවා බවට පත්වී ඇත්තේ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය. දිනපතා ඉංග්‍රීසි පුවත්පතකට ලිපියක් සපයමින් ඔහු යම් ගැටළු ඉදිරිපත් කළද සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමට පක්ෂව අදහස් දක්වා ඇත. ඒ අනුව අනාගතයේදී ආණ්ඩුව එම බෙදුම්වාදී මර උගුලට පය තබන විට, එනම් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් ගැසට් කළ එම පනත සම්මත කරන විට විපක්ෂ නායක ඇතුළු සෙසු බලවේගද ඊට සහය දෙමින් ආණ්ඩුවේ අවසානය සනිටුහන් කිරීමට දායක වන බවට සැකයක් නැතැයි දේශපාලන විචාරකයෝ පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..